නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මම කැමති නිරූපිකාවක් විදිහට ඉදිරියට යන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

මම කැමති නිරූපිකාවක් විදිහට ඉදිරියට යන්න

Published June 26, 2023

මේ වසරේ රූපවාහිනී රූ කිරුළේ දෙවන ස්ථානය හිමිකරගත් රූ කුමරිය ඇයයි. දෙවන ස්ථානයට අමතරව මිනි ටයිට්ල්ස් දෙකක් ඇය දිනාගත්තා. ඒ හොඳම සිරුර සහ හොඳම සමයි. නවලියේ මේ ඉඩකඩ වෙන් වෙන්නෙ ඇය වෙනුවෙනුයි.

නම – තමාෂා අමරසිංහ
වයස – 23 යි
උස – අඩි 5 අඟල් 6
පදිංචිය  කඩවත

■ ඇයි මේ තරගයට ඉදිරිපත් වෙන්න හිතුවෙ?

ඇත්තටම මේකට මාව මෝටිවේට් කළේ ඔෆිස් එකේ අය. මගෙත් පොඩි කාලෙ ඉඳන්ම ආසාවක් තිබ්බා ජයග්‍රහණය කෙසේවෙතත් මේ තරගයට කවදහරි ඉදිරිපත් වෙන්න.

■ මේ ජයග්‍රහණයෙන් පස්සෙ ඔබට මොනවද ලැබුණු ආරාධනා?

විවිධ ආරාධනා ලැබුණා. හොඳ නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් මම කැමති නිරූපිකාවක් විදිහට ඉදිරියට යන්න.

■ නිරූපිකාවක් විදිහට දැනෙන හැඟීම මොනවගේද?

මට තවම මාව වෘත්තිමය නිරූපණ ශිල්පිණියක් විදිහට හඳුන්වන්න බෑ. නිරූපණ ක්ෂේත්‍රයට මම ඉතාම අලුත්. ඉතින් මම කැමතියි මේ ගමන ඉගෙනගෙන යන්න. මං හිතන්නෙ ඕනම දේක පැවැත්මක් තියෙන්නේ අපි ඒ ගැන ඉගෙනගෙන පිවිසුණොත් විතරයි. මම නිරූපණය ඉගෙනගන්නෙ රොසෑන් ඩයස් මහත්මියගෙන්. නිරූපිකාවක් විදිහට මට හොඳ අත්දැකීම් ගණනාවක් ලැබුණා.

■ රැකියා ස්ථානයෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මම පෞද්ගලික බැංකුවක සේවය කරන්නෙ. ටිකක් විවේකයෙන් අඩු රැකියාවක්.ඒත් මගේ වැඩ වලට ලොකු සහයෝගයක් එතනින් ලැබෙනවා. මට හොඳ යාළුවෝ ගොඩක් එතනින් හම්බුණා. මගේ බැකප් ටීම් එක වගේ එයාලා මාත් එක්ක හිටියෙ නැත්නම් මට මේ ගමන එන්න වෙන්නෑ. ඒ වගේම අම්මාල තාත්තාල මල්ලි කියන්නෙ මගේ බැක්බෝන් එක. එයාලා නැත්නම් මම අද මෙතන නෑ.

■ අනාගත බලාපොරොත්තු

නිරූපන ක්ෂේත්‍රයෙන් හොඳ ගමනක් යන්න වගේම ගුවන් සේවිකාවක් විදිහට වැඩ කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

එරංදි කෞශල්‍යා

TAGGED: 1st runners-up in Rupawahini Ru Kirula 2023, Thamasha Amarasinghe, තමාෂා අමරසිංහ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?