නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ජීවිතේ ගැන කළකිරෙන්න කිසිම හේතුවක් මට නැහැ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

ජීවිතේ ගැන කළකිරෙන්න කිසිම හේතුවක් මට නැහැ

Published February 5, 2024

පූජා උමාශංකර්

පූජා උමාශංකර් අපේ සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කළ රූමත් නිළියක්. එහෙත් පූජා සිනමාවෙන් සමුගෙන ඇති බවට රාවයක් පසුගියදා පැතිර යාමත් සමග ඇය පිළිබඳව විවිධ පුවත් ඇතැම් මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වන්නට ගත්තා. පූජා පැතිර යන මේ ආරංචිවල ඇත්ත නැත්ත කතා කරන්න නවලිය සෙනෙහසක නවාතැනට ඉන්දියාවේ සිටම ගොඩවැදුණා.

පූජා මේ දවස්වල ජීවිතේ ගැන කළකිරීමෙන්ද ඉන්නේ?

අයියෝ නැහැ… ජීවිතේ ගැන කළකිරෙන්න කිසිම හේතුවක් මට නැහැ. මම හරිම සතුටින් ඉන්නවා.

ඒ වුණාට ලංකාවේ ඔබ ගැන පැතිරෙන්නෙ වෙන කතාවක් නේද?

ඔව්. මම නන් කෙනෙක් (කන්‍යා සොයුරියක්) වෙලා කියලා නේද. ඒක අමූලික බොරුවක්. සමහර සෝෂල් මීඩියාවල දාලා තිබුණේ “සරිගම” චිත්‍රපටයේ මම සිස්ටර් කෙනෙක් විදිහට රඟපාපු පින්තූරයක්.

එහෙම කතාවක් පැතිරෙන්නත් හේතුව මොකක්ද?

ඔව්. මම ක්‍රිස්තියානි. කොවිඩ්වලින් පස්සේ තමයි මේ හැම දෙයක්ම වුණේ. හැබැයි ලොක්ඩවුන් එකෙන් පස්සේ මම මගේ ෆේස්බුක් එකේයි ඉන්ස්ටග්‍රෑම් එකේයි ගොඩක්ම අප්ඩේට් කරලා තිබුණේ ජේසුස් වහන්සේ ගැනයි බයිබලය ගැනයි. ගොඩාක් අය ෆේස්බුක්වල දාන්නේ තමන් ආසා කරන දේවල්නෙ. ඉතින් මමත් ඒ වගේ මම ආස කරන බයිබල් පාඨ වගේම ජීසස් ගැන තමයි මගේ ෆේස්බුක් එකේ දැම්මේ. ඒ නිසා හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නවා මම අධ්‍යාත්මික ගමන් මග තෝරාගෙන කියල.

ඇත්තටම අපි ඔක්කොම අධ්‍යාත්මික ගමනට බහින්න ඕන. ඒක කරන්න ඕනේ. අපි ආච්චිලා සීයලා වුණාට පස්සෙ නෙවෙයි තරුණ වයසෙදිමයි එහෙම කරන්න ඕනේ. ජීවිතයෙ අන්තිම කාලේදි විතරක් දෙවියන් හොයාගෙන යන්න නරකයි. මම නම් මේ දේවල් කරන්නේ හරිම සතුටින්. ඉතින් හුඟ දෙනෙක් මගේ මේ ආගමික නැඹුරුව තේරුම් ගත්තේ වැරදි විදිහට.

ඒ නිසාද ෆේස්බුක් අප්ඩේට් කරන එක නතර කළේ…

නැහැ. ගෙදර වැඩවැඩියි. ඒ නිසා මට මේ දවස්වල වෙලාවක් නැහැ. ගෙදර කාපෙන්ටරි වැඩ ගොඩක් තිබුණා. බාස් මහත්තුරු එක්ක මමත් හරි හරියට වැඩ කළා. අපි ඉන්නේ අපාර්ට්මන්ට් එකක.

අපි කිව්වේ..

මමයි මගේ හස්බන්ඩ් ප්‍රශාන්ටයි. අපි දෙන්නා ඉන්නේ බැංගලෝර්වල අපාර්ට්මන්ට් එකක. මේ ගෙවල්වල දහනව දෙනෙක් ඉන්නවා. අපාර්ට්මන්ට් එකේ පොදු වැඩවලදී මම මූලිකත්වය අරන් වැඩ කරනවා. ප්‍රශාන්ගේ නැන්දා කෙනෙක් නැති වුණා. ඒ අවසන් කටයුතුවලට ගියා.

