නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සියනෑ අවුරුදු කුමරි කල්පනී කුමරා- තේමිය
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
News & Events

සියනෑ අවුරුදු කුමරි කල්පනී කුමරා- තේමිය

Published May 6, 2024

නවලිය මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබාදුන් සියනෑ අවුරුදු කුමරා, කුමරිය 2024, පසුගිය 28 වැනි ඉරිදා රාත්‍රියේ නිට්ටඹුව පාරෝ හෝටලයේදී අතිඋත්කර්ෂවත් අන්දමෙන් පැවැත්විය.

අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලාංකීය රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ගෞරවාන්විත චරිතය ලෙස සලකන හැරිස් විජේසිංහයන් සමඟින් ප්‍රවීණ රංගනවේදිනියන් වන නදීකා ගුණසේකර, දමයන්ති ෆොන්සේකා, යශෝධා විමලධර්ම, ඔලිම්පික් පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහ, එවරස්ට් තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයන් වන කේශාලංකරණ ශිල්පී යොහාන් පිරීස්, දකුණු ආසියා රූ රැජිණ සමන්තිකා කුමාරසිංහ, රංගවේදිනී තුෂාරි වේහැල්ල, ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පීන් වන නදීශා ද සිල්වා, දුශ්මන්ත ශානක සහ ජැකී අපොන්සු ඇතුළු සම්භාවනීය පිරිසක් සහ අනුග්‍රාහකත්වය ලබාදුන් ආනුග්‍රාහකභවතුන් ආරාධිත අමුත්තන් ලෙස සහභාගී විය.

ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ සියනෑ අවුරුදු කුමාරියන් දසදෙනා සහ සියනෑ අවුරුදු කුමාරයන් දසදෙනා වට තුනක් යටතේ තමන්ගේ රූ සපුව, කඩවසම් බව, අභිමානය පෙන්වූ අතර එහිදී විනිශ්චය මණ්ඩලයේ තීරණයෙන් සියනෑ කුමරා, කුමරී අභිශේක ගැන්වීම සිදුවිය. අවසන් මහා තරගය සඳහා කථනයෙන් සහන් උඩුවෙවත්ත දායක විය.

සියනෑ අවුරුදු කුමාරී

01 ස්ථානය කල්පනී ගුණවර්ධන

02 ස්ථානය හසිනි නිසංසලා

03 ස්ථානය සිත්මි නිමාෂා

සියනෑ අවුරුදු කුමරා

01 ස්ථානය තේමිය ලන්කේෂ්

02 ස්ථානය චමල්ක ලක්රුවන්

03 ස්ථානය කමාන් ශානුක

ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය සහ ඇඳුම් නිර්මාණ ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන සිටින ප්‍රවීණයන් වන සමන්ත ගුණසේකර සහ ජොනී ගුණසේකර අභිමානයෙන් ඉදිරිපත් කරන සියනෑ අවුරුදු කුමරා, කුමරී 2024 සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වයන් කාන්තාවන්ගේ ඔසප් වේදනාවට ළඟින්ම සිටිනා ලියානා කැප්සියුල් සමගින් Salon moods, පාරෝ හෝටලය, නවලිය, රාම් බ්‍රදර්ස්, ප්‍රීමියර් ලෑන්ඩ්ස්, අර්ජුනා ජුවලර්ස් ඇතුළු තවත් අනුග්‍රාහකභවතුන් රැසකගේ එකතුවෙන් සිදුවිය.

හරින්දී ලියනගේ ✍️
ඡායාරූප – ඩයන් ප්‍රදීප්
📷

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත්

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 28, 2025

නවලිය ජනප්‍රිය කුමරිය නුවර කාව්‍යා – නවලිය ජනප්‍රිය කුමරා නුවර හසිත

April 22, 2025

සියනෑ අවුරුදු කුමරා කොළඹ දිනිත් – සියනෑ අවුරුදු කුමරිය ගම්පහ හසිනි

April 22, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?