නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඉන්සියුලින් පෑනද නැත්නම් එන්නතද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

ඉන්සියුලින් පෑනද නැත්නම් එන්නතද

Published February 26, 2024
දියවැඩියාව යනු ඔබේ ශරීරයේ ග්ලූකෝස් මට්ටම (නැතහොත් සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත වන රුධිරයේ සීනි මට්ටම) අඩාල කරන රෝගයකි. ඔබේ ශරීරයේ සියලුම සෛල සාමාන්‍ය ලෙස ක්‍රියා කිරීමට සීනි අවශ්‍ය වේ. සීනි සෛල තුළට ඇතුළු වන්නේ ඉන්සියුලින් නම් හෝර්මෝනයක ආධාරයෙන්. ඉන්සියුලින් නිපදවනු ලබන්නේ අග්න්‍යාශය නම් උදරයේ ඇති ඉන්ද්‍රියක් මගින් වන අතර ප්‍රමාණවත් පරිදි ඉන්සියුලින් නොමැති නම් හෝ ඔබේ ශරීරය ඉන්සියුලින්වලට ප්‍රතිචාර දැක්වීම නැවැත්වුවහොත් රුධිරයේ ග්ලුකෝස් එකතු වේ. දියවැඩියා රෝගයේදී සිදුවන්නේ එයයි.

දියවැඩියාවේ ප්‍රභේද දෙකක් තිබෙනවා

පළමු ප්‍රභේදය ( type 1) මෙහිදී අග්න්‍යාශය මගින් ඉන්සියුලින් නිපදවීමක් සිදුවෙන්නේ නැහැ. මෙය බොහෝ විට තරුණ වයසේදීම ඇතිවන රෝග තත්ත්වයක්.

දෙවන ප්‍රභේදය ( Type 2 ) බහුලව දක්නට ලැබෙන රෝග තත්ත්වයක්. මෙම ප්‍රභේදයේදී අග්න්‍යාශය මගින් ඉන්සියුලින් නිපදවීමක් අවශ්‍ය ප්‍රමාණයට සිදු නොවීම හෝ ඉන්සියුලින් ශරීරයේ සෛල තුළට ඇතුළු වීම අවහිර වීම නිසා ඇතිවන පරිවෘත්තිය බාධාවන්.

බොහෝ විට මෙය මැදි වයසේදී හෝ ස්ථුල බව නිසා ඇතිවන රෝග තත්ත්වයක්. ඉන්සියුලින් බාහිරව ලබා ගැනීමේදී නික්ෂේපනයක් විදිහට ලබාගැනීම සිදුවනවා. මෙහිදී එන්නතක් ලෙසින් ලබාදීම ගැන බොහෝ දෙනෙක් දැනුවත්. ඊට අමතරව ඉන්සියුලින් පෑනක් (Insulin pen )ලෙසින්ද භාවිත කරන්න පුළුවන්.

ඉන්සියුලින් පෑනක ඇති වාසි මොනවාද?

ඉන්සියුලින් පෑන ඉතා පහසුවෙන් රෝගියාට රැගෙන යන්න පුළුවන්. දැනටමත් පුද්ගලික රෝහල්වලින් ඉන්සියුලින් පෑන ලබාගැනීමේ පහසුකම් තිබෙනවා.ඒ වගේම ඉන්සියුලින් පෑන ශීතකරණයක් නොමැතිව එළිමහනේ තබන්නත් පුළුවන්. විදේශ රටවල කාමර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 28 ක් වැනි අගයක නැති නිසා එළිමහනේ තබන්න පුළුවන්. නමුත් ලංකාවේ කාමර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 30 කටත් වඩා අඩු අගයක පවතින නිසා ශීතකරණයේ තැබීමට උපදෙස් ලබා දෙනවා. ඉන්සියුලින් පෑන ශීතකරණයේ ගබඩා කිරීමේදී එය දෙවන තට්ටුවේ තැබීම අවශ්‍යයි.

