නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ‍රාත්‍රියට ඉන්දියානු කෑම වේලක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

‍රාත්‍රියට ඉන්දියානු කෑම වේලක්

Published May 12, 2025

මසාලා තෝසෙ

අවශ්‍ය ද්‍රව්‍ය

  • කොටු හැඩයට කපාගත් ලූනු ගෙඩි 1/2
  • කපාගත් අමුමිරිස් කරල් 3
  • සිහින්ව කපාගත් කරපිංචා ඉති 1
  • තක්කාලි ගෙඩි 1/4
  • සිහින්ව කපාගත් ලීක්ස් ස්වල්පයක්
  • තම්බා කැබලිවලට කඩාගත් අල ගෙඩි 1
  • කහ කුඩු ස්වල්පයක්
  • මිරිස් කුඩු ස්වල්පයක්
  • කෑලි ගම්මිරිස් ස්වල්පයක්
  • රස අනුව ලුණු
  • අබ ස්වල්පයක්
  • තෙල් මේස හැඳි 1

සාදාගන්නා ආකාරය

තෙල් රත්වූ පෑන් එකකට අබ, ලූනු, අමුමිරිස්, කරපිංචා එකතු කර තෙම්පරාදු ගන්න කහ කුඩු, ලුණු, තක්කාලි එකතු කර තක්කාලි මැලවීගෙන එන විට ලීක්ස්, මිරිස් කුඩු එකතු කර හොඳින් තෙම්පරාදු කරගන්න.

අල දමා කලවම් කර වතුර ස්වල්පයක් එකතු කර හොඳින් හින්දවා කෑලි ගම්මිරිස් ඉස ගන්න.ලිපෙන් ඉවත් කර නිවෙන්න හරින්න. ඉහත තෝසෙ මිශ්‍රණයෙන් තෝසේ සාදා තෝසෙ එක රන්වන් පාට වීගෙන එනවිට සාදාගත් මසාලා ටික මැදින් තියා ත්‍රිකෝනාකාරව නවා ගන්න.

මසාලා වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය

  • රැයක් පොගවා ගත් උදු ඇට ග්‍රෑම් 250
  • සිහින්ව කොටු කපාගත් ලූනු ගෙඩි 1
  • සිහින්ව ලියාගත් කරපිංචා ඉති 1
  • සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 3-4
  • සූදුරු තේ හැඳි 1/2
  • කෑලි මිරිස් තේ හැඳි 1/2
  • හාල් පිටි මේස හැඳි 1
  • ලුණු තේ හැඳි 3/4
  • කෑලි ගම්මිරිස් තේ හැඳි 1/2

සාදාගන්නා ආකාරය

උඳු ටිකට වතුර ටිකක් එකතු කර හොඳින් ග්‍රයින්ඩ් කර ගන්න. බෝල් එකකට එකතු කර හොඳින් විස්ක් කර ගන්න. ලුණු එකතු කර හොදින් විස්ක් කරන්න. ඉහත ඉතිරි සියල්ල එකතු කර හොඳින් කලවම් කරන්න. තරමක් පැතලි ෆ්‍රයින් පෑන් එකකට තෙල් එකතු කර රත් වූ පසු අත් දෙකේ හොඳට වතුර තවරාපිටි ටිකක් ගෙන බෝල හැඩයට සාදා මැද සිදුරක් සාදා තෙලට දාන්න.

සුදු චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය

  • ලූනු ගෙඩි 1/4
  • රස අනුව ලුණු
  • ඉඟුරු පෙති 1
  • දෙහි යුෂ බිංදු 4-5
  • අමුමිරිස් කරල් 2
  • කරපිංචා ඉති 1
  • සුදු ලූනු බික් 2
  • පොල් කෝප්ප 1
  • වතුර

සාදාගන්නා ආකාරය

ඉහත සියල්ල හොඳින් බ්ලෙන්ඩ් කර බෝල් එකකට එකතු කර ගන්න. සිහින්ව ලියාගත් වියලි මිරිස් කරල් 1, අබ ඇට තේහැදි 1/4, කරපිංචා ඉති 1, තෙල් මේස හැඳි 1 ඉහත සියල්ල හොඳින් තෙම්පරාදු කර ගෙන පොල් චට්නි එකට කලවම් කරන්න.

රතු චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය

  • වියලි මිරිස් කරල් 8
  • බැද ගත් කඩල පරිප්පු කෝප්ප 1/2
  • දෙහි යුශ මේසහැදි 1
  • ලූනු ගෙඩියකින් 1/2 ක්
  • සුදු ලූනු බික් 6-7 ක්
  • ඉඟුරු පොඩි කැබැල්ලක්
  • රස අනුව ලුණු
  • වතුර

සාදාගන්නා ආකාරය

ඉහත සියල්ල හොදින් බ්ලෙන්ඩ් කර බෝල් එකකට එකතු කර ගන්න.

  • සිහින්ව ලියාගත් වියලි මිරිස් කරල් 1
  • අබ ඇට තේ හැඳි 1/4
  • කරපිංචා ඉති 1
  • තෙල් මේස හැඳි 1

සාදාගන්නා ආකාරය

ඉහත සියල්ල හොඳින් තෙම්පරාදු කර ගෙන චට්නි එකට කලවම් කරන්න.

Green චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය

  • කොත්තමල්ලි කොළ කෝප්ප 2
  • මින්ට් කොළ කෝප්ප 1/2
  • අඟල් 1/2 ක ඉඟුරු කැබැල්ලක්
  • අමුමිරිස් කරල් 1
  • බැදපු රට කජු මේසහැදි 1/2
  • මාදුරු තේහැදි 1/2
  • දෙහි යුෂ රස අනුව
  • ලුණු රස අනුව

සාදාගන්නා ආකාරය

ඉහත සියල්ල ග්‍රයින්ඩර් ජා එකට එකතු කර හොදින් ග්‍රයින්ඩ් කර ගන්න. අවශ්‍ය පරිදි ලුණු, දෙහි රස එකතු කර බෝල් එකකට දමා පාවිච්චි කරන තෙක් ශීතකරනයේ තබා ගන්න.

 


 


 


 



 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මාළු, මස් නැති දවල් කෑම වේලක්

May 12, 2025

try කරනවානම් මෙන්න වෙනස් Dessert

May 5, 2025

Healthy සැලඩ්

May 5, 2025

කවුරුත් බොන්න කැමති සුප්

April 28, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?