නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මම හිතන්නේ ක්‍රෂ්එක ආදරයකින් කෙළවරවෙන්න ඕනෙම නැහැ කියලා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

මම හිතන්නේ ක්‍රෂ්එක ආදරයකින් කෙළවරවෙන්න ඕනෙම නැහැ කියලා

Published June 3, 2024
හෙෂාන් මනුල

සිරි දළදාගමනය සිනමා පටයේ “දන්ත කුමරු” ලෙසිනුත්, රේස් ටෙලි නාට්‍යයේ “උවිදු , ලෙසිනුත්, හිත ළඟ හිනැහුණා ටෙලි නාට්‍යයේ “සිහින” ලෙසිනුත් , තත්පරයක් දෙන්න ටෙලිනාට්‍යයේ “ඩොක්ටර් මිලි”ගේ චරිතයෙනුත් ඔබේ දෑස් මානයට ආ තරුණ පරපුරේ දක්ෂ, කඩවසම්, මිත්‍රශීලී, ආදරණීය රංගන ශිල්පියෙක් මෙවර නවලිය “සෙනෙහසක නවාතැන”ට එකතු කරගත්තා. හෙෂාන් මනුල මේ වනවිටත් නිරූපණ ශිල්පියෙක් සහ ව්‍යාපාරිකයෙක්ද වෙනවා.

හෙෂාන් මුලින්ම අපි ඔබේ පවුලේ විස්තර ගැන කතා කරමු

මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි. අක්කයි, අයියයි. අක්කයි අයියයි දෙන්නම විවාහකයි. බබාලත් ඉන්නවා. ඒ දෙන්නම ඉන්නෙ ඉතාලියේ.

හෙෂාන්ගෙ පදිංචිය?

කඩුවෙල.

කොහොමද මේ දවස්වල ජීවිතේ?

මේ දවස්වල හොඳයි. හොඳින් ජීවිතේ ගෙවෙනවා. මගේ අසනීපෙන් පස්සේ කරපු දෙවැනි ෂූට් එක තමයි මේක. මගේ මේ අසනීපෙ ගොඩක් ලොකු අසනීපයක්. මිනිස්සු මානසිකව ඒකෙන් ගොඩක් වැටෙනවා.

නමුත් මට වැටෙන්න දෙන්නෙ නැතුව ගොඩක් මාව හයියෙන් අල්ලන් හිටියේ මාධ්‍ය සහ රසිකයන්. මම ඇත්තටම මාධ්‍යවේදීන්ට ගරු කරනවා. මොකද මේ වගේ වෙලාවක වැටෙන්න දෙන්නේ නැතුව මට ශක්තියක් වුණාට.

හෙෂාන්ගෙ අසනීප තත්ත්වය කොහොමද දැන්?

දැන් මට සීයට අනුවක් විතර සනීපයි. “සයිටිකා” කියන රෝගය තමයි මට තිබුණේ. මේ ගැන මගේ යූටියුබ් ගිණුමේ මම කතා කරලා තියෙනවා. මොකද ගොඩක් අයට මේ ලෙඩේ තියෙනවා. නමුත් ගොඩක් අය දැනුවත් නැහැ. ඉතින් තව කෙනෙකුට එහෙම නොවෙන්න මම මගේ අසනීපය ගැන දැනුවත් කරා.

අලුත් නිර්මාණ එහෙම බාරගත්තේ නැද්ද?

හිත ළඟ හිනැහුණා ටෙලි නාට්‍යයෙන් පස්සේ මම කිසිම වැඩක් බාරගත්තේ නැහැ. මම මේ හැම දෙයක්ම අතහැරලා දාලා යන්න තීරණය කරලා තියෙන්නේ. හැබැයි මට තව අලුත් ටෙලි නාට්‍යයකටත් ආරාධනා ලැබිලා තියෙන්නේ.

ප්‍රේක්ෂකයින් මගේ අසනීපය වෙලාවේ මාත් එක්කම හිටියා. ඒක මට ලොකු ශක්තියක් වුණා. හැම වෙලාවෙම එයාලා කිව්වේ “ආයෙ එන්න” කියලා. ඉතින් මම හිතනවා මම ආයෙත් නාට්‍යයක් කළොත් එක නාට්‍යයක් විතරක් කරයි කියලා. ඒකත් මගේ ප්‍රේක්ෂකයින් වෙනුවෙන්.

හැමදේම අතහරිනවා කිව්වේ?

මම විදේශගත වෙන්න හිතාගෙන ඉන්නේ.

මේ හැමදේම දාලා යන්න දුක නැද්ද?

