නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මම දැන් කරන්නෙ තුන් කොන් ආදරයක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

මම දැන් කරන්නෙ තුන් කොන් ආදරයක්

Published May 6, 2024
                           චරිත් අබේසිංහ

චරිත් අබේසිංහ කියන නම අපේ කනට, ඇහැට ගොඩක්ම හුරු වුණේ 2009 දි තිරගත වුණ ‘ජූලියා‘ චිත්‍රපටිය හරහා කිව්වොත් මං හිතන්නෙ මං නිවැරදියි. ඒ තරමටම ජූලියාටත් බාචි සුසාන් සමඟ චරිත් ගායනා කළ ‘සරත් සඳේ’ ගීතයටත් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණේ අති විශාල ආකර්ෂණයක්. නළුවෙක්, ගායකයෙක් විදිහට අපි දැකපු චරිත් මේ වෙද්දි ඊට අමතරව නිවේදකයකුගේ සහ අධ්‍යක්ෂකවරයකුගේ භූමිකාවත් සිදු කරන්නේ ඒ ඒ විෂයන්වලටත් ඔහු අති දක්ෂයෙක් බව හොඳින්ම ඔප්පු කරමිනුයි. හැබැයි අද අපේ මාතෘකාව චරිත්ගේ වෘත්තීය ජීවිතය ගැනනම් නෙවෙයි. විවාහයකින් පස්සෙ ඕනම අඹු සැමි යුවලක් පතනා සුන්දරය පැතුම චරිත් හැබෑ කරගෙන තිබුණා. පහුගිය දවසක චරිත් ‘අවුරුදු තෑගි කලින්ම ලැබුණා’ කියලා සමාජ මාධ්‍යට පුංචි පැටවු තුන්දෙනෙක්ගෙ පින්තූරයක් පළකරලා තිබුණේ තමන් උතුම් පිය පදවිය ලැබූ බවට සියලුම රසිකයන්ට පවසමිනුයි. ඉතින් අපි මේ අලුත්ම අලුත් තාත්තව නවලියට සම්බන්ධ කරගත්තා.

චරිත් කොහොමද ඉතින් මේ දවස්වල?

මේ දවස්වල මගේ අලුත්ම ටෙලිනාට්‍ය ‘බඹරෙක් ඇවිත්’ එකේ වැඩකටයුතු එක්ක තරමක් කාර්යබහුල වෙලා ඉන්නෙ. ඒක මම අධ්‍යක්ෂණය කරනවා සහ රඟපානවා දෙකම. මේක 70 දශකයේ කතාවක්. 70 දශකය කිව්වම අපිට මතක් වෙන්නෙ බෙල් බොටම් සහ ඩබල් පොකට් ෂර්ට්නෙ. නමුත් ඒ කාලෙ මිනිස්සුන්ට ඊට වඩා එහාට ගිය ජීවිතයක් තිබුණා. 70 දශකය කියන්නෙ අපේ රටේ දේශපාලනික පෙරලි සිදුවෙච්ච කාලයක්. ඉතින් මේ ටෙලි නිර්මාණයේ තියෙන්නෙ ඒ කාලෙ ලස්සන ගමක සිද්ධ වුණ රසවත් ආදර කතාවක්.

චරිත් උත්තරේ දීලා අවසන් වෙන්නත් කලින් පසෙකින් ඇහුණේ චූටි පැංචෙක් අඬන සද්දයක්…

“දැන් මට ළමයි තුන් දෙනෙකුත් ඉන්නවනෙ” චරිත් එහෙම කිව්වෙ ඒ අඬපු පැංචව නලවන ගමන්.

ඒකනෙ. මගේ ඊළඟ ප්‍රශ්නය ඒ ගැන. දැන් චරිත් අබේසිංහ කියන්නෙ තාත්තා කෙනෙක්. කොහොමද දැනෙන හැඟීම?

දැනෙන හැඟීම කියන්නෙ… මට දැන් මේ තුන්දෙනාව දාලා විනාඩියක්වත් කොහෙටවත් යන්න හිතෙන්නෙ නෑ. කොහෙහරි ගියත් පුළුවන් තරම් ඉක්මනින් මං ගෙදර එනවා. එක්කෙනෙක් දිහා බලන් ඉද්දි තව කෙනෙක් දිහා බලන්න හිතෙනවා. එයා දිහා බලන් ඉද්දි ඊළඟ කෙනා දිහා බලන් ඉන්න හිතෙනවා.

තුන්දෙනාගෙන් ඇස් අහකට ගන්න හිතෙන්නෙම නෑ. දැන් මට ආදරය තුන් පැත්තකින් ලැබෙනවා. මගේ ආදරෙත් තුන්පැත්තකට බෙදෙනවා. ඒ වගේම මගේ බිරිඳ මේ කාලෙ බොහොම සතුටින් ඉන්නෙ. ඒ සේරම එක්ක මං හිතනවා 2024 කියන්නෙ හරිම වාසනාවන්ත අවුරුද්දක් කියලා.

