නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගීත අයිතිය ඉල්ලා කුලල්කාගැනීම දැන්වත් අවසන් වෙනවනම් හොඳයි.
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

ගීත අයිතිය ඉල්ලා කුලල්කාගැනීම දැන්වත් අවසන් වෙනවනම් හොඳයි.

Published May 13, 2024
                         අමරසිරි පීරිස්

බරසාර ගීතයන්ගෙන් පිරුණු එක්තරා කැසට් පටයකට ටිකක් අමුතු තාලෙ ගීතයක අවශ්‍යතාවක් තිබුණ නිසා නිර්මාණය වුණ මෙන්න මේ ගීතයෙනුයි ඔහු මිනිස්සු අතර ගායකයෙක් විදිහට වඩාත්ම ප්‍රසිද්ධ වුණේ.

යුග ගණනාවක් පුරා දෙසවන් පිනවූ ගී දහසකට ආසන්න ප්‍රමාණයක් ගැයූ මේ සොඳුරු සංගීතවේදියාව එහෙමත් නැත්නම් ඇපල් මලේ අයිතිකාරයව වසන්ත කාලයේ එක්තරා දවසක අපටත් හැකි වුණා හදිසියේම වාගේ හමුවෙන්නට… එසේ හමුවූ මොහොතේ අමරණීය අමරසිරි ශූරීන් සමඟ කතාබහ මෙලෙස අපි ආරම්භ කළා.

කොහොමද ඔබතුමාගේ සැප දුක්?

පහුගිය කාලෙ ටිකක් අසනීප තත්ත්වයෙන් හිටියෙ. දැන් නම් සුවයි. මේ දවස්වල අලුත් ප්‍රසංගයකට ලෑස්ති වෙනවා. ‘හන්තානට පායන සඳ’ ප්‍රසංගය ලබන 12 වැනිදා නෙළුම් පොකුණේ පැවැත්වෙනවා.

මේ දවස්වල ඒකෙ පෙර පුහුණුවීම් තියෙනවා. එහි මගේ වැඩිමල් දියණිය ජනනි වගේම උමාරියාත් මාත් එක්ක ගීත ගායනා කරනවා.

දුවත් එක්ක වේදිකාගත වෙන පළමු අවස්ථාවද?

නෑ. මේ දෙවන අවස්ථාව. මීට කලින් මහරගම යොවුන් රඟහලේ ප්‍රසංගයක් පැවැත්තුවා දුව එක්ක.

ඔබතුමා අසනීප තත්ත්වයක් ගැන සඳහන් කළා. මොකද වුණේ?

ඔව්. වෛද්‍ය උපදෙස් මත තමයි තවමත් සංගීත වැඩකටයුතුවල නිරත වෙන්නේ. මට උදර ආබාධයක් ආවා. ලොකු ඔපරේෂන් එකක් කරන්න වුණා. ඒකට අදාළව දෙවැනි ඔපරේෂන් එකත් කළා. මාස හයක් විතර විවේකීව හිටියා. දැන් සුවයි.

දැන් වයස එහෙම කීයද?

(සිනාසෙමින්) තාම එච්චර වයසක් නෑ.හැත්තෑ හතයි.

ඔබ දශක ගණනාවක් පුරා ගීත ගැයූ ගායකයෙක්.ඇහුවොත් උත්තරයක් දෙන්න පුළුවන්ද මේ වෙනකල් ගැයූ ගීත ප්‍රමාණය කොච්චරක්ද කියල?

කොහොමත් 1000ට වැඩියි.මේ ළඟදි මගේ හිතවතෙක් මං ගැයූ ගීත ගැන විමර්ශනයක් කරලා තිබුණා. ඔහු හැමතැනින්ම හොයාගෙන එකතු කරගෙන තිබුණා මගේ ගීත දාහක් විතර. ඇත්තටම එතකොට තමයි මමත් දැනගත්තේ මම මෙච්චර සිංදු ප්‍රමාණයක් කියලා තියෙනවා කියලා.

ඔබතුමා ගායකයකුට අමතරව ගීත රචකයෙක්. ලියූ ගීත අතරින් ප්‍රසිද්ධම වුණ ගීතය මොකක්ද?

එහෙම කියන එක ඇත්තටම අමාරුයි. නමුත් මං හිතන්නේ ප්‍රතිචාර අතින් ගත්තොත් ළඳුනේ ගීතය තමයි ගොඩක් ප්‍රසිද්ධ වුණේ. මම ගායනය පස්සේ පන්නන් ගිය කෙනෙක් නෙවෙයි.

