නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඉන ඇපල්ද ෂුවර් ලිවර් එකේ ෆැට්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

ඉන ඇපල්ද ෂුවර් ලිවර් එකේ ෆැට්

Published October 16, 2023

අක්මාවේ මේදය තැන්පත් වීම හෝ “සිරෝසිස්” (අක්මාව රෝගීවීම) තත්ත්වයට යම් පුද්ගලයෙක් ගොදුරු වුණොත් ඒ වෙනුවෙන් හේතු ඔබ විසින්ම සපයනවා. එහෙම නම් ඔබ හොඳින්ම මත්පැන් පානය කරන කෙනෙක් වෙන්න ඇති. එහෙම නම් කාන්තාවන්ට අක්මා රෝග ඇතිවන්නේ මත්පැන් පානය කරන නිසාද? අපේ රටේ තවමත් කාන්තාවන් අතර මත්පැන් පානය කිරීමේ පුරුද්දක් පිරිමින් අතර වගේ සුලබ නැහැ. විදේශ රටවල නම් කාන්තාවන්ද මත්පැන් පානයට යොමු වෙනවා.  මත්පැන් නොබොන කාන්තාවන්ටත් අක්මාවේ තෙල් තැන්පත් ( Fatty Liver ) වෙන්නේ ඇයි? සාමාන්‍යයෙන් තරබාරු කාන්තාවන් අතර අක්මාවේ මේදය තැන්පත් වීමේ තත්ත්වය බහුලව දකින්න පුළුවන්.

අක්මාවේ මේදය තැන්පත් වීම ජීවිතයට අවදානම්ද?

මුල් අදියරේදී අක්මාවේ මේදය තැන්පත් වීම එහෙම නැත්නම් දැන් ඔබට හුරු වචනයෙන් කිව්වොත් Fatty Liver නිසා බරපතළ හානියක් ඇතිවන්නේ නැහැ. නමුත් අක්මාවේ මේදය තැන්පත් වීම නරක අතට හැරුණොත් සිරෝසිස් වැනි ජීවිතයට අවදානම් රෝග තත්ත්ව අක්මාවේ සංකුලතා ඇතිවන්න පුළුවන්. එතැනින් නවතින්නෙත් නැහැ. අක්මාවේ මේදය තැන්පත් වීම ඉහළ මට්ටමක තිබෙනවා නම් දියවැඩියාව, හෘදයාබාධ සහ වකුගඩු ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇතිවීමටත් පුළුවන්.

අක්මාවේ මේදය තැන්පත්වීම පිළිබඳව වැඩිදුරටත් කතා කළොත්…

එය අදියර හතරකින් දක්වන්න පුළුවන්.

සරල මේද අක්මාව

අක්මා සෛල තුළ විශාල වශයෙන් හානිකර නොවන මේදය ඇතිවීම. මේ අදියර පසු කරන රෝගියාට අපහසුතාවක් නොදැනුණත් සමහර අවස්ථාවන්වල වෙනත් රෝග තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමේදී ලබාගන්නා පරීක්ෂණ වාර්තා මගින් මේ තත්ත්වය හඳුනාගැනීමට ලැබෙනවා.

මද්‍යසාර නොවන අක්මාව Steatohepatitis (NASH)

මෙය අක්මා රෝගයේ බරපතළ තත්වයක්.

ෆයිබරෝසිස් අක්මාව වටා කැළැල් පටක සහ අවට රුධිරනාල ඇතිකිරීම

සිරෝසිස්

අක්මාව හැකිළීම සහ කැළැල් බවට පත්වීම. මෙය වසර ගණනාවකට පසුව ඇතිවන දරුණු අවස්ථාවක් වන අතර අක්මාවේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදුනොවන තරමටම බාධා ඇතිකරයි.අක්මාවේ මේදය තැන්පත් වීමේ අවදානමක් ඇති පුද්ගලයන් ගැන කතා කරමු

තරබාරු අය – ඔබේ ශරීර ස්කන්ධ දර්ශකයේ අගය අනුව අවදානම් කණ්ඩායමට අයිති නම් මේ රෝග තත්ත්වයට වැඩි ඉඩක් තිබෙනවා. ඒ වගේම ඉණ වටා මේදය ගොඩක් තිබෙනවා නම් ( ඇපල් ගෙඩියක හැඩයකින් යුක්ත නම් අවදානම් කණ්ඩායමට ඇතුළත් වෙනවා.