ඇත්තටම දුකයි. මොකද මම මෙච්චර කාලයක් ගොඩනගා ගත්ත දේ තමයි මම දාලා යන්නේ. ඉතින් ඒ කොහොම වුණත් මගේ ව්‍යාපාරය තවත් දියුණු කරගන්න ඕන නිසයි මම යන්න තීරණය කළේ. ඒ දේට දැනටමත් මම පරක්කු වැඩියි.

ආයෙ එන්න බලාපොරොත්තුවෙන්ද යන්නේ?

හොලිඩේ එකකට වගේ නම් ආයෙ එයි. හැබැයි එහේ දිගටම නතර වෙන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් අනාගතයේ මොනවා වෙයිද කියලා හිතන්න බැහැනෙ.

ව්‍යාපාරය ගැනත් කියමු

මම ඇඳුම් නිර්මාණය කරනවා. මගේ ව්‍යාපාරයේ නම “—WARNING by HM”

රංගනය විතරක් කරලා ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ලංකාවේ නැද්ද?

මෙහෙමයි රංගනය විතරක් කරලා ජීවත් වෙන්න පුළුවන් හැබැයි තමන්ගේ වටිනාකමට සරිලන මුදලක් ලබාගන්න ඕනේ. මට ගොඩක් අය කියනවා මගේ මිල ඉහළයි කියලා. මොඩ්ලින් කරපු නිසා මම දන්නවා මගේ වටිනාකම. මම කියන්නේ අලුතෙන් එන අයටත් නිකන් රඟපාන්න නම් එන්න එපා කියලා. ඒක මේ ක්ෂේත්‍රය කරන ලොකු අසාධාරණයක්.

හෙෂාන්ගෙ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වුණ චරිතය?

“ සිරි දළදාගමනය” චිත්‍රපටයේ දන්ත කුමාරයාගේ චරිතය කරාට පස්සේ අවුරුදු පහක් විතර කිසිම චරිතයක් කළේ නැහැ. ඊට පස්සේ මම “රේස්” ටෙලි නාට්‍යය කළේ.

“හිත ළඟ හිනැහුණා” සහ “තත්පරයක් දෙන්න” ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණේ ඊටත් පස්සේ. මේ සියල්ල මගේ ජීවිතේ වෙනස් කළා. හැබැයි “රේස්”ටෙලි නාට්‍ය තමයි මගේ දෙවැනි ගමනේ හැරවුම් ලක්ෂය.

නිරූපණ කටයුතුත් නතර කරලද තියෙන්නේ?

මම පෙප්සි ඇඩ් එක කළෙත් ඉන්දියාවේ. ඉන්දියාවේ මිස්ටර් ඉන්දියා කරන මැනේජර් ප්‍රසාද් මිඩාපා මට ආරාධනා කරනවා ඉන්දියාවට එන්න, දිගටම ඉන්දියාවේ ඇවිත් වැඩ කරන්න කියලා. තව ඩුබායි වලිනුත් ආරාධනයක් ඇවිත් තියෙනවා. ඉතිං මම මොඩ්ලින් අතහරින්නෙ නැහැ.

මොඩ්ලින් ෆීල්ඩ් එකේ ඔබ දකින අඩුපාඩු මොනවද?

හොඳ ප්‍රශ්නයක් ඒක. මම දැන් මොඩ්ලින් ෆීල්ඩ් එකට ඇවිත් අවුරුදු 14 ක් විතර වෙනවා. අපි කරන රෑම්ප් මොඩ්ලින් ෆීල්ඩ් එකේ නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් මේ දාලා තියෙන ඇතැම් මොඩ්ලින් පාසල්වලට නම් රැවටෙන්න එපා.

හැම එකක්ම නරකයි කියනවා නෙවෙයි මම. හැබැයි හරි දේ තෝරා බේරාගෙන දැනුම ගන්න. ඒක මම කාටත් කියනවා. වැරදි දේවල් අනුමත කළොත් ඒක මමත් මේ ක්ෂේත්‍රයට කරන ලොකු අසාධාරණයක්.

හෙෂාන්ගේ ෆැෂන් ගැනත් කතා නොකරම බැහැ

ෆැෂන් කියන්නේ මගේ මුළු ජීවිතේම. ඒක තමයි මගේ ඇඟෙන් ආපු දේ. මම කරන ෆැෂන් ගැන සමහර අයට හිතෙන්න පුළුවන් ටිකක් වැඩියි වගේ නේද කියලා. නෑ ඒවා වැඩියි නෙවෙයි, මේ මගේ හැටි. සාමාන්‍ය ජීවිතේ මම අඳින පළඳින විදිහ මේ.

