නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Laser Teeth Treatmentවලින් කිරිපාට දත් පෙළක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

Laser Teeth Treatmentවලින් කිරිපාට දත් පෙළක්

Published March 31, 2025

සිනා නොමසෙන් දසන් දක්වා කිව්වත් හදවතේ තිබෙන ලෙන්ගු බව ප්‍රදර්ශනය කරන්නේ සිනාවෙන්. නමුත් තමන්ගේ දයාබරත්වයේ තරමටම සිනාවෙන් සංග්‍රහ කරන්න නම් තමන්ගේ දත් දෙපෙළ ලස්සනට චතබාගැනීම වැදගත්. සුන්දර ලෙසින් සිනාවෙන්න නොහැකි නම් එය පුද්ගලයෙකුගේ පෞරුෂයටත් බලපානවා. උදේ හවස හොඳින් දත් මැද්දත්, නිර්දේශ කරන දන්තාලේප භාවිත කළත් දත් සුදු නොවෙන අවස්ථා තිබෙනවා.

දත් අවපැහැ ගැනෙන්නේ ඇයි?

■ වයසත් සමග දත්වල පවතින සුදු පැහැය සහ දීප්තිය අඩුවීම.

■ දතක උඩින්ම ඇත්තේ එනැමලයයි. එනැමලයට යටින් ඇති කොටස හඳුන්වන්නේ දන්තිනය ලෙසයි. එනමලය සුදු පාටින් යුක්ත අතර දන්තිනය කහපාටින් යුක්තයි. ඇතැම් පුද්ගලයන්ගේ එනැමලය ස්වභාවයෙන්ම තුනීයි. එම අයගේ දතේ දන්තිනය එනැමලය තුළින් දිස් වේ. එවැනි අවස්ථාවන්හි දත් කහ පැහැයෙන් දිස්වීමේ හැකියාවක් ඇත.

■ දන්ත ෆෝලෝරිසියාව- අපි පානය කරන ජලයේ ෆ්ලෝරයිඩ් අධික වීම දන්ත ෆ්ලෝරෝසියාවට හේතුවක්. දන්ත ෆ්ලෝරෝසියාව තත්ත්වයේදී විවිධ අවස්ථාවන් පවතී. ඒ අතරින් ඉතාම සුලබ තත්ත්වයක් ලෙසින් අවර්ණ වූ දත් මත අව පැහැයකින් විසිරී ගිය පාරදෘශ්‍යතාවය අඩු මට්ටමකින් පවතින තත්ත්වයක් පවතිනවා. දත මතුපිට 25% ක පමණ පරාසයක මේ තත්ත්වය දැකගත හැකිවෙනවා.

  • ලවන ජලය.
  • ඇතැම් ඖෂධ.
  • දුම්පානය.
  • බීම වර්ග.

මේ අන්දමින් විවිධ හේතු නිසා දත්වල පවතින සුදු පැහැය නැතිවෙනවා. සාමාන්‍ය අන්දමින් සිදුකරන දත් මැදීමෙන් සුදු පැහැය ලබාගැනීමට අපහසු වුණොත් ලේසර් ප්‍රතිකාර මගින් අපට දත්වල දප්තිමත් පැහැය ලබාගැනීමට හැකියාවක් තිබෙනවා.

Laser Teeth Whiting ප්‍රතිකාරය මගින් ලැබෙන වාසි

සාමාන්‍ය අල්ට්‍රා වයලට් ආලෝකයට දත් සුදු පැහැ ගැන්වීමට හැකියාවක් තිබෙනවා. නමුත් ඒ වෙනුවෙන් කාලයක් ගතවෙනවා. ඒ නිසා ලේසර් ප්‍රතිකාර මගින් දත් සුදු පැහැකිරීම ඊට වඩා සාර්ථකයි. මෙහිදී දත්වලට ජෙල් ද්‍රාවණයක් ආලේප කරන අතර එම ජෙල් ද්‍රාවණය ලේසර් ආලෝකයට නිරාවරණය කරනවා. මෙහිදි දත්වල ඇති පැල්ලම් (Stains) සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා පමණක් නොව දත්වල දීප්තිමත් සුදු පැහැයකින් දකින්න පුළුවන්.

