නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නිරූපණ ශිල්පිනියක් වීම හැමෝටම කරන්න බැහැ – හරිනි කව්‍යංජනී
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

නිරූපණ ශිල්පිනියක් වීම හැමෝටම කරන්න බැහැ – හරිනි කව්‍යංජනී

Published October 23, 2023

හරිනි කව්‍යාංජනී මේ දවස්වල වඩාත් ජනප්‍රිය වී ඇත්තේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ වල්ලිගේ මිතුරිය කුමී වූ නිසා. මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස ඉදිරියට පැමිණියද ඇය තුළ නිහඬව සිටි සිනමා රංගවේදිනිය ඇයටත් නොදැනීම මතුකර ගන්නට අධ්‍යක්‍ෂවරුන්ට හැකිවී තිබේ. “දැනටත් මට ෆිල්ම් දෙකක් ඇවිත් තියෙනවා. හැබැයි ඒ දෙකම තියෙන්නෙ සාකච්ඡා මට්ටමේ.” එහෙම කිව්වෙ හරිනි. “ඒත් මට නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ අමතක කරන්න බෑ. මොකද මගේ ගමන් මඟේ මුල මෝස්තර නිරූපණ ශිල්පය. ඒ විදිහට තමයි හරිනි නවලියත් එක්ක කතාබහට එකතු වුණේ…

කුමීගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

කුමී කියන්නෙ වල්ලිගෙ හොඳම යාළුවා. මේ වෙනකොටත් ඉහළ ප්‍රතිචාර තමයි කුමීට ලැබෙන්නෙ. ඉඩ ලැබෙන වෙලාවට අපි ප්‍රේක්ෂකයන් අතරටත් යනවා. ඒවගේ අවස්ථාවලදී මිනිස්සුන්ගෙන් ලැබෙන්නෙ උණුසුම් පිළිගැනීම් තමයි. අපට කතා කරපු බොහෝ දෙනෙක් කිව්වේ එයලා දෙපාරකට වඩා කදිර දිව්‍යරාජ බැලුවා කියල. මේ අවස්ථාවේදී මම සුනිල් ආරියරත්න සර්ටත් ආචාර්ය රවී ලියනගේ මහතාටත් මගේ ආදරය සහ ගෞරවය පිරිනමනවා මෙවැනි දැවන්ත සිනමා නිර්මාණයක් ශ්‍රී ලංකාවේ සිනමාව වෙනුවෙන් දායාද කිරීම සම්බන්ධයෙන්.

හරිනිව අපි අඳුරගන්නෙ නිරූපණ ශිල්පියක් විදිහට. තවමත් ඔබ නිරූපණ ක්ෂේත්‍රයෙ නියෙලෙනවානේ. මොන වගේ කැපවීමක් ද ඒ සඳහා කරන්නේ ?

නිරූපණ ක්ෂේත්‍රය කියන්නේ හොඳ වෘත්තියක්. එයට පිවිසිය යුත්තේ හැදෑරීමකින් පස්සෙ. එතකොට අවබෝධයෙන් ගමනක් යන්න පුළුවන්. මම නිරූපණ ශිල්පිනියක් වුණේ මිස් ශ්‍රී ලංකා තරගය හරහා. ඒ තරගවලදී අපට කැට් වෝක්, පර්සනැල්ටි, ප්‍රසන්ටින් වගේ දේවල් අපේ රටේ දැවන්තයන් යටතේ ඉගෙන ගන්න පුළුවන් වුණා.

ඒ නිසා පසුකාලීනව සන්නාම සමඟ වැඩ කිරීමේදී මට පහසු වුණා. නිරූපණ ශිල්පියෙකුගෙන් හෝ ශිල්පිනියෙකුගෙන් වෙන්නේ සන්නාමයක් ප්‍රවර්ධන කරමින් මිනිසුන් අතරට ගෙන යාම. එතනදී මේක් අප් එකක් දාගත්තු පලියට, කොට ඇඳුමක් ඇදගත්ත පලියට සන්නාමයක් එළියට ගෙන යන්න බැහැ.

ඒ නිසා මම රෑම්ප් මොඩ්ලින්වලත් බ්‍රෑන්ඩ් ප්‍රමෝෂන්වලත් නිරූපණ ශිල්පිනියක් වශයෙන් තවමත් ඉන්නවා. මගේ ඇඟේ හැඩය ගැන, පාට ගැන, පෙනුම ගැන මම සැළකිලිමත් වෙනවා. කෑම පාලනය කරනවා, බත් අඩුවෙන් එළවළු වැඩියෙන් තමයි කන්නෙ.