දෙවන වර්ගයේ දියවැඩියාව – ඔබ ඉන්සියුලින් භාවිත කරන ආකාරයත් එයට බලපානවා.

පොලිසිස්ටික් ඕවරි සින්ඩෝරම් (PCOS) වැනි ඉනිසියුලික් ප්‍රතිරෝධ තත්ත්වයන්
අධි රුධිර පීඩනය
අධික කොලෙස්ටරෝල්
තයිරොක්සින් ක්‍රියාකාරීත්වය අඩුවීම
මෙටබොලික් සින්ඩෝරමය (දියවැඩියාව, අධි රුධිර පීඩනය තරබාරුවේ එකතුවකි.වයස අවුරුදු 50 ට වැඩිවීම
දුම්පානය

නමුත් සමහර අවස්ථාවලදී ඉහතින් දක්වන ලද අවදානම් සාධක නැති සහ කුඩා දරුවන් අතරත් අක්මාවේ මේදය තැන්පත් වීමේ රෝගය (NAFLD) ඇතිවනවා.

යම් කෙනෙකුට අක්මාවේ මේදය තැන්පත් වීම සිදුවන බව කියන රෝග ලක්ෂණ මොනවාද?

අක්මාවේ මේදය තැන්පත් වීමේ රෝග ලක්ෂණ මුල් අවස්ථාවේදී නොදැනෙන තරම්. නමුත් සමහර රෝගීන්ගේ පහත දැක්වෙන රෝග ලක්ෂණ දැකගත හැකියි.

උදරයේ ඉහළ දකුණු ප්‍රදේශයේ ඇතිවන වේදනාව. මෙය හිරවීමක් හෝ දැඩි වේදනාවක් ලෙස දැනිය හැකියි.

අධික තෙහෙට්ටුව

කිසිදු හේතුවක් නොමැතිව ඇතිවන ශරීර බර අඩුවීම

ශරීර දුර්වලකම

අක්මාවේ මේදය තැන්පත් වුණ මුල් අවස්ථාවේදී මෙවැනි රෝග ලක්ෂණ ඇතිවනවා. රෝග තත්ත්වය තව දුරට උත්සන්න වීම හෙවත් සිරෝසිස් තත්ත්වයේදී පහත දැක්වෙන රෝග ලක්ෂණ ඇතිවිය හැකියි.

සිරෝසිස් රෝග තත්ත්වයේදී රෝග ලක්ෂණ

සමේ කැසීම
කකුල්, වළලුකර, පාද හෝ බඩ ඉදිමීම
සමේ සහ ඇස්වල ඇතිවන කහ පැහැය (සෙංගමාලය)

ඔබට මේ රෝග ලක්ෂණ ඇත්නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවීම ඉතාම වැදගත්.

අක්මාවේ මේදය තැන්පත් වීම හඳුනාගැනීමට කළයුතු වෛද්‍ය පරීක්ෂණ මොනවාද?

අක්මාවේ මේද හෙවත් ෆැටි ලිවර් (NAFLD) රෝග තතත්වය හඳුනාගැනීමට අක්මාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සිදුකරන රුධිර පරීක්ෂණ වැදගත් වේ. සමහර විට මෙම ප්‍රතිඵලය හෙපටයිටිස් හෝ අක්මා රෝගවවලට වඩා වෙනස්විය හැකියි.මෙහිදී ඔබ අක්මාවේ මේද සහිත බැව් තහවුරු වුණොත් එහි අදියර පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා තවත් වෛද්‍ය පරීක්ෂණ කිරීමට සිදුවේ.

අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ

Fibroscan

සමහර විට අක්මාවෙන් කුඩා කොටසක් ගෙන සිදුකරන Biopsy පරීක්ෂාවක්.

