නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අවුරුදු කාලේ මද පමණට සූර් වෙන්න…
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

අවුරුදු කාලේ මද පමණට සූර් වෙන්න…

Published April 15, 2024

මද්‍යසාර එහෙම නැත්නම් මත්පැන් පානය සිරුරට අහිතකර බැව් නිරන්තරව සමාජයට ලැබෙන පණිවිඩයක්. මත්පැන්වල අන්තර්ගත “එතිල් ඇල්කොහොල්” (ethyl – alcholal) හෙවත් ethylene පුද්ගලයෙකුගේ සමාජීය, මානසික සහ කායික සංකුලතාවයන් ඇති වීමට බලපානවා. මත්පැන් පානය නිසා ඇති වන මත් ගතිය හෙවත් ව්‍යවහාරයේ භාවිත වන වෙරි බව නිසා (intoxication) සමාජයීය වශයෙන් මෙන්ම කායික සහ මානසික වශයෙන්ද පුද්ගලයකුගේ ජීවිතයේ පසුගාමී තත්ත්වයක් ඇති කරන බැව් සඳහන් කිරීම වැදගත්.මත්පැන් පානය නිසා ඇති වන බලපෑම් කෙටිකාලීන සහ දිගුකාලීන වශයෙන් පුද්ගලයෙකුගේ ජීවිතයට බලපෑම් ඇති කරනවා. මත්පැන් පානයෙන් පසුව ඇති වන intoxication තත්ත්වය නිසා මධ්‍ය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩපණ වීමක් ඇති වෙනවා. එවැනි පුද්ගලයකුගේ මනසේ ක්‍රියාකාරීත්වය අඩපණ වීම නිසා මත්පැන් පානය නොකරන පුද්ගලයකුට සාපේක්ෂව විවිධ දුර්වල ගති ලක්ෂණ පෙන්නුම් කිරීම සිදු වෙනවා.

මත්පැන් පානය නිසා ඇතිවන කෙටිකාලීන බලපෑම්

  • කතා කිරීමේදී වචන පැටලීම.
  • ස්වයං විනිශ්චයන් ලබා ගැනීමට හැකියාවක් නොමැති වීම
  • සමායෝජන හැකියාවන් දුර්වල වීම.
  • තීරණ ගැනීම දුර්වල වීම.
  • කළ යුතු සහ නොකළ යුතු දේ තේරුම් ගැනීම අපහසු වීම.

මද්‍යසාර නිසා මධ්‍ය ස්නායු පද්ධතියට ඇති වන මෙම බලපෑම සිහි මුර්ඡාව හෙවත් කෝමා තත්ත්වය දක්වා වර්ධනය වීමට හැකියාව තිබෙනවා.

මත්පැන් පානය කරන පුද්ගලයකුගේ සමාජයීය තත්ත්වය

  • මත්පැන් පානය කිරීමට මුදල් වැය කිරීම නිසා ඇති වන ආර්ථික දුෂ්කරතාවයන්.
  • මත්පැන් පානයෙන් ඇති වන මත්බව නිසා පවුල තුළ ඇති වන ගැටුම් සහ අඬදබර.
  • දරුවන්ගේ මානසිකත්වයට ඇති වන බලපෑම. මේ නිසාම දරුවන්ගේ දුර්වල පෞරුෂ ගති ලක්ෂණ ඇති වීම.
  • නිවස තුළ ජීවත්වීමට සුදුසු ප්‍රසන්න පරිසරයක් නැති වීම.
  • මත්පැන් නිසා ඇති වන සිහිකල්පනාවේ ගැටලු නිසා නිතරම ගැටුම් සහ සමාජ ආරවුල් ඇති වීම.
  • සමාජය විසින් ප්‍රතික්ෂේප කරන චරිතයක් වීම.

මත්පැන් පානය නිසා ඇති වන දිගුකාලීන බලපෑම්

  • දිගුකාලීනව මත්පැන් පානය නිසා අක්මාව රෝගී වීම හෙවත් සිරෝසිස් තත්ත්වයට ගොදුරු වීම.
  • මත්පැන්වල අන්තර්ගත අහිතකර සංයෝග නිසා ආමාශයේ දැවිලි සහ ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇති වීම.
  • හෘදය වස්තුව ආශ්‍රිත විවිධ සංකුලතාවයන් හෙවත් Alcoholic cardiomyopathy.
  • මොළයට පර්යන්ත ස්නායු පද්ධතියට ඇති වන බලපෑම නිසා ස්නායු ආශ්‍රිත ආබාධ wernicke’s encheophalopathy
  • ග්‍රසනිකාව, ආමාශය, අක්මාව වැනි අවයවයන්හි පිළිකා ඇති වීමේ සම්භාවිතාවය වැඩි වීම.