වායු සමීකරණය කරන ලද තැනක නම් මේ පෑන එළිමහනේ තැබීමට බාධාවක් නැහැ. ඒ වගේම ඉන්සියුලින් පෑන උෂ්ණත්වයට නිරාවරණය වීමත් සුදුසු නැහැ. ඔබ වාහනය තුළ ඉන්සියුලින් පෑන තබා පිටට ගියොත් උෂ්ණත්වය නිසා වාහනය ඇතුළේ ඇති ඉන්සියුලින් පෑන රත් වීමට පුළුවන්.

ඒ වගේම ඉන්සියුලින් පෑන ශීතකරණයෙන් පිටතට ගත් ගමන්ම එන්නත් කිරීම සුදුසු නැහැ. එය ටික වේලාවක් එළිමහනේ තබා ශීතල ගතිය අඩු වුණාම එන්නත් කිරීම සුදුසුයි. ශීතල ගතියෙන්ම එන්නත් කරන විට ඖෂධය ගමන් කරන විට රෝගියාට යම් වේදනාවක් ඇති වෙන්න පුළුවන්.

ඉන්සියුලින් නොබ් එකේ තිබෙන මාත්‍රාව කියවා ගන්න පුළුවන්. ඉන්සියුලින් පෑනටත් ඉදිකටුවක් සම්බන්ධ කර තිබෙනවා. මේ ඉදිකටුව එක් වතාවක් පාවිච්චි කිරීමෙන් පසුව ඉවත දාන්න කිව්වත් එය දෙතුන් වතාවක් පාවිච්චි කිරීමත් වරදක් නැහැ.

ඉන්සියුලින් වර්ග

ඉන්සියුලින් ගැන සඳහන් කරන විට වර්ග දෙකක් තිබෙනවා.

Human Insulin– මේ විශේෂය Regular insulin / soluble insulin යන නම් වලින් හඳුන්වනවා. මේ ඉන්සියුලින් වර්ගය මිනිස් සිරුරේ නිෂ්පාදනය වන ඉන්සියුලින්වලටම සමානයි. NPH insulin මේ සඳහා උදාහරණ වෙනවා.Analouge Insulin මේ ඉන්සියුලින් නිෂ්පාදනය කිරීමේදී භාවිත කරන ව්‍යුහය වෙනස්. මේ ඉන්සියුලින්වල ක්‍රියාත්මක කාලය වැඩියි. මේ වර්ගය Aspart “ Lispro,Glulisine, Glargineසහ Degludec යන නම් වලින් හැඳින්වෙනවා.

ඒ වගේම මිල සම්බන්ධයෙන් සලකා බලන විටත් මුලින් සඳහන් Human Insulin  වලට වඩා මිල අධිකයි. නමුත් අපේ ශරීරයේ ඉන්සියුලින් ශ්‍රාවය වන විදිහටම ක්‍රියා කරන නිසා වැඩි වේලාවක් පවතිනවා. ඒ නිසා රෝගියෙකුට ලබාගන්නා වාර ගණන සීමා කර ගැනීමේ හැකියාවක් Analouge Insulin නිසා ලැබෙනවා.

සාමාන්‍යයෙන් දියවැඩියා රෝගීන් හඳුනන ඉන්සියුලින් එන්නත සහ ඉන්සියුලින් පෑන වෙනුවෙන් අන්තර්ගත ඖෂධවල වෙනසක් තිබෙනවාද?

නැහැ. ඖෂධවල ගුණාත්මක වෙනසක් නැහැ. ඉන්සියුලින් එන්නතට වඩා පෑන භාවිතය පහසුයි. ඉන්සියුලින් පෑන විනිවිද පෙනෙන නිසා මාත්‍රාව අඩුවන විට දැකගන්න පුළුවන්. ඒ වගේම කාටිරීජ් එකක් ඇතුළත් කිරීමෙන් නැවත ඉන්සියුලින් ගබඩා කරගැනීමේ පහසුව තිබෙනවා.