පලතුරු හොඳට කනවා වතුර බොනවා. මෙඩිටේශන් කරනවා. යෝග ව්‍යායාම කරනවා, අනෙක් ව්‍යායාම සීමාසහිතව තමයි මම කරන්නේ. දැනුම ලබාගන්න පොතපත පවා කියවනවා. හොඳ නිරූපණ ශිල්පිනියක්වීම හැමෝටම කරන්නත් බැහැ. දිගුකාලයක් නිරූපණ ශිල්පිනියක් විදිහට හැමෝටම වේදිකාවේ රැඳී ඉන්නත් බැහැ. එහෙම වෙන්න ගොඩක් කැපකිරීම් කරන්න වෙනවා.

නිරූපණ ශිල්පිනියක් වෙන්න හොඳ උසක් අනිවාර්යයද ?

ලංකාවෙ නම් ගෑනු ළමයෙක් පහයි හතක උසක් තියෙන්න ඕනෙ. පිරිමි ළමයෙක් නම් පහයි එකොළහක උසක් තියෙන්න ඕනෙ. උස විතරක් තිබිල මදි ඇඟේ හැඩය ලස්සන වෙන්නත් ඕනේ, කෙට්ටු වෙන්නත් ඕනේ.

අපි සාමාන්‍යයෙන් මොඩ්ල් කෙනෙක් හඳුන්වන්නෙ හැඟර් එකක් විදිහට. මොකද ඕනම ඇඳුමක් හැඟර් එකකට දාන්න පුළුවන් නේ. පිරිමි හෝ ගැහැනු හෝ වේවා වෘත්තීය නිරූපණ ශිල්පිනියක් වෙන්න ශරීරයේ උස, ශරීරයේ බර ප්‍රමාණය අවශ්‍ය මිමිවලට තියෙන්නම ඕන. එතකොට තමයි වෘත්තිමයභාවය රැඳී තියෙන්නෙ. එහෙම කෙනෙකුට ඕනෙම ඇඳුමක් අඳින්න පුළුවන්, රෑම්ප් එකේ ලස්සනට තමාව ප්‍රසන්ට් කරන්න පුළුවන්.

රඟපාන්න කැමති කෙනෙකුට ලස්සන විතරක් තිබුණම ඇතිද ?

මෝස්තර නිරූපණයට ලස්සනවත් හමේ පාටවත් වැදගත් වෙන්නේ නැහැ. සිනමාවේදිත් මට කියන්න තියෙන්නෙ ලස්සනට වඩා ප්‍රබල වෙන්නෙ රංගනයයි. නමුත් සිනමාවේදී සුන්දරත්වය ප්ලස් පොයින්ට් එකක් වෙන බව දන්නවා. ලංකාවේ ළමයි හිතුවට සිනමාවේ, රූපවාහිනියේ රඟපාන්න සුදු හමක් තියෙන්නම ඕන කියලා එහෙම අවශ්‍යතාවයක් මම දකින්නෙ නැහැ.

සාමාන්‍යය ජීවිතයේදී හරිනි මොනවගේ කෙනෙක්ද ?

බොහොම සරල කෙනෙක්. හැමදේම උපේක්ෂාවෙන් දරාගන්න පුළුවන් කෙනෙක්. සොබාදහමට ආදරය කරන බුද්ධ දර්ශනයට අනුව ජීවත්වෙන්න කැමති කෙනෙක්.

හරිනිට මේ ගමනට ගෙදරින් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක් ද ?

අම්මයි තාත්තයි මල්ලියි මේ තුන්දෙනාම මගේ වැඩවලට උදව් කරනවා. විශේෂයෙන්ම මගේ අම්මා ගැන කියන්නම ඕනෙ. ඇගේ පරම්පරාව කලාවට සම්බන්ධයි. ඇය ගුවන් විදුලියේ බී ශ්‍රේණියේ ගායිකාවක්. අම්මගෙ තාත්තත් ගුවන් විදුලියට සහ වේදිකාවට සම්බන්ධයි. ඒ නිසා අම්මගෙන් ලොකු සහයෝගයක් මගේ කලා කටයුතුවලට ලැබෙනවා. එයාල තමයි මම කරන වැඩවල අඩුපාඩු පෙන්වන්නේ සහ අගයන්නේ. ඒ නිසා මම ඉදිරියට වේදිකාවෙත් සිනමාවෙත් ටෙලිනාට්‍යවලත් රැඳෙන්න කැමැත්තෙන් ඉන්නවා.

හරින්දී ලියනගේ
















 

TAGGED: Harini Kavyanjani, kumi, walli
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?