මේ රටෙන් පිට ගියාම ඒකෙ ලොකු වෙනසක් නැහැ. ඉතින් ඇයි අපි තාමත් දූපත් වාසින් විදියට හිතන්නේ. ලෝකෙත් එක්ක කරට කර යන්න පුළුවන් විදියට තමයි අපි හිතන්න ඕනේ.

ලාංකීය සිනමාවේ කඩවසම් රංගන ශිල්පීන් දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඒ අඩුව පුරවන්න හෙෂාන් සූදානම්ද?

මම කැමතිම ප්‍රශ්නයක් මේක. මට තේරෙන විදියට ලංකාවේ සිනමාව සෑහෙන විදියට අද ආර්ථිකමය වශයෙන් පහළට ඇවිත් තියෙන්නේ ලංකාවේ අධ්‍යක්ෂකවරු ප්‍රේක්ෂකයාගේ කැමැත්ත තේරුම් අරගෙන නිර්මාණ නොකරන නිසා. මෑතකදී තිරගතවුණ චිත්‍රපට සංසන්දනය කරලා බලද්දි ලංකාවේ ප්‍රේක්ෂකයා ඉල්ලනවා තරුවක්.

ඉතින් මම දකින්නේ නැහැ එහෙම තරුවක් අපේ සිනමාවෙ. මම කැමතියි ලංකාවේ වාණිජමය සිනමාවේ තරුවක් වෙන්න. අද ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා සම්භාව්‍ය ගණයේ රංගන ශිල්පියෙක් වෙන්න ඕනේ කියන එක. හැබැයි මම කැමතියි “හෙෂාන් මනුල” ලස්සනට ඉන්න, පිළිවෙලට ඉන්න නළුවෙක් කියලා ප්‍රේක්ෂකයින් මාව හඳුන්වනවාට.

ඔබේ විනෝදාංශය?

මට විනෝදාංශ ගොඩක් තියෙනවා. කඳු නැගීම, මෝටර් බයික් පැදීම, මෝටර් බයික් එකතු කිරීම තමයි මගේ විනෝදාංශ.

ජීවත්වෙන්න කැමතිම රට?

ජීවත්වෙන්න කැමති රට ශ්‍රී ලංකාව වෙනවට මම කැමතියි. ඇත්තටම මේ රට හරි හොඳයි. මම කියන්නේ මිනිස්සුන්ට එකිනෙකාට ගෞරව කරන්න ඉගෙන ගන්න. තවත් කෙනෙක් පහත් කරලා සලකන්න එපා, කොයිම වෙලාවකවත්. එතකොට අපේ රට හරි ලස්සන රටක් වේවී.

ජීවිතයේ පසුතැවීම් ඇතිවුණ අවස්ථා තියෙනවද?

මම පසුතැවිලි වෙන්නේ නැහැ. ඒ හැම අවස්ථාවක්ම මම පොසිටිව් කරගන්නවා. එතකොට දුකක් දැනෙන්නේ නැහැනේ.

හෙෂාන් දැන්ම විවාහ වෙන්න අදහසක් නැද්ද?

විවාහ වෙන්න අදහසක් තියෙනවා. නමුත් මම කැමති විදියේ ගැහැනු ළමයෙක් මුණගැහුණේ නැහැ තවම. මම කැමතියි නූතන ලෝකෙත් එක්ක හැසිරෙන්න පුළුවන්, තාක්ෂණය ගැන හොඳ දැනුමක් තියෙන, මනුස්සකම අංක එකට තියෙන ගෑනු ළමයෙක්ට.

හෙෂාන්ගෙ ක්‍රෂ් එක?

උමාලි තිලකරත්න. ඇය ලංකාවේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.

ක්‍රෂ් එක ආදරයක් බවට පත්වෙන්නත් පුළුවන්ද?

මම හිතන්නේ ක්‍රෂ් එක ආදරයක් වෙන්න දෙන්නේ නැතුව හිටියොත් හොඳයි කියලා.

හෙෂාන් කටකතාවලට බයයිද?

ඇත්තටම කිව්වොත් මම කට කතාවලට බය නැහැ. ඒ මොකද කිව්වොත් මගේ වටේ ලොකු පවුරක් තියෙනවා. ඒ තමයි මගේ ප්‍රේක්ෂකයින්. අසනීප තත්ත්වය අතරේ කටකතා පැතිර යද්දි මාව ආරක්ෂා කළේ මගේ ප්‍රේක්ෂකයින්. අනික කටකතා කියන දේවල් අපිට නවත්තන්න බැහැනේ.

පාරමී කෞෂිකා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love4
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජීවිතේ ප්‍රශ්න ආවත් ඒ ගැන හිත හිතා දුක්වෙන කෙනෙක් නෙවෙයි මම

May 12, 2025

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?