ඉන්සියුලින් ලබාගන්නේ කොහොමද?

පිටින් ඉන්සියුලින් ලබාගන්නා දියවැඩියා රෝගියෙකු නම් ආහාර ගැනීමට පෙරාතුව ලබාගත යුතුයි. රෝගියාගේ දියවැඩියා ප්‍රභේදය අනුව ගත යුතු කාලය සහ මාත්‍රාව වෙනස්. ඒ නිසා ඉන්සියුලින් පෑනක් පාවිච්චි කිරීමේදී වුණත් ගත යුතු මාත්‍රාව සහ කාලය ගැන වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීමත් අවශ්‍යයි.

ඉන්සියුලින් විදින තැන්

ඉන්සියුලින් විදීමේදී එය හමට යටින් ඇති පටකයට විදිනවා. රෝගියා විසින්ම විද ගන්නවා නම් පෙකණිය, කලවා වැනි ස්ථානවලටත් විදගන්න පුළුවන්. වෙන කෙනෙකු ලවා විද ගන්නේ නම් බාහුවේ උඩ කොටසට විදගැනීමට පුළුවන්.

බාහිරව ඉන්සියුලින් ලබාගන්නා විට පමණට වඩා සීනි අඩු වුණොත්?

බාහිරව ඉන්සියුලින් ලබාගැනීම නිසා අතුරු අපහසුතාවක් ඇති වුණොත් ඒ ඉතාම කලාතුරකින්. එවැනි තත්ත්වයක් ඇති වීමටත් විවිධ හේතු බලපානවා.

ඉන්සියුලින් ගැනීමෙන් පසු ආහාර ගැනීම ප්‍රමාද කිරීම

අවශ්‍ය කැලරි ප්‍රතිශතයක් නොමැති වීම

වකුගඩු ආබාධ ඇති රෝගීන්

රුධිරයේ සීනි මට්ටම අඩු වුණොත්?

දියවැඩියා රෝගියෙකුගේ රුධිරගත සීනි මට්ටම පමණට වඩා පහළ බැසීම අපි “හයිපොග්ලයිසීමියා” රෝග තත්ත්වය යනුවෙන් හැඳින්වෙනවා. මෙවැනි තත්ත්වයකදී රෝගියාට විවිධ අපහසුතාවන් දැනෙන්න පුළුවන්.

  • ඇස් බොඳ වීම
  • සිරුරේ අප්‍රාණික බව
  • දහඩිය දැමීම
  • අධික බඩගින්න
  • සිරුර ගැහෙන ගතිය
  • ඈනුම් යෑම

මේ අපහසුතාවයන් දැනුණොත් ග්ලුකෝමීටරයක ආධාරයෙන් රුධිරයේ සීනි මට්ටම මැන ගත හැකියි. සීනි මටට්ම 70 කට වඩා අඩු නම් සීනි මේස හැන්දක් වතුර පීරිසි කෝප්ප බාගයක දියකර බීම සුදුසුයි. එයින් පසුව විනාඩි 20 ක් පමණ ගත වුණත් සැලකිය යුතු වෙනසක් නැත්නම් නැවතත් සීනි මේස හැන්දක් වතුර පීරිසි කෝප්ප බාගයක දිය කර බොන්න. එහෙම නැත්නම් ටොෆි තුනක් හෝ පැණිබීම කෝප්ප බාගයක් වුණත් සුදුසුයි. නමුත් රෝගියාගේ කල්පනාවේ අඩු බව හෝ සිහි විසඥ තත්ත්වයක් ඇත්නම් ප්‍රතිකාර වෙනුවෙන් රෝහලට යොමු කිරීම වැදගත්

පුන්‍යා චාන්දනී සිල්වා ✍️

 

TAGGED: Aspart, Glucose, ඉන්සියුලින්, එන්නත
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?