නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: එයා හා කියන්නෙත් නෑ එපා කියන්නෙත් නෑ හැබැයි කියන තැනකට එක්කන් යනවා – මධුෂානි විජයරත්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

එයා හා කියන්නෙත් නෑ එපා කියන්නෙත් නෑ හැබැයි කියන තැනකට එක්කන් යනවා – මධුෂානි විජයරත්න

Published March 13, 2023

2018 වසරේ හිරු නාලිකාවේ පැවති අවුරුදු කුමරිය තරගයේ හොඳම ඡවි කල්‍යානිය මෙන්ම දක්‍ෂතම කුමරිය ලෙස අභිෂේක ලැබූ ඇයට රංගන ක්‍ෂේත්‍රයට ආරාධනා ලැබෙන්නෙ හිතාගන්න බැරි විදියට. ඒ වනවිට විවාහ දිවියට ඇතුළත් වෙන්න සූදානම් වෙලා හිටපු ඇයට ඒ ආරාධනා පිළිගන්න හැකියාවක් නැතිවෙනවා. ඒත් උඩරට මනාලියක් ලෙස හැඩවෙලා දීග ගිය මධුෂානි විජයරත්නව නැවත නැවත ද උඩරට මනාළියක් ලෙස සරසන්නට බොහෝ රූපලාවන්‍ය ශිල්පීන් වැළ නොකැඩී ඉදිරිපත් වූයෙන් මේ වන විට ඇය තුන්සිය වතාවකට වඩා උඩරට මනාලියක් සේ ලකලෑස්ති වීමට ලැබුණ අවස්ථාවන් ගැන නවලියට මෙහෙම කිව්වා…

● බලාපොරොත්තු නොවූ ආරාධනාවක්…

2017 අවුරුද්දෙ තමයි මට මුලින්ම හිතපු නැති විදියට හිරු නාලිකාවෙන් අවුරුදු කුමරිය තරගයට සහභාගි වෙන්න ඇමතුමක් හරහා ආරාධනා කළේ. අයදුම් කළේ නැති නිසා තරගයට සහභාගි නොවන බව මම දැන්නුවා. නැවත 2018 වසරෙදිත් ඒ ඇමතුම මට ලැබුණා. ඒ වෙද්දි කොළඹ අයියලගෙ ගෙදර නැවතිලා අධ්‍යාපන කටයුතුවල නිරතවෙලා හිටපු නිසා මම අයියගෙ මදර්ඉන්ලෝට ඒ බව කිව්වා. ඒ ආන්ට් අයියටත් නොකියා මාව එදා මූලික වටයේ තරගයට එක්කගෙන ගියා. එතනදි දෙවන වටය සඳහා මාව තේරුණා.

● දෝෂාරෝපණ මැද…

එදා ගෙදර ඇවිත් තමයි අයියට ඒ ගැන කිව්වෙ. ඔහු පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ ඒ තරගයට මම ඉදිරිපත් වෙනවට. නෑනත් ඇගේ අම්මත් මාව ඒ වසරෙ හිරු අවුරුදු කුමාරි තරගයට යවන්න ලොකු කැපවීමක් කළා.

● ජයග්‍රහණ දෙකක්…

තරගාවලිය පුරා මිනි ටයිටල්ස් හතරක් වගේ තමයි තිබුණෙ. ඒ අතරින් හොඳම ඡවි කල්්‍යානි වගේම තරගාවලියේ දක්‍ෂතම කුමරිය ලෙසත් ජයග්‍රහණ හිමි වුණේ මට.

● සප්‍රයිස් ඇප්ලිකේෂන් එකක්…

මගේ හෙඳම යාළුවෙක් ඉන්නව සරලා හංසනී කියල. එයා ඒ කාලෙ නිතරම කියනවා උඹ ලස්සනයිනෙ අවුරුදු කුමාරි තරගයකට ඉදිරිපත් වෙයන්කො කියල. ආසාව තිබුණට මට ඒක කරන්න බැරි වුණා. සරලා තමයි මටත් හොරෙන් මගේ ෆොටෝ එකක් එක්ක ඇප්ලිකේෂන් දාලා තිබුණෙ. ඒක මම දැනගත්තෙ හැමදේම ඉවර වුණාට පස්සෙ.

● රංගනයට ආරාධනා…

අවසන් මහ තරගයෙන් පස්සෙ රංගනයට සම්බන්ධ වෙන්න බොහෝ ආරාධනා ලැබුණා. ඒත් ඒ එකකටවත් ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණෙ නෑ. මොකද 2018 වසරෙ අගභාගයේ මගේ විවාහ උත්සව සිදුකරන්න ඒ වෙනකොටත් සියල්ල සූදානම් කරලයි තිබුණෙ.

