නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ‍රෝස දෙවන කොටස හරහා ආදරණීය ප්‍රේක්ෂකයො ඉදිරියට එන්න ඇගිලි ගනිනවා – නෙත්මි රොෂෙල්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

‍රෝස දෙවන කොටස හරහා ආදරණීය ප්‍රේක්ෂකයො ඉදිරියට එන්න ඇගිලි ගනිනවා – නෙත්මි රොෂෙල්

Published August 14, 2023

තම ආදරණීය දියණිය රූපවාහිනිය හරහා දකින්න හීන මවපු අම්මගෙ ඒ හීනය සෑබෑ කරමින් පුංචි තිරයට පය තැබූ ඇය අද වනවිට සිනමාවද ජයගන්නට තරම් වාසනාවන්ත වෙලා. ඒ විදිහට කලා ක්ෂේත්‍රයට එකතුවුණ ඇය මේ වනවිට කලා ලෝකයේ බොහොම ආදරණීය වගේම කර්ය බහුල චරිතයක්. කොච්චර කාර්ය බහුල වුණත් රොෂෙල් මේ විදිහට නවලියට සමීප වුණා.

රොශෙල් ව මේ තැනට ගෙනාවෙ අවුරුදු කුමාරියක්. ඒ අතීතය සිහිපත් කළොත්…

ඇත්තටම ඒ අතීතය සිහිපත් වෙන වාරයක් පාසා මගේ හිත කියන්න බැරි තරම් සතුටකින් පිරිල ඉතිරිලා යනවා. මොකද ඒ තමයි මගේ ජීවිතේ වෙනස් කරපු තැන. 2019 ජාතික රූ කිරුළ මම ජයග්‍රහණය කළා නේද කියන එක මේ දැන් මතක් කරන කරන මොහොතෙත් හිතට දැනෙන සුන්දර හැඟීම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සුන්දරයි.

රූපය නිසා ලැබුණ ඒ තැන අද වන විට ඔබ ඉතා දක්ෂ රංගන ශිල්පිනියක් වෙමින් ජීවිතය හා ගළපගෙන තියෙනවා…

මම මේ තැනට ආව කියන්නෙ මගේ අම්මගෙ හිතේ මම පුංචි කාලෙ ඉඳල පැලපදියම් වෙලා තිබුණ හීනයක සැබෑවීමක්. මොකද ඇය කලාවට ඉතාමත් ලැදි කෙනෙක්. නිතරම ඇය මාව රූපවාහිනිය තුළ දකින්න ආශා කළා. මට මතකයි මං පුංචි කාලෙ ලස්සන ගවුම් මහල අන්දනවා. නටන්න සිංදු කියන්න කියල දෙනවා. ඒ දේවල් නිසාම මම පාසලේ හැම ප්‍රසංගයකටම ඉදිරිපත් වෙන පසුබිමක් ගොඩනැගුණා.

ඒ දේවල් ඔබට රුකුලක් වුණා…

ඒක එහෙමමයි කියල කියන්න අමාරුයි. මොකද පාසැල් වේදිකාවෙ දක්ෂතා දක්වන එකයි කමරාවකට ෆේස් කරනවා කියන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. අපි ටෙලිවිෂන් එක හරහා දකින තරම් රඟපෑම සුන්දර නෑ. ඒ වෙනුවෙන් ගොඩක් වෙහෙස මහන්සි වෙමින් කැපවීම් කරන්න වෙනවා.

ඔබේ පළමු රංගන අත්දැකීම මතක් කළොත්…

සක්කාරං ටෙලිඩ්‍රාමා එකට ආරාධනාව ලැබුණම හිතට ලොකු සතුටක් දැනුණත් පළමු වතාවට කැමරාවක් ඉදිරියට ගියේ ලොකු බයකින්. ඒ වෙලාවට ප්‍රවීණයන්ගෙන් ලැබෙන උපදෙස් දිරිගැන්වීම් මත තමයි අපි ඕනම කෙනෙකුගෙ රංගන විලාසය හැඩවෙන්නේ. මම තාම රංගනයට අලුත්ම අලුත් කෙනෙක් විදියට අධ්‍යයනයේ යෙදෙමින් සාර්ථක රංගන ශිල්පිනියක් වෙන්න උත්සාහ කරනවා.

මේ දවස්වල ජීවිතේ…

සිනමාපට දෙකක වැඩකටයුතු නිසා පුංචි කාර්යබහුලත්වයක් එක්ක තමයි ගෙවිල යන්නෙ. රූගත කිරීම අවසන් වුණත් හඬකැවීම් තවමත් සිදුවෙනවා. මෑතකදී ගොඩක් ආසාවෙන් රඟපාපු ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ රෝස ටෙලි ඩ්‍රාමා එකේ පළමු කොටස අවසන් වුණා. එහි දෙවන කොටස හරහා ආදරණීය ප්‍රේක්ෂකයො ඉදිරියට එන්න ඇඟිලි ගනිමින් ඉන්නවා.

