නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: රැඳවියන් හෙල්ලූ මෙනින්ගෝකොකල්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

රැඳවියන් හෙල්ලූ මෙනින්ගෝකොකල්

Published August 5, 2024
මෙනින්ගෝකොකල් රෝග තත්ත්වය ගැන අපට විටින් විට අසන්නට ලැබෙනවා. විශේෂයෙන් බන්ධනාගාර රැඳවියන් මෑත කාලයේ කීප වතාවක්ම මේ රෝග තත්ත්වයට ගොදුරු වුණා. Neisseria meningitidis බැක්ටීරියාව නිසා මෙම රෝග තත්ත්වය ඇතිවනවා.

මෙම රෝගය ප්‍රභේද දෙකකින් යුක්තයි

Meningococcal meningitis
Meningococcal sepsis

Meningococcal meningitis

මෙනින්ජයිටිස් යනුවෙන් හඳුන්වන්නේ මිනිස් මොළය සහ සුෂුම්නාව ආවරණය වී තිබෙන තුනී පටලයයි. මේ මෙනින්ජයිටිම් පටලය ආසාදනය වීම මෙනින්ජයිටිස් යනුවෙන් හැඳින්වෙන අතර මෙම රෝග තත්ත්වයට පත්වන රෝගීන්ගෙන් 50% ක් පමණ සුවකළ නොහැකි තත්ත්වයට පත්වනවා.

මෙනින්ජයිටිස් ඇතිවීමට හේතුකාරක විවිධ බැක්ටීරියාවන් ඇති අතර එයින් Neisseria meningitidis බැක්ටීරියාව රෝග තත්ත්වයේ ව්‍යාප්තිය දරුණු ලෙස වැඩිකිරීමට සමත් වෙනවා. meningitidis ප්‍රභේද 12 ක් පමණ ඇති අතර එයින් ප්‍රභේද පහක් රෝගය වසංගත තත්ත්වයට පත්කිරීමට තරම් දරුණුයි.

ජනගහනයෙන් 10% සිට 20% ක් අතර පිරිසකගේ උගුර ආශ්‍රිතව Neisseriameningitidis බැක්ටීරියාව ජීවත්වනවා. ශරීර ප්‍රතිශක්තිකරණය මගින් බැක්ටීරියාව රුධිරයට එකතු වීම මර්ධනය කළත් බෝ වීමේ ප්‍රවණතාවක් ඇති වූ විට දරුවන් සහ වැඩිහිටියන් මෙම රෝග තත්ත්වයට ගොදුරුවීමට වැඩි අවදානමක් තිබෙනවා. මෙම බැක්ටීරියාව පරිසරයේ නොනැසී පවතින්නේ නැහැ. ඒ වගේම සතුන්ගෙන් බෝවීමක් නැහැ. නමුත් බැක්ටීරියාව නිසා රෝග තත්ත්වය බෝවීම පුද්ගලයාගන් පුද්ගලයාට සම්ප්‍රේෂණයවීමක් සිදුවනවා.

meningococcal sepsis රෝග තත්වය දරුණුයි

meningococcal sepsis රෝග තත්ත්වයේදී රුධිරය විසවීමේ ප්‍රදාහ තත්ත්වය ශරීරයටම හෝ අවයව පද්ධතියටම බලපෑම් ඇතිකිරීමට හැකියාවක් තිබෙනවා. meningococcal sepsis රෝගීන්ගේ සමේ ඇතිවන රුධිර ගැලීමේ චර්ම රෝග තත්ත්වයන් ගැන වාර්තා වෙනවා. මෑතකදී බන්ධනාගාරයෙන් රැඳවියන් අතර ව්‍යාප්ත වී ඇත්තේ meningococcal sepsis රෝග තත්ත්වය ලෙසින් සැලකෙනවා.

රෝග ලක්ෂණ

ඇතැම් පුද්ගලයන්ට N. meningitidis බැක්ටීරියාව රුධිර සංසරණ පද්ධතියට ඇතුළු වීම නිසා රෝග ලක්ෂණ පෙන්වීම ආරම්භ කරනවා. බොහෝවිට බැක්ටීරියාව රුධිර සංසරණ පද්ධතියට එක් වී දින දෙකකින් පසුව රෝග ලක්ෂණ පෙන්නුම් කළත් සමහර රෝගීන් දින 2- 10 සිට වැනි කාලයේදී රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පටන් ගන්නවා.

බෙල්ල ප්‍රදේශයේ වේදනාව, තද උණ හිසරදය, ආලෝකයට සංවේදී වීම, වමනය, කල්පනාව වෙනස් වීම, වලිප්පුව ( Seizures), කුඩා දරුවන් අතර බොහෝ විට නොරිස්සුම් සහගත ස්වරූපයක් දක්නට ලැබෙන අතර හිස මුදුනෙහි නෙරීමක් දක්නට ලැබෙනවා. රෝග තත්ත්වය හඳුනාගත් මුල් අවස්ථාවේදී ප්‍රතිකාර ආරම්භ කළත් රෝගය වේගයෙන් පැතිරීම නිසා 5% සිට 10% ක් අතර රෝගින් පිරිසක් මුල් පැය 24 දී මරණයට පත්වනවා.

