නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සාම්ප්‍රදායික නර්තනයන්ට වඩා වැඩිපුරම අද දකින්නෙ රාගය අවුස්සන දැඟලිලි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

සාම්ප්‍රදායික නර්තනයන්ට වඩා වැඩිපුරම අද දකින්නෙ රාගය අවුස්සන දැඟලිලි

Published July 1, 2024

ප්‍රදීපා ආරියවංශ

පුංචි කාලෙ ඉඳන් ඇගේ හීනය, ආසාව වුණේ නර්තනය පැත්තෙන් ලංකාවේ අයිකන් එකක් වෙන එක. ඒ හීනෙට ඇය ගමන් කරපු නිසයි අද ප්‍රදීපා ආරියවංශ කියන නම අපේ කන්වලට මෙතරම්ම හුරුවෙලා තියෙන්නේ. ඉස්සර රියැලිටි වැඩසටහන්වල විනිසුරු මඬුල්ලේ දැකගන්න ලැබුණත් දැන් ඇය අපිට පේන්නෙම නැති තරම්. ඒකට හේතුව වගේම ඇගේ මේ දවස්වල වැඩකටයුතු ඇය නවලිය සමඟ මෙහෙම බෙදාගත්තා.

ප්‍රදීපා මේ දවස්වල මොනවද වැඩ කටයුතු?

මගේ ප්‍රදීපා ආරියවංශ ඇකඩමියේ අපි ඉදිරිපත් කළා ගෙජ්ජි මංගල්‍යයක්. ඒ කියන්නේ මේ දරුවෝ නර්තනයේ යෙදෙන ප්‍රථම අවස්ථාව. එහි එක් අවස්ථාවක් ඉවරයි. තවත් වැඩ කිහිපයක් තියෙනවා. ඒවට සූදානම් වෙනවා මේ දවස්වල.

රංගායතනය ගැනත් කතා කරමු…

මහරගම, පිළියන්දල, කිරිබත්ගොඩ, මීගමුව, තලවතුගොඩ මම මගේ කලායතන පවත්වගෙන යනවා. මම උගන්වන්නේ උඩරට නර්තනය සහ භරත නාට්‍යම්. මගේ කලායතනයට ගුරුවරු නෑ. මංම තමයි ඒ හැමතැනටම ගිහින් උගන්වන්නේ. අඩු කලායතන ප්‍රමාණයක් ආරම්භ කළෙත් ඒ හේතුව මත. මේ කාලයේ අලුත් දරුවො බඳවාගැනීම් කටයුතුත් කරගෙන යනවා.

පවුලේ විස්තර

මගේ මහත්තයා හසිත ව්‍යාපාරිකයෙක්. මට ඉන්නෙ දුවයි පුතයි. දුව හනීෂා ඇපිට් එකේ නීතිය පිළිබඳ අධ්‍යාපනය හදාරනවා. දැන් දෙවන වසරේ ඇය ඉගෙනුම ලබන්නේ. පුතත් තාම ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබමින් ඉන්නේ. ඔහු ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළට සූදානම් වෙනවා.

දුවත් නර්තනය හදාරනවා නේද?

ඔව්. දුවගේ කැමැත්ත නීතිඥවරියක් වෙලා ඉන්න ගමන්ම නර්තන කලාවෙනුත් ඉස්සරහට යන්න. පුතා නම් කැමති කවදහරි සූපවේදියෙක් වෙන්න.

ඉස්සර රියලිටි තරඟවල ප්‍රදීපා විනිශ්චයට හිටියත් දැන් පේන්න නෑ නේද?

ඔව්. දෙරණ ලිට්ල් ස්ටාර් එකේ අවුරුදු හයක් විතර විනිසුරු මඬුල්ලේ හිටියා. Star in a minute කියන එකෙන් තමයි අපි ලිට්ල් ස්ටාර් පටන්ගත්තේ. අපි සෑහෙන්න දුක් විඳගෙන දරදිය ඇද්දා ලිට්ල් ස්ටාර් වැඩසටහන වෙනුවෙන්.