වැඩි කැමැත්ත ඉගෙන ගත්තු දේ හරහා රටට සේවයක් කරන්නද රංගන ශිල්පිනියක් ලෙස ආදරේ දිනාගන්නද?

උසස් අධ්‍යාපනය ලබල Degree Holder කෙනෙක් වුණාට ඒ කාලෙ ඉඳලම රැකියාවක නිරත වෙන්න මගේ හිතේ ලොකු කැමැත්තක් තිබුණෙ නෑ. ඒ වෙනුවෙන් වෙනස්ම Plan ගොඩක් තමයි මගේ හිතේ තියෙන්නෙ. ඉදිරියේදී ඒ බලාපොරොත්තු ඉටුකරගන්න මම සැලසුම් කරගෙන යනවා. ඔය අතරෙ මම රංගන ක්ෂේත්‍රයට ආවෙ නොහිතපු විදිහට. ගතවුණු අවුරුදු හතරක කාලය තුළ මම රංගනයට පුදුම විදිහට ආදරේ කළා. ඒක හෙටත් එහෙමමයි. ඒ හරහා මට ලැබෙන ආදරය ඇගයීම් ගැන මම තෘප්තිමත් වගේම ඒක මම උපරිමයෙන් විඳිනවා.

අද රොශෙල් වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිනියක්…

එහෙමයි කියල කියන්නත් බැහැ. මම බොහොම ආදරයෙන් වගේම ගෞරවයෙන් හැමදාමත් රංගනයේ යෙදෙනවා. වෘත්තීය මට්ටමේ ප්ලෑන් ගොඩක් හිතේ තියෙනවා. ඒව පස්සෙ කියන්නම්.

ඕනම කෙනෙකුගෙ ජීවිතයේ පසුතැවීම් තියෙනවා එය ඔබටත් පොදුයි…

ඔව් අනිවාර්යෙන්ම. හැබැයි මම හරි Posstive Character එකක්. පුංචි කාලෙ ඉඳලම මම ජීවිතය දකින්නෙ ඒ විදියට. කිසිම දවසක කිසිම වෙලාවක මම ප්‍රතික්ෂේපවීම් හරහා කඩා වැටෙන්නෙ හඬා වැටෙන්නෙ නෑ. මා සම්බන්ධයෙන් මොන ප්‍රතික්ෂේපවීම ආවත් මම ඒක දකින්නේ මට ලැබුණ එනර්ජි එකක් විදියට.

ජීවිතේ වැඩිපුරම සතුටු වුණ දවස මතක් කළොත්…

එක දවසක් කියල වෙන් කරල පෙන්නන්න අමාරුයි. මොකද අප්‍රමාණ ලෙස හිතට සතුට ගෙනත් දීපු දින ගණනාවක් මගේ ජීවිතේ තියෙනවා. කැම්පස් සිලෙක්ට් වුණ, අවුරුදු කුමාරියක් වුණ, ඒ හරහා රංගනයට ආරාධනා ලබුණ, මගේ නිර්මාණයක් විකාශය වුණ වගේ මගේ ජීවිතේ සතුටින් පිරුණු දවස් ගොඩක් තියෙනවා. ප්‍රධානම දේ තමයි මොන දවස උදාවුණත් මම ඒක සතුටට පෙරළා ගන්න කෙනෙක්.

ආදරේ ගැන මොකද හිතෙන්නෙ…

අනිත් හැම කෙනෙක්ම වගේ මමත් මේ ලෝකයෙ අහන්න කැමතිම වචනය වගේම විඳින්න කැමතිම දේ තමයි ආදරය. ගෙදරින්, ඥාති හිතමිත්‍රාදීන්ගෙන් මට ඒ ආදරේ ඕනවටත් වඩා ලැබෙනවා. ඒ ආදරය විඳිමින් ඒ ආදරයට ආදරය කරමින් අද දවසේ මම බොහොම ආදරණීය ලෙස කාලය ගත කරනවා.

වෙනස්ම විදියේ ආදරයක් ලබන්නත් මේක සුදුසුම කාලය කිව්වොත්…

ඔව් මම ඒක පිළිගන්නවා. ඔය කියන මට හිමි සුන්දර ආදරය කොහේ හරි ඇතිනෙ. ඒක මට හිමි වුණ දවසට සතුටින් භාරගෙන ඒ ආදරයට ආදරය කරනවා.

ධම්මික හේවාවසම්

TAGGED: actresses, nethmi roshel, නෙත්මි රොෂෙල්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?