නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: විශ්වට හොඳ ප්‍රතිචාර ලැබෙනවා – මේඝ සූරියආරච්චි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

විශ්වට හොඳ ප්‍රතිචාර ලැබෙනවා – මේඝ සූරියආරච්චි

Published November 4, 2024

මේඝ සූරියආරච්චි බොහෝ දෙනෙක් මුලින්ම හඳුනගත්තේ ඔහු අධ්‍යක්ෂණය කළ ‘මැරීන් ඩ්‍රයිව්’ සිනමා නිර්මාණය හරහා. නමුත් විවිධ හේතූන් මත මේ නිර්මාණය තිරගත කිරීමට කල් ගතවුණා. නමුත් මේ දිනවල මේඝව ඊටත් වඩා ප්‍රේක්ෂකයෝ හඳුනන්නේ ‘මන්දාරා’ චිත්‍රපටියේ ‘විශ්ව’ චරිතය නිසා. ඒ වගේම පහුගිය දවසක ඔහු මිස්ටර් වර්ල්ඩ් තරගය වෙනුවෙන් ලංකාව නියෝජනය කරමින් තේරී පත්වුණා. මේ අප මේඝ සමඟ කළ සාකච්ඡාවක්.

මේඝ කොහොමද මේ දවස්වල වැඩකටයුතු?

මේ දවස්වල වැඩකටයුතු හොඳින් සිද්ධ වෙනවා. රංගනයෙන් දායක වුණ චිත්‍රපටි කිහිපයකමත් වැඩකටයුතු සියල්ලම අවසන්. මම අධ්‍යක්ෂණය කරපු මැරීන් ඩ්‍රයිව් චිත්‍රපටිය Derana Film Festival  එකේ Cinema of Tomarrow කාණ්ඩයට අනිර්දේශ වෙලා තියෙනවා. ලබන සතියේ මිස්ටර් වර්ල්ඩ් තරගාවලියට සහභාගී වෙනවා. ඒ නිසා තරමක් කාර්යබහුලයි.

අපි කතා කරමු මිස්ටර් වර්ල්ඩ් තරගාවලිය ගැන

මේ පැජන්ට් එක තියෙන්නේ වියට්නාමෙ. ලංකාව නියෝජනය කරන්න මෙහේ තිබුණ තරගයෙන් මං තේරුණා. නොවැම්බර් 23 වෙනකල්ම පැජන්ට් එකේ එක එක ඉවෙන්ට්ස් තියෙනවා. මිස්ටර් වර්ල්ඩ් එකට මාව සූදානම් කරන්නෙ මොඩ්ල් ෂොප් ආයතනය. එහි ප්‍රවීණ පුහුණුකරුවන් කිහිපදෙනෙක්ම මාව පුහුණු කරවනවා.

කොහොමද මන්දාරා චිත්‍රපටියට ලැබෙන ප්‍රතිචාර?

මන්දාරා රූගතකිරීම් ඉවර කරන්නෙත් කොවිඩ්වලට කලින්. ප්‍රධාන චරිතයකින් මං රංගනයට ආවේ සිනේමා සහ මන්දාරා හරහා. මේ චිත්‍රපටිය ප්‍රේක්ෂකයන් ඉතාම ආදරෙන් වැළඳගෙන තියෙනවා.

දැන් දින 100ට ළං වෙනවා තිරගත කිරීම් කරලා. දවස් 100ක් සිංහල චිත්‍රපටියක් දුවවනවා කියන එක ලේසි වැඩක් නෙවේ. ‘විශ්ව’ කියන චරිතය ගොඩක් මිනිස්සුන්ට ළඟ චරිතයක් කියලා මට ලැබෙන ප්‍රතිචාරවලින් තේරුම්ගන්න පුළුවන්.

කොහොමද මේ නිර්මාණයට ආරාධනා ලැබෙන්නෙ?

මට මේකෙ ඔඩිෂන් එකට කතා කළා. ඔඩිෂන්ස් වට නවයකට මම සහභාගී වුණාට පස්සෙයි ප්‍රියන්ත කොළඹගේ මහත්මයා මේ චරිතයට මාව තෝරගත්තේ. මම ඔහුට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. මොකද ප්‍රියන්ත කොළඹගේ කියන්නෙ අලුත් රංගන ශිල්පීන්ගේ හැකියා හොඳින් උකහාගන්න සහ ඔවුන්ගෙන් හොඳ වැඩක් ගන්න ඉතාම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්.

