නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සමහර තැන්වලදි ‘ඇයි මට මෙහෙම වෙන්නෙ කියලා’ මගෙන්ම ප්‍රශ්න කරලා තියෙනවා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

සමහර තැන්වලදි ‘ඇයි මට මෙහෙම වෙන්නෙ කියලා’ මගෙන්ම ප්‍රශ්න කරලා තියෙනවා

Published April 22, 2024
තීක්ෂණ ශ්‍රී විජේසිංහ

කලාව දවසින් දවස පුංචි පුංචි අංකුර බිහිවෙන රූස්ස ගහක් වගේ. දැවැන්ත අතුරිකිලි ටිකින් ටික ඉර අල්ලන්න හදද්දි ඒ අතුරිකිලි හෙවණේ හැදෙන අලුත් අංකුරත් දැවැන්ත අතු වෙලා ඉර අල්ලන දවසක් එනවා. ඉතින් කලාවෙත් එහෙම පුංචි අංකුර දෙකක් තමයි අද නවලිය කවරෙ හැඩ කරන්නේ. පුංචි අංකුර දෙකක් වුණාට ඔවුන් දෙදෙනා හරිම දක්ෂ නිසයි අපේ කවරය ලස්සන කරන්නත් තරු විසිතුරු තුළින් අපි ඔවුන්ට ආරාධනා කළේ. ඔහු තීක්ෂණ ශ්‍රී විජේසිංහ. ඇය තිලක්ෂි ඉන්දීවරී. මේ දෙන්නා පහුගිය දවස්වල එකම ටෙලියකින් අපිට දැකගන්න ලැබුණා. ඒ කෝලම්කුට්ටම හරහා. අපි මුලින්ම කතා කළේ තීක්ෂණ එක්ක…

තීක්ෂණ මොනවද මේ දවස්වල වැඩකටයුතු?

කෝලම් කුට්ටම නාට්‍ය නම් ඉවර වුණා. හීන අරන් පාරෙ හිටං වේදිකා නාට්‍යයේ වැඩ කෙරෙනවා. ඒ වගේම මේ දවස්වල ලලයි ලිලයි ලයි රූගත කිරීම් එක්ක දවස් ගෙවෙන්නේ. තවත් ටෙලියක ස්ක්‍රිප්ට් එකක් ලැබිලා තියෙනවා.

තීක්ෂණ ගැන තව විස්තර ටිකක් කිව්වොත්…

මට අවුරුදු 27යි. මං තමයි අපේ පවුලෙ එකම ළමයා. ඉගෙනගත්තෙ තර්ස්ටන් විද්‍යාලයේ. පදිංචි වෙලා ඉන්නේ බොරැල්ළේ.

කොහොමද රංගනයට පිවිසෙන්නේ?

පාසල් කාලේ ඉඳන්ම රංගන හැකියාවක් මට තිබුණා. ඒත් මං හිතන්නේ මට ලොකුම හැකියාවක් තිබුණේ ලියන්න. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මට අවස්ථාව ලැබුණා සුපුන් රත්නායක අයියගෙ ‘අඩෝ’ ටෙලිනාට්‍යයේ රඟපාන්න. රඟපාන්න ආසාවක් තිබ්බට පිටින් පේනවට වඩා රංගනය දරුණු වැඩක් කියලා පළමු වතාවට මං තේරුම්ගත්තෙ ඒ නාට්‍යයෙන්. වාසනාවකට මට එදා ඉඳන් අද වෙනකනුත් රඟපාන්න ලැබෙන්නෙ හොඳ නළුනිළි පිරිසක් එක්ක. රංගනයට ආවට පස්සෙ මට රංගනය හදාරන්න ලොකු පෙරේතකමක් ඇති වුණා. පස්සෙ මම සෝමලතා සුබසිංහ මහත්මියගේ ප්ලේ හවුස් එකෙන් රංගනය හැදෑරුවා.

පළමු රංගනයෙන්ම හොඳ ප්‍රතිචාර ලැබුණා නේද?

ඔව්. අඩෝ නාට්‍යයේ සල්ගාදු චරිතයට හොඳ ප්‍රතිචාර ලැබුණා. නමුත් මම මගේ ඇතුළාන්තයෙන් ඒ චරිතය ගැන තෘප්තිමත් වුණේ නෑ. මොකද මට ඒ චරිතය ඊට වඩා වෙනස් විදිහකට කරන්න තිබුණා නේද කියල මම නිතරම කල්පනා කළා. මට තේරුණා ප්‍රතිභාපූර්ණ නළුනිළියෝ බරසාර මාතෘකා ගැන කතා කරද්දි මම ඉන්නෙ ඊටවඩා පියවර ගණනාවක් පිටිපස්සෙන් කියලා. ඉතින් මටත් ඕනෙ වුණා කලාවේ ඒ බරසාර දේවල් ඉගෙනගන්න. මම තවමත් රංගනය ගැන ස්වයංව හදාරනවා.

හැමෝම ආදරේට කියන්නෙ තිකා කියලා නේද? ඇයි ඒ?

