නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අවුරුදු ගමන් Mortion sickness නැතුව යමු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

අවුරුදු ගමන් Mortion sickness නැතුව යමු

Published April 7, 2025

අලුත් අවුරුදු කාලය සමග නෑදෑ ගමන් බිමින් වැඩි වෙනවා. සමහර විට මේ ගමන් වෙනුවෙන් පැය ගණන් ගෙවෙනවා. එවැනි ගමන්වාරයක් යනකොට සමහර විට අනිත් අයට නොමැති දැඩි අපහසුතාවන් ඔබට ඇතිවෙන්න පුළුවන්.

වාහනයක ගමන් කරනවිට ඔබටත් හිසරදය එහෙම නැත්නම් වමනය වැනි අපහසුතා ඇතිවෙනවාද?

ගමන් කිරීමේදී මෙවැනි අපහසුතා ඇතිවීම Mortion sickness  යනුවෙන් හඳුන්වනවා. ඒ වගේම මේ තත්ත්වය මෝටර් රථයක පමණක් නොව දුම්රිය, බෝට්ටුවක හෝ ගුවන් යානයක ගමන් කිරීමේදීත් ඇතිවෙන්න පුළුවන්.

Mortion sickness ඇතිවීමට හේතු

සමහර අයකුට ගමන් බිමන් යෑමේදී කිසිදු අපහසුතාවක් ඇතිනොවීමටත් තවත් අයෙකුට එවැනි අපහසුතාවක් ඇතිවීමටත් හේතුවක් තිබෙනවා. අපේ ඇස මගින් ලැබෙන සංංඥාවන් මගින් දෘෂ්ටිය සම්බන්ධ පණිවිඩ රැගෙන යනවා. ඒ නිසා ඇතුළු කනේ සිට එන ස්නායු සහ ඇසේ සිට ගමන් කරන ස්නායු අසාමාන්‍ය ලෙස උත්තේජය වීම මෙහිදී සිදුවෙනවා. ඒ නිසා මොළයට ලැබෙන පණිවිඩ කිසි පරිදි නොලැබී යෑම නිසා මොළයේ සමතුලිතාව බිඳවැටෙනවා. ඒ නිසා මුලින් සඳහන් කළ අන්දමේ Mortion sickness අපහසුතාවන් ඇතිවනවා.

Mortion sickness රෝග ලක්ෂණ

■ ක්ලාන්තය
■ ඔක්කාරය
■ කටට වැඩිපුර කෙළ ඉනීම
■ වමනය
■ හිසරදය
■ සීතල සහ සුදුමැලි වීම
■ දහඩිය දැමීම

ගමනක් යන විට මෙවැනි අපහසුතාවන් ඇතිවීම සැබැවින්ම ඔබට අපහසුතාවක් විය හැකියි. ඒ නිසා මෙම තත්ත්වයෙන් තොර ගමනක් යා හැකි තත්ත්වයක් ගැන දැන ගැනීමට ඔබටත් කැමැත්තක් ඇති. එහෙම නම් ගමන් යන විට දැනෙන අපහසුතාවකට විකල්ප විසඳුම් කීපයක් ඉදිරිපත් කරන්න පුළුවන්.

■ චලනය අඩුකිරීම සඳහා වාහනයක ඉදිරිපස වාඩි වී යන්න.

■ ඔබ ප්‍රවාහන මාධ්‍යයක ගමන් කිරීමේදී ඉදිරිය බලාගෙන යන්න. දෙපැත්ත බැලීම සුදුසු නැහැ. ඔබ ඉදිරියේ ඇස් මට්ටමින් ඇති දේවල් පමණක් බලන්න.

■ ඇස් වසාගෙන යෑමට උත්සාහ කරන්න.

■ හැකි නම් නැවුම් වාතය ආශ්වාස කරන්න. මේ වෙනුවෙන් ඔබට ජනෙල් කවුළුවක් විවෘත කරගැනීමට පුළුවන්.

■ ඇස් වසාගෙන සෙමින් හුස්ම ගන්න. ඒ වගේම හුස්ම ගැනීම ගැන අවධානය යොමු කරන්න.

■ සංගීතවය සවන් දීම, ගීත ගායනා කිරීම මගින් ඔබගේ අවධානය වෙනත් අතකට යොමු වීමත් Mortion sickness තත්ත්වයෙන් මිදෙන්න හැකියාව ලැබෙනවා.

