නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හොඳ චරිතයක් ලැබුණොත් ආයෙත් රඟපාන්න ආසයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

හොඳ චරිතයක් ලැබුණොත් ආයෙත් රඟපාන්න ආසයි

Published April 29, 2024

තමාරා දිල්රුක්ෂි

කාලයක් එක දිගට විවිධ චරිත රඟපෑම නිසාම ජනතාවගේ හදවත්වල ලැගුම්ගත් අය තමන්ගේ පෞද්ගලික ජීවිතයේ යහපත වෙනුවෙන් ඒවා සියල්ල අත්හරින බව අප ඕනෑ තරම් එක එක කාලවලදී දැක තිබුණා.එහෙම කෙනෙක් තමයි තමාරා දිල්රුක්ෂි. ඉසුරු සොයා ටෙලි නාට්‍යයෙන් රංගනයට පිවිසි ඇය ඉන්පසු ටෙලි නාට්‍ය බොහොමයක් රඟපාමින් ජනප්‍රිය කෙනෙකු වී තිබියදීම තමන්ගේ විවාහය නිසා ඒ සියල්ල අතහැර එතෙර පදිංචියට ගියා. ඇය මේ වනවිට ඉන්නේ ශ්‍රී ලංකාවේ. හැබැයි තමාරා මෙහේ පදිංචියට ඇවිත් බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ...

කොහොමද තමාරා, කාලෙකට පස්සේ ඔයාව මෙහෙම අපට හමුවෙන්නේ…

ඔව් ඉතින් ඒක ඇත්ත තමයි. පහුගිය කාලෙ මට ලොකුවට නිර්මාණවලට දායක වෙන්න බැරි වුණා. බබාලා දෙන්නගේ සහ හස්බන්ගේ වැඩවලට උදව් කරගෙන ගෙදර තමයි හිටියේ. ඒ දවස් බොහෝම සාමකාමීව සතුටින් ගතවෙලා ගියා.

බබාලා කිව්වේ?

අපට ඉන්නෙ දුවයි, පුතයි. දුව තිසරාවී, පුතා විහන්. දුව තමයි වැඩිමහල්. එයාට දැන් වයස අවුරුදු දහනමයක්. පුතාට දාහතරක්. දුව මේ වෙනකොටත් විදේශගත වෙලයි ඉන්නේ වැඩිදුර අධ්‍යාපනය සඳහා. ඇය ෆැෂන් ඩිසයිනින්වලට තමයි කැමති.

ඒ පිළිබඳව එතෙර අධ්‍යාපනය ලබනවා. පුතා මේ පාර ඕලෙවල් කරන නිසා තාම ඉස්කෝලේ යනවා. එයා යන්නේ මරදානේ සෙන් ජෝසප් එකට. ඒ දෙන්නගේ වැඩවලට වැඩිවෙලාවක් දුන්න නිසා මට නිර්මාණවලට දායක වෙන්න වෙලාවක් තිබුණෙම නැහැ.

අපරාදෙ නැද්ද නිර්මාණ කටයුතුවලින් ඈත්වුණ එක?

මුලින් නම් අපරාධයක් කියලා දැනුනෙම නැහැ. මම බැන්ද ගමන් රට ගියා. දුව හම්බුණෙත් රට ඉන්නකොට. ඒ නිසා එයාට මාව නැතුවම බැරි වුණා. එයාගේ නර්සරි එකටත් උදේ ඉඳන් ගිහින් මම හිටියා. ඉස්කෝලෙටත් එහෙම තමයි. දැන් නම් ඉතින් එයාලට තේරෙනවනේ. ආයෙත් නිර්මාණ කිහිපයකට හරි දායක වෙන්න කැමැත්තක් තියෙනවා.තවත් හේතුවක් තමයි ගොඩක් නිර්මාණ කරන අය දන්නෙ නැහැ මම ලංකාවේ පදිංචි වෙලා ඉන්නව කියලා. බලමු හොඳ නිර්මාණයක් ආවොත් ආයෙත් රඟපාන්නෙත් කැමැත්තක් මගේ තියෙනවා.

තමාරා කොහොමද ඔබ පළවෙනි නිර්මාණයට සම්බන්ධ වුණේ?

චන්ද්‍රරත්න මාපිටිගමගේ ඉසුරු සොයා රඟපාන්න මුල් වෙන්නේ මගේ පාසලේ හිටපු යෙහෙළියක්. මම ඉගෙන ගත්තේ කිරිමැටියාගාර ජාතික පාසලෙන්. දැන් නම් ඒකට කියන්නෙ හෝලි ෆැමිලි කොන්වන්ට් කියලා. ඊට පස්සේ වැඩි දුර අධ්‍යාපනය සඳහා මම ගුරුකුල මහා විද්‍යාලයට ගියා.

ඉස්කෝලේ මගේ යාළුවා මුදිතාගේ ගෙදරදි තමයි කුමාර අයියා මගෙ පින්තූරයක් ගත්තේ. ඒ වෙනකොටත් අපේ ලයිබ්‍රරි එකෙන් පොත කියවලා මට ඉසුරු සොයා රඟපාන්න ආසාවක් තිබුණා. එහෙම හිත හිත හිටපු කාලෙම තමයි හරියටම ඒ අවස්ථාව ලැබුණේ. ඉසුරු සොයාවලට හොඳ ප්‍රතිචාර මට ලැබෙන්න ගත්තා.