CT Scan

MRI

දැන් අක්මාවේ මේදය ඇති බැව් තහවුරු වුවහොත් ඉන් පසුව ප්‍රතිකාර ලබාදීම සිදුවේ. නමුත් ඔබ මේ තත්ත්වයේ ඇත්නම් ඒ ගැන නොසලකා සිටින්න එපා.එහෙම වුණොත් අනාගතයේදී “සිරෝසිස්” වැනි බරපතළ අක්මා රෝග තත්ත්වය ඇතිවීමට ඉඩ තිබේ. දැනට ෆැටි ලිවර් (NAFLD) රෝග තත්ත්වයට නිශ්චිත ඖෂධ ප්‍රතිකාර නැහැ. නමුත් සෞඛ්‍ය සම්පන්න ආහාර සහ ජීවන රටාවේ වෙනස්කම් මගින් රෝග තත්ත්වය කළමනාකරණය කරගත හැකියි.

අක්මාවේ මේදය තැන්පත් වුවහොත් ප්‍රතිකාර කළමනාකරණය කරන්නේ කෙසේද?

අධි රුධිර පීඩනය, දියවැඩියාව, කොලස්ටරෝල් හෝ එවැනි සංකුලතාවන් සඳහා ප්‍රතිකාර ලබාගැනීම ඉතා වැදගත්.තරබාරුව, හයිපර්ලිපිඩිමිටාව, ඉන්සියුලින් ප්‍රතිරෝධතාවය, දෙවන වර්ගයේ දියවැඩියාවට ප්‍රතිකාර ලබා ගැනීම සිරුරේ බර අඩු කරගැනීම මගින් මේද තත්ත්වය අඩුකර ගැනීමට පුළුවන්. සමහර අවස්ථාවලදී “ස්ටිටෝසිස්” සහ ෆයිබරෝසිස් තත්ත්වයත් ආපසු හැරවීමට පුළුවන්.

අක්මා රෝග සඳහා ඇමරිකානු සංගමයේ (AASLD) 2018 මාර්ගෝපදේශ අනුව ප්‍රතිකාර නිර්දේශ කර තිබේ. අඩු කැලරි ආහාර සහ මධ්‍යස්ත තීව්‍රතාවයේ ව්‍යායාම සංයෝජනයක් මගින් ශරීර බර අඩුවන අතරම හෘද රෝග සඳහා වූ සංකුලතාවන් ආක්‍රමණශීලී ලෙස වෙනස් කරනවා.

Biopsy මගින් තහවුරු වූ අක්මාවේ මේද තැන්පත් වී ඇති සහ “ෆයිබරෝසිස්” රෝගීන් සඳහා ප්‍රතිකාර

දිනකට විටමින් E 800 IU/ මාත්‍රාවක් ලබාදීම. මෙම ප්‍රතිකාර මගින් වැඩිහිටියන්ගේ අක්මා “හිස්ටලොජි” තත්ත්වය වැඩිදියුණු කරන බැවින් මෙය පළමු පෙළ ප්‍රතිකාරයක් ලෙස සැලකෙනවා. ඔමේගා 3 මේද අම්ලය අක්මා රෝගීන්ගේ කොලෙස්ටරෝල් නිසා ඇතිවන ‘ට්‍රයිග්ලිසරේඩ් ” තත්ත්වය පාලනය කිරීමට යොදාගනු ලැබුවත් එය අක්මාවේ මේද සහිත තත්ත්වයට නිශ්චිත ප්‍රතිකාරයක් නොවේ.

දියවැඩියාව ඇති හෝ නැති, අක්මාවේ මේදය පිළිබඳව Biopsy පරීක්ෂාවකින් සහතික කරන ලද රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර

පයග්ලිටසෝන (Pioglitazone) භාවිත කළ හැකි අතර Foregut bariatric සැත්කම් සිදුකරනවා.ඉහත දැක්වෙන NAFLD / NASH අක්මා රෝගීන් වෙනුවෙන් වූ ප්‍රතිකාර අතරට ඇතුළත් වෙනවා. ඇමරිකානු දියවැඩියා සංගමය මගින් නිර්දේශ කරන අන්දමට අඩු කැලරි ආහාර සමග ශරීර බර පාලනය කළ යුතු වේ. අක්මාවේ මේද තැන්පත් වී ඇති (NAFLD සහ NASH) රෝගීන්ගේ කොලස්ටරෝල් පාලනය සඳහා Statins ඖෂධ ලබාදීම මෙය අක්මාවේ මේදය සඳහා වූ ප්‍රතිකාරයක් නොවේ.

පුන්‍යා චාන්දනී ද සිල්වා



 

TAGGED: apple shape hip, Fatty Liver, NAFLD, Steatohepatitis
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy3
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?