නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බඩු ගන්නවාද නැත්නම් ගෙදර යන ගමන් ගුටි කනවාද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

බඩු ගන්නවාද නැත්නම් ගෙදර යන ගමන් ගුටි කනවාද

Published October 2, 2023

කිසිදු වරදක් නොකර ජීවත්වන පුද්ගලයකු මේ රටෙන් සොයාගැනීම හරියටම නොමළ ගෙයකින් අබ මිටක් ගෙන ඒමකට සමාන කළ හැකිය. ඒ තරමට සොරකම ශ්‍රී ලාංකිකයන්ගේ නාමය සමග බද්ධ වී ඇති ආකාරය නොරහසකි.

එහෙත් වරදක් කළ පුද්ගලයෙකු වරදක් කළ බව ඔවුන් විසින් පිළිගෙන තිබියදීම ඔවුන්ට දඬුවම් කිරීමේ අයිතියක් කිසිවිටෙකත් මේ රටේ සිවිල් ජනතාවට තියා

ශ්‍රී ලංකා පොලිසියට වත් නොමැත. ශ්‍රී ලංකාවේ බල පවත්නා නීතියට අනුව වරදකරුවන්ට දඬුවම් කිරීමේ එකම අයිතිය සහ බලය ඇත්තේ මෙරට අධිකරණ පද්ධතියට පමණි.පසුගියදා බොරැල්ල කොටා පාරේ පිහිටි සුපිරි වෙළඳසැලක ඇතුළුවන දොරටුව පවා වසා දමා තරුණ කාන්තාවකට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සමාජ මාධ්‍ය පුරා දින කිහිපයක් ඔබ මොබ සැරිසරන්නට විය.

එලෙස සමාජ මාධ්‍යවලට මුදාහරින ලද වීඩියෝ පටයට අනුව එම හුදකලා කාන්තාවට පහර දුන් පුද්ගලයන් හත් දෙනෙකු සිටි අතර ඉන් තුන් දෙනෙක් පිරිමි පාර්ශ්වයේද හතරදෙනෙක් ගැහැනු පාර්ශ්වයේද විය.

ඉන් එක් අයෙකු එම සුපිරි වෙළඳසැලේ කළමනාකාරිනිය ලෙස සේවය කර ඇත. මේ වනවිටත් ඔවුන් සියල්ලන්ම බොරැල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති නමුත් මේ පිළිබඳව පාරිභෝගික ජනතාව වන අපට සුළුවෙන් තැකිය හැකි ද?

පහර කෑමට ලක් වූ කාන්තාවගේ ද හොරකම් ඉතිහාසය හොඳ එක්ක නොවුණත් ඇගේ මතට ඇබ්බැහිවීමේ කල් ක්‍රියාවද හොඳ තත්ත්වයක් නොවුණත් සුපිරි වෙළඳසැලේ චන්ඩි සේවකයන්ට කළ යුතුව තිබුණේ නිතීය අතට ගැනීමක් නොව නීතිය ක්‍රියාත්මක කරන ආයතනයට ඒ බව දැනුම්දී අදාළ පියවර ගැනීම පමණක්ය.

පාරිභෝගික සේවා අධිකාරිය සහ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ආයතන පවා අඩ නින්දේ පසුවන මෙවන් රටක එක එක නම් වලින් පැමිණ හරි පහසුවෙන් අද වනවිට පාරිභෝගිකයා සූරා කමින් ඔවුන්ට භාණ්ඩ අලෙවි කරමින් සේවා සපයන සුපිරි වෙළඳසැල්වල සේවය කරන පිරිස් මීට වඩා පාරිභෝගිකයා සහ ඔවුන්ට ලබාදෙන සේවාවන් පිළිබඳ අවබෝධයකින් කටයුතු කළ යුතු බව ආයතන ප්‍රධානීන් විසින් කියා දීම සහ පුහුණු කිරීමේ අවශ්‍යතාව තදින්ම මතුව ඇත්තේ මෙවැනි සිද්ධීන් වරින් වර වාර්තා වූ නිසාය.

එසේ නොකරන්නේ නම් සිදුවන්නේ සුපිරි වෙළදසැල් වලට අදාළව නිල ඇඳුම් ඇඳගන්නා තරුණ සේවක සේවිකාවන් අමුතු ආරූඪයක් ලැබුණා මෙන් ගෙදර යන ගමන් අතේ ඇති මුදලට බඩු ටිකක් ගන්නට එන පරිභෝගිකයාට මුහුණ බැලුවත්, යමක් ඇහුවත් ගුටි පුජාවකින් සංග්‍රහ කිරීමක් විය හැකිය.



 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සම්බුදු තෙමඟුල බැතියෙන් සමරමු…

May 12, 2025

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?