Laser Teeth Whiting ප්‍රතිකාර මගින් දත් සුදු පැහැකිරීම අපහසු රෝගීන් සිටිනවාද?

ඔව්. සමහර පුද්ගලයන්ගේ දන්ත සෞඛ්‍ය තුළ පවතින විවිධ හේතු නිසා ලේසර් ප්‍රතිකාර මගින් දත් සුදු පැහැගැන්වීම අපහසුයි.

■ දන්ත ෆෝලෝරිසියාව – තදබල තත්ත්වයකින් දන්ත ෆ්ලෝරෝසියාව රෝග තත්ත්වයට පත්ව ඇත්තේ නම් දන්ත ෆ්ලෝරෝසියාව ගොදුරුව ඇති දත් නැවත පිළිසකර කොට සකස් කිරීමට පුළුවන්.

■ දත් මුල් දියවීම – මෙවැනි රෝගීන්ටත් දත් මුල් දියවීමේ රෝග තත්ත්වයට ප්‍රතිකාර ලබා දී එයින් පසුව ලේසර් ප්‍රතිකාර ලබාදෙනවා.

■ දත් සෙලෙවෙන විටත් ඊට අදාළ ප්‍රතිකාර ලබාදීම මුලින්ම සිදුවෙනවා. සෙලවෙන දත් වෙනුවෙන් ලේසර් ප්‍රතිකාර ලබාදීම එතරම් පලදායක නැහැ. දත ගිලිහුණොත් අදාළ ප්‍රතිකාර ලබාගැනීමත් නිෂ්ඵල නිසා ඊට ප්‍රතිකාර ලබාදීම සිදුකරනවා.මෙවැනි තතිත්වයන් පවතින විට මුලින්ම අදාළ රෝග තතිත්වයන්ට ප්‍රතිකාර ලබාදෙනවා. එතැනින් පසුව ලේසර් ප්‍රතිකාර ලබාදීම සිදු කරනවා.

Laser Teeth Whiting ප්‍රතිකාරවල අතුරු සංකුලතාවන් තිබෙනවාද?

නැහැ. මෙය වේදනා රහිතයි. ලේ ගැලීමක් නැහැ. දන්ත එනැමලයට හානි නොවන විදිහට ප්‍රතිකාර ලබාදීම සිදුකරනවා.ඒ වගේම මේ ප්‍රතිකාර ලබාගැනීමට වයස සීමාවක් නැහැ. අවුරුදු 20 න් ඉහළ ඕනෑම අයෙකුට තමන්ගේ දත් සුදු පැහැ කරගැනීමට අවශ්‍ය නම් ලේසර් ප්‍රතිකාර වෙත යොමුවීමට බාධාවක් නැහැ.

Laser Teeth Whiting ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව.

  • ලේසර් ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව දින කීපයක් ගෙවෙන තෙක් වර්ණවත් ආහාර, පාන වර්ග සහ තුනපහ යෙදූ ආහාර ලබාගැනීම සුදුසු නැහැ.
  • ඒ වගේම ඇඹුල් සහිත දේවල් ආහාරයට ගන්නා විට දත හිරි වැටෙන්න පුළුවන්.
  • තද සීතලට වගේම උණුහුමක් දැනෙන විට දත සංවේදී වීම.

මේවා තාවකාලික අපහසුතාවන් පමණක් නිසා ඒ ගැන එතරම් කලබල විය යුතු නැහැ. මුඛ සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීම ඉතාම වැදගත්. මෙහිදී වෛද්‍යවරයා විසින් නිර්දේශිත මුඛ සෝදන දියරයක් පාවිච්චි කිරීමට රෝගියාට උපදෙස් ලබාදෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?