නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: රතු ඇස් (Pink Eye ) භයානකයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

රතු ඇස් (Pink Eye ) භයානකයි

Published October 23, 2023

වයිරල් කන්ජන්ටිවයිස් ආයේ ඇවිත්

“වයිරල් කන්ජන්ටිවයිස් ” ඇස් රෝගය මේ දිනවල සුලබ ව්‍යාප්තියක් දක්නට ලැබෙනවා. මේ නිසා දැනටමත් කොළඹ ප්‍රදේශයේ පාසල් කීපයකම ප්‍රාථමික අංශ කීපයක් වසා දමලා. මෙය කුඩා දරුවන් අතර වගේම වැඩිහිටියන් අතරත් පැතිරෙනවා. ඒ නිසාම මේ දිනවල දරුවන්ගේ ඇස් සම්බන්ධයෙන් වැඩි අවධානයක් දැක්වීම ඉතා වැදගත්. රෝගයේ මූලික අවස්ථා ලෙස ඇස් කැසීම, රතු වීම සහ කඳුළු ගැලීම සඳහන් කරන්න පුළුවන්. දින දෙක තුනක් යන විට රෝග ලක්ෂණ වැඩි වෙනවා. ඒ නිසාම දරුවන් යම් ආකාරයක ඇස් ආශ්‍රිත අපහසුවකින් පසු වන්නේ නම් එවැනි විටෙකදී දරුවා දින තුනක් පමණ පාසල් නොයවා නිවසේ තබා ගැනීම වඩාත් සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඇස රතු වීම (Pink Eye) මේ රෝග තත්ත්වයේ මූලික ලක්ෂණයක්. කඳුළු මගින් සහ අනෙකුත් අක්ෂි ශ්‍රාවයන් මගින් රෝගය බෝ වෙනවා. වෛරස, බැක්ටීරියා හෝ ආසාතමිකතාවයන් නිසා ආසාත්මික ඇස රතු වීමේ රෝග තත්ත්වයන් ඇති වෙනවා. මේ දිනවල පැතිර යන ඇස් රෝගය බොහෝ විට “ ඇඩිනෝ වෛරස් තත්ත්වය (Adeno Virus) නිසා ඇතිවෙන්නක්.

ආසාදිත ඇසේ රුධිර වාහිනී ප්‍රසාරණය වීම නිසා ඇස් රතු වීම
ඇස්වල වේදනාව
වැලි මෙන් කෙවෙන ගතිය
ඇස් විවෘත කිරීමේ අපහසුතාවය
කඳුළු සහ කබ ගැලීම
ආලෝකය දෙස බැලීමේ අපහසුතාවය
හිසේ කැක්කුම
ඇසේ වියළි ගතිය

මේ රෝග තත්ත්වයට ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍යද?

රෝග තත්ත්වය දින කීපයකින් සුවය ලබනවා. දින පහකට වඩා රෝග තත්ත්වය පැවැතියහොත් ප්‍රතිකාර වෙත යොමු වීම අවශ්‍යයි. රෝගය දරුවන්ගේ කළු ඉඟිරියාවට බලපෑවොත් ඇස් පෙනීම සම්බන්ධයෙන් වූ අක්ෂි ස්‍රවයන්ට බලපාන නිසා දරුවා අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමත් වැදගත් වෙනවා.

රෝගය බෝවීම

“වයිරල් කන්ජන්ටිවයිස්” රෝගය ඉතා පහසුවෙන් බෝ වෙනවා. ඒ නිසා යම් යම් පෘෂ්ඨ ඇල්ලීමෙන් පසුව ඇස් ඇල්ලීමෙන් වළකින ලෙස උපදෙස් ලබා දෙනවා.

ඇස් රෝගය බෝ වීමෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද?

