නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සරමක්ද කම්බායක්ද සිසේරියන්ද නෝර්මල්ද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

සරමක්ද කම්බායක්ද සිසේරියන්ද නෝර්මල්ද

Published July 17, 2023

දරු ප්‍රසුතියක් වෙනුවෙන් සූදානම් වන අපේ අම්මලාට ඇති වන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. අපේ බබා නෝමල්ද? එහෙම නැත්නම් සිසේරියන් සැත්කමකින් ලබා ගන්නවා. කළලය ගර්භාෂයේ නිසි අයුරින් පිහිටා නැති අවස්ථාවක අපි දරුවා සීසේරියන් සැත්කමකින් බිහි කරනවා. කළලය ගර්භාෂයේ වර්ධනය වනවිට සති 32 සිට 36 අතර කාලයේදී දරුවාට සුදුසු පිහිටීමකට හැරෙනවා. අපි මේ තත්ත්වය “Fetal presentation” යනුවෙන් හඳුන්වනවා. බොහෝ අවස්ථාවලදී දරුවා “Cephalic presentation” අනුව පිහිටා සිටිනවා නම් අපට පහසුවෙන්ම නෝමල් හෙවත් සාමාන්‍ය දරු ප්‍රසුතියකින් දරුවා බිහි කරන්න පුළුවන්.මෙහිදී කළලයේ හිස මවගේ ශ්‍රෝණි කුහරය තුළ කළලයේ මුහුණ මවගේ පිටුපසට සිටින සේ පිහිටනවා. එවිට ඉතා පහසුවෙන් සාමාන්‍ය දරු ප්‍රසුතියක් සිදු කර ගන්න පුළුවන්. මීට අමතරව වෙනත් ආකාරයක පිහිටන කළල සඳහා විශේෂ ක්‍රමවේදයක් භාවිත කර දරු ප්‍රසූතිය සිදු කරනවා.

■ මේ විදිහට පිහිටන අක්‍රමවත් පිහිටීම් මොනවාද?

● Breech presentation

Breech ආකාර තුනකින් කළල ගර්භාෂයේ පිහිටා තිබෙන්න පුළුවන්.

● Extended Breech 

කකුල් දෙක උඩ අතට දිගු කරගෙන පිහිටන කළල

● Flexed Breech 

කකුල් උඩ අතට දිගු කරමින් දණහිස් නවා ගෙන සිටින කළල

● Footling Breech 

කකුල් පහළට දිගු කරගෙන නැතහොත් කකුල්වලින් සිටගෙන සිටිනවා වැනි ආකාරයට පිහිටීම.

■ බ්‍රිච් ආකාරයට පිහිටන කළල සාමාන්‍ය දරු ප්‍රසූතියක් සඳහා සූදානම් කිරීමට හැකි ක්‍රම කීපයක් තිබෙනවා

මේවා External cephalic version යනුවෙන් හැඳින්වෙනවා. මෙහිදී කළලය ගර්භාෂයේ තිබියදීම ඔලුව පහළටත්, තට්ටම ඉහළටත් සිටින සේ කරකැවීමක් සිදු කරනවා. සති 36 – 37 අතර කාලයේදී මෙය සිදු කරන අතර මවට යම් අපහසුවක් හෝ කළලයේ හෘද ස්පන්දනයේ අඩුවීමක් සිදුවුණොත් ඉක්මනින් සිසේරියන් සැත්කමක් සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ඇති නාරි හා ප්‍රසව රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් සිදු කරනවා. බ්‍රිච් කළල සඳහා සාමාන්‍ය දරු ප්‍රසුතියක් සිදු කරන්න පුළුවන්. නමුත් මෙහිදී තාක්ෂණ ක්‍රම භාවිතා කිරීමට සිදු වෙනවා. ඒ නිසා දරුවාට සහ මවට හානියක් සිදු වීමට ඉඩ තිබෙන නිසා බ්‍රිච් කළලයක් සාමාන්‍ය දරු ප්‍රසූතියකට යෑම ඉතා අඩුවෙන් සිදු වන්නක්.

● Transverse Lie

මෙහිදී බොහෝ වේලාවට කළලය ගර්භාෂය තුළ හරහට පිහිටීම අයුරු දක්නට ලැබෙනවා. කළලය උරහිස් මවගේ යෝනි මාර්ගයට සමාන්තරව පිහිටීම නිසා සාමාන්‍ය දරු ප්‍රසුතියකට යෑම අපහසුයි. ඒ නිසා සිසේරියන් සැත්කමකින් දරුවා බිහි කිරීම වඩාත් සුදුසුයි.

● Oblique Lie

කළලය ගර්භාෂයේ දික් අතට නමුත් අංශක 4 ක ඇලයට පිහිටීම නිසා හිස නිසි ආකාරයට ශ්‍රෝණි කුහරයේ ස්ථානගත වීමක් සිදු වන්නෙ නැහැ. මේ වගේ අවස්ථාවකදීත් සිසේරියන් සැත්කමක් මගින් දරුවා බිහි කිරීම සිදු වෙනවා.

■ කළලයක් අසාමාන්‍ය ලෙස පිහිටන්නේ ඇයි?

මේ වෙනුවෙන් බලපාන මවගේ හේතු

● ෆ්‍රයිබ්‍රොයිඩ් Pelvic tumors වැනි ගෙඩි වර්ග නිසා

● ශ්‍රෝණියෙන් වෙනස්කම් (contracted Pelvis, android Pelvis වැනි ගර්භාෂයේ අසාමාන්‍ය අවස්ථා)

● Bicornuate septic වැනි ගර්භාෂයේ අසාමාන්‍යතාවයන්

● Placenta previa වැනි වැදෑමහ පහළින් පිහිටීමේ තත්ත්වයන්

■ අසාමාන්‍ය ලෙස පිහිටීම වෙනුවෙන් බලපාන කළලයේ හේතු මොනවාද?

● කළලයේ නිවුන් තුන් නිවුන් වැනි බහුගර්භ අවස්ථා

● Polyhydramniosis වැනි කළල තරලය අධිකව පිහිටන අවස්ථා

● වර්ධනය අධික කළල (fetal macrosomia)

● ගර්භාෂය තුළ කළල මිය යෑම ( IUD– )

● පෙකණි වැල බෙල්ල වටා හෝ කඳ වටා එතී තිබීම

● නොමේරූ කළලයන් ඔබේ පූර්ව ප්‍රසව සායනයේදී සති 36 ක් පමණ වනවිට අදාළ විශේෂඥ වෛද්‍යවරු සහ අනෙකුත් වෛද්‍යවරුන් විසින් ඔබේ තත්ත්වය නිසි ආකාරයෙන් පරීක්ෂා කර දරු ප්‍රසූතියට සුදුසු ආකාරය ගැන ඔබට පැහැදිලි කර දෙන අතර එහිදී විය හැකි සංකුලතාවයන් ගැනත් ඔබට පැහැදිලි කරනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: Birth Delivery, childbirth, දරු ප්‍රසූතිය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?