නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පෙනුමට වඩා හඬින් මිනිස්සුන්ගේ හිත් අල්ලන්න පුළුවන්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

පෙනුමට වඩා හඬින් මිනිස්සුන්ගේ හිත් අල්ලන්න පුළුවන්

Published September 30, 2024

අමීලියා විජේසූරිය

මීට අවුරුදු පහකට විතර උඩදි වොයිස් වේදිකාවට ඇවිත් ලස්සන පුංචි ගෑනු ළමයෙක් ඉංග්‍රීසි සින්දුවක් කිව්වා. එදා ඇය වෙනුවෙන් හැරුණේ එක කෝච් කෙනෙක් විතරයි. නමුත් ඒ කෝච් මේ පුංචි තරගකාරියව වොයිස් ටීන්ස් තරගාවලියේ අවසානය දක්වාම අරගෙන එන්න සමත් වුණා. වොයිස් වේදිකාවෙන් සමුඅරගෙන වසර කිහිපයක් සද්ද නැතුව හිටපු ‘අමීලියා’ අද බොහෝ දෙනෙක් ආදරේ කරන පුංචි රතිඤ්ඤා කරලක් වෙලා. මේ වෙනකොට සමාජ මාධ්‍යයන්වල ලොකු රැල්ලක් ඇය වෙනුවෙන් නිර්මාණය වෙලා. ඉතින් අපි ඇගේ වතගොත ටිකක් මේ විදිහට අහලා බැලුවා.

අමීලියා ඉතින් කොහොමද? මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි නේද?

ඔව්. ඇත්තටම මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. ගොඩක් වැඩ ලැබිලා තියෙනවා. මං ගෙවන මේ කාලය ගැන මට ගොඩක් සතුටුයි.හැමෝගෙන්ම ගොඩක් හොඳ කමෙන්ට්ස් ලැබෙනවා. ආටිස්ට්ලත් ඒ අතරේ ඉන්නවා. ඉතින් ගොඩක් සතුටින් ජීවිතේ ගෙවෙනවා.

දැන් ප්‍රසංග වේදිකාවට පායලා ඉන්න ටීනේජ් ගායක ගායිකාවො වගේම අමීලියා එන්නෙත් වොයිස් වේදිකාවෙන්…

ඔව්. මම වොයිස් ටීන්ස් එකට ආවෙ 2019 අවුරුද්දේ. එදා බ්ලයින්ඩ් ඔඩිෂන් එකේදි මට හැරුණේ කෝච් රයිනි විතරයි. නමුත් මට ඒ තරගයේ අවසන් වටය වෙනකල්ම එන්න පුළුවන් වුණා. මයික් එක හරියට අල්ලගෙන පර්ෆෝම් කරන විදිහ පවා කෝච් රයිනි අපි හැමෝටම කියලා දුන්නා. මම තාමත් ගායනයට අදාළ ගොඩක් දේවල් ඉගෙනගන්නෙ ඇයගෙන්.

අමීලියා කොහෙද මෙච්චර කාලයක් හැංගිලා හිටියෙ?

(සිනාසෙමින්) මම වොයිස් ටීන්ස් ඉවර වුණාට පස්සෙ අලුත් සින්දු දෙකක් රිලීස් කළා. මගේ පළවෙනි සින්දුවත් මමමයි කම්පෝස් කළේ. ඒක මම රිලීස් කළේ වොයිස් ටීන්ස් එකේ අවසානය වෙනකල්ම එන්න මට සපෝට් කරපු මගේ ෆෑන්ස්ලා වෙනුවෙන්.

ඒක ඉංග්‍රීසි සින්දුවක්. මට ගොඩක්ම මියුසික් ෆීල්ඩ් එකට එන්න බැරි වුණේ මං ඕලෙවල්ස් කරන ගමන් හිටපු නිසා. ගිය අවුරුද්දෙ තමයි විභාගෙ ඉවර වුණේ. ඕලෙවල්ස්වලින් පස්සෙ ඇවටාර් බෑන්ඩ් එකට ජොයින් වුණා. එයාලා එක්ක තමයි ලොකුවට මං මේ ගමන යන්නේ.

අමීලියාගේ වයසෙම ඉන්න තවත් ගොඩක් අය ප්‍රසංග වේදිකාවෙත් හරිම ප්‍රසිද්ධයි. ජනප්‍රියත්වය රැකගන්න අමීලියාට ඒ අයගෙන් තරගයක් තියේවිදි?

මම කාත් එක්කවත් තරග කරන්න ට්‍රයි කරන්නෙ නෑ. මම නිතරම ට්‍රයි කරන්නෙ මගේ උත්සාහයෙන් පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරලා පර්ෆෝම් කරන්න. අනිත් කෙනාව අබිභවා යන්න මං කවදාවත් උත්සාහ කරලා නෑ. නමුත් කැපිලි වෙලා තියෙනවා. ඒක ඉතින් මේ ෆීල්ඩ් එකේ හැටිනේ. නමුත් ඕනම දේකදි මගේ ඩැඩීයි මමීයි මගේ පිටිපස්සෙන් ඉන්නවා. ඒ දෙන්නා ඉන්නකල් මට මේ ගමන යන්න කිසිම බයක් නෑ.

