Escherichia coli එහෙම නැත්නම් ‘ඊ කොලයි’ (E-coli) ආසාදනය ගැන අපට නිතරම අසන්න ලැබෙනවා. Escherichia coli කියන්නේ බැක්ටීරියාවක්. මෙම බැක්ටීරියාව සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න මිනිසුන්ගේ හා සතුන්ගේ අන්ත්‍රයේ ජීවත් වෙනවා. ඒ වගේම අපේ ආහාර ජීරණයට උදව් කරන බැක්ටීරියාවක්. මේ කාණ්ඩයේ අනුවර්ග (Strains) කීපයක් තිබෙන අතර බොහෝ වර්ග මිනිසුන්ට රෝග ඇති කරන්නේ නැහැ. නමුත් විෂ නිපදවන Shiga Toxin Prodicing E collie (TEC) වැනි විශේෂ දරුණු රෝගී තත්ත්ව ඇතිකරන්න පුළුවන්.
E-coli බැක්ටීරියාවෙන් ඇතිවන රෝග…
මෙම E-coli බැක්ටීරියාව අලුත උපන් බිළිඳුන්ගේ සිට වයස අවුරුදු 65 ඉක්මවූ වැඩිහිටියන් දක්වා විවිධ රෝග ඇතිකරනවා.
මොනවද මේ රෝග?
- බඩවැල් ආශ්රිිත රෝග.
- මුත්‍රා මාර්ගයේ ආසාදන.
- මොළයේ උණ.
- රුධිර ආසාදන.
- තුවාල ආසාදන සහ නිව්මෝනියා තත්ත්වය.
(1) බඩවැල් ආශ්රිත (ආන්ත්රික ආසාදන)
මෙම තත්ත්වය බොහෝවිට ඇතිකරන්නේ විෂ නිෂ්පාදනය කරන වර්ග (STE) නිසායි.
- පාචනය.
- ලේ අතීසාරය.
- උග්‍ර බඩේ වේදනාව.
- ඔක්කාරය
මේ බඩවැල් ආශ්‍රිතව E-coli බැක්ටීරියාවෙන් නිසා ඇතිවෙන රෝග ලක්ෂණ වෙනවා. මෙම රෝගී තත්ත්වය උග්‍ර වූ විට වකුගඩු අකර්මන්‍ය කරන Heamolytic Uremic Syndrome තත්ත්වය ඇතිවීමට පුළුවන්.
(2) මුත්‍රා මාර්ගයේ ආසාදන
Urinary Tract infection
මුත්‍රා ආසාදනවල ප්‍රධානතම හේතුව වන්නේ E-coli බැක්ටීරියාව බව හඳුනාගෙන තිබේ. සාමාන්‍යයෙන් සිදුවන්නේ තමාගේ අසූචිවල සිටින බැක්ටීරියාව මුත්‍රා මාර්ගය ඉහළට ගොස් මුත්‍රා ආසාදනය කෙනෙකුට ඇතිකිරීමයි.
මුත්‍රා මාර්ගයේ ආසාදන නිසා ඇතිවෙන රෝග ලක්ෂණ
- මුත්‍රා දැවිල්ල.
- මුත්‍රා පිටවෙන වාර ගණන වැඩිවීම.
- පාලනයකින් තොරව මුත්‍රා පහවීම.
- යටිබඩ සහ කොන්ද දෙපස වේදනාව.
- වෙව්ලා උණ ගැනීම.
- වමනය හා ඔක්කාරය.
(3) මොලේ උණ Meningitis
- උණ ගතිය.
- නිද්‍රාශීලි බව.
- මව්කිරි බීම අඩුවීම.
- නොකඩවා ඇඬිම.
මවගේ ප්‍රසූත මාර්ගය ඔස්සේ දරුවාට බැක්ටීරියාව ආසාදනය වීම නිසා මේ රෝග තත්ත්වය ඇතිවනවා. වයස්ගත අයට නම් මෙම E-coli බැක්ටීරියාවෙන් රුධිර ආසාදන හරහා මොළයට ගමන් කිරීම නිසා රෝගී තත්ත්වයන් ඇතිවිය හැකියි.
(4) තුවාල ආසාදන
දියවැඩියා සහිත රෝගීන්ගේ තුවාල ආසාදනය වීමටත් ඒ හරහා රුධිරගත ආසාදන (Blood stream infection) ඇතිකිරීමටත් E-coli බැක්ටීරියාවට හැකියාවක් තිබෙනවා.
E-coli බැක්ටීරියාව පැතිරෙන්නේ කොහොමද?
ප්‍රධාන වශයෙන් අපිරිසිදු ජලයෙන් සහ ආහාර මගින්. නිසි ලෙස ක්ලෝනීකරණය නොකළ ජලය පානය කිරීමෙන් E-coli බැක්ටීරියාවෙන් ශරීරගත වී ආන්ත්රික රෝග ඇතිකරනවා.
ඒ වගේම නිසි ලෙස නොපිසූ ආහාර නිසාත් මෙම බැක්ටීරියාව ශරීරගත වීමට පුළුවන්.අපිරිසිදු ජලය මිශ්‍ර වූ එළවළු පලතුරු ආහාරයට ගන්නා හැම විටම හොඳින් සෝදා, හොඳින් පිස ආහාරයට ගන්න. ඊට අමතරව අපිරිසිදු දෑත් මගින් හා නිතර නිතර සතුන් ස්පර්ශ කිරීමෙන්ද මෙම රෝග පැතරිය හැකියි.
මුත්‍රා ආසාදන ඇතිවීමට ප්‍රධාන ලෙස හේතුවන්නේ තමන්ගේ පෞද්ගලික පිරිසිදුකම ගිලිහීමයි. මුලින් සඳහන් කළ ආකරයට තමන්ගේ අසූචිවල ඇති බැක්ටීරියාව මුත්‍රා මාර්ගය ඔස්සේ ඉහළට ගමන් කිරීමට පුළුවන්.
ලිංගාශ්‍රිත ප්‍රදේශ නිතිපතා සෞම්‍ය සබන් වර්ගයක් යොදා පිරිසිදු කරගැනීම, නිතිපතා ස්නානය, මලපහ කිරීමෙන් පසු සේදීමේදී ඉදිරිපස සිට පිටුපසට පමණක් අත ගමන් කරවීම සහ පිරිසිදු යට ඇඳුම් භාවිත කිරීම වැදගත්.ඉතින් මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් අනිවාර්යෙන්ම සහ ඉතා ඉක්මණින් වෛද්‍ය අපදෙස් වෙත යොමුවීම වැදගත්. ඕනෑම රජයේ රෝහලකින් මෙම රෝග තත්ත්වය සඳහා ගුණාත්මක ප්‍රතිකාර ඔබට ලබාගැනීමට පුළුවන්.
රෝග තත්ත්වය හඳුනාගැනීමට සිදුකරන පරීක්ෂණ මොනවාද?
- urine culture.
- Pus culture.
- Blood culture.
ඒ වගේම පිරිසිදු ජලය පානය කිරීම, කෑමට පෙර සහ වැසිකිළි භාවිතයෙන් පසු සබන් යොදා දෑත් සේදීම, පෞද්ගලික පිරිසිදුබව පවත්වා ගැනීම ආදී සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීම මගින් E-coli බැක්ටීරියාවෙන් ආරක්ෂා වීමට පුළුවන්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️