ගායනයට එන්න කලින් වයලින් වාදනයෙන් මම ගීතවලට පසුබිම් සංගීතය සැපයුවා. ගුවන් විදුලියේ හිටපු නිසා වෙන්න ඇති මට ගායනය ගැන ඉස්සර ලොකු වටිනාකමක් දැනුනේ නෑ. නමුත් මං සංගීත ගමන ආවෙනම් සැලැස්මක් ඇතිව.

ඒත් ඒ ගීත අතරිනුත් ‘ඔබ ඇපල් මලක් වාගේ’ කියන්නේ වයස් භේදයක් නැතුව අදටත් ඕනම වෙලාවක රස විඳින්න පුළුවන් ගීතයක් කිව්වොත් මං හරිද?

ඔව් අනිවාර්යයෙන්ම. මට  CD  එකක් කරන්න ආරාධනා කළා සරත් දසනායක මහත්මයා. ඔහු මට කිව්වා මේ CD එකේ බරසාර ගීත අතරට සරල ගීතයකුත් අවශ්‍යයි කියලා.

ඒ විදිහට තමයි ඇපල් මල ගීතය හැදුණේ.ඇත්තටම ඇපල් මල නිසාම තමයි මිනිස්සු අතර මං ගායකයෙක් විදිහට වඩාත්ම ජනප්‍රිය වුණෙත්. ඒ තරම්ම ඒක හිට් වුණා.

ඔබේ නිර්මාණ බොහොමයක් සත්‍ය සිදුවීම් ඔස්සේ නිර්මාණය වූ ඒවා නේද?

ඔව්. අපි එදිනෙදා දකින සමාජ යථාර්ථයන් තියෙනවානේ. අපි ඒ සමාජ යථාර්ථයන් ගැන කතා කරන්න ඕනේ. මම සමහරක් එවැනි සිදුවීම් පද රචකයන්ට කියල ලියවගත්තා.

ඇත්තටම මගේ ආදර ගීත ගොඩක් අඩුයි. ඒක බොහොම පැහැදිලි වෙනවා ‘කන්‍යාවී’ මගේ පළමු කැසට් පටයෙන්. ඒ කැසට් පටයේ සියලුම ගීත තියෙන්නේ මිනිස්සු සහ සතා සිවුපාවා ගැන.

දරු පවුල ගැනත් කතා කරමු…

මට දරුවෝ පස් දෙනෙක් ඉන්නවා. දුවලා හතරයි පුතයි. පුතා ඉන්නෙ ඉතාලියේ. ලොකු දුව තමයි ජනනි. ඇය සංගීත ගුරුවරියක්. අනිත් දුව ඕස්ට්‍රේලියාවේ. තුන්වෙනි දුව බැංකු කළමනාකාරවරියක්. ඇයත් මුළු පවුල එක්කම එංගලන්තෙ ඉන්නේ. පොඩි දුව වෛද්‍යවරියක්.

ගීතවල අයිතිය ඊළඟ පරම්පරාවට පැවරීම ගැන ඔබට තියෙන්නේ මොන වගේ අදහසක්ද?

සින්දු බෙදාගන්න බැරුව විශාල අරගලයක් අපේ රටේ පවතිනවා. ඒ ගැන මට කතා කරන්නත් ලැජ්ජයි. ගීතයක් කියන්නේ සුන්දර වස්තුවක්. සමහර සංගීතඥයෝ මේ ගීත අයිතිය ගැන අනවශ්‍ය ජන මතයක් සමාජගත කරලා තියෙනවා. ගීතයක අයිතිය එක්කෙනෙක්ට ලඝු කරන්න බෑ.

සින්දු බෙදාගන්න බැරුව ලොකු ප්‍රශ්න අපේ රටේ ඇතිවෙලා තියෙනවා. හොඳට ඉන්න මිනිස්සු විරසක වෙනවා. මේක නිකං අළු යට ඇවිලෙන ගින්නක් වගේ කවදාවත් නිවෙන්නෑ. සින්දුවක ස්වාමිත්වය සින්දුව කියපු, ලියපු, සංගීතය සැපයූ සියලුම දෙනාටම අයිතියි. මේ කුලල්කාගැනීම් ඉක්මනින්ම අවසන් වෙනවනම් හොඳයි.

එරංදි කෞශල්‍යා ✍️

TAGGED: අමරසිරි පීරිස්, ඔබ ඇපල් මලක් වාගේ, ගීත
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?