නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දැන් මගේ ලෝකයම පුතා – අංජුලා රාජපක්ෂ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

දැන් මගේ ලෝකයම පුතා – අංජුලා රාජපක්ෂ

Published October 28, 2024

රංගන ජීවිතයට ප්‍රවිෂ්ට වූ දින සිට මේ දක්වා ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබාගැනීම රංගන ශිල්පිනියකට අතිශය වැදගත් වෙනවා. ඉතින් ප්‍රේක්ෂක ආදරය තව තවත් වැඩිපුර ලබමින් ජීවිතය සැහැල්ලුවෙන් වගේම සතුටින් ගතකරන නිළියක් තමයි අංජුලා රාජපක්ෂ කියන්නේ. පුංචි තිරයේ විවිධ දස්කම් පාමින් ප්‍රේක්ෂක ආදරය ලබන ඇය මේ වෙද්දි පුංචි පුතෙකුගේ ආදරණීය මවක්. ඉතින් ඇය ඇගේ පුංචි පුතත් සමග නවලියට කතාකරන්න එකතු වුණා.

කොහොමද මේ දවස්වල ජීවිතය?

මේ දවස්වල නම් ගෙදර වැඩ, බබාගේ වැඩ, ෂූටින් වැඩ එක්ක ජීවිතය ගෙවීගෙන යනවා.

අංජුලා රංගන ජීවිතයට ප්‍රවේශ වුණේ කොහොමද?

ඇත්තෙන්ම මම මුලින්ම රංගනයෙන් දායක වෙන්නේ විෂුවල්ස්වලට. චානුක සමරසිංහ අයියාගේ ආරාධනාවෙන් තමයි මම මුලින්ම විෂුවල්ස්වලට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ 2000 අවුරුද්දෙදි තමයි මම මුලින්ම ටෙලි ඩ්‍රාමා එකකට රංගනයෙන් දායක වුණේ. එදා ඉඳලා අද වෙනකල්ම කලා ක්ෂේත්‍රයේ විවිධ වැඩ කටයුතුවලට දායක වෙමින් රසිකයන්ගේ ආදරේ දිනාගන්න මට හැකි වෙලා තියෙනවා.

මේ දවස්වල අංජුලා රංගනයෙන් දායක වෙන ටෙලි නාට්‍ය මොනවද?

මම මේ දවස්වල ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වෙන පාරාදීසේ ටෙලි නාට්‍යය වෙනුවෙන් මගේ රංගන දායකත්වය ලබාදෙනවා.

ඔබේ ආදරණීය ස්වාමිපුරුෂයා ගැනත් කතාකරමු…

ඇත්තෙන්ම මීට කාලයකට කලින් ඔහු විදේශගත වුණා. අවුරුද්දකට සැරයක් එයා ලංකාවට එනවා. ඉතින් ඒ ආපු කාලයට මාත් එක්ක, අපේ බබාත් එක්ක සතුටින් කාලය ගතකරලා යනවා.

ඔහුත් කලාකරුවෙක් නිසා කලා ක්ෂේත්‍රය ගැන ඉතාම හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසාම මගේ කලා කටයුතුවලටත් එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඇත්තෙන්ම ඔහු විදේශ රටක හිටියත් කලා කටයුතුවලට විතරක් නෙවෙයි, ගෙදර වැඩකටයුතු වගේම අපේ බබාගේ වැඩ කටයුතුවලදිත් ඔහුට පුළුවන් උපරිමයෙන්ම මට සහාය දෙනවා.

අද වෙද්දී අංජුලා කියන්නේ පුංචි පුතකුගේ ආදරණීය මවක්, කොහොමද බබාත් එක්ක ගතවෙන ජීවිතය?

ඔව්, මගේ පුතා සනිජ වීරකෝන්. එයාට දැන් වයස අවුරුදු තුන හමාරක්. මේ වෙද්දි එයා පෙර පාසල් යනවා. ඇත්තෙන්ම අම්මා කෙනෙක් විදියට බබාත් එක්ක ගෙවන ජීවිතය කාර්යබහුලයි. ඒ වගේම තමයි හරිම විනෝදයි. ඉතින් දවසින් දවස මම එයාව අධ්‍යයනය කරනවා. මොකද එයා ලොකු වෙද්දි එයාගේ සිතුම් පැතුම්, හැසිරීම් අලුත් වෙනවා. වෙනස් වෙනවා. ඒ නිසා මම එයා වෙනුවෙන් තමයි වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ.

ඉතින් මගේ වෘත්තීය ජීවිතයේ, පවුල් ජීවිතයේ වැඩකටයුතු කර ගන්න අතරම මම මගේ මූලික අවධානය දෙන්නේ දරුවාට. මොකද දරුවකුගේ ළමා කාලය ආපහු ගන්න බැහැනේ. ඒ නිසා එයා කරන කියන හැම වැඩකදීම මම එයා එක්ක ඉන්න තමයි බලන්නේ. සමහර වෙලාවට නම් ටිකක් මහන්සියි. ඒත් බබා එක්ක ගෙවන කාලය හරිම රසවත් වගේම සුන්දරයි.


බබා ලැබුණට පස්සේ රංගන වැඩකටයුතුවලින් විවේකයක් ගත්තද?

මම එහෙම රංගන වැඩකටයුතුවලින් විවේකයක් ගත්තේ නැහැ. ඇත්තටම මම බබා ලැබෙන්නේ සති දෙකකට කලින් තමයි මගේ ෂූටින් නතර කළේ. ඒ වගේම බබා ලැබිලත් මාස දෙකකට විතර පස්සේ මම නැවත සුපුරුදු විදියට ෂූටින්වලට ගියා.

