නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මම ආයෙ මෙගාවල නෑ – සජිත ඇන්තනි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

මම ආයෙ මෙගාවල නෑ – සජිත ඇන්තනි

Published July 17, 2023

“ නුදුරේදීම මගේ ප්‍රථම සිනමා නිර්මාණය ප්‍රේක්ෂකයන්ට දැකගන්න පුළුවන්”

ඔහු කලාවට අත්පොත් තියන්නෙ අවුරුදු 11 ක පුංචි ගැටයෙකුගේ කාලයේ ඉඳලා. ඒ 2004 වසරේ තිරගත වුණ ‘සූරිය අරණ‘ සිනමා පටයේ වැදි දරුවාගේ චරිතය නිරූපණය කරමිනුයි. එදා පටන් ‘සජිත අනුත්තර ඇන්තනී’ කියන නම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට අලුත් නමක් වුණේ නෑ. දශක ගණනක් පුරා කලාවේ යෙදුණ දෙමාපිය දෙපළගෙන් ලැබුණු ජානමය හැකියාවත් එක්ක කලාවේ හැම අහුමුල්ලක්ම ස්පර්ශ කරගෙන සජිත යන්නෙ සාර්ථක ගමනක්. ඒ නිසයි අද සෙනෙහසක නවාතැන මෙසේ සජිත වෙනුවෙන් වෙන් වෙන්නෙ.

සජිත කොහොමද මේ දවස්වල වැඩකටයුතු ?

‘නාඩගම්කාරයෝ’ නාට්‍යයෙන් පස්සෙ ටෙලි නාට්‍යවලින් පොඩ්ඩක් ඈත් වෙලා මම ගොඩක්ම ආදරේ කරන සිනමාවට ළං වෙන්න හිතුවා. මම රංගනයෙන් දායක වුණ සිංහබාහු, සිහින සමීකරණ, දුස්‍රා, එක ගෙයි සොකරි චිත්‍රපටි 4 ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. ඒ වගේම මගේ හීන අතරේ තියෙන ලොකුම හීනයක් තමයි සිනමා අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙන එක. ඉතින් මේ දවස්වල ඒ පැත්තටත් අවධානය යොමු කරමින් ඉන්නව. ළඟදීම ‘සජ් ක්‍රියේෂන්‘ මගේ බ්‍රෑන්ඩ් නේම් එකෙන් සිනමා නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට දැකබලාගන්න පුළුවන් වේවි. දැනට ඒකෙ Pre Production වැඩ එක්ක තමයි කාලෙ ගෙවෙන්නෙ.

ළඟදි එළියට දාපු සින්දුවට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අප්පච්චි තමයි ඒ ගීතය රචනා කළේ. ඉතින් මට ඒ ගීතය ගොඩක් වටිනවා. යූටියුබ් එකෙත් හොඳ කමෙන්ට්ස් තිබුණා. කට්ටිය ඩාන්ස් කවර්ස් කරල තිබුණා. මට ඒවා දකිද්දි හරි ආසයි.

සජිත කියපු සින්දු වලින් වැඩිම ප්‍රතිචාර ලැබුණ ගීතය ‘මිහිරාව ආවා‘ නේද?

ඔව්. ස්වර්ණපාලියේ, මිහිරාව ආවා, ආදරේ ගීත තුනටම හොඳම ප්‍රතිචාර ලැබුණා. නමුත් වැඩිම ප්‍රතිචාර ලැබුණ ගීතය ‘මිහිරාව ආවා’ තමයි.

කොහොමද පුතා එක්ක ගෙවෙන කාලය?

මායි බුවියි ආදරේ කරපු කාලෙ මවපු සිහින ලෝකයට අපි පියනැග්ගා. දැන් ඒ සිහින ලෝකෙ ටික ටික ගොඩනැගෙන්නෙ දරුවා එක්ක. පුතා ලැබෙන්න කලින් හිටියා වගේම තවමත් සැහැල්ලුවෙන්, ආදරෙන් ඉන්න උත්සාහ කරනවා. ඒ සැහැල්ලු ජීවිතේට පුතා එකතු වුණාට ඒක බරක් කියල දැනුණෙ නෑ. පවුලෙ බාලයා විදිහට දැන් මම අප්පච්චි කෙනෙකුත් වෙලා කියල දැනෙද්දි හිතාගන්නත් අමාරුයි වගේ.