සමහර අවස්ථාවලදි මම මුදල්වත් නොබලා තමයි වැඩ කළේ. කලාකරුවෙක් විදිහට පෞද්ගලිකව මම හිතන්නේ මුදලට වඩා සේවයක් අපි රට වෙනුවෙන් දෙන්න ඕනෙ කියලා. නමුත් අවුරුදු හයක්ම විනිසුරු මඬුල්ලේ හිටපු මගේ මූණ එපා වුණාද කියන්න දන්නේ නෑ.

සීසන් 07දි විනිසුරුවරියක් විදිහට එන්න මට ආරාධනාවක් ලැබුණේ නෑ. ඒක ඉතින් වැඩසටහන් කළමනාකාරීත්වයේ තීරණයක් වෙන්න ඇති. නමුත් කිසිම දේකට පසුතැවෙන්නෙ නෑ. මගේ ජීවිතයට යම්කිසි ආලෝකයක් මට ලිට්ල් ස්ටාර් නිසා ලැබුණා.

උඩරට නර්තනය ඉගැන්නුවට ඔබ ඇත්තටම භරත නාට්‍ය ශිල්පිනියක් නේද?

ඔව්. මම උඩරට නර්තනයත් ඉගැන්නුවට ඇත්තටම භරත නාට්‍ය ශිල්පිනියක් තමයි. මම තමයි ලංකාවේ ලාබාලම කලඑළි රංගනයක් ඉදිරිපත් කරපු ශිෂ්‍යාව වෙන්නෙත්. එතකොට මට අවුරුදු 12යි. පස්සේ මම ඉන්දියාවේ සරසවියකින් භරත නාට්‍යම් ගැන උසස් ඩිප්ලෝමාවක් හැදෑරුවා.

වර්තමානයේ නර්තන කලාව ගැන දොස් අහන්න වෙන දෙයක් තමයි සමහර නර්තන ඇඳුම්. ගොඩක් ඇඳුම්වලින් ශරීරයේ කොටස් අනවශ්‍ය විදිහට උලුප්පලා පෙන්නනවා. ඒ ගැන මොන වගේ මතයක්ද ඔබට තියෙන්නේ?

හාත්පසින්ම වෙනස් නර්තන කලාවක් තමයි වර්තමානයේ අපිට දකින්න තියෙන්නේ. ගොඩක් අය අඟපසඟ ගොඩක් විවෘතව අඳිනවා විතරක් නෙවේ නර්තන ශෛලීන් පවා ගොඩක් අඩුවෙන් තමයි පාවිච්චි කරන්නෙ. රාගය ඇවිස්සෙන නර්තන වින්‍යාසයන් තමයි වැඩිපුරම අද දකින්න තියෙන්නේ. එතන මම කලාවක් නෙවේ දකින්නෙ. අනවශ්‍ය විදිහට මුදල් උපයාගැනීමක්.

කලාව කියන්නෙ දේවත්වයෙන් සලකන්න ඕන දෙයක්. සමහර අය කලාව දකින විදිහත් වෙනස්නෙ. අපි වුණත් හිසේ ඉඳන් පාදාන්තය දක්වාම වහන් නටන්නෙ නෑ. නමුත් දුවගෙ නැටුම තාත්තෙක්ට ඉස්සරහා පුටුවක වාඩි වෙලා බලන්න බැරි තරමට අඟපසඟ පෙන්වන්නෙ නෑ. එහෙම වැඩිපුර ඇඟ පෙන්නලා නර්තනයේ යෙදෙන අය හිතනවා ඒකෙන් තමයි සල්ලි උපයගන්න පුළුවන් කියලා. ඒ කොටසේ මම නෑ.

කලාව එක්ක කාර්යබහුල වුණාම පවුල එක්ක එකට ඉන්න වෙලාවක් හොයාගන්නෙ කොහොමද?

කලාව එක්ක කාර්යබහුල වෙන අවස්ථා බොහෝමයි. නමුත් පන්තිවල වගේම පවුලේ වැඩ සියල්ලත් සිද්ධ වෙන්නෙ මගේ අතින්. සමහර අවස්ථාවල අතපසුවීම් සිද්ධ වෙනවා. නමුත් නිදහසේ ගෙදර ඉන්න දවසට නම් මම මගෙ වැඩ කිසිම දෙයක් අතපසුවෙන්න දෙන්නෙ නෑ.

