නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මම සිංදු කියනකොට තාත්තා තාමත් අඩනවා – අංජලී හේරත්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

මම සිංදු කියනකොට තාත්තා තාමත් අඩනවා – අංජලී හේරත්

Published September 25, 2023

සුන්දර නුවර කලාවිය නියෝජනය කරමින් දෙරණ ඩ්‍රීම් ස්ටාර් 11 තරගාවලියට සහභාගී වූ ඇය නමින් අංජලී හේරත්. තම මධුර හඬ භාවිත කරමින් ප්‍රවීණ ගායන ශිල්පිණී නන්දා මාලිනියගේ “ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ” ගීතයට නව පණක් දෙන්නට සමත් වූයෙන් රටක් වසඟ කරගත් ඇය සංගීත කටයුතු අතර කාර්යබහුල වී සිටියත් ලද විරාමයකදී සෙනෙහසේ නවාතැනට කැඳවන්නට අපට හැකි වුණා…

බොහෝ දෙනෙකුගෙ අවධානයට ලක්වෙලා ඉන්න මේ වෙලාවෙ පෞද්ගලික තොරතුරු වලින්ම මේ කතාව පටන් ගනිමු…

මගේ උපන් ගම තඹුත්තේගම. අධ්‍යාපනය ලැබුවෙ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයෙන්. මම පවුලෙ වැඩිමලා. අම්මයි තාත්තයි නංගිල දෙන්නයි තමයි අපේ ගෙදර සාමාජිකයො.

සුවිශේෂී හඬකට හිමිකම් කියන ඔබ කොහොමද ගායන දිවියට පිවිසෙන්නෙ?

ගායන හැකියාව කියන්නෙ මට පරම්පරාවෙන් ලැබුණු උරුමයක්. මොකද මගේ සීයට ඒ කියන්නෙ අම්මගෙ තාත්තට ඒ වගේම අම්මට අම්මගෙ අයියල දෙන්නටත් හොඳින් ගීත ගායනා කිරීමේ හැකියාව තියෙනවා. ඒ හැකියාව මට වගේම මගේ නංගිල දෙන්නටත් පිහිටල තියෙනවා.

ඒ හැකියාව හරහාම නේද ජීවන වෘත්තිය ඔබට හිමි වෙන්නෙත්…

අනිවාර්යයෙන්ම. සාමාන්‍ය පෙළ දක්වා මම සංගීතය ඉගෙන ගත්තා. උසස් පෙළට තෝර ගත්තෙත් මියුසික්, ඩ්‍රාමා, මීඩියා කියන විෂයයන්. එකට හිටපු යාළුවො කැම්පස් යන්න හීන මවද්දී මම හීන මැව්වෙ යුනිෆෝම් අඳින රස්සාවකට යන්න. ඒ අතරෙ නේවි එයාර්ෆෝස් විශේෂයි.

අංජලීගෙ සිහිනය සැබෑ වුණා…

ඔව්. සින්දු කියන එක නතර කරන්නත් බෑ. යුනිෆෝම් එකක් අඳින්නත් ඕන. කොහොම හරි මගේ වාසනාවට A/L ඉවරවෙනකොටම පත්තරේ තිබුණ දැන්වීමකට අනුව අයදුම් කරල Uniform ඇඳගෙන සින්දු කියන්න පුළුවන් විදියට මට ගුවන් හමුදාවේ රැකියාවක් හිමි වුණා. අද මම එහි ප්‍රාසාංගික කලා අධ්‍යක්ෂණයෙ නිත්‍ය ගායිකාවක් ලෙස කටයුතු කරනවා.

හිටි හැටියේ රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වෙන්න හිතුවෙ ඇයි?

මේ මම Reality ශෝ එකකට ඉදිරිපත් වුණ පළමු වතාව නෙමෙයි. 2007 අවුරුද්දෙ මම හයේ පන්තියෙ ඉන්න කාලෙ little Star Season 2 සඳහා සහභාගි වෙලා අන්තිම 20 දෙනා අතරටත් ඇතුළත් වුණා.

කාලෙකට පසු නැවතත් ඒ අත්දැකීම ලබන්න විශේෂ හේතුවක් තිබුණද?

ඇත්තටම කිව්වොත් විශේෂ හේතුවකට තියෙන්නෙ මා සතු ගායන හැකියාව වැඩිදියුණු කරගෙන ඉදිරියට යෑම තමයි. නමුත් ගුවන් හමුදාවේ රැකියාව හිමි වීමත් සමඟ මම එහි නීති පද්ධතියට අනුකූලව සේවය කළ යුතුව තිබුණා. ඒ හේතුව නිසා මෙවැනි වැඩසටහන් ගැන හිතුවෙම නෑ.