පුතාට නොදැනීම අවුරුද්දකුත් වුණා…

ඒකනෙ ඒකනෙ. අපිටත් හිතාගන්න බෑ සමහර වෙලාවට එච්චර ලොකු කාලයක් ගතවුණාද කියලත්.

සජිත – බුවී දෙන්නම කැමැත්තෙන් හිටියෙ පුතෙක්ටද?

මම කැමැත්තෙන් හිටියෙ පුතෙකුට බුවීට එහෙම විශේෂයක් තිබුණෙ නෑ. සජිත ඔන්න ඔහොම කියපුගමන් එහා පැත්තෙ හිටපු බුවී කිව්වෙනම් වෙනමම කතාවක්… බුවී කියන විදිහට සජිත මුල ඉඳලම කැමැත්තෙන් හිටියෙ දුවෙකුටලු.

බබෙක් ලැබෙන්න ඉන්න බව දැනගත්තම තමයිලු සජිතගෙ කැමැත්ත පුතෙකුට මාරු වුණේ. හැබැයි බුවීටනම් මුල ඉඳලම ඕන වුණේ පුතෙක් කියලයි බුවී කිව්වෙ.මම ආසාවෙන් හිටියා දුවෙකුට. ඒත් කැමති වුණේ සහ ඕන වුණේ පුතෙක්. ආසාවයි කැමැත්තයි දෙකක්නෙ. තාත්තලා ගොඩක් කැමති දුවලට. ඒත් පුතෙක් හිටියම ආරක්ෂාකාරී හැඟීමක් දැනෙනවා. කොහොමවුණත් කවුරු වුණත් මට එකයි. ඒත් දැන්නම් පුතා මගේ ෆෙවරිට්.

පුතාගේ ‘ජේඩ්න්’ නමේ විශේෂ අර්ථයක් තියෙනවද?

ඇත්තටම ජේඩ්න් කියන්නෙ බයිබලේ එන නමක්. අර්ථයක් විදිහට ගත්තොත් ‘Thankful ‘වගේ තේරුමක් තමයි තියෙන්නේ. ඒත් ජේඩ්න් නම දැම්මෙ ටිකක් හිතුවක්කාර විදිහට. බබාගෙ ජෙන්ඩර් රිවීල් පාටි එකට ආරාධනා කරපු අයට අපි කිව්වා ඔයාලා හිතන්නෙ අපිට පුතෙක් ලැබෙනවා කියලනම් නිල් පාටින් සහ දුවෙක් කියල හිතනවනම් රෝස පාටින් ඇඳන් එන්න කියල.

අපි පාටි එකේ තුණ්ඩුත් තියල තිබුණා ඒ අයට පුතෙක්ට හෝ දුවෙක්ට ගැලපෙන නම් දාන්න. ඒ තුණ්ඩු ගොඩට අත දාලා මම එකක් තේරුවා. ඒකෙ තිබුණ නම ‘ජේඩ්න්’ ඒක ලියල තිබුණේ මගේ බෑන්ඩ් එකේ කීබෝඩ් ගහන මල්ලි. ඉතින් මම වැඩිය නොහිතා ඒ නම පුතාට දානවා කියල හිතුවා. ඒත් පුතාගෙ පළවෙනි නම ‘ඉමයුරු’ දැම්මෙ අප්පච්චියි අක්කයි එකතු වෙලා.

අප්පච්චිගෙ සෞඛ්‍ය තත්ත්වෙ කොහොමද?

අප්පච්චි දවසින් දවස සුබ ලකුණු පෙන්වමින් ඉන්නවා. ඒක තමයි හැමෝගෙම ප්‍රාර්ථනාව. මිනිස්සුන්ගෙ හොඳ ප්‍රාර්ථනා විතරක් තිබුණම ඇති. අප්පච්චි ඉක්මණින් සුව වෙලා අපි එක්ක එකතු වෙයි. ඔහොම යමුකො බලන්න.

සජිත ටෙලි නාට්‍ය වලින් දිගටම ඈත් වෙන්න තීරණය කළාද?

නෑ. නමුත් නාඩගම්කාරයොන්ට පස්සෙ දීර්ඝ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන එක නැවැත්තුවා. නමුත් ටීවී සීරිස් වලට සම්බන්ධ වෙනවා. ‘සීතලයි පින්න’ කියල අලුත්ම ටීවී සීරිස් එකක රූගත කිරීම් නොවැම්බර් මාසෙ ඕස්ට්‍රේලියාවේ පටන්ගන්නවා. ඒක ලබන අවුරුද්දෙ පෙබරවාරිවල වගේ දැකගන්න පුළුවන් වේවි.

