නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මට ඉන්නේ දඟමල්ලෝ දෙන්නෙක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

මට ඉන්නේ දඟමල්ලෝ දෙන්නෙක්

Published December 16, 2024

තීක්ෂණ අනුරාධ

ඉගෙනගන්න එක ජීවිතයට ආභරණයක් වගේ. හැබැයි ඒ පැත්තෙන්ම යන්න ඕන කියල නියමයක් නෑ. තමන් වැඩියෙන්ම ආස කරන පැත්තෙන් ඉස්සරහට යන එකයි වැදගත්. මෙහෙම කියන්නේ ජපුරෙන් ඩිග්‍රියක් අරන් සිරස සුපර් ස්ටාර් තරගාවලියෙන් ප්‍රේක්ෂක හදවත් සොරකම් කරගෙන සංගීත ක්ෂේත්‍රයට අඩිය තිබ්බ අපි හැමෝම දන්න අපූරු ගායකයෙක්. හිමින් අඩිය තිබ්බත් අද ඔහු ලොකු ගමනක් ගිහින්. අද අපි කතා කරන්නේ ඔහුත් එක්ක.

ඉතින් තීක්ෂණ කොහොමද මේ දවස්වල ජීවිතය?

මේ දවස්වල නම් ටිකක් කාර්යබහුල ජීවිතයක් ගතකරන්නේ. උත්සව කාලෙ නිසා ප්‍රසංග වැඩියි. ඒ වැඩත් කරන ගමන් දරුවෝ දෙන්නගෙ දඟ වැඩත් බලන ගමන් හරිම සතුටින් ඉන්නවා.

තීක්ෂණ ඇයි ජපුරෙන් ඩිග්‍රියක් අරන් සංගීත ක්ෂේත්‍රයම තෝරගත්තේ?

ජපුර යුනිවර්සිටි එකේ පොලිම සයන්ස් ඩිග්‍රිය තමයි මට තියෙන්නේ. ඒත් රැකියාවක් කරද්දී ඉගෙනගත්ත දෙයින්ම ඉස්සරහට යන්න ඕන කියල හිතුවා නම් අද වෙද්දී මම ළගා කරගෙන තියෙන දේවල්වලට යන්න බැරිවෙන්න තිබ්බා. මම මට කරන්න පුළුවන් වැඩියෙන්ම ආස දේ තෝරගත්තා. ඒ තමයි සංගීත ක්ෂේත්‍රය.

තීක්ෂණගේ කාර්යබහුලත්වයත් එක්ක ස්ටුඩියෝ එකේ වැඩ කොහොමද මැනේජ් කරගන්නේ?

දෙසැම්බර් මාසේ කියන්නේ ප්‍රසංග, ක්‍රිස්මස් ප්‍රෝග්‍රෑම්ස් ටිකක් වැඩියෙන් එන කාලයක්.ඒ නිසා ස්ටුඩියෝ එකේ වැඩ කරන්න තියෙන කාලය පොඩ්ඩක් අඩුවෙලා තියෙන්නේ. ඒත් පුළුවන් උපරිමෙන් ටයිම් මැනේජ් කරගන්නවා. මේ දවස්වල ගීත කිහිපයක් ස්ටුඩියෝ එකේ වොයිස් කරන ගමන් ඉන්නේ.

බබාල දැන් දඟමල්ලො දෙන්නෙක් වෙලා නේද එයාලත් එක්ක ගතකරන ජීවිතේ කොහොමද?

ඔව්. මට කොල්ලො දෙන්නෙක් ඉන්නේ. එයාල දෙන්න දැන් දඟමල්ලෝ දෙන්නෙක්. පොඩි කාලේ හැමදාම තියෙන්නෙ නැහැ. එයාල අපිත් එක්ක හුරතල් වෙන්නේ, දඟ වැඩ කරන්නෙ ටික කාලයයි. පොඩි කාලේ දරුවෝ අම්මගෙ තාත්තගේ ආදරේ ගොඩක්ම බලාපොරොත්තු වෙනවා.

ඒ නිසා එයාල එක්ක ඉන්න කොහොම හරි කාලේ හදාගන්නවා. ඒ වගේම දරුවෝ එක්ක ඉන්නකොට කාලෙ ගෙවනව දැනෙන්නෙත් නෑ. කොල්ලො දෙන්නම දඟමල්ලො දෙන්නෙක් නිසා සමහර වෙලාවට තරහ යන වෙලාවලුත් තියෙනවා. ඒත් ඒ ජීවිතේ හරි සුන්දරයි.

පොඩ්ඩො දෙන්නත් තාත්තා වගේම සිංදු කියනවද?

