නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මොකක්ද මේ Mole (Hydatidiform mole)
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

මොකක්ද මේ Mole (Hydatidiform mole)

Published September 9, 2024

Mole (Hydatidiform mole) එහෙම නැත්නම් Mole ගර්භණීතාව යනුවෙන් හඳුන්වන්නේ Gestational Trophoblastic disease යන කාණ්ඩයේ තවත් එක් උප ප්‍රභේදයක්. Gestational Trophoblastic disease ගර්භණිතාවට සම්බන්ධ රෝග සමූහයක් ඇති අතර Mole (Hydatidiform mole) එහි එක් අවස්ථාවක් ලෙස හඳුන්වා දිය හැක. Mole  ගර්භණීතාව, ගර්භණිතාවට සම්බන්ධ වැදෑමහෙන් ආරම්භ වන අතර මේවා පිළිකා සෛල වගේ ව්‍යාප්ත වීමට හැකියාවක් තිබෙනවා. Mole  ගර්භණීතාවයේදී සිදුවන්නේ කලලයට අදාළ පටකවලින් වන අතර මෙය මවගේ පටකවලට සම්බන්ධතාවක් නැහැ. නමුත් ළදරු පටක ශරීරය පුරා පිළිකාවක් වගේ පැතිරීමට පුළුවන්…

Mole  ගර්භණීතාව ඇතිවීමට හේතු මොනවාද?

Mole  ගර්භණීතාව මවගේ බිත්තරවල ඇති අසාමාන්‍ය වර්ධනයක් නිසා අසාමාන්‍ය ළදරු පටකද අසාමාන්‍ය ලෙස වර්ධනය වීමට පුළුවන්. මේ නිසා වැදෑමහ පමණක් වර්ධනය වන අතර ළදරු පටක වර්ධනය නොවීමට පුළුවන්. එවැනි තත්ත්වයක් Complete H.mole යනුවෙන් හඳුන්වනවා.සමහර අවස්ථාවල ළදරු පටක වර්ධනය නොවීම හෝ සුළු ප්‍රමාණයක් වර්ධනය වීම Partial H. mole යනුවෙන් හැඳින්වෙනවා. වැදැමහට සම්බන්ධ පටක පදාසයක් ලෙස වර්ධනය වුණත් පැහැදිලි ළදරු පටක වර්ධනය වීමක් සිදුනොවේ.

අසාමාන්‍ය තත්ත්වයක්ද?

කාන්තාවකගේ ඩිම්බයක් සහ පිරිමි ශුක්‍රාණුවක් අතර සිදුවන ක්‍රියාවලිය නිසා ගැබ් ගැනීමක් සිදුවීම සාමාන්‍ය තත්ත්වයක්. නමුත් මේ එක්වීමේදී සිදුවන යම් වරදක් නිසා මෙම Mole  ගර්භණීතා තත්ත්වය ඇතිවිය හැකියි. මෙම ස්ත්‍රි ඩිම්බය සහ පුරුෂ ශුක්‍රාණුවල පවතින අසාමාන්‍යතාවන් නිසා මේ නිසා ගර්භාෂයේ සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වී වතුර පිරුණ පටක ගුලි (Water fill sac) ලෙසින් ගර්භාෂයේ දක්නට ලැබෙනවා.ස්ත්‍රී සහ පුරුෂ ජානවල අසාමාන්‍යතාවන්- සාමාන්‍ය ගැබ් ගැනීමකදී ස්ත්‍රීි පුරුෂ ජානවල අසාමාන්‍ය මිශ්‍රණයක්.

Mole ගර්භණීතාවය සහ ගබ්සා වීම් එක සමානද?

Mole  ගර්භණීතාවයේදී සිදුවන අසාමාන්‍ය පටක වර්ධනය මවගේ ගර්භාෂයේ පටක තුළට කිඳා බැසීමක් සිදුවනවා. මෙම Complete H. mole ළදරු පටක වර්ධනය නොවන අතර වර්ධනය නතර වනවා. Partial H. mole අවස්ථාවලදී ළදරු පටක රඳා පැවැතිය හැකි අතර සමහර අවස්ථාවලදී ළදරු පටක මාස තුනක් පමණ කාලයක් වර්ධනය විය හැකියි.

