නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මම විවාහවෙලා දැන් අවුරුදු දාසයක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

මම විවාහවෙලා දැන් අවුරුදු දාසයක්

Published November 18, 2024

වත්සලා දියලගොඩ

එක රැයකින් ජනප්‍රිය වන චරිත කාලයකින් කිසිම සලකුණක් නොතියාම රඟමඬලෙන් බැස ගියත් රඟ පෑ හොඳ චරිත කිහිපයකින්ම රසික රසිකාවියන්ගේ හදවතේ ඉඩක් වෙන්කර ගත් චරිත ඉඳහිට අද රඟපෑවත් තවමත් ඒ හදවත්වලට ඔවුන්ව මතකය’ 2006 වසරේදී ‘කැප්රි ක්වීන්’ වෙමින් ඒ වසරේදීම ඡවි කල්‍යාණිය ද වෙමින් රංගනයට පිවිසි වත්සලා දියලගොඩ ඔබට මතක තියෙන්නේ ඒ අයුරින්ය. වත්සලා අද ආදරණීය දියණියකගේ මවකි. ඇය එදා මෙන්ම සුන්දරව සිටී. මේ ඇගේ කැදැල්ලේ කතාවයි…

වත්සලා මේ දවස්වල මොනවද කරන්නේ?

මේ අවුරුද්දේ මම කෝලං කුට්ටම, ලංසු තියපු මල් ටෙලිනාට්‍ය දෙකේ රඟපෑම් කටයුතු කළා. ශිවගුරුනාදන් අයියා අධ්‍යක්ෂණය කරන ලංසු තියපු මල් ටෙලිනාට්‍යයේ කොටස් කිහිපයක් ෂූට් කරලා මේ දවස්වල නවත්තලා තියෙන්නේ. ඒ වගේම තව කොටස් හැත්තෑවක අලුත් ටෙලිඩ්‍රාමා එකකට සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා. ඒකේ ෂූටින් මේ දෙසැම්බර්වල පටන් ගන්නවා.

ගෙදර වැඩ නිසාද රඟපෑමෙන් ටිකක් ඈත්වෙලා හිටියේ?

ඇත්තටම මම ගොඩක් ස්ටේ‍රස් ගන්න කැමති නැති කෙනෙක්. මගේ බබා පොඩි නිසා මම රංගන කටයුතුවලින් ටිකක් ෆුල් ටයිම් ඈත්වුණා. තෝරබේරගෙන කිහිපයක් විතරක් කළා. ඒත් දැන් බබා ලොකුයි. දැන් මට ඒවට කැපවෙන්න වෙනදට වඩා වෙලාව තියෙනවා. ගෙදරින් බාධාවක් නැහැ.

බබාගේ විස්තර ටිකක් කිව්වොත්…

මට ඉන්නේ දුවෙක්. එයාගේ නම හිතෛශි වෙනායා ගුණසිංහ. එයා ජාත්‍යන්තර පාසලක හය වසරේ ඉගෙන ගන්නවා.

ෂූටින්වලට ගියාම දුව බලාගන්නේ කවුද?

මම නැති වෙලාවට හස්බන් දුව බලාගන්නවා. ඒ වගේම ගෙදර වැඩට කෙනෙක් ඉන්නවා. ඒ නිසා බබා තනිවෙන්නේ නැහැ.

ඔයාගේ අම්මගෙන් ලැබෙන සගයෝගය ගැන කිව්වොත්?

අම්ම ටිකක් කාර්යබහුලයි. දුව පොඩිකාලේ නම් මගේ අම්මයි, හස්බන්ඩ්ගේ අම්මයි බබාගේ වැඩවලට ගොඩක් උදව් කළා. ඇත්තටම දුව පොඩි කාලේ තෝරගත්ත ටෙලිනාට්‍ය කීපයක විතරයි මම වැඩ කළේ. ඒ වැඩ කරන්න පුළුවන්කම ලැබුනේ අම්මයි, හස්බන්ඩ්ගේ අම්මයි නිසා. දැන් දුව ලොකු නිසා මම දුවගෙ වැඩවලට අම්මලාට කරදර කරන්නේ නෑ.

ගෙදර වැඩ කොහොමද බැලන්ස් කරගන්නේ?

ෂූටින් නැති වෙලාවට ගෙදර වැඩ මම කරනවා. දුවගේ වැඩත් කරනවා. දැන් දුව ලොකු නිසා එයා ගොඩක් දේවල් තනියම කරගන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ නිසා මට ගෙදර වැඩවලට ලොකු කලබලයක් නැහැ.

දීර්ඝකාලීන ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නැද්ද?

මම ඊපිසොඩ් ගොඩක් තියෙන ටෙලිනාට්‍යවලටත් සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් දිගයි කියල ඒ හැම ටෙලි නාට්‍යයක්ම ගුණාත්මක බවින් අඩුවුණේ නැහැ. සමහර ටෙලිනාට්‍ය ප්‍රොඩක්ෂන් කොලිටි එකත් තියාගෙන තමයි ටෙලිනාට්‍ය කළේ. ඒත් සමහර ටෙලිනාට්‍ය එහෙම නැහැ.ස්ක්‍රිප්ට් එක ලියන්නෙත් ඒ වෙලාවට. ස්ක්‍රිප්ට් එනකම් ආර්ටිස්ට්ලට සෙට් එකේ පැය ගණන් බලන් ඉන්න සිද්ධ වෙනවා.

