නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අවුරුදු කාලෙන් පස්සේ කරන TEST නරක අතට හැරෙන්නේ ඇයි?
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

අවුරුදු කාලෙන් පස්සේ කරන TEST නරක අතට හැරෙන්නේ ඇයි?

Published March 31, 2025

සිංහල අලුත් අවුරුද්ද සංස්කෘතික මංගල්‍යක් ලෙසින් අපි කාටත් සිතට සතුට, විනෝදය ලබාදෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම මානසිකවත් යම් සැැහල්ලුවක් ඇතිවන, යුතුකම් ඉටුකරන සහ සමාජ සහජීවනය ගොඩනැගෙන වටපිටාවක් අප කාටත් ඉන් ලැබෙනවා. නමුත් සිංහල අලුත් අවුරුදු සමය ගෙවීයත්ම බෝවන රෝග තත්ත්වයන්ගෙන් පසුවෙන අයගේ රුධිර පරීක්ෂණ වාර්තාවන් නරක අතට හැරෙන බවත් අමතක කළ යුතු නැහැ.

වෛද්‍ය පරීක්ෂණ වාර්තාවන් නරක අතට හැරෙන්නේ ඇයි?

සිංහල අලුත් අවුරුදු කාලයේදී හැම නිවසකම විවිධාකාර කැවිලි පෙවිලි සකස් කරනවා. මේ සියල්ල සීනි, පිටි සහ තෙල්වලින් සකස් කරන අතර තුන්සිය හැට පස් දවසක් ගෙවෙන දවස නේද? කියල ඔබ හිතනවා. නමුත් ඔබ ඒ අන්දමින් සිතුවත් එහි අතුරු විපාක ඔබටම අත්විඳින්න සිදුවනවා.

2021 වසරේදී බෝ නොවන රෝගවලට පාදක වෙන අවදානම් සාධක හඳුනාගැනීම සඳහා සමීක්ෂණයක් සිදුකළ අතර වයස අවුරුදු 18- 69 අතර වයසේ පසුවන පුද්ගලයන්ගෙන් 30% ක්ද, ස්ත්‍රින්ගෙන් 47.6% ක් ද බර වැඩි හෙවත් තරබාරු ගණයට අයත් වූවා. ඒ වගේම රුධිරයේ සීනි මට්ටම ඉහළින් ඇති සංඛ්‍යාව 38% කි. රුධිර පීඩනය වැඩි ප්‍රතිශතය 54% ක් වන අතර තරබාරු හෙවත් ස්ථුලතාවය දරුවන් අතරත් පවතින අවදානම් සාධකයක් ලෙසින් හඳුනාගෙන තිබෙනවා.

අවදානම් සාධක සඳහා බලපාන හේතු

  • ක්‍රියාශීලි නොවීම.
  • ලුණු සහ තෙල්.
  • අධික සීනි භාවිතය.
  • මත්පැන් සහ දුම් පානය.

රෝගී වීමේ අවදානම හඳුනාගන්න

ඉහත දක්වන ලද බෝ නොවන රෝග සඳහා වූ අවදානම් සාධක සමග ඔබ සිංහල අලුත් අවුරුදු කාලය ගතකරන්නේ කෙසේද යන්න ගැන ඔබ දැනුවත් වීම ඉතා වැදගත්. අවුරුදු වෙනුවෙන් පිළියෙළ කරන කැවිළිවලදී තෙල් සහ සීනි සංයෝග බහුලව යොදාගන්නා බැව් අපි දනිමු.

ඒ නිසා මෙම කැවිලි වර්ග ආහාරයට ගැනීමේදී යම් මාත්‍රාවක් ඔබ විසින්ම පනවා ගන්න. උත්සව කාලය යැයි සිතමින් පමණට වඩා ආහාර වෙනුවෙන් ගිජු නොවන්න. සංග්‍රහ කිරීමේදී සීිනි, පිටි බහුල රසකැවිලි වර්ග රාශියක් තිබුණත් එහිදී එක රසකැවිල්ලක රස බැලීමෙන් ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඔබටම සීමාවන් පනවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

එසේම උත්සව කාලයේදී අපි විවිධාකාර රසයෙන් බත් සහ ව්‍යංජන සකස් කිරීමට වැඩි උනන්දුවක් දක්වනවා. නමුත් එයින් ඇතිවෙන අහිතකර තත්ත්වය ගැන ඔබ සිතන්නේ නැහැ. දිව පිනවීම පමණක් නොව මෙවැනි අහිතකර ලෙසින් සකස් කරන ආහාර නිසා ඔබේ සෞඛ්‍ය තත්ත්වය බෙහෙවින් වෙනස් වීමට ඉඩ තිබෙනවා. නමුත් උත්සව සිරිය ඇතිවෙන ලෙසින් මෙවැනි ආහාරපාන හැකි තරම් ලුණු සහ තෙල් සීමා කරගෙන සකස් කරගැනීමට ඔබට කිසිදු බාධාවක් නැහැ.