මේ අන්දමින් පුද්ගලයකුගේ ජීවිතයේ ගුණාත්මක බවට බලපෑම් ඇති කරන සහ ජීවත්වීමේ ආයු කාලය කෙටි කරන මත්පැන් පානය කිසිසේත්ම අනුමත කිරීමක් සිදු වන්නේ නැහැ. මත්පැන් පානයේදී ඉඳහිට පානය කිරීම සුදුසු යැයි නිර්දේශ කිරීමක් ඇත්තේද නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා “මත්පැන් පානය එපා” යන පණිවිඩය සමාජගත කර තිබෙනවා.

නොබී බැරි අයට

මත්පැන් පානය නොකර සිටීමට තරම් නොහැකි පුද්ගලයන් වෙනුවෙන් ලබා දෙන පණිවිඩයක් තිබෙනවා. එයින් අදහස් කරන්නේ මේ මාත්‍රාව අනුගමනය කිරීම නොවේ. මේ මාත්‍රාව හානිය අවම කර ගැනීම සඳහා වූ විකල්පයක් ලෙසින් පෙන්වා දී තිබෙනවා. යම් පුද්ගලයකුට මත්පැන් පානය කිරීමට අවශ්‍ය නම් එහි වගකීම තමන් විසින් දරා ගත යුතුයි. ඒ වගේම පානය කරන මත්පැන් ප්‍රමාණය මධ්‍යස්ථ කර ගැනීම සුදුසුයි. නමුත් මෙම මධ්‍යස්ථ ප්‍රමාණය තෝරා ගැනීම සිදු වන්නේ කෙසේද?

සාමාන්‍ය ව්‍යවහාරයේදී shot එකක් හෙවත් එක විටකදී ලබා ගන්නා මද්‍යසාර බඳුනක අඩංගු වන සම්මත මද්‍යසාර ධාරිතාවය පිළිබඳ නිර්දේශ දෙකක් බටහිර රටවල් විසින් හඳුන්වා දී තිබෙනවා. එහි පළමු නිර්දේශය මෙසේය.

මත්පැන් ග්‍රෑම් 14 (අවු 0.6) ක තිබිය යුතු ඇල්කොහොල් මාත්‍රාව

  • බියර් අවුන්ස 14 ක ( මද්‍යසාර අන්තර්ගතය 5 % )
  • Inalt liqueur අවුන්ස 8 ක ( මද්‍යසාර අන්තර්ගතය 7 % ක් )
  • වයින් අවුන්ස 5 ක (මද්‍යසාර අන්තර්ගතය 12% ක් )
  • ජින්, රම්, විස්කි, වොඩ්කා වැනි distilled මද්‍යසාර අවුන්ස 1.5 (මද්‍යසාර අන්තර්ගතය 40% ක් )

වැඩිහිටි වයසේ පුද්ගලයෙක් නම් මෙම මාත්‍රාව සීමා කර ගැනීම අත්‍යවශ්‍යයි.

මහාබ්‍රිතාන්‍යයේ මත්පැන්  පානයේදී ඒකක ( Unit ) වශයෙන් හඳුන්වා දීමක්

ඒ අනුව පිරිමියකු නම් සතියකට ලබා ගත හැකි මත්පැන් ධාරිතාවය ඒකක 14 ක් ලෙසින්ද කාන්තාවක් නම් සතියකට ඒකක 10 ක් ලෙසින්ද නිර්දේශ කර තිබෙනවා.

ඒකකය ලබා ගන්නේ කොහොමද?

මත්පැන් බෝතලයේ එහි අන්තර්ගත සාන්ද්‍රණය සටහන් වී තිබෙනවා. මේ ප්‍රමාණය බෝතලයේ ඇති මත්පැන් මිලිලීටර් ප්‍රමාණයෙන් ගුණ කරගෙන ලැබෙන මිනුම 1000 න් බෙදන්න. මෙයින් එම මද්‍යසාර බඳුන්වල ඇති alcholal ඒකක ප්‍රමාණය ලැබෙනවා.

නමුත් මේ අන්දමට මිනුමක් ලබාගෙන මත්පැන් පානය කිරීම සුදුසු යැයි වරදවා වටහා ගත යුතු නොමැති බැව් අනිවාර්යෙන්ම සඳහන් කිරීමට අවශ්‍යයි. එයින් අදහස් කරන්නේ ඉහත සඳහන් මාත්‍රාවට අනුව මත්පැන් පානය සුදුසු බව නොවේ.

ඉහත සඳහන් මාත්‍රාව අනුව මත්පැන් පානය කිරීම නිසා ශරීරයට සිදුවන කෙටිකාලීන සහ දිගුකාලීන හානිය අඩු කරගැනීම මිස මෙම මාත්‍රාවන්ට අනුව මත්පැන් පානය සුදුසු යැයි වූ පණිවිඩයක් නොවන බවත් අනිවාර්යෙන්ම සඳහන් කළ යුතුය.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: අවුරුදු, මත්පැන්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?