සමහර රෝගීන් ජීවිතය රැකගත් නමුත් මොළය ආශ්‍රිත දුර්වලතාවන්, ශ්‍රවණ දුර්වලතාවන් වගේම ඉගෙණීමේ පසුගාමී බවට පත්වනවා. meningococcal septicaemia තත්ත්වයට පත්වුණ රෝගීන්ගේ ඇතිවන රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත ගැටලු නිසා රක්තපතපාත චර්ම රෝග තත්ත්වයන් ඇති වෙනවා.

රෝගය හඳුනාගැනීම

රෝගියා විසින් සඳහන් කරන උණ, හිසරදය, වැනි ඉහතින් සඳහන් කරන ලද රෝග ලක්ෂණ N.meningitidis රෝගියෙකු බැව් හඳුනා ගන්නවා. එයින් පසුව තුනටිය විද දියර ලබා ගැනීම (cerebrospinal fluid) PCR සහ CSF වැනි පරීක්ෂණ සිදුකරනවා. රුධිර පරීක්ෂණ Blood culture මගින් රෝගියා සමේ ඇතිවන රක්තවහනයට පත් වී ඇත්ද යන්න තහවුරු කර ගැනීමට පුළුවන්.

පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ වන්නේ කොහොමද?

ශ්වසන බිඳිති හෝ උගුරේ ශ්‍රාවයන් සමීප සම්බන්ධතාවයන් උදාහරණ සිප වැළඳ ගැනිම, කැස්ස, කිවිසුම, සමූහ වශයෙන් ජීවත් වීම, ආහාරපාන අනුභව කරන භාජන ඇඳුම් හුවමාරු කරගැනීම, ඉඩ පහසුකම් නැති නිවාසයන්හි ජීවත් වන සහ වන්දනා කණ්ඩායම් අතර වැඩි ඉඩක් තිබෙනවා.විවෘත පරිසර තත්ත්වයන්හි වගේම හුදෙකලා ප්‍රදේශයන්හිදී රෝගය පැතිරීමට තිබෙන්නේ අඩු ඉඩ ප්‍රස්තාවක් බවත් සඳහන් කළ යුතුයි. ඒ වගේම දුම්පානය සහ ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදනයන් ඇති රෝගීන්.

අවදානම් කණ්ඩායම් කවුද?

රෝග තත්ත්වය පැතිරෙන රටවල්වල සංචාරයේ යෙදන්නන්, වන්දනාකරුවන්, හමුදා සේවයේ යෙදෙන්නන්, ප්‍රතිශක්තිකරණ ඌනතාවන් ඇති රෝගීන්.

ප්‍රතිකාර ලබාගැනීම

මෙම රෝගය මාරාන්තික බැවින් රෝගියා රෝහල්ගත කිරීම මගින් ප්‍රතිකාර ආරම්භ කිරීම සිදු වේ. ඉහත සඳහන් වාර්තා ලබා ගැනීමෙන් පසුව අදාළ ප්‍රතිජීවක ශිරාගත කිරීම වැනි ප්‍රතිකාර ලබා දීම සිදුවනවා.

රෝග තත්ත්වයෙන් ආරක්ෂාවීමට නම්…

රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානම් ඇති පුද්ගලයන් විසින් එන්නත් ලබාගැනීම.

meningococcal රෝගය පැතිරෙන කලාපවල සංචාරයේ යෙදෙනවා නම් ඊට පෙරාතුව ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීම.

හජ් සහ මැදපෙරදිග සංචාරයෙන් පසුව නැවත තමන්ගේ රටට පැමිනෙනවා නම් ඊට දින දහයකට පෙරාතුව tetravalent වෙනුවෙන් වූ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීම.

meningococcal රෝග තත්ත්වය සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීමෙන් ආරක්ෂාවක් ලැබුණත් එය 100%කින් ම විශ්වාස කිරීමට අපහසුයි. ඒ නිසා රෝග තත්ත්වයෙන් ආරක්ෂිත ක්‍රමවේදයන් ගැන සමාජය ලබන දැනුවත් වීම ඉතා වැදගත්.

රෝග ලක්ෂණ ඇති වූ වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම.

සමූහ ලෙසින් ජීවත් වෙන ( පාසල්, හෙද, හමුදා, බන්ධනාගාර වැනි ) පිරිස් සමීප සම්බන්ධතාවන්ගෙන් දුරස්වීම සහ ආහාරපාන හුවමාරු කරගැනීමෙන් වැළකීම.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

TAGGED: මෙනින්ගෝකොකල්, රැඳවියන්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?