■ ඔබේම වාහනයකින් ගමන් කරනවා නම් ගමන අතරමැද නවතා එළිමහනේ ටික වේලාවක් ගත කරන්න.

■ ඉගුරු සහිත බිස්කට් එකක් හෝ තේ පානය කරන්න.

■ ඔක්කාරයට පිළියමක් ලෙස ඉගුරු රසැති ටොෆියක්, ලොසිංජරයක්, බිස්කට් එකක් ආහාරයට ගන්න.ඒ වගේම ඔබ mortion sickness තත්ත්වයෙන් පසුවෙන්නෙක් හෝ ඒ ගැන පෙර අත්දැකීම් තිබෙනවා නම් නොකළ යුතු දේ ගැනත් දැනගෙන සිටීම වැදගත්.

■ ගමන් වාරයේදී පොත්, පුවත්පත් කියවීම වගේම චිත්‍රපට නැරඹීම, විද්‍යුත් මෙවලම් භාවිතය නොකළ යුතුය.

■ මෝටර් රථයේ ගමන් ගන්නා අතරවාරයේ චලනය වෙන වස්තුන් දෙස බැලීම සුදුසු නැහැ. උදාහරණ ලෙස සඳහන් කරනවා නම් ඔබේ වාහනය පසු කරගෙන යන වෙනත් වාහන දෙස බැලීම.

■ ගමන ආසන්නයේදී හෝ ගමන අතරතුර කුළුබඩු සහිත ආහාර හෝ මත්පැන් භාවිත කිරීම සුදුසු නැහැ.

■ ආහාර ගන්නා විට කුඩා පංගුවලින් ගැනීම වැදගත්.

■ හදිසියේ හෝ වේගවත් ලෙස හිස හැරවීමෙන් වළකින්න. හැකියාවක් ඇත්නම් ආසානය පිටුපසින් හිස තබාගන්න. එසේත් නැත්නම් ඇස් වසාගන්න.

ඔබ mortion sickness තත්ත්වයෙන් පසුවනවා නම් ගමන් යෑම සීමා කළ යුතු නැහැ. ඒ වගේම මෙම අපහසුතාව සමග ගමන් කිරීමත් සැබැවින්ම අපහසුයි. ඒ නිසා ගමන් වාරයට පෙරාතුව ඒ වෙනුවෙන් ලබා ගතහැකි ඖෂධ තිබෙනවා.

ඖෂධ ලබාගන්නේ කොහොමද?

ඔබ ගමනක් පටන් ගැනීමට විනාඩි තිහකට පෙරාතුව පළමු මාත්‍රාව ලබාගන්න.පෙනගන් (Promethasine) නම් පළමු මාත්‍රාවෙන් පැය 12 කට පසුවද සිනරසින් (Cinaracine) නම් පැය 8 කට වරක් ගැනීම සුදුසුයි.

ඒ වගේම මෙම ඖෂධ ලබාගැනීමේදී ඔබේ වෛද්‍යවරයාගෙන් ගතයුතු ඖෂධ සහ මාත්‍රාව ගැන දැනගැනීමත් වැදගත්. කුඩා දරුවකු සම්බන්ධයෙන් ලබාදිය යුතු මාත්‍රාව වෙනස් බැව් අමතක කරන්න එපා. ඒ නිසා පොඩි දරුවන් වෙනුවෙන් ඖෂධ ලබාදෙනවා නම් වෛද්‍ය උපදෙස් පැතීම අනිවාර්යයි. ලබාදිය යුතු මාත්‍රාව වෛද්‍ය උපදෙස් අනුව දැනගත හැකියි.

ඔබ Mortion sickness තත්ත්වයෙන් පසුවෙනවා නම් ගමනක් යෑමේදී ඉහත ක්‍රම අනුගමනය කරන්න. ඒ වගේම අපහසුතාව නිසා ඔබේ ගමනට දැඩි ලෙසින් බාධාවක් ඇතිවෙනවා නම් ඖෂධ වෙත යොමු වීමත් සුදුසුයි. මේ අන්දමින් Mortion sickness සමග ඔබ කටයුතු කරන විට කාලයත් සමග මෙම අපහසුතාව මග හැරෙනු ඇත.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️





 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?