නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අද සුලබව කරන ප්ලාස්ටික් ශල්‍යකර්ම
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

අද සුලබව කරන ප්ලාස්ටික් ශල්‍යකර්ම

Published September 30, 2024

ප්ලාස්ටික් සැත්කම් යන වචනය ග්‍රීක භාෂාවේ ‘Platicos’ එහෙම නැත්නම් අඹනවා යන අර්ථයෙන් බිඳී තිබෙනවා. නමුත් ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ ඉතිහාසය ගැන සඳහන් කරනවා නම් මෙය ඉන්දියාවේ ‘සුශ්‍රැත’ නම් ආයුර්වේද වෛද්‍යවරයා විසින් ආරම්භ කළ බැව් වාර්තා වනවා. ක්‍රි.පූ. 6 වන සියවසේ පටන් ඉන්දියාවේ ප්ලාස්ටික් සැත්කම් කළ බවට වාර්තා වෙනවා. අදටත් මෙම සුශ්‍රැත ආයුර්වේද වෛද්‍යවරයා විසින් හඳුන්වා දුන් ප්ලාස්ටික් සැත්කම් ක්‍රමවේදය අනුගමනය කරන අතර රෝගියකුට ප්‍රතිකාර කරන විට බටහිර ප්ලාස්ටික් සැත්කම් ක්‍රමවේදයට වඩා මෙම පෙරදිග ප්ලාස්ටික් සැත්කම් ක්‍රමවේදය අනුගමනය කිරීම සිදුවනවා.

ප්ලාස්ටික් සැත්කමක් කියන්නේ කුමක්ද?

ප්ලාස්ටික් සැත්කමක් මගින් යම් රෝගියකුට අවශ්‍ය හොඳම දේ ලබාදීම සිදුවනවා. මෙතැනදී රෝගියා වඩාත් වැදගත්. රෝගියාගේ අදහස්, අවශ්‍යතාවයන් අනුව සැත්කම සිදුවනවා. ප්ලාස්ටික් සැත්කම් සුදසුකම් ලත් වෛද්‍යවරයකු විසින් සිදුකරන අතර ප්ලාස්ටික් සැත්කම් වෙනුවෙන් වූ විශේෂඥ වෛද්‍යවරයකු ඒ වෙනුවෙන් වසර අටක පමණ පුහුණුවක් ලබනවා. මේ පුහුණුව සමග වෛද්‍යවරයාගේ හැකියාව, නිර්මාණශීලීත්වය වගේම රෝගියකුට අවශ්‍ය දේ ඇතුළත් කිරීම වගේම අනවශ්‍ය දේ ඉවත් කිරීම පිළිබඳ වෛද්‍යවරයාගේ හැකියාවත් සංවර්ධනය වනවා.

ප්ලාස්ටික් සැත්කම් සිදුකරන අවස්ථා මොනවාද?

ප්ලාස්ටික් සැත්කම් කිරීමේදී සීමාවක් නැහැ. උදාහරණයක් ලෙස දරුවකු ගර්භාෂයේ සිටින අවස්ථාවේ පටන් යම් පුද්ගලයකු මරණයට පත්වන තෙක් පමණක් නොව, මරණයෙන් පසුවත් ප්ලාස්ටික් සැත්කම් සිදුකිරීමට පුළුවන්. සංජානනීය හෙවත් උපත් ආබාධ සහිතව උපත ලැබුවත් එවැනි අඩුපාඩු ප්ලාස්ටික් සැත්කම් මගින් සකස් කරන්න පුළුවන්. තොල, තල්ල වැනි ප්‍රදේශයන්හි ඇති විකෘතිතාවන් වගේම ස්නායු ඇදීම නිසා සිදුවන ‘උරහිස් පතානය’ වැනි රෝග තත්ත්වයන්ටත් ප්ලාස්ටික් සැතකම් දැන් හොඳම විකල්ප විසඳුම වී තිබෙනවා.

■ උපතට පෙරාතුව වගේම උපතට පසු ළදරු අවස්ථාවේදී මෙවැනි දුර්වලතාවන් නැවත සකස් කරනවා සේම, බාල කාලයේදී කිරීමට අපහසු වුණ ශරීර අඩුපාඩු වැඩිහිටි වියේදී සකස් කිරීමටත් ප්ලාස්ටික් සැත්කම් භාවිත කිරීමට පුළුවන්.

■ අද හදිසි අනතුරු නිසා බොහෝ දෙනෙකුගේ ජීවිත හානිවනවා. ඒ වගේම තමන්ගේ අවයවයන්ට හානි සිදුවනවා. එවැනි අවස්ථාවකදී ප්ලාස්ටික් සැත්කම් මගින් හානි වුණ අවයවයන් නැවත ශල්‍යකර්මයක් මගින් නිවැරදි ලෙසින් සකස් කරගැනීමට හැකියාව තිබෙනවා. මුහුණ, නහය වැනි අවයවයන්ට සිදුවන හානි වගේම ඇඟිලි අහිමිවීම, උරහිසෙන් පහළ පණ නැතිවීම වැනි ආපදාවන්ට පත්වුණ රෝගීන්ට නැවත ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතය ගතකිරීමට අවශ්‍ය හැකියාව මෙම සැත්කම් මගින් ලබාදීමට පුළුවන්.