ලොකු පුතා නම් සිංදු කියනවා. එයාට සිංදු කියන්න පුළුවන්. පොඩි පුතාට තාම අවුරුදු හතරයි. ඒ නිසා තාම හරියට හිතාගන්න බැහැ. ඒත් එයත් අයියත් එක්ක එකතු වෙලා සිංදු කියන්න උත්සාහ කරනවා.

ඒ නිසා එයාගෙත් ගායන හැකියාව තව කල් ලොකු වුනාම බලාගන්න පුළුවන් වෙයි කියල හිතනවා. ඒත් මම ගායකයෙක් නිසා දරුවොත් ඒ පැත්තටම යන්න ඕන කියල බලකිරීමක් නෑ. එයාල යන්න කැමති මාර්ගෙට මග පෙන්වීමක් තමයි තාත්ත කෙනෙක් විදියට මම කරන්නේ.

ආදරණීය බිරිඳ ගැන මතක් කළොත්?

ඇත්තටම මගේ බිරිඳව මට හම්බවෙන්නේ කොළඹ ක්ලාස් එද්දී. ඒ කාලේ එයා ඩබින් ක්ලාස් එකකට ආවා. ඒ විදියට තමයි අපි හම්බවුනේ. ඊට පස්සෙ කතාබහ කරල හොඳ යාළුවෝ වුණා. ඒ යාළුකමම තමයි පස්සෙ ආදරයක් දක්වා ආවේ. මට මගේ බිරිඳගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

දරුවො දෙන්නගෙ වැඩයි ගෙදර වැඩයි හැමදේම බැලන්ස් කරන්නෙ එයා. මම ෂෝස්වලට යද්දී මගේ බිරිඳත් එනවා. සමහර වෙලාවට මට බැරිවුණාම ඩ්‍රයිව් කරන්නෙ එයා. අපි දෙන්න සම වයසෙ නිසා යාළුවො වගේ හැමදෙයක්ම කතාබහ කරගෙන සහයෝගයෙන් ඉන්නවා.

කොහොමද ළඟ ළඟම එන නත්තලට සූදානම් වෙන්නේ?

මම උපතින් බෞද්ධයෙක්. ඒත් නත්තලට අපි හැමෝම කැමතියි. ආගම් බේදයක් නැහැ හැම ආගමකට ගරු කරනවා. ඒත් මේ අවුරුද්දේ නත්තල් සැරසිලි නම් කළේ නෑ. නත්තල් ගහක් හැදුවෙ නැත්තෙ ගෙදර ඉන්න දඟමල්ලො දෙන්න නිසා.

නත්තලට සැරසිලි කළත් ඒ දෙන්නගෙන් බේරගන්න බැරි වෙනවා. ඒත් නත්තලට යාළුවො බලන්න යන එක නත්තල් ප්‍රෝග්‍රෑම්ස්වලට යන එක නම් හරි සතුටෙන් කරනවා. ගිය අවුරුද්දෙ මායි ලොකු පුතයි මේ නත්තල් කාලේ කියල සිංදුවක් කළා. නත්තල සමරන කිතුනු බැතිමතුමතුන් වෙනුවෙන් මේ අවුරුද්දෙත් ඒ සිංදුව ශෙයා කරන්න අමතක කළේ නැහැ.

ඉස්සරහට එන්නේ අලුත් අවුරුද්දක්, තීක්ෂණ කොහොමද අලුත් අවුරුද්දට සූදානම් වෙන්නේ?

2025 දී මගේ අලුත් වැඩ කිහිපයක්ම එළි දක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ගීත කිහිපයක් රිලීස් කරන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම අලුතින් පොඩි බිස්නස් එකක් පටන් ගන්නත් හිතාගෙන ඉන්නේ. මගේ තීක්ෂණ අනුරාධ කියන යූ ටියුබ් චැනල් එකට තව අලුත් වැඩසටහන් කිහිපයක් එකතු කරන්නත් හිතාගෙන ඉන්නවා.

තීක්ෂණගේ අලුතින් එන්න තියෙන ගීත ගැන කතා කළොත්?

මේ වෙද්දී සිංදු දෙකක වැඩ ඉවරයි. එයින් එකක් දෙසැම්බර් මාසෙ 11 වෙනිදා රිලීස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ සිංදුව නදී ධර්මසිරිත් එක්ක මම සින්ග් කරන්නේ. තව කිහිපයක් ලබන අවුරුද්දේ රිලීස් කරනවා.

වැඩිපුරම ප්‍රතිචාර ලැබුණ ගීත ගැන මතක් කළොත්?

