නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බබාගේ “ගුඩුස්”යවන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

බබාගේ “ගුඩුස්”යවන්න

Published September 9, 2024

කිරි පිටඋගුරේ යෑම නිසා සිදුවන ළදරු මරණ ගැනත් අපට ඉඳහිට හෝ වාර්තා වෙනවා. දරුවකුගේ ජීවිතයට අවදානමක් ඇතිකරන මේ තත්ත්වය ඇතිවන්නේ මව්වරුන්ගේ නොදැනුවත්කම නිසා බව සඳහන් කිරීම ඉතාම වැදගත්. ඉතා අවාසනාවන්ත ලෙසින් සිදුවන මෙම ළදරු මරණ වළක්වා ගැනීමට නම් මව්වරුන්ගේ පාර්ශ්වයෙන් ඔවුන් දැනුවත් කිරීම ඉතාම වැදගත්.

ගුඩුස් කියන්නේ ඇයි?

දරුවකු කිරි බොනවිට ඒ සමගම වටපිටාවේ තිබෙන වාතය කිරි සමග දරුවාගේ කුසට ඇතුළු වනවා. මෙම වාතය අන්නශ්‍රෝතයේ හෝ ආමාශයේ කුඩා වායුබුබුලු විදිහට එකතුවීමක් සිදුවනවා. ඒ වගේම අලුත උපන් බබාලා කිරි බොන්නෙත් හරහට වැනි ඉරියව්වක නිසා උපත ලබා මුල් කාලයේදී මේ ගැන වැඩි අවධානයක් දැක්වීම වැදගත්.මේ දරුවාගේ ආමාශයට පිරුණ වාතය මුඛයෙන් පිටවෙන විට ‘ගුඩුස්’ යනුවෙන් ශබ්දයක් නිකුත් වනවා. ඒ නිසා මෙය ‘ගුඩුස්’ යැවීම යනුවෙන් හැඳින්වෙනවා.

ගුඩුස් යවන්නේ ඇයි?

■ කුඩා දරුවකුට තමන්ට අවශ්‍ය කිරි ප්‍රමාණය ගැනත් දැනුවත් වීමක් නැහැ. ඒ නිසාම මවගෙන් වේගයෙන් කිරි උරා බීම නිසාත් උදරයේ වායු බුබුලු එකතු වෙනවා. දරුවාට මව්කිරි ලබාදෙන විට මවගේ තන පුඩුවේ සම්පූර්ණයෙන්ම තද පැහැ කොටස දරුවාගේ මුඛය තුළ පවතින විදිහට කිරිදීම සිදුකිරීම වැදගත්. එවිට වාතය දරුවාගේ

කුසට ඇතුළු වීමට තිබෙන ඉඩ බොහෝ දුරට අඩු වීමට පුළුවන්.

■ කිරිවල තිබෙන ප්‍රෝටීන් නිසාත් මේ තත්ත්වය තවත් වැඩි වනවා.

මෙම ගිලුණ වාතය පිටකිරීම වැදගත්. මේ හුළං පිරීම නිසා දරුවාට විවිධ අපහසුතාවන් ඇති වනවා.

■ බඩ පුරවා දමනවා.

■ දරුවාට අපහසු නිසා නිතරම අඬනවා

■ නින්ද යන්නේ නැහැ.

■ ඊළඟ කිරි වේල ලබාගැනීමට උනන්දු නැහැ.

■ වමනය

මේ තත්ත්වය කිරි බිව්වාම විතරක්ද?

■ දරුවා මව්කිරි බී අවසාන වූ සෑම විටම ගුඩුස් යැවීම සිදුවිය යුතුයි. ගුඩුස් යැවීම කිරි පෙව්වාම විතරක් නොවෙයි. දරුවාට ආහාර ලබාදීමෙන් පසුව ගුඩුස් යැවීම සිදුකිරීම ඉතාම වැදගත්. මාස හතරක් පමණ වෙන විට දරුවාට ඝන ආහාර ලබාදීම සිදුකරනවා. ඝන ආහාර ලබාදීමෙන් පසුවත් ගුඩුස් යැවීම සිදු කිරීම වැදගත්.

■ දරුවකු කිරි වේලක් බිව්වාම ඇතුළු වන හුළං ආමාශයේ තිබෙන විට පිටතට යැවීම පහසුයි. දරුවෙක් මවගේ එක් තන පුඩුවකින් කිරි උරා බීලා ඊළග තන පුඩුවෙන් කිරිදීමට පෙරාතුව ‘ගුඩුස්’ යැවීම වැදගත්.

■ දරුවා නිදි කිරීමට ඇඳේ තැබීමට පෙරාතුව

■ දරුවා කිරි බොන අවස්ථාවේදී යම් අපහසුතාවක් පෙන්වනවා නම් ගුඩුස් යැවීමක් සිදුකරන්න.

■ දරුවා නොනවත්වාම අඬනවා නම් ගුඩුස් යවා බලන්න. සමහර විට උදරයේ අපහසුතාවක් නිසා දරුවා හැඬුවා නම් ගුඩුස් පිටවීම සමග ඒ අපහසුතාවයෙන් දරුවාට පහසුවක් ලැබෙනු ඇත.

ගුඩුස් යවන්නේ කොහොමද?