● නිරූපිකාවක් ලෙස ඉදිරියට…

රමණි ප්‍රනාන්දු මහත්මියගේ සැලොන් එකෙන් තරගයට සහභාගි වූ හතරදෙනෙක් තෝරාගෙන බටහිර මනාලියන් ලෙස අපිව හැඩගන්වන්න කටයුතු යොදාගෙන තිබුණා. එදා ඒ හතර දෙනාට මමත් ඇතුළත් වුණා.

● සැමියාගේ කැමැත්ත…

වැඩිපුර ලැබුණෙත් නෑ. එපා කියල බලපෑම් කළෙත් නෑ. යන්න ඕනෙ කිව්වොත් එක්කගෙන යනවා. අපේ හතරවෙනි විවාහ සංවත්සරයට කරපු ෆොටෝ ෂූට් එකටත් එයා හරිම කැමැත්තෙන් සහභාගි වුණා.

● ගෙදරින් උදව්…

ඇත්තම කිව්වොත් මගේ ගෙදරට වඩා සැමියා විහඟගෙ ගෙදරින් තමයි මේ කටයුතුවලට වැඩිපුරම උදව් උපකාර ලැබෙන්නෙ මේ වෙද්දි මට අවුරුදු දෙකක දුවෙක් ඉන්නවා. මම බ්‍රයිඩල් ෂූට්වලට යන හැම අවස්ථාවකම විහඟගෙ නංගි අම්ම කෙනෙක් වගේ තමයි මගේ දුවව බලාගන්නෙ. බබාට කවන්නෙ පොවන්නෙ නාවන්නෙ නිදිකරවන්නෙ නංගි. ඒ වගේම තමයි සැමියගෙ අම්ම මල්ලි ඒ හැමෝම මගේ මේ ගමනට ලොකු සහයෝගයක් වගේම ආශිර්වාදයක් ලබාදෙනවා. හැම වෙලාවෙම පුළුවන් කාලෙ ඉදිරියට යන්න කියන දිරිගැන්වීම කරන්නෙ ඔවුන්ගෙ උදව් උපකාර මට ලබා දෙමින්.

● ඉදිරියේදී රංගනයට…

පූර්ණකාලීන රංගන ශිල්පිනියක් නොවුණත් ලැබෙන අවස්ථාවක් ප්‍රයෝජනයට අරගෙන ටෙලිනාට්‍යයකට චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ලොකු ආසාවක් තියෙනවා. ඒත් තාම දුව පොඩි නිසා එයාව දාල ගිහින් ඒ දේවල්වලට සම්බන්ධ වෙන්න හිතෙන්නෙ නෑ. දැනට මම පදිංචි වෙලා ඉන්නෙ ඇඹිලිපිටියෙ මහත්තයගෙ ගෙදර නිසා මේ අවට රූගත කිරීම් සිදුවෙන නිර්මාණයකට අවස්ථාවක් ලැබුණොත් ඒ සඳහා අනිවාර්යයෙන් සම්බන්ධ වෙනවා.

● අනාගතේ දවසක…

මම කරල තියෙන්නෙ ඉංග්ලිෂ් ඩිප්ලෝමා එකක් නිසා ඒ හරහා ඉංග්‍රීසි ගුරුවරියක් විදියට පත්වීමක් ලැබෙයි කියන බලාපොරොත්තුව මගේ හිතේ තියෙනවා. එහෙම ලැබුණොත් ගුරුවරියක් විදියට සේවය කරන්නත් හිතේ ලොකු ආශාවක් තියෙනවා.

● නිරූපණයට තිත…

දැන්නම් උඩරට මනාලියක් විදියට ලකලෑස්ති වෙලාම එපාවෙලයි තියෙන්නෙ හැබැයි වෙනත් විලාසිතාවන්ගෙන් සැරසිලා නිරූපන ශිල්පිනියක් විදියට කටයුතු කරන්න තියෙන ආශාව නම් කවදාවත් හිතෙන් අයින් වෙන එකක් නෑ. ඒ නිසා පුළුවන් කාලයක් මම මේ ක්‍ෂේත්‍රයේ රැඳෙන අතරතුර රංගන ශිල්පිනියක් විදිහටත් කලා ක්‍ෂේත්‍රයට මගේ දායකත්වය ලබාදෙන්න මම බලාපොරොත්තු වෙනවා.

ධම්මික හේවාවසම්

TAGGED: Madhushani Wijayarathne, මධුෂානි විජයරත්න
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?