නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පපුව, බඩ රිදෙන හැම වෙලාවකම ඔයා හිතන්නේ ඒ ගෑස්ට්‍රික් කියලද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

පපුව, බඩ රිදෙන හැම වෙලාවකම ඔයා හිතන්නේ ඒ ගෑස්ට්‍රික් කියලද

Published March 17, 2025

ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වය අද වනවිට සමාජයේ ඉතාම සුලබ රෝග තත්ත්වයක්. මෙම රෝගය ආමාශයේ ඇතිවන ප්‍රදාහිත (Inflammation) තත්ත්වයක්. ආමාශයික යුෂවල අධික ක්‍රියාකාරිත්වය නිසා ආමාශයේ බිත්ති තුවාලවීම වගේම එහි ක්‍රියාකාරීත්වයටත් බලපෑම් ඇතිවනවා. ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වය නිසා ආමාශ බිත්තියේ රතුවීම්, සීරීම් වැනි තුවාල හෝ ගැඹුරු තුවාල ඇතිවීමට පුළුවන්…

රෝග ලක්ෂණ

ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ හැම දෙනාටම එක සේ පොදු නැහැ.

  • උදරයේ ඉහළ මැද කොටසේ (:Epigastrium) ඇතිවන දැවිල්ල.
  • පපුවේ පහතට ඇතිවන වේදනාව.
  • බඩේ වාතය පිරීම-(Distension)
  • වාතය නිතරම උගුරට ඒම.
  • වමනය.
  • ආහාර අරුචිය.

බලපාන හේතු

ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වය සම්බන්ධ බොහොමයක්ම අපේ ආහාර පුරුදු සහ ජීවන රටාව සමග සම්බන්ධයි.

  • වේලාවට ආහාර නොගැනීම.
  • ජලය පානය නොකිරීම නිසා ඇතිවන විජලනය.
  • අපිරිසිදු ආහාර හෝ ආසාදිතයෙකුගේ කෙළ නිසා

‘හෙලිකොබැක්ටර් පයිලොරි’ (H.Pylori) බැක්ටීරියාවෙන් ග්‍රහණිය සහ ආමාශය ආසාදිත වීම.

  • මධ්‍යසාර සහ දුම්පානයෙන් ආමාශයේ ශ්ලේෂ්මල පටලයට හානිවීම.
  • වේදනා නාශක, ප්‍රතිජීවක ඖෂධ සහ ස්ටෙරොයිඩ් කාණ්ඩයේ ඖෂධ දිගුකාලයක් පාවිච්චි කිරීම නිසා ඇතිවන ආමාශයික තුවාල ගැස්ට්‍රයිටිස් තත්ත්වයට හේතුවක්. බොහෝ රෝගීන් වෛද්‍ය උපදෙස් නොමැතිව දිගුකාලීනව ඖෂධ භාවිත කරනවා.
  • ආහාර සකස් කිරීමේදී අධික වශයෙන් තෙල්, මිරිස්, තුනපහ සහ රස කාරක යාදාගැනීම.
  • මානසික ආතතියක් ඇතිවුණ විට මොළය හා ආමාශය සම්බන්ධ කරන ස්නායු ඔස්සේ ආමාශයේ ඇති ඇසිඩ් හෙවත් හයිඩ්‍රොක්ලෝරීක් අම්ලය වැඩියෙන් ඝ්‍රාවය වීම.

ඉහත හේතු නිසා ඇතිවන ප්‍රදාහිත තත්ත්වය තාවකාලිව ඇති වී සුවවීමට පත්වන තාවකාලික තත්වයක් ලෙස (Acute Gastritis) හැඳින්වෙනවා.

සමහර රෝගීන්ගේ ගැස්ට්‍රයිටිස් තත්ත්වය නිදන්ගත හෙවත් කාලයක් පුරා පැවතීම නිදන්ගත රෝග තත්ත්වයක් (Chronic Gastritis) යනුවෙන් හැඳින්වෙනවා.

