නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඇසේ නිහඬ මාරයා ග්ලූකෝමා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

ඇසේ නිහඬ මාරයා ග්ලූකෝමා

Published March 24, 2025

ලෝක ග්ලූකෝමා සතිය මාර්තු මස 09 වැනි දින සිට මාර්තු 15 වැනි දින දක්වා යෙදී තිබුණා. මෙවර ග්ලූකෝමා සතියේ තේමාව ලෙස ‘ග්ලූකෝමාවෙන් තොර ලෝකයක් වෙනුවෙන් එක්සත් වෙමු’ යන්න තේමාව වී ඇත. අදවන විට අන්ධභාවයට හේතු වන රෝග අතරින් දෙවැනි ප්‍රධාන තැනට පත් වෙන අක්ෂි රෝගයක් ලෙස ‘ග්ලූකෝමා’ රෝග තත්ත්වය හඳුනාගෙන තිබෙනවා.

2020 වසරේදී ලොව පුරා මිනිසුන් බිලියන 70 ක් ග්ලූකෝමා රෝග තත්ත්වයට ගොදුරු වී ඇති අතර මෙම රෝගීන්ගේ සංඛ්‍යාව 2040 වන විට බිලියන 111 දක්වා වැඩි වෙනු ඇතැයි අනුමාන කරනවා. එමෙන්ම 2020 වසර වෙන විට ග්ලූකෝමා රෝග තත්ත්වය නිසා දෑස් දෙකම අන්ධභාවයට පත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 10 කට අධික බැව් ලෝක සෞඛ්‍ය දත්ත මගින් පෙන්වා දී තිබෙනවා. පුද්ගලයන් සිය දෙනෙකු ගත් විට එයින් තිදෙනකු තරම් සංඛ්‍යාවකට මෙම රෝගී තත්ත්වය ඇතිවීමට වැඩි අවදානමක් ඇති බවත් සෞඛ්‍ය සංගණන මගින් හඳුනා ගෙන තිබේ.

ග්ලූකෝමාව යනු කුමක්ද?

සාමාන්‍ය නීරෝගී ඇසක පීඩනය 10 – 20 අතර අගයක පැවැතුනද ග්ලූකෝමා තත්ත්වය නිසා යම් පුද්ගලයකුගේ ඇසේ පීඩනය වැඩිවීම නිසා ක්‍රමයෙන් දෘෂ්ටි ස්නායුව මිය යෑමේ අවදානමක් ඇතිවීමට හැකියාව තිබෙනවා. එවැනි තත්ත්වයක් අපි ‘ග්ලූකෝමාව’ යනුවෙන් හඳුන්වනවා. අපේ ඇසේ දෘෂ්ටි ස්නායුව මොළයට සම්බන්ධ අතර දෘෂ්ටි ස්නායුවට යම් හානියක් සිදුවුණොත් එය නැවත යථා තත්ත්වයට පත් කරගැනීම පහසු නැහැ. එවැනි තත්ත්වයකදී ඇසට ප්‍රතිකාර ලබාදීම හෝ ශල්‍යකර්මයක් මගින් හෝ ග්ලූකෝමා තත්ත්වයෙන් හානියට පත් ඇස නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමත් පහසුවක් නොවේ.නමුත් මුල් අවස්ථාවේදී මෙම රෝග තත්ත්වය හඳුනාගතහොත් අන්ධභාවයට පත්වීමට යා නොදී ආරක්ෂා වීමට මෙන්ම රෝග තත්ත්වය පාලනය කරගැනීමේ හැකියාව ලැබෙනවා.

ග්ලූකෝමා රෝග ලක්ෂණ…

අවාසනාවකට මෙන් ග්ලූකෝමා රෝග තත්ත්වය මුල් අවස්ථාවේදී රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමක් නැහැ. නමුත් ඇස් ආශ්‍රිතව ඇතිවන වෙනත් රෝග තත්ත්වයන් නිසා ප්‍රතිකාර ලබාගැනීමට යෑමත් සමග මෙම රෝග තත්ත්වය ගැන රතු සලකුණු වාර්තා වෙනවා.ඒ නිසා යම් පුද්ගලයකුට යම් අවදානමක් තිබෙනවා නම් අක්ෂි සායනයකින් තමන්ගේ ඇසේ පීඩනය මැනගැනීම ඉතාම වැදගත්. ඒ අනුව වෛද්‍යවරයා විසින් ඔබට ග්ලූකෝමා රෝග තත්ත්වය පිළිබඳව යම් අවදානමක් ඇත්නම් ඒ බැව් දන්වා සිටිනු ඇත.

ප්‍රභේද දෙකක්…

Open angle glaucoma- මේ රෝග තත්ත්වයේදී රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන නිසා රෝග තත්ත්වය හඳුනාගැනීම අපහසුයි. ඒ නිසාම පුද්ගලයා අන්ධභාවයට පත්වන තෙක්ම එය හඳුනාගැනීමේ අපහසුතාවක් තිබෙනවා. එසේ අන්ධවීම රෝගියාටවත් නොදැනෙන අතර එසේ අන්ධභාවයට පත් වූ ග්ලූකෝමා රෝගියෙක් නැවත සුවපත් කිරීම කළ නොහැකියි.

