නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සිරස TV The Voice Kids සැප්තැම්බර් 23 දා ඇරඹේ….
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

සිරස TV The Voice Kids සැප්තැම්බර් 23 දා ඇරඹේ….

Published September 21, 2023

The Voice  සන්නාමය ප්‍රසිද්ධ ඕලන්ද ජාතික වැඩසටහන්  නිෂ්පාදකවරයෙකු වන ජෝන් ද මෝල් ගේ සංකල්පයකි. ජාත්‍යන්තරය තුළ පෙරළිකාර ගායන තරු රැසක් බිහි කළ The Voice ආශ්‍රයෙන් සිරස TV විසින් පසුගිය කාලයේ The Voice Sri Lanka සහ The Voice Teens Sri Lanka හඳුන්වා දෙන ලදී.

The Voice සන්නාමය යටතේ සිරස ටීවී හඳුන්වාදෙන නවතම වැඩසටහන වන The Voice Kids  වැඩසටහනයි. එය සැප්තැම්බර් මස 23 වැනිදා සිට සෑම සති අන්තයකම රාත්‍රී 7.30 ට සිරස ටීවී තුලින් නැරඹිය හැකිය. මෙය වයස අවුරුදු 7-14 ත් දක්වා දරුවන්ගේ ගායන දක්ෂතාවයෙන් එළිදැක්වේ වෙනුවෙන් නිර්මාණය කරන ලද වේදිකාවකි. රටේ විවිධ පළාත්වලින් තරගකරුවන් 25 000 ක් Blind Audition සදහා මේ වන විට තරගකරුවක් 250 තෝරාගෙන අවසන්. මෙම තරගය පුහුණුකරුවන් ලෙස සහ විනිසුරුවන් ලෙස ජනප්‍රිය මෙන්ම ප්‍රවීන ගායන ශිල්පීන් වන වෛද්‍ය ප්‍රදීප් රංගන, නදිනි ප්‍රේමදාස, හර්ෂණ දිසානායක සහ උරේශා රවිහාරී කටයුතු කරයි. The Voice Kids මෙහෙය වන්නෙ ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පිනියක් මෙන්ම නිවේදිකාවක් වන නතාෂා පෙරේරා විසිනි.

The Voice Kids ගැන කතා කරමින් MTV  Channels හි ප්‍රධාන විධායක නිලධාරී සුසාර දිනාල් පවසන්නේ ” මෙය දරුවන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන වැඩිහිටියන්ටත් දරුවන්ටත් එකලෙස නැරඹිය හැකි විනෝදශ්වාදය සපයන රියැලිටි වැඩසටහනක් බවයි. මෙහි සම්පූර්ණ ආකෘතියද The Voice මවු සමාගමට අයත් බැවින් දරුවන් වෙනුවෙන් වැඩසටහන අපි කරනු ලැබුවත් ඔවුන් වැඩසටහන පිළිබඳව අවධානයෙන් පසුවන බවයි. තවද ඔවුන් පවසන්නේ MTV  Channles සමාගම මෙම වැඩසටහන සලකන්න ශ්‍රී ලාංකික අනාගතය සඳහා කරන වටිනා ආයෝජනයක් ලෙසටයි.

TAGGED: sirasa the voice, sirasa tv, the voice sirasa, the voice teens, the voice teens sirasa
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?