ඊට අමතරව දූ දරුවෝ, දියසේන, ධවල රාත්‍රිය, ධවල මන්දීරය, මායාරත්න, කොරටුවේ ගෙදර, සමනලයා නෝ ටෙලිනාට්‍යවලට වගේම විජය ධර්මශ්‍රීගේ ක්ෂේම භූමි චිත්‍රපටයේ චරිතයටත්, ජැක්සන් ඇන්තනීගේ ජුලියට්ගේ භූමිකාවේ චරිතයටත් මට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ අතරදී මම පොඩ්ඩක් නිවේදන කටයුතුවලටත් යොමුවුණා. ස්වර්ණවාහිනිය සහ අයිටීඑන් එකේ නිවේදන කටයුතුත් මම කළා.

මට කොහොම වුණත් කිසිම දෙයක් එක දිගට කරගෙන යන්න වුවමනාවක් තිබුණේ නැහැ. ඉසුරු සොයා එකේ දී මාත් එක්ක රඟපාන්න හිටියේ ඒ කාලේ ටෙලිවල හිටපු දැවැන්ත චරිත. වීනා ජයකොඩි මහත්මිය, ලකී ඩයස් මහත්මා, දෙනවක හාමිනේ වගේ අය මට හරියට උදව් කළා මගේ චරිතය ගොඩනගාන්න.

කොහොමද සැමියව හමුවෙන්නේ?

එයා මුලින්ම අපේ ගෙදර එන්නේ ඩ්‍රාමා එකක් කරන්න පිටපතක් අරගෙන. එදා අපි ඒ ගැන කතා කළා. ඊට පස්සේ කොහොම හරි ඒ ඩ්‍රාමා එක කෙරුණේ නැහැ. දවස් ගෙවිලා ගියා. අහම්බෙන් වගේ මගේ යාළුවෙක්ගෙ මාර්ගයෙන් තමයි පස්සේ එයාගෙන්ම විවාහ යෝජනාවක් එන්නේ. ඒ වෙනකොට මමත් තීරණය කරලා තිබුණා මේ හැම දේකින්ම ඈත්වෙලා විවාහ වෙලා හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න ඕනෙ කියලා. එයාගේ නම ෆ්‍රැන්ක් ප්‍රශාන්ත.

අපි විවාහ වෙලා ඉතාලියේ පදිංචියට ගියා.මහත්තයා වැඩ කළේ එහේ. අපිට මිලානෝවලදි තමයි දුවව ලැබුණෙත්. ඊට පස්සේ සැරෙන් සැරේ ලංකාවට ආවා ගියා පදිංචි වුණේ නැහැ. පුතා හම්බවුණාට පස්සේ තමයි මෙහේ ආවේ.මම අදටත් විශ්වාස කරනවා එදා මම ගත්ත තීරණය හරි තීරණයක් කියලා. අපි අදටත් හරිම සතුටින් ජීවිතය ගෙවනවා.

හස්බන්ඩ් තවමත් වැඩ කරන්නේ මිලානෝවලද?

නැහැ බිස්නස් වැඩවලට යනව එනව විතරයි දැන්. එයා නැතුව අපට මෙහේ දේවල් ගොඩක් කරගන්න අමාරුයි. එයා තමයි අපේ ශක්තිය. සමහර වෙලාවට එයාම කියනවා මම නැතුව වැඩ කරගන්න පුරුදු වෙන්න කියලා. නිකමට හරි මම නැති වුණොත් ඔයාලා කොහොමද වැඩ කරගන්නේ කියලත් එයා අහනවා.පුතයි දුවයි වුණත් ඕන දෙයක් තාත්තිගෙන් අහල තමයි කරන්නේ. මම වුණත් දරුවන්ගේ දේවල්වල තීරණ ගන්නවා නම් එයත් එක්ක කතා කරලා තමයි තීරණ ගන්නේ.

දුවයි පුතයි ගැන මොන වගේ බලාපොරොත්තුවක්ද තියෙන්නේ?

එයාල දෙන්න දැනටමත් හොඳ දරුවෝ. එයාලා කැමති දේවල් කරගෙන යන්න තමයි අපි දෙන්නම ඉඩ දීලා තියෙන්නේ. බලමු එයාලගේ කැමැත්තට තමයි අපි උදව් කරන්නේ. දුව නම් මේ වෙනකොටත් එතෙර අධ්‍යාපනයට ගිහිල්ලානේ ඉන්නේ. පුතා ඕලෙවල් කරාට පස්සේ එයා කැමති දෙයක් කරන්න අපි උදව් කරනවා. අපි දෙන්නටම ඕනේ එයාලා මේ රටට වැඩදායී ගුණගරුක පුරවැසියන් විදියට ජීවත් වෙනවා දකින්න.

ජීවිතය ගැන මොනවද හිතන්නේ?

ජීවිතය හරිම සුන්දරයි. අපේ ජීවිතය සුන්දර විදියට ගෙවනවා. වගකීම් තියෙනවා. යුතුකම් තියෙනවා. ලෙහෙසි නැහැ. හැබැයි සැලසුම් කරගත්තොත් ලස්සනට ගෙවන්න පුළුවන්.

හරින්දී ලියනගේ ✍️






 

TAGGED: actress, drama, mayarathna, තමාරා දිල්රුක්ෂි, රඟපාන්න
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?