ඒ කියන්නෙ මේ ගෙවෙන්නෙ චරිත්ගෙ හොඳම කාලේ…

ඔව් අනිවාර්යයෙන්ම. මං හිතන්නෙ මේ ගෙවෙන්නෙ මගේ හොඳම සහ සුන්දරම කාලය.

අවුරුදු 07කට පස්සෙ මේ වස්තු තුන අපි ළඟට එව්ව සොබාදහමට ස්තූතියි –

චරිත් අබේසිංහ

මොනවද මේ පොඩ්ඩන්ගෙ නම්?

තාම නම් දැම්මෙ නෑ. තාම බබාලට සති තුනක් වගේනෙ. නමුත් මේ සතියෙ මෙයාලට නම් දාන්න ඕනෙ.

එකපාර දරුවො තුන්දෙනෙක්ම ලැබෙන්න ඉන්නවා කියල දැනගත්තම මොකද හිතුණේ?

ඇත්තටම මුලින්ම අපි දැනන් හිටියෙ බබාලා දෙන්නයි ලැබෙන්න ඉන්නෙ කියලා. නමුත් පස්සෙ තුන්දෙනෙක් කියලා දැනගත්තා. දුවයි පුතාලා දෙන්නයි. ඒක ඇත්තටම වචනවලට පෙරලන්න බැරි හැඟීමක්. ඒකට හේතුව බොහොම කලාතුරකින් තමයි මෙහෙම අවස්ථාවක් කෙනෙකුට ලැබෙන්නෙ.

අපි විවාහ වුණේ 2017දි. අවුරුදු 7ක් ගියා මෙයාලා අපි ළඟට එන්න. ඉතින් දෙවියො සහ සොබාදහම මේ වස්තු තුන අපිටම හොයලා දීපු එක ගැන මම ස්තූතිවන්ත වෙනවා. දැන් ඉතින් මහන්සි වෙලා මෙයාලව ලොකු කරගන්නයි ඕනෙ.

තාත්තා කෙනෙක් විදිහට දැන් වගකීම්නම් ගොඩක් වැඩි වෙයි නේද?

දැනටත් වගකීම් සෑහෙන්න වැඩියි. ඒ වගේම අනිත් පැත්තෙන් ආදරෙත් වැඩියි. ඕනම කෙනෙක්ගෙ ජීවිතේ ආදරේ නැත්නම් පාළු වෙනවා. මටනම් ආදරේ දැන් අඩුවක් නැතුව ලැබෙනවා.

කලින් ගෙදර තිබුණ වාතාවරණය දරු පැටවු එක්ක වෙනස් වෙලා තියෙන්නේ මොන විදිහටද?

අපේ ජීවිතවල තිබුණ යම් හිඩැසක් දැන් පිරවිලා කියලා මට දැනෙනවා. අපි හැමතිස්සෙම උත්සාහ කරන්නෙ අපේ ජීවිත මොනවගෙන් හරි පුරවගන්නනෙ. එක්කො සල්ලිවලින්. නැත්නම් ආදරෙන්. මං හිතන්නෙ ජීවිතේ ආදරෙන් පිරුණම තමයි මොන දෙයින් පිරුණටත් වඩා සුන්දර.

ඒ ආදරේ වැඩිපුරම දෙන්න පුළුවන් වෙන්නෙ මං හිතන්නෙ දරුවන්ට. කලින් අපි දෙන්නගෙ ජීවිතවල පැය දෙක තුනක හරි පාළු කාල පරිච්ඡේදයක් තිබුණනම්, දැන් ඒ දේ සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගිහින් තියෙන්නෙ.

ඒ කියන්නෙ දැන් චරිතුත් බිරිඳ එක්ක හරිහරියට නිදි මරණවා ඇති…

අපොයි ඔව්. නමුත් ඒක ආසාවෙන් මරණ නින්දක්. මේගොල්ලො තාම හොඳයි. තාම චූටියිනෙ. කිරි බොනවා, චුට්ටක් අඬනවා, නිදාගන්නවා. තව මාස දෙක තුනකින් තමයි හොඳ හොඳ සෙල්ලම් බලන්න පුළුවන්.

මොනවද චරිත්ගෙ ඉදිරි වැඩකටයුතු?

මගේ චිත්‍රපටි දෙකක් මේ අවුරුද්දෙ කරන්න ඉන්නෙ. එකක් ජුනි වල සහ අනිත් එක අගෝස්තු මාසෙ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ගිය සතිය පුරාම මම ලොකේෂන්ස් බලන්න ඇවිද්දා. ඒ වගේම මනී ඩ්‍රොප් සීසන් 3 එකත් මේ අවුරුද්දෙ පටන්ගන්නවා. ඔය දේවල් තමයි මේ අවුරුද්දෙ පෙලගැස්විලා තියෙන්නෙ.

එරංදි කෞශල්‍යා ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love6
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?