මේ වැඩ නිසා මට වෙලාවක් තිබුණේ නැහැ මගේ ෆේස්බුක් එකයි ඉන්ස්ටග්‍රෑම් එකයි අප්ඩේට් කරන්න. හැබැයි මගේ නමින් ෆේක් ෆේස් බුක් හුඟක් තියෙනවා. සමහරු මම ඉල්ලන විදිහට සල්ලිත් ඉල්ලලා මේ ෆෙස්බුක්වල දාලා තිබුණා. ඒවට රැවටෙන්න එපා කියලා මගේ රසිකයින්ගෙන් මම ඉල්ලනවා. ළගඳිම මම ආයෙත් මගේ ෆේස්බුක් එක අප්ඩේට් කරන්න ගන්නවා.

ප්‍රශාන් මොනවද කරන්නෙ?

එයා ලංකාවෙ වගේම මෙහේ කරන්නෙත් තේ බිස්නස්. එයාගේ බිස්නස් වැඩකට අපි දෙන්නම ලබන මාසෙ ඩුබායි යනවා.

පූජාගේ ආගමික නැඹුරුව ගැන ප්‍රශාන් මොනවද කියන්නෙ?

අපි දෙන්නම ක්‍රිස්තු භක්තිකයින්. දෙන්නම ඉරිදා පූජාවට යනව. සෙනසුරාදා බයිබල් ස්ටඩිස්වලට එයාත් එනවා. ඇයි අපේ වෙඩින් එක කළේත් ලංකාවේ පල්ලියකනේ.

අම්මයි තාත්තයි මොනවද කියන්නෙ?

අම්මා බුද්ධාගමේ. තාත්තා හින්දු. “පූජා ඔයාට නම් පිස්සු” කියලා තමයි එයාලා කියන්නෙ. ඒ දෙන්නා ඉන්නේ මයිසූර්වල.

එතකොට මල්ලී…

මල්ලී ඉන්නෙත් බැංගලෝර්වල අපේ ගෙදර කිට්ටුව. මල්ලිට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා.

පූජා ඇයි ලංකාවෙන් ගියේ?

ඉන්දියාවේ “ඩාන්ස් ජෝඩි ඩාන්ස්” කියන රියැලිටි තරගයේ විනිශ්චය මණ්ඩලයට තමයි මම ගියේ. ඒක තිබුණේ චෙන්නායිවල. ගියාට පස්සේ කොවිඩ්වලට ලොක්ඩවුන් කළ නිසා ඉන්දියාවේ හිරවුණා. ලංකාවට එන්න ගුවන් යානා තිබුණේ නැහැ. එතකොට ප්‍රශාන් හිටියේ ලංකාවේ. මම මයිසුර්වල තාත්තගේ ගෙදරට ගියා. ලොක්ඩවුන් ඉවර වුණාට පස්සෙ මම ලංකාවට ඇවිත් ආයෙත් ප්‍රශාන් එක්ක ඉන්දියාවට ගියා.

ලංකාවේ සිනමාව එපා වෙලාද ආපහු ඉන්දියාවට ගියේ…

නැහැ. හේතුව ඒක නෙවෙයි. “සරිගම” චිත්‍රපටය කරද්දිම මම කිව්වා මේක තමයි මගේ අවසන් චිත්‍රපටය කියලා. මොකද දන්නවද මම තාත්තාට පොරොන්දු වෙලා තිබුණා කසාද බැන්දට පස්සේ රගපාන්නේ නැහැ කියලා. 2013 දී “විඩියුම් මූන්” චිත්‍රපටය කරලා දමිළ සිනමාවෙන් මම සමුගත්තා. “සරිගම” කළේ 2015 දී විතර. 2016 දෙසැම්බර් 26 ඒක රිලීස් වුණා. 2016 දෙසැම්බර් 27 මම කසාද බැන්දා. හනිමුන් ගිය නිසා “සරිගම” ප්‍රචාරක වැඩ වලටත් එන්න බැරි වුණා. සිනමාවෙන් සමුගැනීම පොරොන්දුවක් ඉෂ්ට කිරීමක් මිස හදිසියේ ගත් තීරණයක් නෙවෙයි. කොහොම හරි මම තාත්තට වුණු පොරොන්දුව ඉෂ්ට කළා. ඒක මට සතුටක්.

