නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ආවට ගියාට නොකළ යුතු ප්ලාස්ටික් ශල්‍යකර්ම
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

ආවට ගියාට නොකළ යුතු ප්ලාස්ටික් ශල්‍යකර්ම

Published August 26, 2024

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අර්ථ දක්වන අන්දමට පුද්ගලයෙකුගේ කායික, මානසික සහ සමාජයීය නීරෝගීතාවය යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ලෙසින් පෙන්වා දී තිබෙනවා. කායික වශයෙන් රෝගාබාධ තත්ත්වයක් ඇති වීම හා ඒ වෙනුවෙන් ප්‍රතිකාර ගැනීම පුද්ගලයෙකුගේ සාමාන්‍ය රටාවක්. නමුත් යම් පුද්ගලයෙකුගේ පෙනුම පිළිබඳව යම් ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ තත්ත්වය නිසා මානසිකව වගේම සමාජයීය වශයෙනුත් පීඩනයක් ඇති වෙනවා. සමාජය සමඟ ගනුදෙණු කිරීමේදී යම් පසුගාමී බවක් ඇති වෙනවා. ඒ නිසාම ආත්ම විශ්වාසය සහ පෞරුෂය පිළිබඳ ගැටලු ඇති වෙනවා. ඒ නිසා ශල්‍යකර්මයක් මඟින් තමන්ගේ පෙනුම වැඩිදියුණු කර ගැනීමට පුළුවන්.

ප්ලාස්ටික් ශල්‍යකර්ම මඟින් තමන්ගේ පෙනුම පිළිබඳ වෙනස්කම් ඇති කර ගැනීමට පුළුවන්ද?

යම් පුද්ගලයෙකුට තමන්ගේ පෙනුම පිළිබඳව ගැටළු තිබෙනවා නම් රූපලාවන්‍ය ශල්‍යකර්ම මඟින් ඒවා වෙනස් කර ගැනීමට පුළුවන්. මේ ශල්‍යකර්ම විශාල පරාසයක පැතිරී තිබෙනවා.

උපතින් ඇති වෙන අඩු පාඩු

බොහෝ විට පුද්ගලයෙකුගේ උපත් අඩුපාඩු තිබෙන්න පුළුවන්. නාසය, කන, ඒ වගේම සමහර විට අතේ ඇඟිලි වැඩියෙන් පිහිටීම වගේ උපත් අඩුපාඩු ශල්‍යකර්ම මඟින් සකස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලපයක්, ඉන්නෙක් වගේ දෙයක් මුහුණට අවලස්සන නම් එය ඉවත් කරන්න පුළුවන්.

ශරීරයේ ඇති වන ප්‍රශ්න

තරබාරුව, මේදතැන්පත් වීම නිසා උදරය, තට්ටම් ප්‍රදේශ මහත් වීම

වයස සමග ඇති වන ප්‍රශ්න

ජීව විද්‍යාත්මකව අපේ වයස්ගත වීම සමඟ පෙනුම පිළිබඳවත් යම් යම් වෙනස්කම් ඇති වෙනවා. මුහුණ රැළි වැටීම, මස්පිඩු එල්ලා වැටීම, පියයුරු පිළිබඳ ගැටළු මේ අන්දමින් තමන්ගේ පෙනුම පිළිබඳව ඇති වෙන ප්‍රශ්න ශල්‍යකර්ම මඟින් සකස් කර ගන්න පුළුවන්.

අනතුරු නිසා ඇති වෙන වෙනස්කම්

උපතින් කිසිඳු අඩුපාඩුවක් නොමැති වුණත් සමහරවිට හදිසි අනතුරකට භාජනය වීමක්, පිලිස්සුම් කැළැලක් හෝ ශල්‍යකර්මයකින් පසුව ඇති වෙන කැළැල් වැනි තත්ත්වයන් තිබුණොත් ඒවා ශල්‍යකර්ම මඟින් සකස් කරන්න පුළුවන්.

දරුවන් ලැබීමෙන් පසුව ඇති වෙන වෙනස්කම්

කාන්තාවක් ගැබ්ගත් විට දෙදෙනකෙුට සෑහෙන්න ආහාර ගන්න කියන මිථ්‍යාවක් තිබෙනවා. මේනිසා පමණට වඩා ආහාර ගැනීම නිසා කැලරි ගබඩා වීම් සිදු වෙනවා. ඒනිසා සිදුවෙන තරබාරු බව සහ මේද ගබඩා වුණ ස්ථාන ශල්‍යකර්ම මඟින් නිවැරදිව සකස් කරන්න පුළුවන්. ඒ වගේම දරුවන් ලැබීමෙන් පසුව යෝනිමාර්ගයේ ඇති ප්‍රශ්න සැත්කම් මඟින් සකස් කරන්න පුළුවන්.