දරුවාගේ හිසට අත තබාගෙන උදරය මවගේ උරහිසට තදවන සේ තබාගන්න. බෙල්ල දෙසට අතින් පිරිමදින්න. විනාඩි දහයක් හෝ පහළොවක් මෙසේ තබා ගන්න.සමහර විට දරුවාගේ බෙල්ල ප්‍රදේශයේ මාංශ පේශි ශක්තිමත් නැහැ. ඒ නිසා දරුවා බඩ පැත්තෙන් මවගේ උකුලේ තබාගන්න. දරුවාගේ හිසට ආධාරකයක් සේ එක් අතක් තබාගන්න.අනිත් අත දරුවාගේ පිට මත තබන්න.

දැන් ඉතා මෘදු ලෙසින් පිටට තට්ටු කරන්න. මවගේ කකුල් මත දරුවාගේ බඩ තදවන සේ තබාගෙන තට්ටම් ප්‍රදේශයේ සිට ඉහළට පිරිමදින්න. දරුවාට එක් ගුඩුස් එකක් යෑම දරුවාට ගිලුණ වාතය ඉවත්වුණ බවට සහතිකයක් නොවේ. ඒ නිසා ගුඩුස් ගියත් දරුවා ඒ ඉරියව්වෙන් තවත් විනාඩි කීපයක් තබාගන්න.ඒ වගේම ගුඩුස් යැවීමේදී දරුවාගේ උදරයට පීඩනයක් දෙන්න එපා. දරුවා කිරි බී බඩ පුරවාගෙන සිටින නිසා අමතර තෙරපුමක් සමග කිරි පිටතට එන්න ඉඩ තිබෙනවා.

කොතරම් කාලයක් ද?

සාමාන්‍යයෙන් මාස හයක් පමණ වන විට දරුවා හැරෙන, පෙරළෙන නිසා වාතය ඉබේම පිටවෙනවා.

ගුඩුස් සමග කිරි පිටවුණොත්?

ආහාර මාර්ගයේ අර්ධ ලෙස ජීරණය වුණ කිරි පිටතට පැමිණීමට පුළුවන්. වාතය පිටතට පැමිණෙන විට මෙම කිරි කැටිති ලෙස පිටවීමට පුළුවන්. මෙය සාමාන්‍ය තත්ත්වයක් වුණත් මේ අන්දමින් පිටතට එන කිරිවල මෙවැනි තත්ත්වයන් තිබේ නම් සැලකිළිමත් වීම වැදගත්.

  • වමනය අධික වීම.
  • මේ පිටවන කිරි විදීමක් ලෙස පිටවීම.
  • දරුවාට ඔක්කාරයක ආකාරයෙන්.
  • පිටවන වමනයේ වරණය වෙනස් වීම.
  • වමනය අධික ලෙස පිටවීම.

සමහර දරුවන්ට හොඳින් ගුඩුස් නොයන විට මදක් ඇල අතට දරුවා නිදි කිරීම සිදුවනවා. මෙහිදී දරුවාට ආධාරකයක් ලෙසින් ඝන බ්ලැන්කට්ටුවක් හෝ රෝල් කරන ලද කොට්ටයක් තබන්න. කිරි වමනය සිරවීම වගේම පෙනහලු කරා යෑම නිසා ඇතිවන අනතුරුදායක තත්ත්වයන්ගෙන් දරුවා ආරක්ෂා කරගැනීම වැදගත්. ඒ නිසා දරුවාට ගුඩුස් යැවීම ඉතාම වැදගත්.

කිරි පිටඋගුරේ යෑම…

දරුවෙක් කිරි බොනවිට එය එකවරම බොන්නේ නැහැ. කිරි වැඩි ප්‍රමාණයක් බොන විට වගේම ගුඩුස් නොගිය කිරි උගුරෙන් පිට හෙවත් අපේ සාමාන්‍ය ව්‍යවහාරයේ විදිහට පිටඋගුරේ යන්න පුළුවන්. මේ විදිහට පිටඋගුරේ යෑම නිසා දරුවා බොන කිරි අන්නස්‍රෝතය හරහා නොගොස් ස්වාසනාලය ඔස්සේ පෙනහලු කරා යෑම නිසා දරුවාට තාවකාලිකව හුස්ම ගැනීමේ අපහසුතාව ඇති වෙන්න පුළුවන්.

කිරි හිරවුණොත් දැනගන්නේ කොහොමද?

  • කැස්ස ඇතිවීම.
  • හුස්ම ගැනීමේ අපහසුතාව.
  • දරුවා කිරිබොන එක නතර කිරීම.
  • සිරුර නිල්පැහැ ගැනීම සහ දරදඬු වීම.

මේ අන්දමේ අපහසුතාවක් දක්වන දරුවා වම් ඇලයට හරවා පිටට තට්ටු කරන්න. කැස්සක් හෝ දරුවා අඬනවා නම් එය හොඳ ලක්ෂණයක්. ඒ අන්දමින් හරියන්නේ නැත්නම් දරුවා මුනින් අතට හරවා පිටට තට්ටු කරන්න. මේ අන්දමින් හරි නොයනවා නම් මව් ඇලයටම තබාගෙන ළඟම රෝහලට ගෙන යන්න.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️























 

TAGGED: ගුඩුස්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?