ප්‍රශාන් කැමැති වුණාද සිනමාවෙන් සමුගත්තට

එයා කිව්වේ මගේ කැමැත්තක් කරන්න කියලා. එයා මට නිදහස දීලා තියෙන්නෙ. ඔයාට අවශ්‍යය නම් රඟපාන්න නැත්නම් අයින් වෙන්න කියලා.

දුක හිතුනෙ නැද්ද සිනමාවෙන් ඉවත් වෙන්න?

නැහැ. මට ලබාගන්න පුළුවන් ඉහළම ප්‍රතිචාර සහ රසිකයින්ගේ ආදරය මම නොඅඩුව ලබා ගත්තා. ඒ අය තවමත් මට ආදරෙයි. ඒක මට ලැබුණු ආශිර්වාදයක්. හොඳ චිත්‍රපට ටිකක් මට ලැබුණා. අන්තිමේ දක්ෂතම නිළියත් වුණා. ලස්සන චිත්‍රපට ඔක්කොගේම මමම රඟපාන්න ඕනෙ නැහැනේ. ලංකාවෙ තියෙන්නේ පොඩි සිනමා කර්මාන්තයක්. අලුතින් එන අයට ඉඩ දෙන්නත් ඕනේ නේද. දැන් ඇති. අනෙක ගෙදරක කරන්න කොච්චර වැඩ තියෙනවද. මම මල් වවනවා. මගේ මාළු ටැංකියේ වැඩ තියෙනවා. මම පහුගිය දවස්වල පෝෂණ විද්‍යාව ගැනත් ඉගෙන ගත්තා. ඒ අතර මම බයිබල් අධ්‍යයන කටයුතු කරනවා. වෙලාව නැති නිසා මම කලින් ඒවා කරලා තිබුණේ නැහැ.

අම්මා තාත්තා බලන්න මයිසූර්වලට යනවද?

ඔව්. මට උවමනා වුණා මගේ ගෙදර අය සහ යාලුවො එක්ක කාලය ගත කරන්න. හැමදාම වැඩ, වැඩ කියලා දුවන්න මට දැන් උවමනා නැහැ. වයස අවුරුදු හතරේ ඉදලා එම්.බී.ඒ. උපාධිය කරන කල් මමයි මල්ලියි හැදුනේ හොස්ටල්වල. ඉන්පස්සෙ මම සිනමාවේ. තාත්තා එක්ක කාලය ගෙවන්න කවදාවත් බැරි වුණා. අම්මා නම් මා එක්ක හිටියා. දැන් මට අවස්ථාව තියෙනවා ගෙදර අය එක්ක ගත කරන්න.

මට ඒ කාලේ ෂූටිං නිසා පවුලේ විවාහ උත්සවල උපන් දින උත්සව හුගාක් මග හැරුණා. ෂූටිං නිසා මගේ සාමාන්‍යය ජීවිතේ නැති වුණා. ඒත් දැන් මට මගේ පවුලේ අය හමුවෙනවා. පවුලේ අය පැත්තකට දාලා මම තෝරාගත යුත්තේ සිනමාවද? නැහැ. මම පවුල තෝරා ගත්තා. සිනමාවට වඩා මට මගේ පවුලේ අය වටිනවා.

ශ්‍රී ලංකාවට එන්න අදහසක් නැද්ද?

ප්‍රශානුයි මමයි පහුගිය ජූලි මාසේ ඇවිත් බම්බලපිටිය අපේ ගෙදර තිබුණු මගේ ඇඳුම්, ආයිත්තම් ඔක්කොම නැතිබැරි අයට බෙදලා දුන්නා. ආයෙත් මේ අවුරුද්දේ ජූනිවල අපි ලංකාවට එනවා. මේ පූජා කවදාවත් ශ්‍රී ලංකාවත් රසිකයින්වත් අමතක කරන්නෙ නැහැ.

ආයේ ශ්‍රී ලාංකික සිනමාවට එනවද?

මම ඒ කාලේ සිනමාවේ කළේ රස්සාවක්. ඒ රස්සාවෙන් මම ඉල්ලා අස්වුණා.කවදාක හරි මම කැමැති ලස්සන චිත්‍රපටයක වැඩ කරන්න ලැබුණොත් ඒක කරන්න ඉඩ තියෙනවා. ඒත් ඒ රස්සාවක් විදිහට නම් නෙවෙයි.

අජිත් අලහකෝන් නිව්යෝර්ක් නුවර සිට ✍️





















 

TAGGED: media, කන්‍යා සොයුරිය, පූජා උමාශංකර්, සිස්ටර්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?