නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මුහුණේ රැලි ඉවත් කරන Botox 
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

මුහුණේ රැලි ඉවත් කරන Botox 

Published April 14, 2025

මුහුණේ රැලි ඉවත් කරන්න, එල්ලා වැටෙන සම ඔසවා තබන්න, කෙටියෙන් කිව්වොත් ඔයාට තරුණ පෙනුම ලබාදෙන මැජික් එකක් ගැනයි මේ කියන්නේ? ලොව වටා සිටින සුරූපිනියන් ඇත්ත වයස සඟවා උන්මාදනීය පෙනුම ඇතිකරගන්නේ Botox  ප්‍රතිකාරයෙන්. වඩාත් විශ්වාසදායි තරුණ පෙනුම ඇතිකිරීම මෙහි රහසයි.

Botox  යනු කුමක්ද?

Botox  යනුවෙන් අදහස් කරන්නේ ක්‍කදිඑරසාසමප ඉදඑමකසබමප යන බැක්ටීරියාව මගින් නිපදවනු ලබන ප්‍රෝටීන ගණයට අයත් රසායනිකයකි.

එහි ක්‍රියාකරන්නේ කෙසේද?

Botox  නියමිත මාත්‍රාවන්ගෙන් භාවිත කළ විට මුහුණේ මාංශ පේශි පාලනයක් සහිතව ඉහිල්වීම සිදුවේ. මුහුණෙ රැලි ගතිය නැතිකිරීම සඳහා හේතු කාරක වන මාංශ පේශී සංකෝචනය ඉහිල් වූ විට සියුම් හා ක්‍රියාකාරී රැලි (Fine and dynomic wrinkles) ඒ සමගින් ඉවත්ව යයි. මෙම ප්‍රතිකාරය අතුරු ආබාධ අවම, ආරක්ෂාකාරී, අඩු කාලයක් වැය වන, ඉතා ඉක්මණින් ප්‍රතිඵල දැකිය හැකි ප්‍රතිකාරයකි. ඕනෑම කෙනෙකුගේ මුහුණෙ ස්වභාවික අලංකාරය ඔප් නැංවීම සඳහා Botox ආකාර කීපයකින් භාවිත කළ හැකියි. රැලි නැතිවීම, මුහුණේ සමබරතාවය ඇතිකිරීම, සමමිතික බව ඇතිකිරීම ආදිය ඉන් කිහිපයකි.

රැලි නැති කිරීම

වයස්ගත වීමේදී, හිරු එළියෙන් සිදුවන හානිය, ජානමය හේතු වැනි විවිධ කාරණා නිසා මුහුණේ සිට සියුම් රැලි (Fine wrinkles) හා වඩා ගැඹුරු ක්‍රියාකාරී රැලි (Dynamic wrinkles) වැටීමකට භාජනය වේ. මෙය ඔබට වෙහෙසකර, ආතතියට ලක්වූ හා වයසට වඩා මහළු පෙනුමක් ගෙන දෙයි.Botox  ප්‍රතිකාරය මගින් මුහුණෙ සමට තරුණ ඇදෙන සුළු දීප්තිමත් බවක් ගෙන දෙන අතර, තරුණ අවදියේ පසුවන්නන්ට පවා මෙය භාවිතයෙන් වයසට යාමේ ලක්ෂණ පමා කරගත හැකිය.

Brow lift (ඇහිබැම එසවීම)

එල්ලා වැටෙන ඇහි බැම නිසා කෙනෙකුට වෙහෙසකර පෙනුමක් හිමි වේ. නමුත් Botoxමගින් ශල්‍යකර්මයකින් තොරව පහසුවෙන් Brow lift එකක් ලබාගත හැකිය.

හැඩැති මුහුණක, තියුණු නිකටක් (V shape Jow line)

ස්ත්‍රිත්වයේ ප්‍රධාන ලක්ෂණයක් වන හැඩැති නිකටක් සහ V හැඩැති Jow line එකක් සාදා ගැනීමට Nefertiti neck lift වැනි Botox ප්‍රතිකාර උපකාරි වේ.එසේම කම්මුලේ තිබෙන මාංශ පේශී විශාල වීමෙන් ඇතිවන Masseteric hypertrophy තත්ත්වය මුහුණට හතරැස් හැඩය හෙවත් පිරිමි පෙනුමක් ගෙන දෙයි. මේ සඳහා ද Botox ප්‍රතිකාරය ලබාදිය හැකිය.

සිනාසෙන විට විදුරුමස් අධිකව පෙනීම (Gummy Smile)

යමෙකු සිනාසෙන විට විදුරු මස් දර්ශනය විය යුත්තේ 2 – 3 mm පමණ ප්‍රමාණයකිනි. එසේත් නොමැතිව අධිකව විදුරු මස් දර්ශනය වීම (Gummy Smile) එම සිනහවේ සුන්දරත්වය ඇති කරයි. Botox භාවිතයෙන් උඩු තොල ආශ්‍රිත මාංශ පේශි ඉහිල් කිරීම මගින් වඩා සමබර අලංකාර සිනහවක් ලබා ගත හැකිය. මීට අමතරව Smile lines, marionette line, under eye wrinkles, crows feet බෙල්ලේ රැලි, plotysmol bonds,lip flip, smokers lines ආදී විවිධාකාර තත්ත්වයන් ගණනාවකට Botox මගින් සාර්ථකව ප්‍රතිකාර කළ හැකිය.

අද කාලයේ කාන්තාවන් මිල අධික ක්‍රීම් හා වෙනත් ආලේපන භාවිත කරමින් වයස්ගත වීම නිසා ඇතිවන මුහුණේ අඩුපාඩු සකසා ගැනීමට පෙළඹුණත් එය මුදල් සහ කාලය වැයකිරීමක් පමණි. නමුත් ඒවා සමග සංසන්දනය කිරීමේදී Botox ප්‍රතිකාරය වියදම් අඩු, පහසු සහ ඉතාම විශ්වාසදායි අපේක්ෂිත ප්‍රතිඵල නිසැකව ලබාදෙන ප්‍රතිකාරයක් බව පිළිගත හැකියි.

හරින්දී ලියනගේ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?