බුවීගෙන් ඔයාගෙ වැඩ වලට ඉස්සර ලැබුණ සපෝට් එක බබා නිසා දැන් අඩු වෙලාද?

පුතා නිසා බුවීගෙ අතින් මගේ වැඩ වලට කිසි අඩුවක් වෙලා නෑ. බබා කරේ තියන් හරි එයා මගේ වැඩ සේරම කරල දෙනවා. මේ ළඟදිත් මගේ වැඩ වගේක ප්‍රසන්ටේෂන්ස්, ප්‍රපෝසල්ස් සේරම බුවී කළේ බබාවත් උකුලෙ තියාගෙන.

කොහොමත් මට බුවී නැතුව වැඩ කරගන්න අමාරුයි. මේ ළඟදි මම මාසෙකට රටින් පිට ගියා තනියම. ඒ මාසෙ තමයි මගෙ ජීවිතේ අමාරුම මාසෙ වුණේ. මොකද විවාහ වුණාට පස්සෙ මගේ සියලුම වැඩ ටික සිද්ධ වුණේ බුවී අතින් නිසා ඇය නැතුව මට තනියම ඉන්න හරිම අමාරුයි. එදා ඉඳන් මම මටම තහංචියක් දාගත්තා ආයෙත් තනියම රට යෑම තහනම් කියල.

වැඩියෙන්ම කැමති ගායකයෙක් විදිහට දකිනවටද නළුවෙක් විදිහට දකිනවටද?

මම රංගනයට, ගායනයට, නර්ථනයට තුනටම එක වගේ ආදරෙයි. නමුත් නර්ථනයනම් කෙරෙනවා දැන් අඩුයි. වැඩියෙන්ම කැමතිනම් රංගනයට. නමුත් ඔය තුනෙන්ම මම නිර්මාණ කරල තියෙනවා. මම ඔය ප්‍රශ්නෙ අනිත් පැත්තට ප්‍රේක්ෂකයන්ට යොමු කරන්න කැමතියි.

● සජිත කියන්නෙ මාවල් පිස්සෙක් කිව්වොත් මං හරි නේද?

අම්මෝ ඔව්. මම පුංචි කාලෙ ඉඳන් ස්පයිඩර් මෑන්ට ගොඩක් කැමතියි. ස්පයිඩර් මෑන් නිසා මාවල් සුපර් හීරෝස්ලා ගොඩකට කැමැත්ත ඇති වුණා. මං හරි ආසාවෙන් හිටියා චූටි කාලෙ ස්පයිඩර් මෑන්ට වගේ සුපර් පවර් එකක් ලැබෙනවනම් කියල.

ඇත්තටම එහෙම සුපර් පවර් එකක් ලැබුණොත් සජිත කොහොමද ඒක පාවිච්චි කරන්නෙ?

ඒක අපි පුංචි කාලෙ කරන ප්‍රාර්ථකාවක්නෙ. ඒත් දැන්නම් මට හිතෙනවා සුපර් පවර් එකක් එපා කියලා. මං මේ ළඟදිත් කල්පනා කළා දෙවි කෙනෙක් ඇවිත් මට සුපිරි බලයක් දෙනවා කිව්වොත් මොකද්ද මං ඉල්ලන්නෙ කියල.

මමනම් කැමති අතීතෙට ගිහින් යම් සිදුවීමක් වෙනස් කරන්න බලයක් ලැබෙනවනම්. ඕනම කෙනෙක්ට අතීතෙට ගිහින් වෙනස් කරන්න යම් සිදුවීමක් ඇති. හැබැයි ඒ අතර මට මෙහෙමත් හිතෙනවා. අපි අතීතෙට ගිහින් වෙච්චි සිදුවීමක් වෙනස් කළොත් වර්තමානයේ මට ලැබිලා තියෙන දේවල්වලත් වෙනසක් වෙනවා. අවසානයේ මම තේරුම් ගත්තා මට දෙවියන්ගෙන් ඉල්ලන්න සුපර් පවර් එකක් නෑ කියල.

එරංදි කෞශල්‍යා

TAGGED: Buvinika Anthony, Buvinika Halvitige, Jackson Anthony's son, Sajitha Anthony, Sajitha Anuththara
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love3
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?