නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පෙනහලු වටා තරලය එකතුවීමත් ලෙඩක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

පෙනහලු වටා තරලය එකතුවීමත් ලෙඩක්

Published March 24, 2025

පෙනහලු වටා තරලය එකතුවීම (Plural effusion) කියන්නේ මොකක්ද?

පෙනහලු වටා තුනි ස්ථර 2 ක් ඇත. මෙය පටක ප්ලුරාව (Pluera) ලෙස හැදින්වේ. එක ස්ථරයක් පෙනහලුවල පිටත බිත්තියට (Viseral pleura) ඇලි ඇත. අනෙක් ස්ථරය පපු බිත්තියේ අභ්‍යන්තර මතුපිට (Paretal pluera) ඇලී ඇත. සාමාන්‍යයෙන් මෙම ස්ථර 2 අතර ඉතා තුනී තරල තට්ටුවක් ඇත. මෙම ස්ථර 2 සහ ඒවා අතර ඇති සියුම් තරල තට්ටුව, හුස්ම ගැනිමේදි පෙනහලු පිම්බීමේ සහ හැකිලීමේ චලනවලට උදව් වේ.ප්ලුරල් පටක අතර අමතර තරල එකතුවීම (Pleural effusion) ලෙස හැදින්වේ. විවිධ රෝගවල සංකුලතා ලෙස ප්ලුරා පටකවල තරල එකතුවීම සිදුවේ.

ප්ලුරා පටක අතර තරල එකතුවීම (Pleural effusion) නිසා ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

ප්ලුරල් තරලය කුඩා ප්‍රමාණයක් එකතූවීම රෝග ලක්ෂණ නොපෙන්වයි. තරල ප්‍රමාණය වැඩිවත්ම පෙනහලු මිරිකී හුස්ම ගැනීිමේ අපහසුතාවන් ඇතිවේ.

පෙනහලු වටා තරලය එකතුවීම (Pleural effusion) රෝග විනිශ්චය කරන්නේ කෙසේද?

රෝගියාගේ ස්වසනය පද්ධතිය පරික්ෂා කිරීමෙන්, රෝග ලක්ෂණ අනුව තරලය එකතුවීම සායනිකව හදුනාගත හැකියි. එය Chest X-ray පරීක්ෂණ මගින් තහවුරු කිරිමට පුළුවන්.

පෙනහලු වටා තරලය එකතුවීමට හේතු මොනවාද?

විවිධ රෝගවල සංකුලතා නිසා පෙනහලු වටා තරලය එකතුවීමට පුළුවන්.

1 නියුමෝනියාව.
2 ක්ෂය රෝගය.
3 පිළිකා.
4 සැරව එකතුවීම.
5 ඩෙංගු රක්තපාත තත්ත්වය.
6 වකුගඩු රෝග.
7 හදවත් රෝග.
8 අක්මාවේ රෝග.
9 රුධිර ප්ලාස්මාවේ ප්‍රෝටීන් ප්‍රමාණය අඩුවීම ආදි විවිධාකාර රෝග නිසා පෙනහලු වටා තරලය එකතුවීම.

පෙනහලු වටා තරලය එකතුවන හේතු සොයා සිදුකරන පරික්ෂණ

1 Chest X-ray
2 CT scan chest
3 Plural fluid aspiration and analysis (ප්ලුරල් තරලය ලබාගෙන පරීක්ෂණ සිදුකර රෝග නිර්ණය කෙරේ.)
4 රෝගියාගේ පෙන්නුම් කරන අනෙකුත් රෝග ලක්ෂණවලට අනුව අදාළ රෝග තහවුරු කිරිමට සිදුකරන පරික්ෂණ

පෙනහලු වටා තරලය එකතුවීමෙදී ඒ සඳහා ප්‍රතිකාර

1 ප්ලුරල් තරලය එකතුවීමට අදාළ හේතුවට ප්‍රතිකාර කරනු ලැබේ.
2 රෝගියාට හුස්ම ගැනීිමේ අපහසුතාවන් ඇතිනම් ප්ලුරල් තරලය ඉවත් කිරීමෙන්.
3 (I C tube insertion) රික්තක අවකාශය සහිත ජලය අඩංගු බෝතල් පද්ධතියක් සහිත නළයක් රෝගියාගේ පර්ශූ අතරින් ප්ලුරල් අවකාශයට ඇතුළු කිරීමෙන්. අදාළ හේතුව සොයා නිසි ප්‍රතිකාර කිරීමෙන් පෙනහලු වටා තරලය එකතුවීමේ රෝගය නිට්ටාවට සුවපත් කළ හැකියි.




 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?