පවුලෙත් කලාවෙත් දේවල් සමබරව කරගෙන යන්න කාන්තාවක් හැටියට මට ලොකු ශක්තියක් තියෙනවා. රෑට කද්දිත් අපි හතරදෙනාම එකට ඉඳගෙන කන්න උපරිම උත්සාහ කරනවා. මොකද අපිට එදිනෙදා වෙච්ච දේවල්, ගැටලු සුහදව සාකච්ඡා කරන්න පුළුවන් හොඳම වෙලාව තමයි රෑ කෑම වෙලාව.

නර්තන ශිල්පිණියක් නොවුණා නම් අද වෙද්දි ප්‍රදීපා ආරියවංශ කවුරු වෙන්න ඉඩ තිබුණද?

නර්තන ශිල්පිණියක් වෙන්න ආසාවක් ඇතිවුණේ අවුරුදු පහමාරෙ ඉඳලමයි. මට ඕනෙ වුණේ මේ රටේ අයිකන් එකක් වෙන්න. තවත් ආසාවක් තිබ්බා ගුවන් සේවිකාවක් වෙන්න. නමුත් තරුණ වියට එළඹෙද්දි මං දැනගත්තා ගුවන් සේවිකාවක් වෙන්න මගේ උස මදි කියලා.

අනිත් එක තාත්තත් අකමැති වුණා ගුවන් සේවිකාවක් වෙනවට. නිවේදිකාවක් වෙන්නත් ආසාව තිබුණා. මට අවස්ථාවකුත් ලැබුණා ජාතික රූපවාහිනියේ නිවේදන කටයුත්තක් කරන්න. නමුත් නිවේදනය හිතන තරම් ලේසි නෑ.

ප්‍රදීපාගෙන් පස්සෙ අපි ටිකක් කතා කළා ඇගේ සැමියා හසිත එක්ක…

හසිත කියන්නකො කොහොමද මෙච්චර ලස්සන බිරිඳක් හොයාගත්තෙ?

මට මුලින්ම ප්‍රදීපාව හම්බුණේ ප්‍රසිද්ධ වෙළෙඳ සංකීර්ණයකදි. ඒක හරිම අහම්බයක්. පස්සෙ මං ඇයගේ දුරකථන අංකය හොයාගෙන කතා කළා. එහෙම තමයි අපි දෙන්නගේ ප්‍රේම සම්බන්ධය පටන්ගත්තෙ.

ප්‍රදීපා කලාව එක්ක කාර්යබහුල වෙද්දි දරුවන්ගෙ වැඩකටයුතු කෙරුණේ ඔබේ අතින්ද?

දරුවන් පොඩි කාලේ ගොඩක් වෙලාවට මගේ අතින් තමයි වැඩකටයුතු සිද්ධ වුණේ. දැන් ඒගොල්ලෝ ලොකු නිසා ඒගොල්ලන්ගෙ වැඩ එයාලම කරගන්නවා. ඒත් පාසල් ගෙනියන ඒවා අමතර පන්තිවලට යන ඒවා මගේ අතින් තවමත් කෙරෙනවා.

ගෙදරදි ප්‍රදීපා මොනවගේ චරිතයක්ද?

ප්‍රදීපා කියන්නෙ බොහොම ක්‍රියාශීලී කාන්තාවක්. මොන වැඩක් තිබ්බත් ඒ ඔක්කොම අඩුපාඩුවක් නැතුව කරන්න ඇයට පුළුවන්.

මෙච්චර ගමනක් එන්න ඔබ ඇයට දුන්නු නිදහසත් ගොඩක් බලපාන්න ඇති…

ඇයගේ වෘත්තීය කටයුතු සඳහා සම්පූර්ණ නිදහස මං ඇයට ලබා දීලා තියෙන්නේ. අඩුපාඩුවක් දැක්කොත් මම එය පෙන්නලා දෙනවා. මාත් කලාවට ආස නිසා හොඳ අවබෝධයෙන් කටයුතු කරනවා.

එරංදි කෞශල්‍යා ✍️

TAGGED: කලායතන, නර්තනය, ප්‍රදීපා ආරියවංශ, මංගල්‍යය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?