ඇත්තටම මම කියපු සිංදුවලින් එකකට වැඩිපුරම ප්‍රතිචාර ලැබුන කියල කියන්න බැහැ. සඳ රේණු ගලන, ඔබ තරම්, පෙරදාක සුසුමන්, ආයෙත් හඬන්න, සායම් කිරිල්ලී, පමා වූ අතීතේ, බෝඩිම ඒ වගේම මෑතකදි කරපු අවසරයි මට යන්න ඒ හැම සිංදුවකටම එකම විදියෙ ප්‍රතිචාර තමයි ආවේ. ඒ නිසා එකක් තෝරගන්න බැහැ.

ක්ෂේත්‍රයට ආපු කාලෙ තිබ්බ ගීත කලාවයි මේ වෙද්දී තියෙන ගීත කලාවයි අතර වෙනස දකින්නේ කොහොමද?

මම ක්ෂේත්‍රයට ආපු කාලේ අප්ඩේට් එකක් තිබුණේ නැහැ. සිංදුවක් කළත් සංගීත භාණ්ඩ, තාක්ෂණික පහසුකම් අඩුවෙන් තිබුණේ. ඒ වගේම ප්‍රචාරය කරන්න තිබුණේ ටෙලිවිෂන් එකයි රේඩියෝ එකයි විතරයි. ඒත් අද වෙද්දී හාත්පසින්ම වෙනස් තත්ත්වයක් තියෙන්නේ. ටෙක්නොලොජි එක ගොඩක් අප්ඩේට් වෙලා.

මේ වෙද්දි හොඳ මයික්ස්, සොෆ්ට්වෙයාස්, හොඳ රෙකොඩින් ස්ටුඩියෝස්, ප්ලගින්ස් මේ හැමදෙයක්ම තියෙනවා. ඒ නිසා ඒ කාලෙත් එක්ක බලද්දී ගොඩක් වෙනස් ගීත හැදෙන්නේ. ඒක ලොකු අවස්ථාවක්. සිංදුවක් කළාම ඒක ෆෑන්ස්ල අතරට ගෙනියන්නත් තියෙන මාධ්‍ය දැන් වැඩියි. යූටියුබ්, ෆේස්බුක්, ටික්ටොක් වගේ ගොඩක් ෆ්ලැට්ෆෝර්ම්ස් තියෙනවා.

ගීතයක් හදන්න යන වියදම ඒ නිසා හොයාගන්න පුළුවන්. ඒ නිසා කලාකරුවන් අතර තරගකාරීත්වයක් තියෙනවා. හැමෝම හොඳ ප්‍රමිතියක් එක්ක ගීත ලියන්න වොයිස් කරන්න ට්‍රයි කරනවා. ඒක හොඳ තත්ත්වයක්.

දැන් වෙද්දී ගීත ජනප්‍රිය කරන්න විෂුවල් අවශ්‍යමද? තීක්ෂණ දකින්නේ කොහොමද?

ඒ කාලෙ සිංදු මිනිස්සු අතරට ගෙනාවේ ටීවී එකෙනුයි රේඩියෝ එකෙනුයි. රේඩියෝ එකට නම් විෂුවල් ඕන නැහැ. පෙරදාක සුසුමන් ගීතයට විෂුවල් නැහැ. ඒත් ජනප්‍රිය වුණා. ඒත් අද වෙද්දී ෆේස්බුක්, ටික්ටොක් වගේ ෆ්ලැට්ෆෝර්ම්ස් නිසා මේ තත්ත්වය කණපිට හැරිල තියෙන්නේ.

ඕඩියෝ එකයි වීඩියෝ එකයි දෙකම යූස් කරල ගීත ප්‍රචාරය කරන්න පුළුවන්. ගීතය රසවින්දනය තවත් වැඩි කරන්න පුළුවන් විශුවල් එකෙන්. ජනප්‍රිය කරනවටත් වඩා විෂුවල් එකෙකින් තවදුරටත් ගීතය අර්ථවත් වෙනව කියලයි මම හිතන්නේ.

ජීවිතේ ගැන අද වෙනකොට මොකද හිතෙන්නේ?

ජීවිතේ ගැන ආපස්සට හැරිල බලද්දී හරිම සතුටුයි. මම හිටපු තැනයි දැන් ඉන්න තැනයි බලද්දී සෑහෙන්න වෙනසක් තියෙනවා. ඒ ගමනට උදව් කළේ මගේ අම්මා, තාත්තා, අක්කා, බිරිඳ, මගේ යහළුවෝ.

ඒ වගේම මට ආදරේ කරන රසික පිරිස. ඒ අයගේ ආදරේ නිසා තමයි අදටත් ගායකයෙක් විදියට ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ.

පවනි දිලේකා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජීවිතේ ප්‍රශ්න ආවත් ඒ ගැන හිත හිතා දුක්වෙන කෙනෙක් නෙවෙයි මම

May 12, 2025

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?