පිරිමින්ගේ පියයුරු

සමහර පිරිමින්ගේ පපු ප්‍රදේශයේ විශාල පිහිටීම නිසා පියයුරු පිහිටීමක් තිබෙනවා. මෙවැනි තත්ත්වයක් නිසා ඔවුන්ට උඩුකය නිරාවරණය කරන්න බැහැ. ඇඳුමක් ඇඳීමත් අපහසුයි. එවැනි අන්දමින් පිරිමින්ගේ පියයුරු සැත්කම් මඟින් සකස් කරන්න පුළුවන්.

රහස් ප්‍රදේශයන්හි ඇති ගැටලු

බොහෝ විට ප්‍රසිද්ධියේ කථා කළ නොහැකි සහ ලිංගික ජීවිතයේ ගැටලු සහ ගැටුම් ඇති කරන ස්ත්‍රී සහ පුරුෂ ලිංගේන්ද්‍රියන්ගේ ඇති අඩුපාඩු ශල්‍යකර්ම මඟින් නිවැරදි කරන්න පුළුවන්.

මේ ශල්‍යකර්ම වෙනුවෙන් වයසක් තිබෙනවාද?

මෙතැනදී තීරණය ගත යුත්තේ ඔබ නොවෙයි. ඒ ගැන සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම වැදගත්. සමහර ශල්‍යකර්ම දරුවන් කුඩා කාලයේදීම සිදුකිරීම වැදගත්.

අපි හිතමු දරුවාගේ කනක අඩුපාඩුවක් තිබෙනවා නම් ඔහු පාසලට ඇතුළත් කිරීමට පෙරාතුවම එය නිවැරදි ලෙසින් සකස් කිරීම වැදගත්. තවත් ශල්‍යකර්ම කිරීමට නම් අදාළ වයසකට පැමිණීම වැදගත්.

රූපලාවන්‍ය ශිල්පියෙකුට මුහුණේ ලප කැලැල් ඉවත් කරන්න පුළුවන්. නමුත් එය ස්ථිර නැහැ. එහෙත් නිසි ක්‍රමවේදයකින් සිදුකරන ශල්‍යකර්මයක් මඟින් ඒ ලප කැළැල් ස්ථිරවම ඉවත් කරන්න පුළුවන්.

රූපලාවන්‍ය සැත්කම් කිරීමේදී කායික රෝග තත්ත්වයන්ගේ බලපෑමක් නැතිද?

මේ අන්දමින් තමන්ගේ පෙනුම පිළිබඳව වෙනස් කිරීම් කර ගැනීමට පුද්ගලයෙක් පැමිණෙන්නේ ඔවුන්ගේ කැමැත්තතෙන්මයි. නමුත් එසේ ආ පමණින් ශල්‍යකර්මයන්ට භාජනය කරන්නේ නැහැ. ඊට පෙරාතුව සිදුකරන පරීක්ෂණ තිබෙනවා. ඒ පුද්ගලයාගේ හෘදරෝග තත්ත්වයන්, දියවැඩියාව, රුධිරගත සීනි සහ වෙනත් රෝග සංකූලතාවයන් ගැනත් විමසා බලනවා. ඒ වෙනුවෙන් වූ සියළු වාර්තාවන් ලබා ගන්නවා.

ශල්‍යකර්මයකින් පසුව..

මෙවැනි ශල්‍යකර්මවලින් පසු අවස්ථාවන් ගැන වගකීම වැඩියි. මෙය පුද්ගලයෙකුගේ පෙනුම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා තමන්ට ඒ ගැන පැහැදිලිව පෙනෙනවා. අවුරුදු 60 ක පුද්ගලයෙකුට තමන්ගේ වයස්ගත පෙනුම වෙනස් කරගත් පසු ශල්‍යකර්මය ගැන ඔවුන් සෑහීමට පත් විය යුතුයි. රූපලාවන්‍ය සැත්කම් හිසේ පටන් දෙපතුලේ නියපොතු දක්වාම වූ විවිධ ගැටලුවලට විසඳුම් ලබා ගත හැකි ප්‍රතිකාර ක්‍රමයක්.

ශල්‍යකර්මයකින් පසුව ලබා දෙන ඖෂධ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. සංකූලතාවයන් අවම කර ගැනීමට නම් සැත්කමින් පසුවත් වෛද්‍ය උපදෙස් අනුමනය කිරීම ඉතා වැදගත්. සැත්කම් සාර්ථක වීමට නම් වෛද්‍යවරයාගේ හැකියාව, රෝගියාගේ පැත්තෙන් සුවය ලැබීමට තිබෙන අවස්ථාව සහ සැත්කම වෙනුවෙන් භාවිතා කරන උපකරණත් වැදගත් වෙනවා. ඒ නිසා ලස්සන වෙන්න රූපලාවන්‍ය සැත්කමක් වෙනුවෙන් ඔබ යොමුවෙනවා නම් ඉහත කරුණු ගැනත් සලකා බැලීම ඉතාම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

TAGGED: ආවට ගියාට නොකළ යුතු ප්ලාස්ටික් ශල්‍යකර්ම, සෞඛ්‍ය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?