ඒත් අද ඔබ ඩ්‍රීම්  ස්ටාර් තරග බිමේ…

ගුවන් හමුදාවෙ අපේ බෑන්ඩ් එකේම ශෙහාන් මලින්ද කියන මගේ යාළුවා තමයි මට මේ වැඩසටහන ගැන කිව්වෙ. ඔහුත් මේ තරගාවලියට සහභාගි වුණා. ඒ දැනුවත් කිරීමත් එක්ක හරියන්න හෝ වරදින්න මම කමාන්ඩර්ට රික්වෙස්ට් කළා තරගයට ඇතුළත් වෙන්න අවසර ඉල්ලලා. හිතපු නැති විදිහට මට එතුමන්ලා තරගයට සහභාගිවීමට අවසර ලබා දුන්නා.

අංජලීගෙ කටහඬට වැඩියෙන් ගැළපෙන්නෙ කාගෙ සින්දු කියලද හිතන්නෙ?

මම ඕනම ගායකයෙකුගෙ ගායිකාවකගෙ සිංදු තාලෙට ගායනා කරන්න කැමතියි වගේම උත්සාහ කරනවා. ඔය අතරෙ මේ තරගය ඇතුළත මම ගායනා කරන ගීත තෝරල දෙන්නෙ අම්මා. මම ඒවා ගායනා කරද්දි වැඩියෙන්ම රස විඳින්නෙත් අම්මා. හැබැයි මගේ තාත්තට නම් මම ගීත ගායනා කරන දිහා බලාගෙන ඉන්න බෑ. ඒ හැම වෙලාවකම ඔහු අඬනවා. අනිවාර්යෙන්ම ඒ සතුටු කඳුළු වෙන්න ඕන.මම හිතන්නෙ මගේ හඬට වැඩියෙන් ගැළපෙන්නෙ නන්දා මාලනියගෙ ගීත.

ඔබ රසිකයො අතරට ගියේ එතුමියගේ “ඔබයි රම්‍ය සඳ කිරණ” ගීතය හරහා. ඉදිරියේදී ඒ ගීතය වෙනස් කළා කියන චෝදනාව ඔබට ආවොත්?

මේ වෙනකන් නම් මම ගායනය පැත්තෙන් කිසිම චෝදනාවකට ලක්වෙලා නෑ. ඉදිරියේදී එහෙම වුණොත් ඒ දෝෂාරෝපණය නිහතමානීව බාරගන්නවා. මොකද ඒකත් කගෙ හරි මතයක්නෙ. පුංචි කාලෙ ඉඳල මගේ හිතේ ලොකු ආසාවක් තියෙනව නන්දා මාලිනී මහත්මිය හමුවෙලා කතාබහ කරන්න.

ඔබේ පෙනුමත් ගායනා කරන ගීතත් පරස්පරයි කියල මතයක් තියෙනවා…

මේ පෙනුම ඉතින් මම පුංචි කාලෙ ඉඳලම පවත්වාගෙන ආපු එකක්. මතක ඇති කාලෙක ගවුමකට කියල ඇන්දෙ ඉස්කෝලෙ යුනිෆෝම් එක විතරයි. උසස් පෙළින් පස්සේ කොණ්ඩෙත් කොටටම කැපුවා. ඒ හැමදේම මගේ පහසුවට කරපු දේවල්. හැබැයි මගේ පෙනුමට අනුව මට බයිලා ගීත ගායනා කරන්නත් හොඳ හැකියාවක් තියෙනවා.

අංජලී කියන්නෙ ප්‍රවීණ නිවේදිකා නොයෙලින් හොන්ටර් මහත්මියගෙ රෝල් මොඩල් එකක් කිව්වොත්?

ඇත්තම කිව්වොත් මම එහෙමද කියල දාල තිබුණ කමෙන්ට් වලින් පස්සේ තමයි සර්ච් කරල බැලුවෙ එතුමිය කවුද කියල. ඊට කලින් මම ඇය ගැන දැනුවත් වෙලා හිටියෙ නෑ. ෆලෝ කරන්න බොහොම වටින චරිතයක්.

දක්වන දක්ෂතා ගැන පෙම්වතා මොනවද කියන්නෙ?

ඒ ගැන දැනගන්න නම් වෙන්නෙ ඉදිරියේදි එහෙම කෙනෙක් හමුවුණාට පස්සෙ තමයි. පෙම්වතියක් වෙලා හිටපු කාලෙකුත් තිබුණා. බොහොම සුහදව ඒ සම්බන්දෙට නැවතීමේ තිත තියල ඔහු කැම්පස් ගියා. මම එයාෆෝස් ආවා.

අනාගත බලාපොරොත්තු මොන වගේද කිව්වොත්..

නිහතමානී කලාකාරිනියක් විදියට පොළොවෙ පය ගහල ජීවත්වීම තමයි.

ආදරණීය ලොකු දුව අංජලී ගැන ඇගේ අම්මා අනෝජා ස්වර්ණකාන්ති සමගත් අපි කතාබහ කළා…

ඔබේ වැඩිමල් දියණිය අංජලී කියනව මේ ගායන හැකියාව මවුපස දායාදයක් කියල

ඒ කියමන නිවැරදියි. මට ගායන හැකියාව උරුම වුණේ මගේ තාත්තගෙන්. අද ඒ හැකියාව මගේ දියණියන් තිදෙනාටම උරුමවෙලා තියෙනවා. ඉස්කෝලෙ යන කාලෙ මමත් ඔය බ්‍රෑන්ඩ් එකම තමයි. පද්‍ය ගායනා භක්ති ගීත වගේ හැම දේටම ඉදිරිපත් වෙනවා. අංජලීට වගේම මටත් ඒ හැකියාවන්ට සහතික තියෙනවා. මහත්තය හමුවෙලා විවාහ වෙලා දරුවො ලැබුණට පස්සෙ ඉබේම වගේ ඒ දේවල්වලින් ඈත් වුණා.