Mole ගර්භණීතාව යනු පිළිකා තත්ත්වයක්ද?

Mole  ගර්භණීතාව යනු පිළිකා තත්ත්වයක් නොවේ. නමුත් පෙර මා සඳහන් කළ පරිදි පිළිකා සෛල ලෙස අවට පටක කරා පැතිරීමට පුළුවන්. සමහර විට මෙය පිළිකා තත්ත්වයක් දක්වා වුවද වර්ධනය වීමටත් පුළුවන්. එවැනි තත්ත්වයක් Choriocarcinoma යනුවෙන් හැඳින්වෙනවා. නමුත් බොහෝ විට Mole ගර්භණීතාව පිළිකා තත්ත්වයෙන් බැහැර වෙනවා.

Mole  ගර්භණීතාවයේ රෝග ලක්ෂණ මොනවාද?

■ ගර්භණීතාවට සම්බන්ධ මුල් ත්‍රෛමාසිකයේදී සිදුවන රුධිර වහනය.

■ ළදරු පටක වර්ධනය නොවීම නිසා අසාමාන්‍ය ළදරු පටක සිරුරෙන් බැහැර කිරීමට දරන උත්සාහය නිසා මුල් ත්‍රෛමාසිකයේදී රුධිර වහනයක් සිදුවනවා.

■ සමහර අවස්ථාවලදී රුධිර වහනයට අමතරව වතුර පිරුණ කුඩා පටක ගුලි රුධිර වහනය සමග යෝනි මාර්ගයෙන් පිටවීම, එම නිසා මුල් ත්‍රෛමාසිකයේදී මුල් ගබ්සාවක රෝග ලක්ෂණ සමග රුධිර වහනය වුණොත් මව Scan පරීක්ෂාවකට ලක් කරනවා.

ලබාදෙන ප්‍රතිකාර මොනවාද?

මුල් ත්‍රෛමාසිකයේදී හෝ දෙවන ත්‍රෛමාසිකයේ මුල් කොටසේදී රුධිර වහනයක් සිදුවුණොත් වෛද්‍යවරයකු හමුවීම වැදගත්. වෛද්‍යවරයා විසින් රෝගියා Scan පරීක්ෂණයකට ලක් කරනවා. මෙහිදී හේතුකාරක පටක හඳුනාගෙන ඒවා ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීමට වෛද්‍යවරයා විසින් කටයුතු කරනවා. මෙහිදී ගර්භණී කාන්තාව රෝහල්ගත කොට නිර්වින්දනය කොට යෝනි මාර්ගය හරහා මෙම පටක ඉවත් කිරීම සිදුකරනවා.

Mole ගර්භණීතාවය හඳුනාගන්නේ කෙසේද?

Mole ගර්භණීතාවයේදී වැදෑමහට සම්බන්ධ පටක පමණක් වර්ධනය වීම නිසා වැදෑමහට සම්බන්ධ මවගේ HCG හෝර්මෝන මටට්ම අසාමාන්‍ය ලෙස ඉහළ යනවා. වෛද්‍යවරයා විසින් Serem beta HCG හෝර්මෝන අගය සහ ලබාගත් Scan වාර්තාව සමග සංසන්දනාත්මකව බැලීමෙන් Mole  ගර්භණීතාව ගැන තහවුරු කර ගැනීමට පුළුවන්.

මෙම Serem beta HCG හෝර්මෝන වාර්තාව වැදගත් වන්නේ හෝර්මෝන අගය ගැන දැන ගැනීමට පමණක් නොවේ. අදාළ ගර්භණී කාන්තාවට ප්‍රතිකාර ලබාදීමෙන් පසුව හෝර්මෝන අගය පහළ බසින වේගය හඳුනා ගැනීමටත් Serem beta HCG හෝර්මෝන වාර්තාව උපකාර වනවා.