‘මැරීන් ඩ්‍රයිව්’ හරහා තමයි මේඝ සූරියආරච්චිව බොහෝදෙනෙක් අඳුනගන්නේ. ඇයි මේ නිර්මාණය මෙතරම් ප්‍රමාද?

අපි මේ චිත්‍රපටියේ රූගතකිරීම් ඉවර වෙන්නෙ කොවිඩ් පටගන්න ඔන්න මෙන්න තියලා. ඒත් එක්කම කොවිඩ් එක්ක ආපු අභියෝග එක්ක තමයි මේ චිත්‍රපටියේ වැඩ සියල්ලම අවසන් කරන්නේ. වැඩ සේරම ඉවර කළත් එළියට දාන්න ප්‍රශ්නයක් ආවා. මොකද මාකට් එකට එකපාරට මේ තත්ත්වය උඩ චිත්‍රපටියක් එළියට දාන්න බෑ.

මේ දේවල් නිසා තමයි මැරීන් ඩ්‍රයිව් පස්සට ගියේ. නමුත් දැන් මං හිතනවා ඒක රිලීස් කරන්න හොඳම වෙලාව මේක කියලා. මේක ලංකාවේ චිත්‍රපටිවලට හොඳ තැනක් හැදෙමින් පවතින කාලයක්.

මේක මොන ශානරයේ කතාවක්ද?

මේක ඇක්ෂන් ත්‍රිලර් ගනයට අයිති වෙන සිනමාපටයක්.

රංගන ශිල්පියෙක්, අධ්‍යක්ෂකවරයෙක් වෙන්න කලින් ඔබ නිරූපණ ක්ෂේත්‍රයේද නියැළුණේ?

නෑ. ඕක ගොඩක් අය මං ගැන වැරදියට හිතන් ඉන්න දෙයක්. මම මුලින්ම නිරූපණ ශිල්පියෙක් නෙවෙයි. මම අධ්‍යක්ෂණය තමයි පොඩි කාලෙ ඉඳලම හැදෑරුවේ. දැනෙන තේරෙන වයසෙ ඉඳන් මම අධ්‍යක්ෂණයට බොහොම ආදරේ කළ කෙනෙක්.

ඒ වගේම පුංචි කාලෙ වෙළඳ දැන්වීම් කිහිපයක පෙනී ඉඳලා තියෙනවා. මිස්ටර් වර්ල්ඩ් තරගාවලියට එනකල් මම කවදාවත් මොඩ්ලින් රෑම්ප් එකක ඇවිදලා තිබුණේ නෑ.

ඒකත් ඇත්තටම අභියෝගයක් විදිහට මං බාරගත්තු දෙයක්. මං හැමතිස්සෙම හිතන දෙයක් තමයි ලංකාව නියෝජනය කරනවා නම් යම්කිසි ස්ටෑන්ඩඩ් එකකින් යුතුව ඒ දේ කළ යුතුයි කියලා.

ඒ නිසා මම මගේ රංගනය, අධ්‍යක්ෂණය කියන කොම්ෆර්ට් සෝන් එකෙන් එළියට ගිහින් නිරූපණයත් තෝරගත්තා. මොකද මං විශ්වාස කළා මට ඒ පැත්තෙනුත් ලංකාව වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් කියලා. නිරූපණ ශිල්පියෙක් විදිහට නාමල් බාලචන්ද්‍ර සන්නාමය යටතේ වැඩ කරලා තියෙනවා.

ඇයි මෙතරම් අධ්‍යක්ෂණයට ආස වුණේ?

මගේ තාත්තා කපිල සූරියආරච්චි. ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වුණත් අධ්‍යක්ෂකවරයෙක් වගේම කලාවට බොහොම ඇලුම් කරන කෙනෙක්. ඒ පසුබිමේ මට දකින්න ලැබුණු දේවල් එක්ක මම නිරතුරුවම අධ්‍යක්ෂණයට ප්‍රිය කළා.