දරුවා මොනවගේ ක්ෂේත්‍රයකින් ඉදිරියට යනවා දකින්නද කැමති?

ඇත්තටම දරුවා මොනවගේ ක්ෂේත්‍රයක් එයාගෙ අනාගතය වෙනුවෙන් තෝරාගනීවිද කියලා මම තවම හිතලා නැහැ. දරුවා කැමති ක්ෂේත්‍රයක් තෝරාගෙන ඉදිරියට ගිහින් එයා කැමති විදියේ ජීවිතයක් ගතකරන්න එයාට උපරිම නිදහස තියෙනවා. ඇත්තටම දෙමව්පියෝ විදියට අපි දෙන්නම කැමති හොඳ ගුණධර්මවලින් පිරුණු සමාජයට වැඩදායී මනුස්සයෙක් විදියට අපේ දරුවා සමාජගත වෙනවා දකින්න.

ඒ වෙනුවෙන් අවශ්‍ය මූලික අඩිතාලම අපි එයාට ලබාදෙනවා. ඉතින් ඒ දේවල් එක්ක එයාගේ අනාගතය ලස්සනට ගොඩනැගේවි. ඇත්තටම අපි අපේ හීන දරුවාගෙන් සපුරාගන්න හිතන්නේ නැහැ. ඒ නිසා එයා කැමත, එයා දක්ෂ මොනවටද ඒ දේවල් වෙනුවෙන් දෙමව්පියෝ විදියට අපේ උපරිම උදව් එයාට ලබා දෙනවා.

ආදර්ශවත් පවුල් ජීවිතයක් ගත කරන ගමන් බබාගේ වැඩ, වෘත්තීය වැඩකටයුතු මේ හැමදේම සාර්ථකව සිදුකරන්නේ කොහොමද?

මූලිකම දේ තමයි මගේ ජීවිතයේ කිසිම කලබලයක් නැහැ. මගේ ජීවිතය එදා ඉඳලා අද වෙනකල් අවශ්‍ය කාලයේ අවශ්‍ය දේවල් එක්ක ජීවත් වෙන්න මම පුරුදු වෙලා තියෙනවා. අනිත් කාරණය තමයි මම වෙලාවට වැඩ කරන කෙනෙක්. ඒ වගේම ජීවිතයේ අපිට ලැබෙන අත්දැකීම් එක්ක වයසින් මුහුකුරා යද්දී දරාගැනීමේ ශක්තියත් වැඩි වෙනවා. ඉතින් ඒ හැමදේම එක්ක මම මගේ ජීවිතේ හැම දෙයක්ම බැලන්ස් එකේ ලස්සනට කරගෙන යනවා.

බබාත් එක්ක මේ හැම වැඩක්ම කරද්දි පවුලේ අයගෙන් මොනවගේ සහයක්ද ලැබෙන්නේ?

ඔව් හස්බන්ඩ් විදේශගත වෙලා නිසා මමයි, අම්මියි, පුතයි තමයි මෙහේ ඉන්නේ. අපේ ගෙදර සේවකයෝ කවුරුත්ම නැහැ. මම මගේ වැඩවලට යන්නේ දරුවාට ඕන කරන හැමදේම පිළිවෙළකට සකස් කරලා. ඉතින් මම වැඩවලට ගිය වෙලාවට අම්මි තමයි පුතාව පරිස්සමට බලා ගන්නේ. ඇත්තෙන්ම ඒ දේ මට ලොකු සහයක්

ඔබේ රංගන දායකත්වය තවමත් ලබාදීමට නොහැකි වුණු, නමුත් ඔබ රඟපෑමට ආසාවෙන් ඉන්න චරිතයක් තියෙනවද?

එහෙම නැහැ. මට ලැබෙන චරිතය මට ගැළපෙනවා නම් ඒ දේ වෙනුවෙන් උපරිම සාධාරණය ඉෂ්ට කරන්න මම හැම වෙලාවෙම උත්සාහ කරනවා. ඒ නිසා මම නොලැබෙන දේවල් ගැන හිතන්න යන්නේ නැහැ.

හැමෝම අංජුලාව දකින්නේ ලස්සනට හිනාවෙලා සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක් විදියට. කොහොමද ඒ විදියට ඉන්නේ?

මගේ ජීවිතේ මම කැමතිම හිනාවෙලා සතුටින් ඉන්න. ඒ වගේම තමයි හැමෝම කැමතියි හිනාවෙලා සතුටින් ජීවත්වෙන්න. ඉතින් ඒ හැමෝම හිනාවෙලා සතුටින් ඉන්න ගමන්ම අනිත් අයගේ සතුට සැනසීම නැතිකරන කෙනෙක් වෙන්න හොඳ නැහැ. මම කවමදාවත් තවත් කෙනකුගෙ සතුට සැනසීම නැතිකරලා නැහැ. එහෙම කරන්නෙත් නැහැ. මොකද සතුටෙ, සැනසීමේ තියෙන වටිනාකම මම දන්නවා.

මේ හැම වැඩක් එක්කම මොනවද අංජුලාගේ අනාගත බලාපොරොත්තු?

ඔව් වෘත්තීමය පැත්තෙන් ගත්තොත් කලා කටයුතු මේ විදිහටම සාර්ථකව ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මගේ ලොකුම බලාපොරොත්තුව මගේ දරුවාට හොඳ අනාගතයක්, හොඳ වටපිටාවක්, හොඳ සමාජයක් ගොඩනගන එක. ඉතින් ඒ දේවල් එක්ක හැමදාම නිදහසින්, සතුටින්, හිනාවෙලා ඉන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ

ටෂ්මි ගමගේ ✍️


















 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love3
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?