Mole ගර්භණීතා ශල්‍යකර්මයෙන් පසු රෝගියා රැක බලාගන්නා ආකාරය

ශල්‍යකර්මයකින් මෙම පටක ඉවත් කිරීමෙන් පසු දින වෛද්‍යවරයා අදාළ රෝගියා හමුවී ඉදිරි ක්‍රියාමාර්ග ගැන දැනුවත් කිරීම ඉතා වැදගත්. මෙහිදී Serem beta HCG මට්ටම ගැන පරීක්ෂා කරනවා. එම ප්‍රතිඵල වාර්තාව සලකා බලන අතර රුධිර වහනයක් සිදුනොවන්නේ නම් රෝගියාට පසුවදාම රෝහලෙන් පිටව යෑමට පුළුවන්.

එයින් අනතුරුව සතියට වරක් බැගින් සති අටක් යන තුරු Serem beta HCG මට්ටම අගය පරීක්ෂා කිරීම සිදුවනවා. එහි ප්‍රතිඵලය සාමාන්‍ය කාන්තාවකගේ හෝර්මෝන මටට්මට හෙවත් Negative තත්ත්වයට පත්වුණොත් එය සාමාන්‍යයි. යම් ලෙසකින් මෙම Serem beta HCG මට්ටමේ අගය සාමාන්‍ය මට්ටමට පත් වී නොතිබුණොත් තවදුරටත් ප්‍රතිකාර ලබාදීමට සිදුවනවා.

Mole ගර්භණීතාවය වුණොත් නැවත ගැබ් ගැනීමට සුදුසු කාලය

වතාවක් Mole  ගර්භණීතා තත්ත්වයට පත් කාන්තාවක් මාස හයක් ගතවන තෙක් නැවත ගැබ්ගැනීම සුදුසු නැහැ. ඒ නිසා අඹු සැමියන් ලෙසින් එක්වීමේදී මුල් කාලයේදී බාධක ක්‍රමයක් ලෙස කොන්ඩම් භාවිත කිරීම යෝග්‍යයි. හෝර්මෝන මටට්ම සාමාන්‍ය අගයට පත් වූ පසු තුන්මාසයේදී උපත් පාලන ගිලින පෙති ලබාගැනීම නිර්දේශ කරනවා.

ඒ වගේම වරක් Mole ගර්භණීතාවට පත් කාන්තාවක් නැවත වතාවක් ගැබ් ගැනීමේදී Mole ගර්භණීතාවට පත්වීමේ සම්භාවිතාව සාමාන්‍ය කාන්තාවකට වඩා වැඩියි. ඒ නිසා එවැනි කාන්තාවක් නැවත ගැබ්ගත් මුල් අවස්ථාවේ පටන්ම වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්. එවිට වෛද්‍යවරයා ඔබ ගැන විශේෂ අවධානය දක්වනු ඇත. අදාළ ස්කෑන් පරීක්ෂණ ලබාගැනීම මගින් වෛද්‍යවරයා විසින් ඔබේ ගර්භණීත්වය ගැන තහවුරු කරනු ඇත.

Serem beta HCG මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත් නොවුණහොත්

ඉහත ප්‍රතිකාරවලින් පසුවත් Serem beta HCG අගය සාමාන්‍ය තත්ත්වයට පත් නොවුණොත් පිළිකා සම්බන්ධව වූ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගැනීමට සිදුවනවා. මෙවැනි පිළිකා තත්ත්වයකදී Chemotherapy ප්‍රතිකාර ලබාදීම සිදුවනවා. අදාළ සංකුලතාවන් ගැන දැනුවත් කරනවා. පිළිකා සෛල මොළය, පෙනහලු වැනි වෙනත් අවයවයන්ටත් පැතිරීමට පුළුවන්. එවැනි අවස්ථාවක Serem beta HCG සාමාන්‍ය තත්ත්වයට පත්වන්නේ නැහැ. මෙම පටක තැන්පත් වී තිබෙන වෙනත් ස්ථානවලින් මෙම හෝර්මෝන සිරුරට මුදාහරින අතර අදාළ වෙනත් ප්‍රතිකාර මගින් රෝගියා සුවපත් කිරීමේ හැකියාව තිබෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️





 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?