මට ඉස්කෝලෙ යාළුවෝ දාපු නම තමයි තිකා කියන්නෙ. මං දන්නෑ ඒක කොහොම වුණාද කියලා. ගොඩක් අය තීක්ෂණ ශ්‍රී විජේසිංහ කියනවට වඩා මාව දන්නෙ තිකා කිව්වම.

ක්ෂේත්‍රයේ මුණගැසුණ හොඳම චරිත කවුද?

අම්මෝ ගොඩක් ඉන්නවා. මේ වෙලාවෙ මතක් වෙන අය කිව්වොත් රන්දික ගුණතිලක, සේවියර් කණිෂ්ක, සුපුන් රත්නායක, චමීර ලියනගේ වගේ සෑහෙන දෙනෙක් ඉන්නවා.

මේ යන ගමන ලේසිද?

මම මෙතනට එන්න අනන්ත කටු කාලා තියෙනවා. මට කරන්න පුළුවන් දේවල් සියල්ලම මම කළා මෙතන්ට එන්න. බලන් ඉඳලා තියෙනවා, බැනුම් අහලා තියෙනවා. සමහර තැන්වලදි ඇයි බන් මට මෙහෙම වෙන්නෙ කියල මම මගෙන්ම ප්‍රශ්න කරලා තියෙනවා. හැබැයි ඒ එක අවස්ථාවකදිවත් මම අත්හැරලා නෑ.

ඊළඟට අපි කතා කළේ තිලක්ෂි එක්ක…

තිලක්ෂි කියන්නකො ඔයාගෙත් විස්තර ටිකක්…

මම කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නවේදනය සම්බන්ධ උපාධියක් හදාරනවා. ඒ අතරේ ITN  එකේ නිවේදිකාවක් විදිහටත් රංගන ශිල්පිණියක් විදිහටත් වැඩ කරනවා. මම ෆීල්ඩ් එකට ආවෙත් 2021 ITN අවුරුදු කුමාරි වෙලා. මගේ පවුලෙ ඉන්නෙ ගෑනු ළමයින්ම තුන්දෙනෙක්. මම පවුලෙ දෙවෙනියා. අම්මා ගෘහණියක්. තාත්තා ආමි එකේ හිටියේ.

තිලක්ෂි රංගනයට එනවට තාත්තා කැමති වුණාද?

නෑ. කොටින්ම මම අවුරුදු කුමාරිට යනවටවත් තාත්තා කැමති වුණේ නෑ. අම්මත් එක්ක තමයි හැමදේටම මම ගියේ. ඒත් නිවේදනයට තාත්තාගෙන් කිසිම අවුලක් නෑ. කෝලම් කුට්ටමේ මං කරපු චරිතෙත් එක්ක සමහර එපිසෝඩ්ස් තාත්තා බැලුවෙත් නෑ.

රංගනයට වඩා මං කැමති නිවේදනයට

තිලක්ෂි ඉන්දීවරී

පළමු නිර්මාණයෙන්ම ලැබුණ ප්‍රතිචාර ගැන කතා කළොත්…

පළවෙනි නිර්මාණය තමයි කෝලම්කුට්ටම. ඒ චරිතෙට මට හොඳ ප්‍රතිචාර ලැබුණා. මම ගමේ කුඩුකාරයෙක්ගෙ පෙම්වතියගේ චරිතයක් කළේ. සමහරු බැන්නා මම කුඩුකාරයෙක්ට සල්ලි දෙනවා කියලත්.

තිලක්ෂි රඟපාන්න කැමැත්තෙන් ඉන්න චරිතයක් එහෙම තියෙනවද?

ඔව්. මං හරි කැමතියි මට ගැමි චරිතයක් ලැබෙනවා නම්. මට මගේ රංගන පරාසය පෙන්නන්න පුළුවන් ඕනම චරිතයකට මං කැමතියි.

පෙම්වතියක්ද?

නෑ…

මේ ක්ෂේත්‍රයට අලුතින් එන තරුණියන් මුහුණ දෙන ගැටලුවක් තමයි එයාලට එන අයුතු යෝජනා. තිලක්ෂිට එහෙම ගැටලුවක් නැද්ද?

ඇත්තටම මට නම් එහෙම ප්‍රශ්නයක් නෑ. මම හැමෝම එක්ක හරිම සහයෝගයෙන් වැඩ කරනවා. මට වැඩ කරන්න ලැබුණු පළවෙනි කණ්ඩායම හරිම ආදරණීයයි.

නිදහසේ ඉන්න වෙලාවට මොනවද කරන්නෙ?

සින්දු අහනවා. කොරියන් ඩ්‍රාමාස් බලන්නත් ගොඩක් ආසයි.

කලාවේ අනාගත බලාපොරොත්තු

රංගනයටත් වඩා මම නිවේදනය පැත්තෙන් ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මම මුලින්ම කළෙත් නිවේදනය නිසා.

එරංදි කෞශල්‍යා ✍️







 

TAGGED: act, කෝලම්කුට්ටම, තිලක්ෂි ඉන්දීවරී, තීක්ෂණ ශ්‍රී විජේසිංහ, රංගනය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?