පිලිස්සුම් තුවාල

■ යම් අවස්ථාවක පිලිස්සීමකට පත් පුද්ගලයකුගේ ජීවිතය බේරුනත්, පිලිස්සුම් තුවාල සහිත සම නිසා ඒ පුද්ගලයා මහත් මානසික පීඩාවකට පත්වනවා. එවැනි රෝගීන්ගේ සම ප්ලාස්ටික් සැත්කම් මගින් සකස් කරන්න පුළුවන්. මියගිය පුද්ගලයන්ටත් ප්ලාස්ටික් සැත්කම් කරන බව මම මුලින් සඳහන් කළා. මියගිය පුද්ගලයන්ගේ සම අරගෙන පිලිස්සුම් තුවාල සහිත රෝගීන්ට බද්ධ කිරීමත් අද සිදුවනවා.

පිළිකා රෝගීන්ට

■ පියයුරු පිළිකා නිසා පියයුරු අහිමි කාන්තාවන් වෙනුවෙන් උදරයේ තෙල් තට්ටුව පියයුරුවලට මාරුකිරීමට මගින් පියයුරු නැවත සකස් කරන්න පුළුවන්.

■ ඉරුවාරදය ඇති රෝගීන්ට ඖෂධීය ප්‍රතිකාර ලබාදුන්නත් සුව නොවන තත්ත්වයක් තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල මිග්රේන්

රෝගීන් වෙනුවෙන් ප්ලාස්ටික් සැත්කම් මගින් ඔවුන්ගේ රෝග අපහසුතාවට විසඳුම් ලබාදීම සිදුවනවා. මෙය අපේ රටේත් ආරම්භ කිරීමට සූදානම්.

■ ඒ වගේම දිගු කාලයක් රෝගාතුරව එක්තැන්ව සිටින රෝගීන් වෙනුවෙන් ප්ලාස්ටික් සැත්කම් භාවිත කිරීමට පුළුවන්.

■ සංක්‍රාන්ති ලිංගිකයන්ට ප්ලාස්ටික් සැත්කම් මගින් තමන්ගේ අවයව වෙනස් කරගැනීමට පුළුවන්.

■ උදරයේ තෙල් ඉවත් කිරීමත් දැන් ප්ලාස්ටික් ශල්‍යකර්ම මගින් සිදුකරන තවත් සත්කාරයක්. මෙහිදී අදාළ පුද්ගලයා තෙල් ඉවත් කිරීමට සුදුසු අයෙක්ද, කොපමණ තෙල් ප්‍රමාණයක් ඉවත් කළ යුතුද? තෙල් ඉවත් කිරීම නිසා සංකුලතාවන් ඇතිවෙයිද? වැනි කරුණු සියල්ලම සොයා බැලීමෙන් පසුව අදාල ශල්‍යකර්මය කිරීමට තීරණය කරනවා.

රෝගාබාධ සඳහා පමණක් නොවේ…

■ ප්ලාස්ටික් සැත්කම් රෝගාබාධ වෙනුවෙන් පමණක් සීමා වී නැහැ. අද වනවිට මානුෂීය හේතුන් මත ප්ලාස්ටික් සැත්කම් සිදුවනවා. ලස්සනට ඉන්න කවුරුත් කැමැතියි. නමුත් විවිධ හේතුන් නිසා අපේ පෙනුමට බාධාවන් ඇතිවුණොත් එය මානසිකව දරාගෙන ජිවත්වීම වෙනුවට ප්ලාස්ටික් සැත්කම් මගින් නවැත සකස් කරගැනීමට දැන් වෛද්‍ය තාක්ෂණය දියුණුයි. මුහුණේ පෙනුම ගැන බොහෝ දෙනාට ප්‍රශ්න ඇත. නිකට, බෙල්ල, කන වැනි අවයවයන්හි පිහිටීම නිසා පෙනුම අවලස්සන වී තිබෙන්න පුළුවන්.

■ ඒ වගේම ජීව විද්‍යාත්මක වයස සමග අපේ පෙනුම වෙනස් වනවා. සම රැළි වැටෙනවා. සමහර විට වයසටත් වඩා වයස්ගත පෙනුමක් ඇති වෙන්න පුළුවන්. වයස සමග මේ අන්දමින් වෙනස්කම් සිදුවුණත් සමාජයේදී එවැනි අයට වැඩි ආකර්ශනයක් ලැබෙන්නේ නැහැ. එය ඔවුන්ගේ පෞරෂයට හානියක්. නමුත් ප්ලාස්ටික් සැත්කම් මගින් එල්ලා වැටී ඇති සම නැවත සකස් කරගැනීමට, මුහුණේ වයස්ගත පෙනුම අඩු කරගැනීමට හැකියාව තිබෙනවා.

ප්ලාස්ටික් ශල්‍යකර්ම ඉතාම ආරක්ෂිතයි

ප්ලාස්ටික් ශල්‍යකර්ම ඉතාම ආරක්ෂිතව සිදුකරනවා. එය බොහොම සියුම් ශල්‍යකර්මයක් බැවින් කාලය ගතවනවා. රුධිරනාල අවට කරන සැත්කමක් නිසා ඉතාම බැරූරුම් කාර්යයක්. නමුත් රෝගියාගේ ආරක්ෂාව ගැන වගකීමෙන් අදාළ ශල්‍යකර්මය සිදුකරනවා වගේම ශල්‍යකර්මයෙන් පසුව රෝගියා අතහැර දැමීමක් සිදුවන්නේ නැහැ. පටක බද්ධ කළ හෝ ශල්‍යකර්මය සිදුකළ කැළැල නොපෙනෙන ස්වභාවයට පත්වන තෙක් ඒ ගැන පසු ප්‍රතිකාර ලබාදීම සිදුවනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?