මුලින්ම ඇගේ ගායන හැකියාවන් ඔබ දැක්කෙ කොහොමද?

ඒකනම් කිව්වට කවුරුත් විශ්වාස කරන එකක් නෑ. දුවට මාස දහය, අවුරුද්ද වෙද්දි මම අතේ තියාගෙන නැලවිලි ගී කියද්දි එයත් කෙඳිරිගානව වගේ එයාගෙ භාෂාවෙන් මොනවදෝ කියනව මා දිහා බලාගෙන. ඒ වගේම දණගාන වයසෙ ඉඳල අපි කියල දෙන ළමා ගීත වරද්ද වරද්ද හරි කියන්න උත්සාහ කළා. අන්න එතෙන්දි මම දැනගත්තා දුවටත් හොඳ ගායන හැකියාවක් තියෙනව කියල.

ලොකු දුව අංජලී ගෙදරට පුතෙක් නැති අඩුව පිරෙව්වා…

පුංචි කාලෙ ඉඳල ඒක තමයි එයාගෙ පැට්න් එක වුණේ. නොතේරෙන වයසෙදි මම ගවුම් මහල ඇන්දුවා විතරයි. තුන වසරෙදි විතර දවසක් ඇඳුම් ගන්න එක්කගෙන ගියා. මම තෝරපු ගවුම් පැත්තකට දාල පිරිමි ළමයින්ගෙ සූට් එකක් තෝරගෙන අම්මා මේක තමයි මට ඕන කිව්වා. ඕව පිරිමි ළමයි අඳින ඒව කිව්වට ඒක ඇහුවෙ නෑ.

ඊළඟට සපත්තු ගන්න ගිහින් තෝරගත්තෙත් පිරිමි ළමයි දාන දෙකක්. එයාගෙ ආසාවනෙ කියල අරන් දුන්නා. එදා ඉඳල මේ වෙනකම්ම ඉස්කෝලෙ යුනිෆෝම් එක විතරයි දුව ගවුමකට කියල ඇන්දෙ. හිත එඩිතරයි පිරිමි ළමයෙකුගෙ වගේ ඒත් හරිම කීකරුයි.

අම්මට යන්න බැරිවුණ දුර දියණිය යනව දැක්කම මොකද හිතෙන්නෙ?

මේ ලෝකෙ හැම අම්ම තාත්ත කෙනෙකුගේම හිතේ තියෙන බලාපොරොත්තුව තමයි තමන්ට යන්න බැරි වුණ තැනට තමන්ගෙ දරුවො යවන එක. අද මගේ දුව අංජලී මම බලාපොරොත්තු වුණ ඉලක්කය කරා යනව දැක්කම ගොඩක් සතුටුයි. එයා මගේ හීනය සැබෑ කරපු දුවක්.

ලොකු දුව අංජලී ගැන රට තොටේ හැමෝම කතාබහ කරන මේ වෙලාවෙ ඒ අගය කිරීම් ගැන ඔබට මොකද හිතෙන්නෙ?

ලොකු සතුටක් වගේම නිහතමානී ආඩම්බරයක්. මේ ළඟදි මම තඹුත්තේගම ඉඳල කෝච්චියේ මේ වැඩසටහන බලන්න එන වෙලාවක මම ෆෝන් එකෙන් දුවගෙ සිංදුවක් අහගෙන ආවා. එතනම හිටපු මිස් කෙනෙක් මට කිව්වා ඔය සිංදු කියන ළමය මගේ ගෝලයෙක් මම එයාගෙ ඉස්කෝලෙ ඉගැන්නුවා හරිම දක්‍ෂයි එයා ඔය තරගය දිනයි මමත් එයාට Vote කරනව කියල.

ඇත්තටම ඒ අගය කිරීමට මගේ ඇස් දෙකට කඳුළු ආවා. හැමදේම අහගෙන ඉඳල මම කිව්වා ටීචර් මේ මගේ දුව කියල. ඒ වෙලාවෙ ඇයත් හරියට සතුටු වුණා. අපි ජීවත්වෙන තඹුත්තේගම ටවුමෙ හැම කඩේකම කැසට් හරහා ඇහෙන්නෙ මගේ දුවගෙ සිංදු. ඒ විදියට අපේ ගමෙන් ආපු කෙනෙක්නෙ කියල දුවට ලොකු ප්‍රතිචාරයක් තියෙනවා. ඇත්තටම දුව අපට ආලෝකයක්.

ධම්මික හේවාවසම්

 

TAGGED: anoja swarnakanthi, derana dream star, අංජලී හේරත්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love25
Sad0
Happy0
Sleepy0
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?