උත්සව මේසයට වර්ණවත් බවක් එක්කරන එළවළු සහ පලතුරු සලාද ඔබට කිසිසේත් අගුණයක් වන්නේ නැහැ. ඒ වගේම තෙලෙන් පිසිනවාට වඩා පිළියෙළ කරන ආහාරයට ඔලිව්, තල තෙල් වැනි සංතෘප්ත මේද උඩින් ඉස ගැනීමටත් පුළුවන්. කෘතිම සහ පැණි බීම වෙනුවට සීනි නොයෙදූ පලතුරු යුෂ, තැඹිළි, දෙහි, දොඩම්, ලෙමන් වැනි පානයකින් අමුත්තන්ට සංග්‍රහ කිරීමේ හැකියාව තිබෙනවා.

මත්පැන් නැත්නම් අවුරුදු නැද්ද?

උත්සව අවස්ථාවකට මත්පැන් අත්‍යවශ්‍ය යැයි ඔබ සිතනවා නම් ඒ ඔබේ අයහපත ඔබ විසින්ම සලසා ගැනීමක් බැව් සිතන්න. මද්‍යසාර නිසා මධ්‍ය ස්නායු පද්ධතියට ඇතිවන මෙම බලපෑම සිහි මුර්ඡාව හෙවත් Coma තත්ත්වය දක්වා වර්ධනය වීමට හැකියාව තිබෙනවා. ඒ වගේම දිගුකාලීන ලෙසින් අක්මාව සහ හදවත් ආශ්‍රිත රෝග තත්ත්වයන්ටත් පත්වෙනවා. ඒ වගේම මද්‍යසාර භාවිතය සමග ඇතිවිය හැකි ගැටුම් සහ අනතුරු නිසා ඔබේ පමණක් නොව පවුලේ අයගේත් උත්සව මානසිකත්වය සම්පූර්ණයෙන්ම බිඳවැටෙන තත්ත්වයට පත්වෙන බවත් අමතක කළ යුතු නැහැ.

පවුලේ සෞඛ්‍ය ගැන සිතන්න

ඔබේ පවුලේ අංශභාගය, දියවැඩියාව, අධික රුධිර පීඩන තත්ත්වයන්ගෙන් පසුවෙන සාමාජිකයන් ඇත්නම් ඔවුන්ගේ සෞඛ්‍ය ගැනත් සිතන්න. එවැනි අයට ආහාරපාන වෙනුවෙන් තහංචි පැනවීමට වඩා පවුලේ හැම දෙනාටම එක්ව බුත්ති විඳීමට හැකි පරිදි ආහාරපාන සකස්කර ගන්න. ඔබ මිහිරි ආහාරපාන රස විඳින අතර ඒවා කටේ තියන්න එපා යැයි සීමා පැනවීමට වඩා හැම දෙනාටම අහිතකර සීනි, ලුණු සහ තෙල් ආහාර සීමා කරන්න.

පිටි ආහාර සකස් කිරීමේදී කුරහන්, ආටා පිටි, දුඹුරු සහල්වලින් සකස් කරගැනීම වඩා සුදුසුයි. පිරිපහදු කළ පිටිවලින් සකස් කරන ආහාර හැකි තරම් සීමා කරන්න. ඒ වගේම තල, රුලං වැනි අමුද්‍රව්‍ය යොදාගෙන සකස් කරන කැවිලි, අවුරුදු මේසයට රසකැවිලි ආදේශකයන් ලෙසින් යොදාගැනීමේ අවසරය ඔබට තිබෙනවා.

අවුරුදු සමයේ ඔබේ බෝ නොවන රෝග තත්ත්වයන් ගැනත් ඔබ වගබලා ගතයුතු බැව් අමුතුවෙන් කිව යුතු නැහැ. මෙම කාලයේදී පවතින උෂ්ණ කාලගුණයත් සමග මුත්‍රා සහ වකුගඩු ආශ්‍රිත ගැටලු ඇතිවීමට ඉඩ තිබෙනවා. කාර්යබහුල නිසා වතුර පානය ගැනත් අවධානය අඩුවීමට පුළුවන්. ඒ නිසා ජලය, තැඹිළි, බෙලි මල් වැනි ස්වභාවික පාන වර්ගත් වැඩියෙන් බීම ඉතා සුදුසුයි.

අතීතයේදී අවුරුදු සමග බොහෝ දෙනා ජන ක්‍රීිඩාවන්හි නිරත වුණා. එහිදී කය වෙහෙසන ක්‍රීිඩා නිසා ඔවුන්ගේ ශක්තිය වැයවුණා. සීනි, තෙල් සහිත ආහාර රස වින්දත් ඒවා දහනය වීම නිසා අහිතකර මේද විදිහට ශරීරයේ ගබඩා වුණේ නැහැ.

නමුත් අද අපි ජන ක්‍රීිඩාවන් ගැන සමාජ මාධ්‍ය ජාලවලින් නරඹමින් ගතකරන උදාසීන ජීවන රටාවත් රෝග තත්ත්ව පාලනය කිරීමට තවත් බාධාවක් බව සිතන්නට කාලය ඇවිත්. වෙනදාට අවම වශයෙන් සේවා ස්ථානයට හෝ ඇවිද ගිය ඔබ දැන් ගතකරන ක්‍රියාශිලී නොවන රටාව නිසාම ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන බව ඔබ නොසිතනු ඇත. ඒ නිසා දින තුන්සිය හැට පහක් ගෙවී තවත් අලුත් වසරක් වෙනුවෙන් සූදානම් වෙන ඔබ මේ ගැනත් සිතන්න.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?