එහෙම පැත්තකුත් තියෙනවා. ඒත් දැන් යන සිස්ටම් එක ඒක නිසා ආර්ටිස්ට්ලට හුරුවෙන්න වෙලා තියෙනවා. ඒත් මම පෞද්ගලිකව කැමතියි ස්ක්‍රිප්ට් එක කලින් කියවලා චරිතේ ගැන හොඳ අවබෝධයක් එක්ක රඟපාන්න යන්න. අපි එහෙම කළ නිසා තමයි මිනිස්සුන්ගේ ආදරය තවමත් මට අඩු නැතුව ලැබෙන්නෙ.

චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

චිත්‍රපටයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒක ලබන අවුරුද්දේ වගේ තියේවි. එහෙම වුණොත් ඒක මගේ පළවෙනි චිත්‍රපටය වෙයි.

ඉස්සර වගේම තාමත් වත්සලා ලස්සනට ඉන්නේ කොහොමද?

මම හිතන්නේ තමන් තමන්ව අතාරින්න හොඳ නැහැ. කසාද බැන්ද, දරුවො හැදුවා කියල අපිව අතාරින්න හොඳ නැහැ. දරුවෝ හිටියත් අපිට කියන්න බැහැ එයාල අපි වෙනුවෙන්ම ඉදී කියලා. එහෙම හිතන එක හරිම ආත්මාර්ථකාමී හැඟීමක්. ඒ නිසා තමන්ගේ සතුට තමන්ම හොයාගන්න ඕන.

තමන්ගේ වගකීම් එක්ක තමන් ගැනත් හිතල වැඩ කරන්න අමතක කරන්න හොඳ නැහැ. මම වර්කවුට් කරනවා. මගේ ස්කින් රූටින් එක කඩන්නෙ නැතුව කරන් යනවා. ඒ නිසා වයස මට අදාළ නැහැ.

හස්බන්ඩ්ගෙන් ලැබෙන සහයෝගය කිව්වොත්…

හස්බන්ඩ් ගොඩක් කාර්යබහුලයි. ඒත් දුවගේ වැඩවලට ලොකු සපෝර්ට් එකක් එයාගෙන් ලැබෙනවා. දුව තමයි එයාගේ අංක එක. දුව ලැබුණ දවසේ ඉදන් අද වෙනකම්ම දුවට එයා හොඳ තාත්ත කෙනෙක්.

දුවගැන මොන වගේ බලාපොරොත්තුවක්ද තියෙන්නේ?

මගේ දුව ඉගෙනීමට වගේම චිත්‍ර අඳින්න ඩාන්ස් කරන්න සින්දු කියන්න දක්ෂයි. හැම පැත්තකින්ම ටැලන්ට් එක තියෙනවා. මම කිසිම දේකට බලකරන්නෙ නැහැ. එයා යන්න කැමති පැත්ත අනාගතයේදී තෝරගනීවි. එතනදි පිටිපස්සෙ ඉදන් හයියක් වෙන්නයි මගේ අදහස.

දුව වැඩියෙන්ම එකතු කාත් එක්කද?

දුව මමයි හස්බන්ඩ්නුයි දෙන්න එක්කම ක්ලෝස්. මට එයා හොඳ යාළුවෙක් වගේ. මගේ දුකක් වුණත් සතුටක් වුණත් එයා එක්ක ශෙයා කරගන්න දැන් මට පුළුවන්.

ජීවිතේ ගැන මොන වගේ අදහසක්ද අද ඔයාට තියෙන්නේ?

අපි හිතනවට වඩා අපේ ජීවිතේ කාලයත් එක්ක වෙනස් වෙනවා. අපි තරුණ කාලේ හිතන විදිය නෙමෙයි මැදිවයසට එනකොට හිතන්නේ. වයසට ගියාම ඊටත් වඩා හිතන විදිය වෙනස් වෙයි. කලාව පැත්තෙන් මම 2005 ඉදන් ආපු ගමනක් මේක. ඒ කාලය ඇතුළත දුක වගේම සතුටත් තිබුණා. විවාහ වෙලා දැන් අවුරුදු දාසයක්.

හැමදෙයක්ම දරාගෙන අදටත් මම හොඳින් ඉන්නවා. මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු නැහැ. මට අවශ්‍ය දේවල් හිතනවටත් වඩා ඉක්මනට මට ලැබුණා. ඒ නිසා ලොකු දුකක් ජීවිතේ මම විඳලා නැහැ. මම ඇත්තටම තියෙන දෙයින් සතුටු වෙන කෙනෙක්. ඒනිසා ජීවිතේ සතුටින් මානසික සුවයෙන් ගතකරන්නයි මට ඕනේ.

හරින්දී ලියනගේ ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love3
Sad0
Happy0
Sleepy1
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?