සමාජ දුරස්ථ බව පවත්වා ගැනීම
පොදු ප්‍රවාහන භාවිතයේදී අත් වල පිරිසිදු බව ගැන සැලකිළිමත් වීම
තත්පර 20 ක කාලයක් අත් හොඳින් සෝදා ගැනීම
ආසාදිත ඇස් ස්පර්ශ නොකිරීම
ශ්වසන ආබාධ සහිතව ඇතිවන රෝග තත්ත්වය නිසා මුඛ ආවරණයක් පැළඳීම වැදගත්
කොට්ට උර, තුවාය පෞද්ගලිකව භාවිත කිරීම සහ පිරිසිදුව තබා ගැනීම
පිහිනුම් තටාක වැනි ස්ථානයන්හි පිහිනීම සහ ස්නනාය මේ දිනවලදී සුදුසු නැහැ
පාසල් දරුවන් නම් ආහාර පාන, පොත් පත් හුවමාරු කර ගැනීම මේ දිනවල නොකළ යුතුයි.
කණ්ණාඩි පළඳින දරුවෙක් නම් කණ්ණාඩිය ගලා යන පිරිසිදු ජලයෙන්, අඩු ඝනත්වයක් ඇති සබන් හෝ ෂැම්පු තනුක කර සෝදන්න. සනීපාරක්ෂක දියර භාවිත කරන්න එපා.

ඇස් රෝගය සමග ඇතිවන අතුරු සංකුලතාවයන් මොනවාද?

මෙම ඇස් රෝගය ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන බලපෑමක් තිබෙනවා. ඒ වගේම රෝගියාට උණ වැනි රෝග ලක්ෂණ ඇති වෙනවා. උණ සමග ඇස් රතු වීමේ තත්ත්වයක් ඇති වූ විට ඒ ගැන නොසලකා සිටින්න එපා. ඇස් රතුවීමේ රෝග තත්ත්වය වෙනත් රෝග සමගත් සම්බන්ධතාවයක් තිබෙනවා.

විශේෂයෙන් වැස්ස සමග පැතිරෙන ඩෙංගු රෝග තත්ත්වය වගේම මී උණ රෝග ( Leptospirosis) තත්ත්වයේදී ඇස් රතු වීම සිදු වෙනවා. ඒ නිසා දරුවෙකුගේ ඇස් රතුවීම සහ උණ රෝග තත්ත්වයක් තිබෙනවා නම් එය මේ දිනවල පැතිරෙන ඇස් රෝග තත්ත්වය යැයි සිතා සිටින්නත් එපා.

ඒ නිසා ඇස් රතු වීම සහ උණ රෝග තත්ත්වය තිබෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත්. බොහෝ මව්පියන් මෙය සාමාන්‍ය උණ රෝගයක් යැයි නොසලකා හරිනවා. ඒ නිසාම ඒ නිසා ආසාදනය තව දුරටත් සිරුරේ වර්ධනය වෙනවා. සිරුරේ වේදනාව සහ උණ තත්ත්වය පාලනය සඳහා පැරසිටමෝල් වේදනා නාශක ලබා දීම වඩාත් සුදුසුයි.

ඇස් රෝගය වෙනුවෙන් ප්‍රතිකාර මොනවාද?

ඇස් ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයට අක්ෂි වෛද්‍යවරයෙකු වෙතින් ප්‍රතිකාර ලබා ගැනීමට පුළුවන්. ඇසට ලබා දෙන දියර “Eye Drop” මගින් සහනයක් ලබා ගත හැකියි.කබ පටලයකින් ඇස වැසී ඇත්නම් පිරිසිදු ලේන්සුවක් උණු වතුරෙන් පොඟවා කබ පටලය සෝදන්න. ඒ ලේන්සුව තවත් අයෙකුට ස්පර්ශ නොවන සේ වෙන කර තබන්න. ඇස් බැමි ඉදිමී තිබෙනවා නම් පිරිසිදු සිසිල් ජලයෙන් තවන්න.

පුන්‍යා චාන්දනී ද සිල්වා







 

TAGGED: Adeno Virus, Pink Eye, virus
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love4
Sad2
Happy2
Sleepy0
Angry0
1 Comment
  • Iresha says:
    January 3, 2024 at 12:56 am

    මගේ පුතාට නිත නිතර ඇස් රතු වීම තියෙනවා. ප්‍රතිකාර කරන විට හරියනවා නැවත මතුවෙනවා. කුමක් කළ යුතු ද?

    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?