Angle Closure glaucoma – මෙය ඉතා කලාතුරකින් ඇතිවෙන තත්ත්වයක්. ඒ වගේම හදිසියේම ඇතිවීමට පුළුවන්. ඇසේ පීඩනය වැඩි වීම සමග හිසේ කැක්කුම හා රෝගියාගේ ඇස් රතුවීම සිදුවෙනවා.

මේ හැර තවත් අවස්ථා තිබෙනවා.

  • ප්‍රතිකාර නොකරන ලද ඇසේ සුද ඇතිවීමේ තත්ත්වය නිසා සුද මේරීම නිසා සුද දියවී ග්ලූකෝමා තත්ත්වයට පත්වනවා. එවිට සුද ඉවත් කිරීමෙන් පසුව වුණත් නැවත පෙනුම ලබාගැනීම අපහසුයි.
  • පවුලේ ග්ලූකෝමා ඉතිහාසයක් ඇත්නම්.
  • නිතර හිසරදය ඇත්නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න.
  • පෙනීම බොඳ වීම.
  • අනතුරකින් ඇතිවන ලේ ගැලීම.
  • බාල කාලයේදී දුර පෙනීමේ ගැටලු ඇතිවීම (අවිදුර දෘෂ්ටිකත්වය හෙවත් දුර නොපෙනීම. (Myopia)
  • බාල කාලයේදී ඇසට සිදුකරන ශල්‍යකර්ම.
  • පාලනය නොවූ දියවැඩියාව නිසා දිගු කාලයක් සිරුරේ සීනි සාන්ද්‍රණය වැඩි වී කුඩා රුධිරනාල (Microvascular) අවහිර වීමක් සිදුවනවා. මෙය දිගුකාලීනව සිදුවන ක්‍රියාවලියක්. ඇසේ දෘෂ්ටි විතානයට බලපෑම නිසා ඇස් නොපෙනී යෑම. ඒ නිසා දියවැඩියා රෝගි තත්ත්වයකින් පසුවනවා නම් වසරකට වරක් හෝ අක්ෂි පරීක්ෂාවක් කරගැනීම වැදගත්.
  • වයස නිසාත් 35% ක් වැනි සුළු පිරිසකට ග්ලූකෝමා රෝගයට යම් අවදානමක් තිබෙනවා.කුඩා දරුවන් අතරත් ග්ලූකෝමා රෝග තත්ත්වය ගැන වාර්තා ලැබෙනවා. එය දරු උපත් 10,000 කට එකක් තරම් වෙන බැව් වෛද්‍ය අංශ සඳහන් කරනවා. නමුත් ග්ලූකෝමා දරුවන් වැඩිහිටි ග්ලූකෝමා රෝගීන්ගේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ.

දරුවන් පෙන්වන ලක්ෂණ මොනවාද?

එවැනි දරුවන්ගේ ඇස්වල පිහිටීමේ යම් වෙනසක් දකින්න ලැබෙනවා.

  • කඳුළු ගලා ඒම.
  • හිරු එළියට නිරාවරණය වීමේදී ඇස් වසාගැනීම

ග්ලූකෝමා රෝගයට ප්‍රතිකාර ලබාදීම…

ඇසට දමන බිංදු බෙහෙත්.

ඇසට දමන බිංදු බෙහෙත්වලින් ග්ලූකෝමා රෝග තත්ත්වයට සම්පූර්ණ සුවයක් නොලැබුණත් රෝග තත්ත්වය පාලනය කිරීමක් සිදුවනවා. ජීවිත කාලය තුළම මෙම බිංදු බෙහෙත් පාවිච්චි කිරීමටත් රෝගියාට සිදුවනවා. නමුත් මේ අන්දමින් ප්‍රතිකාර ලබාදීමටත් රෝගය මුල් අදියරේදී හඳුනාගැනීම සිදුවිය යුතුයි. කල්ගත වූ ග්ලූකෝමා රෝගීන්ට මෙම දියර බිංදු ප්‍රතිකාර ක්‍රමය සාර්ථක වන්නේ නැහැ.

ලේසර් කිරණ ප්‍රතිකාර– මෙය බාහිර රෝගී අංශයෙන් කරන සරල ප්‍රතිකාරයක්. ඒ ගැන අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ.

ශල්‍යකර්ම – මෙමගින් ඇසේ පීඩන තත්ත්වය පාලනය කරගැනීමට පුළුවන්. නමුත් එසේ ශල්‍යකර්ම සිදුකළත් ඒ අනුව ඇසට බිංදු බෙහෙත් යෙදුවත් අක්ෂි සායනයක් මගින් ඇස් පරීක්ෂා කරගැනීම ඉතාම වැදගත්.

එපමණක් නොව 33% ක් වැනි ප්‍රතිශතයකට කිසිදු හේතුවක් නොමැතිවම ග්ලූකෝමා රෝග තත්ත්වය ඇතිවීමටත් ඉඩ තිබෙන නිසා වයස අවුරුදු හතලිහකට වැඩි නම් හෝ ග්ලූකෝමා රෝග පිළිබඳ පවුල් ඉතිහාසයක් ඇත්නම් වසරකට වරක් හෝ දිවයිනේ පිහිටි ඕනෑම රෝහලක අක්ෂි සායනයකින් ඇස් පරීක්ෂා කර ගැනීම ඉතා වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?