වර්තමානයේ තරුණ ගායිකාවන්ට එල්ල වෙන විවේචනයක් තමයි ඔවුන්ගේ විලාසිතා. අමීලියාට ඒ ගැන තියෙන්නේ මොනවගේ අදහසක්ද?

දැන් තියෙන ටේ‍රන්ඩ් එකත් එක්ක ගොඩක් දෙනා ප්‍රසිද්ධ වෙන්නෙ කොස්ටියුම්ස්වලින්. නමුත් පෞද්ගලිකව මට හිතෙන දෙයක් තමයි කොස්ටියුම්ස්වලට වඩා වොයිස් එකෙන් හොඳ අවුට්පුට් එකක් දීලා මිනිස්සුන්ගෙ හදවත අල්ලගන්න පුළුවන්. මම ආසයි ගොඩක් ජනප්‍රිය වෙන්න. නමුත් මම කොස්ටියුම්ස්වලට ලොකු තැනක් දෙන්නෙ නෑ.

අමීලියාගේ වයස කීයද?

දැන් මට අවුරුදු 17යි.

ගම අම්බලන්ගොඩ වුණාට කාර්යබහුලත්වයත් එක්ක කොළඹද වැඩිපුර රැඳෙන්නෙ?

ඔව්. මං නැවතිලා ඉන්නෙ නුගේගොඩ මගෙ නැන්දිගෙ ගෙදර. නැන්දිත් මට ලොකු සපෝට් එකක් දෙනවා. මම කොළඹ හිටියොත් මට ඇගේ ගෙදර ඇරෙන්න වෙන කොහෙවත් නවතින්න දෙන්නෙත් නෑ.

අලුත් සින්දුවක් ළඟදි එනවද?

ඔව්. අලුත් සින්දුව ලබන මාසෙ වගේ රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා.‘පාවී පාවී’ තමයි සින්දුවේ නම.

චන්ද්‍රලේඛා පෙරේරාගේ ‘තරු එළියේ’ ගීතයේ කවර් එකකින් නේද අමීලියා මෙච්චර වෛරල් වුණේ?

ඔව්. මට මේ ළඟදි චන්ද්‍රලේඛා මිස්ව හම්බුණා. මම ඇය ඉදිරියේ ආයෙත් ඒ සින්දුව කිව්වා. සින්දුව ඉවර වුණාට පස්සෙ චන්ද්‍රලේඛා මිස් මාව එයා ගාවින් වාඩිකරගෙන ගොඩක් වෙලා මාත් එක්ක කතා කර කර හිටියා.

මට ගොඩක් හොඳ කිව්වා. ෆීල්ඩ් එකේ පරිස්සම් වෙන්න ඕන විදිහ ගැන ඇඩ්වයිසස් පවා දුන්නා. කෝච් රයිනිත් මට මැසේජ් එකක් දාලා විශ් කරලා තිබුණා.

කොහොමද Avatar බෑන්ඩ් එකට ලැබෙන ප්‍රතිචාර?

මේ පාර Calin Popular Award  එකත් Avatar බෑන්ඩ් එකට ලැබුණා. Medley එක රිලීස් කළාට පස්සෙ තමයි බෑන්ඩ් එකට ගොඩක්ම ප්‍රතිචාර හම්බුණේ. World tours පවා ගොඩක් හම්බුණා. මේ කතාකරන මොහොතෙත් ජැපෑන් ටුවර් එකකට ලෑස්ති වෙනගමන් ඉන්නේ.

මොනවද අනාගත සැලසුම්?

සංගීත කටයුතු අතරේ ඒලෙවල්ස්වලට සූදානම් වෙනවා. බයෝවලින් තමයි කරන්නේ. මම ඕලෙවල්ස් වෙනකල් ගියේ අම්බලන්ගොඩ ලීඩ්ස් ජාත්‍යන්තර පාසලට. ඒලෙවල්ස්වලට ඒ පාසලේම ගාල්ල ශාඛාවට ඇතුළත් වුණා.

නමුත් මාස දෙකයි ගියේ. මියුසික් වැඩ එක්ක ස්කූල් යන්න අමාරු නිසා ප්‍රයිවට් තමයි දැන් ඒලෙවල්ස් කරන්නේ. ඒ වගේම මේ අවුරුද්දෙ ඔක්තෝබර් ඉඳන් අවුරුද්ද ඉවර වෙනකල්ම කොළඹ ගොඩක් ෂෝස් ලැබිලත් තියෙනවා. ඕවා තමයි දැනට තියෙන වැඩකටයුතු.

එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?