ඊටපස්සෙ මම ඒ ගැන තනියම ඉගෙනගත්තා. කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමාව සම්බන්ධ උපාධියක් අවසන් කරලා මාස්ටර් එක කොළඹ විශ්වවිද්‍යාලයේ කරනවා. මම හදාරන විෂය වගේම මම විසිටින් ලෙක්චරර් කෙනෙක් විදිහට උගන්නන්නෙත් ඔය විෂය.

මුල්ම චිත්‍රපට රංගනය ගැන සඳහනක් කළොත්?

මම මුලින්ම චිත්‍රපටයක් හරහා රංගනයට පිවිසියේ ජෝ අබේවික්‍රම මහත්මයා සමඟ ප්‍රතිරූ චිත්‍රපටියේ පොඩි කොටසකින්.

ශරීරය හොඳින් පවත්වගන්න මොනවගේ කැපකිරීමක්ද කරන්නෙ?

මම පාසල් ගියේ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට. ඒ කාලෙ ෆුට් බෝල් සහ හොකීවලින් ජාතික සහ ජාත්‍යන්තර තල නියෝජනය කරලා තියෙනවා. ඊට අමතරව තවත් ක්‍රීඩා කළා. ඒ නිසා මම නිතරම මගේ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වුණ කෙනෙක්.

ඒ මේන්ටේන් කරපු බොඩි එකත් එක්ක රංගනයට ආවම වෙනම විදිහටකට බොඩි එක මේන්ටේන් කරගෙන යන්න අවශ්‍යයි. මොකද චරිතෙට අනුව ඇඟ හදාගන්න ඕන. ඒ වගේම මොඩ්ලින් කම්පෙටිෂන්වලදි ඊටත් වඩා වෙනස් ඇඟක් හදාගන්න ඕන. මේ හැමදේටම ව්‍යායාම සහ කන බොන විදිහ බලපානවා. මම ඩයට් ප්ලෑන්ස් අනුගමනය කරනවා.

මේඝ හිතනවද නළුවෙක් වුණාම අනිවාර්යයෙන්ම තමන්ගෙ ඇඟ මේන්ටේන් කරගැනීම අත්‍යවශ්‍යයි කියලා?

නළුවෙක්ට ශරීරය මේන්ටේන් කරන එක අනිවාර්යය දෙයක් කියලා මං හිතනවා. මොකද හොඳට හදාගත්ත ඇඟක් කියන්නෙ පෙනුමම විතරක් නෙවේ. අපි ඇඟක් මේන්ටේන් කරගන්න ඕන ලස්සනට සික්ස් පැක්ස් එක්ක පෙන්නගන්න ඕනවට නෙවේ. ඒක තමන්ගෙ රාජකාරියට අමතරව වෙන්න ඕන දෙයක්. නමුත් නළුවෙක් අනිවාර්යයෙන්ම තමන්ගේ ෆිට්නස් එක මේන්ටේන් කරගන්න ඕන.

වේදිකා නාට්‍ය නළුවෙක් ගත්තොත් ඔහු හෝ ඇය පැය ගාණක් එක දිගට රඟපානවා. නටනවා, සින්දු කියනවා. මේ හැමදේටම ෆිට්නස් අවශ්‍යයි. ඉතින් ඒ නිසා ශරීර සෞඛ්‍ය යහපත්ව තිබුණෙ නැත්නම් ඒක තමන්ගෙ චරිතෙට, නිර්මාණයට, සමස්ත කාර්ය මණ්ඩලයටම වගේම කාලයටත් බලපානවා. ඇඟක් මේන්ටේන් කරන එක කාර්යබහුලත්වයත් එක්ක ලේසි නෑ. නමුත් පොඩි හෝ වෙලාවක් වෙන් කරගෙන ඒ දේ කළ යුතුයි.

නිදහස් වෙලාවට මේඝ මොනවද කරන්නෙ?

මට නිදහසක් ලැබෙන්නෙ හරි අඩුවෙන්. විශේෂයෙන් මේ දවස්වල. නිදහසක් ලැබුණොත් කරන්නෙ ෆිල්ම්ස් බලන එක.

එරංදි කෞශල්‍යා ✍️
 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love6
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?