ගැස්ට්‍රයිටිස් රෝගියකු නම් මේ ගැන සැලකිලිමත් වෙන්න

  • ආහාර වේල් මගහැරීමකින් තොරව නිසි වේලාවට ආහාර ගන්න. අවම වශයෙන් පැය හතරක් ඉක්මවා නිරාහාරව සිටීමෙන් වළකින්න.
  • ආහාර සකස් කිරීමේදී මිරිස්, තුනපහ, ලුණු, සුදුලූනු, කුළුබඩු පමණට වඩා යොදන්න එපා.
  • තෙල් අධික ආහාර, තේම්පරාදු කළ ආහාර, අධික ආම්ලික ආහාර ගැනීමෙන් වළකින්න.
  • ආහාර හොඳින් සපන්න. එක් ආහාර වේලක් වෙනුවෙන් පැය කාලක්වත් වෙන් කරගන්න.
  • එකවර විශාල ආහාර ප්‍රමාණයක් ගැනීම සුදුසු නැහැ. කුඩා ප්‍රමාණයෙන් කිහිප වතාවක් ආහාර ගැනීම සුදුසුයි.
  • තේ,කෝපි, කැෆේන් අඩංගු පාන වර්ග, කෘතිම බීම වර්ග, චොකලට් හා සකස් කරන ලද ආාහර ගැනීමෙන් වළකින්න.
  • දිනකට අවම වශයෙන් දියර වර්ග ලීටර් 3- 4 ක් අතර ප්‍රමාණයක් පානය කරන්න.
  • ආහාර ගෙන පැය දෙකක් පමණ ගතවන තෙක් නින්දට යෑමෙන් වළකින්න.
  • නිදාගන්නා විට ඇඳේ හිස තබන පෙදෙසේ අගල් 8-12 ක් පමණ උස්ව තබන්න.
  • දුම්පානය, මද්‍යසාර සහ බුලත් විට සම්පූර්ණයෙන්ම නවත්වන්න.
  • රෝග ලක්ෂණ ඇති අවස්ථාවන්හිදී කිරි සහිත ආහාර ( පිටිකිරි, යෝගට් ) භාවිතය අවම කරන්න.
  • මානසික විවේකය තුවාල සුවවීමට උදව් වන නිසා මානසික සතුට ඉතා වැදගත්.
  • දවසකට අවම වශයෙන් මිනිත්තු 30 බැගින් සතියකට දින පහක්වත් ඇවිදීම, දිවීම, පිහිනීම, බයිසිකල් පැදීම වැනි ස්වායු ව්‍යායාමයන්හි නිරත වීම සුදුසුයි.
  • ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ දිගටම පවතී නම් වෛද්‍ය උපදෙස් ගැනීම ඉතා වැදගත්. ඊට හේතුව නම් ගැස්ට්‍රයිස් ලෙසින් අප මතුපිට දකින රෝග ලක්ෂණ ඇතැම් අවස්ථාවන්හි බරපතළ රෝග තත්ත්වයක පෙර නිමිත්තක් වීමට ඉඩ තිබෙනවා.

ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ ලෙසින් ඇතිවිය හැකි වෙනත් රෝග ( Mimics)

■ මුල් අවස්ථාවේදී ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වය විදිහට පෙන්නුම් කරන

රෝගාබාධයන් ගැන සුදුසුකම් ලත් වෛද්‍යවරුන් විසින් පහසුවෙන්
 
හඳුනාගන්නවා. මුල් අවස්ථාවේදී ගැස්ට්‍රයිටිස් රෝගයට ලබාදෙන ප්‍රතිකාර වෙනුවෙන් රෝග තත්ත්වය ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් වැඩිදුර පරීක්ෂණ වෙනුවෙන් රෝගියා යොමුකිරීම සිදුවනවා.

බොහෝ රෝගීන්ට පපුව සහ උදරය අතර වේදනාවක් දැනුන විට එය ගැස්ට්‍රයිටිස් යැයි අනුමාන කරමින් ප්‍රතිකාර ලබාදීම සාමාන්‍යයි. පපුවේ වේදනාව ඇතිවන්නේ ගැස්ට්‍රයිටිස් නිසාම නොවෙයි. සමහරවිට මේ තත්ත්වය හෘදයාබාධ සංකුලතාවක් වීමට ඉඩ තිබෙනවා.

  • පෙනහලුවලට රුධිරය ගෙනයන නහරවල ලේ කැටි සිරවීම. (Pulmomary embolism)
  • අක්මාව, ග්න්‍යාශය ආශ්‍රිත ප්‍රදාහ ( Actue hepatitis and pancreatitis)
  • බඩවැල්වලට රුධිරය ගෙනයන නහරවල ඇතිවන ඇන්ජයිනා තත්ත්වය (Mesenteric Angina)
  • මහා ධමනිය පිපිරීම (Aortic rupture)
  • ගලනාලය, ආමාශ පිළිකා තත්ත්වයක පූර්ව ලක්ෂණ ලෙසින් ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ ඇතිවීම.
  • පෙනහලු ප්‍රදාහ රෝගී තත්ත්වයන්.(Pneumonia)
  • දිගුකාලීනව ඇති රෝග තත්ත්වයන්.

මේ නිසා ඔබ ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයෙන් පීඩා විඳින රෝගියෙක් නම් ඔබට ගැස්ට්‍රයිටිස් අපහසුතාව සමනය කරගත හැකි පරිදි ජීවන රටාව ගොඩනගා ගන්න. නමුත් දිගින් දිගටම රෝග තත්ත්වයේ පැහැදිලි වෙනසක් නොමැති නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයකු නොපමාව හමුවීම ඉතාම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?