නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ආහාර වේල් මගහරින්න එපා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

ආහාර වේල් මගහරින්න එපා

Published March 3, 2025

ආහාර ගැන කතා කරනවා නම් අපි හැම දෙනෙකුගේ ජීවිතයේ පැවැත්ම වෙනුවෙන් ආාහර අවශ්‍යයි. නමුත් අපේ වයස, ක්‍රියාකාරීත්වය වැනි කරුණු මත අප විසින් ලබාගන්නා ආහාර ප්‍රමාණය තීරණය වෙනවා. ඒ වගේම ආහාරයකින් ලැබිය යුතු පෝෂණ ප්‍රභව ගණනාවක් තිබෙනවා. මේ සියල්ලම අපට එක් ආහාර වේලකින් ලබාගැනීම අපහසුයි. ඒ නිසා අපගේ ආහාර ලබාගැනීම වේල් තුනකින් සිදුවනවා. එවිට එක් ආහාර වේලකින් උපයා ගත නොහැකි පෝෂණ (ප්‍රෝටීන්, විටමින්, ඛණිජ ලවණ සහ ක්ෂුද්‍ර පෝෂක වැනි දේ) දවසේ ඉතිරි ආහාර වේලකින් සපුරා ගැනීමට හැකියාව තිබෙනවා…

ආහාර වේල් මගහැරීම…

බොහෝ දෙනෙක් තමන්ගේ ආාහර වේල නිසි වේලවට ගැනීමට අතපසු කරනවා. ඒ වගේම තවත් අය ආහාර මගින් ලබාගත යුතු පෝෂණය ගැන සැලකිලිමත් නැහැ. මේ විදිහට දිගු කාලයක් තමන්ගේ ආහාරයෙන් ලබාගත යුතු පෝෂණය මග හැරී ගියවිට පෝෂණ ඌනතාවන් ඇතිවීමට වැඩි ඉඩක් තිබෙනවා.

පෝෂණ ඌනතාවන් නිසා ඇතිවන ගැටලු

ආහාර මගින් ලබාගත යුතු පෝෂණ අවශ්‍යතාවන් ගැන නොසලකා සිටීම නිසා විවිධ ගැටලු ඇතිවනවා.ප්‍රතිශක්තිය දුර්වල වීම නිසා ලෙඩ රෝගවලට ගොදුරු වීමේ සම්භාවිතාව වැඩි වෙන්න පුළුවන්. ශරීර බර අඩුවීම ඒ වගේම අධ්‍යාපනය ලබන වයසේ දරුවෙක් නම් බුද්ධිය පිළිබඳ ගැටලු ඇතිවීමට ඉඩ තිබෙනවා. නීරක්තියට ගොදුරු වීම නිසා නිතරම ඇතිවන නිදිමත, අලස බව වැනි අපහසුතාවන් ඇතිවනවා.

ඒ වගේම බොහෝ දෙනෙක් තමන්ගේ ප්‍රධාන ආහාර වේල මග හරිනවා. විශේෂයෙන් උදේ ආහාර වේල එසේ මග හැරීමෙන් පසුව නැවත දිවා ආහාරය තෙක් ඇතිවෙන කුසගින්නට විකල්ප විදිහට පැණි රස ආහාර, කෙටි කෑම වර්ග ලබාගන්නවා. නමුත් අද පාසල් වයසේ දරුවන්ට සම්පූර්ණ උදේ ආහාර වේලක් ලැබෙන්නේම නැති තරම්.

රෝගී තත්ත්වයන් ඇති වූ විට…

අපට යම් රෝගී තත්ත්වයන් ඇති වූ විට ආහාර වෙනුවෙන් ඇති රුචිය අඩුවනවා. දිගු කාලයක් රෝගීව සිටින විට ආහාර ලබා නොගැනීම නිසා තව දුරටත් දුර්වල වීමට ඉඩ තිබෙනවා. එවැනි අවස්ථාවලදී පෝෂණය වැඩි ආහාර කුඩා ප්‍රමාණයන්ගෙන් අතිරේක වේල් කීපයක් ලෙසින් ලබාදීමට පුළුවන්. ශාරීරිකව දුර්වල වූ විට රෝග සුවවීමට වැඩි කාලයක් ගතවීමටත් ඉඩ තිබෙනවා.

ඒ වගේම පලතුරු යුෂ විදිහට ලබාදෙන විට අපි පලතුරු පංගුවක් ආහාරයට ගැනීමට වැඩි ප්‍රමාණයක් යොදාගන්නවා. මේවා යුෂ විදිහට පෙරා ගත්විට තන්තු සංයුතිය අඩු වෙනවා. ඒ නිසා සීනි උරාගැනීම වැඩියි.

නමුත් පලතුරු කැබලි විදිහට ආහාරයට ගන්නා විට තන්තු සංයුතිය වැඩියි. එවිට සීනි උරාගැනීම අඩුයි. ඒ වගේම අපි පලතුරු යුෂ විදිහට සකස් කරන විට සීනි එකතු කරනවා. එයිනුත් ගුණාත්මක බව අඩුවෙනවා. දියවැඩියා රෝගීන්ට පලතුරු ලබාදෙන්නේ ආහාර වේල් දෙකක් අතරටයි. පලතුරුවල ඇති විටමින්  “ C‍ ” වලින් යකඩ උරාගැනීමේ හැකියාව තිබෙනවා.

වතුර පානයේදී…

ප්‍රධාන ආහාර වේලකින් පසුව උනුවතුර පානය කිරීම වඩාත් හොඳයි කියන අදහසක් අප අතර තිබෙනවා. සීතල වුණත් උණුවෙන් වුණත් වතුර උෂ්ණත්වයට පත්වෙනවා. සීතල වතුර වුණත් උෂ්ණත්වයට පත්වෙනවා. ඒ නිසා ආාහරයෙන් පසුව ගන්නා වතුරේ එවැනි විශේෂත්වයක් නැහැ.

නමුත් අපි ප්‍රධාන ආහාර වේලකට පෙරාතුව වතුර කෝප්පයක් පානය කළොත් එයින් ආහාර ගන්නා ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්.අපි රාත්‍රි කාලයේදී නිරාහාරව සිටින නිසා උදරයේ අම්ල ගතිය වැඩියි. ඒ නිසා හිස්බඩ වතුර පානය කිරීමෙන් අම්ල ගතිය අඩුවෙනවා. ඒ නිසා හිස්බඩ වතුර වීදුරුවක් බීම ඉතාම ගුණයි.

රාත්‍රි ආහාරය ගැනීමේදීත් කලින් ගැනීම වැදගත්. ඔබ නිදාගැනීමට පැය දෙකකට පෙරාතුව රාත්‍රි ආහාරය ගැනීම වැදගත්. ඒ වගේම රාත්‍රි ආාහාරයට පැස්ටා, නූඩ්ල්ස් වැනි දේවල් ආහාරයට ගන්නවා නම් ප්‍රමාණය අඩු කරන්න. පිරිපහදු කරන ලද පිටිවල වැඩි කාබොහයිඩ්ඩ්‍රේට ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා අඩු පංගුවකින් බත් ආහාරයට ගැනීම ඊට වඩා සුදුසුයි.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?