නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: රිදෙන රිදෙන වෙලාවට Painkillers බොන්න එපා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

රිදෙන රිදෙන වෙලාවට Painkillers බොන්න එපා

Published January 22, 2024

අපට ඇති වන කායික වේදනාවකදී ඒ තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා අප වේදනා නාශක භාවිත කරනවා. ඒ අනුව අප විසින් භාවිත කරන වේදනා නාශක වර්ග කීපයක් තිබෙනවා.

පැරසිටමෝල්

Nonsteroidal Anti-Inflammatory Drugs (NSAIDs), celecoxlib,Diclofenac වැනි ඹෟෂධ

අතිශයින්ම වෛද්‍ය නිර්දේශ මත ලබා ගත යුතු ඖෂධ – (OPIOD)

කාණ්ඩයේ Tramadol, Gabapentin සහ Pregabalin වැනි ඹෟෂධ

පැරසිටමෝල්

සාමාන්‍යයෙන් අප කාටත් හොඳින් හුරු පුරුදු පැරසිටමෝල් වේදනා නාශකයක් ලෙසින් භාවිත කිරීම නිසා අතුරු සංකුලතාවයන් ඇති වීමක් සිදු වෙන්නේ නැහැ. මේ මාත්‍රාව අත්‍යවශ්‍ය වේලාවකදී භාවිත කිරීම වැදගත්. එසේ නොමැතිව පැරසිටමෝල් අධිමාත්‍රාවකින් ලබාගැනීම නිසා අක්මාවට හානිකර විය හැකියි.

NSAID- ස්ටෙරොයිඩමය නොවන ප්‍රති – ප්‍රදාහමය ඖෂධ

NSAID ඖෂධ කෙටි කාලීනව වේදනා නාශකයක් වුණත් සමහර රෝග තත්ත්වයන් නිසා මෙම ඖෂධ දිගු කාලීනව භාවිත කිරීමට සිදු වෙනවා. NSAID ඖෂධ වෛද්‍ය අනුමැතියකින් තොරව ලබාගැනීම කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. සමහර රෝගීන් වෛද්‍ය උපදෙස් නොලබා මෙම ඖෂධ දිගු කාලයක් ලබාගැනීම නිසා වකුගඩු, හෘදය වස්තුව සහ ආමාශයික රෝග තත්ත්වයන් ඇති වීමට හේතු වෙනවා.

විශේෂයෙන් මෙම NSAID  ඖෂධ නිසා බහුලව ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයන් ඇති වීමට වැඩි ඉඩක් තිබෙනවා. NSAID ඖෂධ කෙටි කාලීනව ලබාගන්නා විටත් ගැස්ට්‍රයිටිස් සහ උදරයේ දැවිල්ල වැනි අතුරු සංකුලතාවයන් ඇති වෙනවා. ඒ වගේම මෙම NSAID ඖෂධ දිගු කාලීනව භාවිත කරන විට ආමාශය ආශ්‍රිතව තුවාල ඇති වී රුධිරවහනයක් සිදු වීම, රක්ත හීනතාවය වැනි අතුරු රෝග තත්ත්වයන් ඇති වීමේ වැඩි අවදානමක් තිබෙනවා.

NSAID කාණ්ඩයේ ඖෂධ අඛණ්ඩව වෛද්‍ය උපදෙස් නොලබා ලබාගැනීම නිසා වකුගඩු ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇති වී වකුගඩුව අක්‍රීය විමට පවා අවදානමක් ඔබ නොදැනීම ඇති වෙන්නත් ඉඩ තිබෙනවා. නමුත් වෛද්‍ය උපදෙස් නොමැතිව හිතුමතයට NSAID ඖෂධ නිසා වකුගඩු අක්‍රීය වීමට පුළුවන්.

වකුගඩුවලට ඇති වන බලපෑම

වකුගඩු ප්‍රදාහය – Interstitial Nephritis

වකුගඩුවේ ක්‍රියාකාරීත්වය තාවකාලිකව අඩු වීම – Acute Renal Failure

CKD- කාලීන වකුගඩු රෝග තත්ත්වය

ඉහත රෝග තත්ත්වයන් නිසා රුධිරගත Creatinine මට්ටම ඉහළ යෑම.මේ තත්ත්වය අඛණ්ඩව පැවැතුනහොත් අවසානයේදී වකුගඩුව අක්‍රීය වීමේ Chronic Renal Failure දරුණු තත්ත්වයට පත් වීමටත් ඉඩ තිබෙනවා.

හෘදයවස්තුවට ඇති වන බලපෑම

වේදනා නාශක ලෙසින් සැලකෙන NASID ඖෂධ කාලාන්තරයක් පුරා වෛද්‍ය උපදෙස් නොමැතිව ලබා ගැනීම නිසා හෘදය වස්තුව ආශ්‍රිත සංකුලතාවයන් ඇති වීමටත් පුළුවන්.

වකුගඩුවෙන් ජලය පෙරීම අඩු වී (Fluid Retention) රුධිර තරලය එකතු වීම නිසා ඇස් යට සහ දෙපා ඉදිමීම.

හදවත් අක්‍රීය වීම (Heart Failure ) නිසා රුධිර පීඩනයේ ඉහළ යෑම, ආඝාත හෙවත් අංශභාග තත්ත්වයට පත් වීම වැනි දරුණු සහ ජීවිතයේ ගුණාත්මක බවට බලපාන ආකාරයේ රෝග තත්ත්වයන් ඇති වීමට වැඩි හැකියාවක් තිබෙනවා.

ගර්භණීත්වය සහ මව්කිරිදෙන අවස්ථාවක

ගැබ් ගත් මවක් මුල් සති 12 ක කාලයේදී NSAID – Nonsteroidal anti-inflammatory drug (Eg- Aspirin,Celecoxib ,Diclofenac, Ibuprofen,Naproxen etc) කාණ්ඩයේ වේදනා නාශක ගැනීමෙන් කලල ගබ්සාවට වැඩි ඉඩකඩක් ඇත. කලලයේ අංග ජනනයේ දුර්වලතාවයන් ඇති විය හැකියි. මවගේ ගැබ් කාලයේ ඇය වේදනා නාශක භාවිත කිරීම දරු කලලයට අහිතකර ලෙසින් බලපානු ඇත. අඩු බර දරු උපත් සඳහා මෙන්ම දරුවන්ගේ මානසික මට්ටම වෙනුවෙන් මෙම ඖෂධ භාවිතය අහිතකර ලෙසින් බලපානු ඇත. ඒ බැවින් ප්‍රතිකාර ගන්නා විට ඔබ ගැබ්ගත් මවක් නම් ඒ ගැන වෛද්‍යවරයාට දන්වා සිටින්න.

Tramadol (ට්‍රැමඩෝල්), Gabapentin (ගැබාපෙන්ටින්) සහ Pregablin (ප්‍රීගැබලින්) වැනි ඖෂධ එක් වතාවක් ලබාගැනීමෙන් පසුව ඔවුන් නැවත නැවත මෙවැනි ඖෂධ ලබාගැනීමට යොමු වෙනවා. ඔවුන් නොදැනීම ඇබ්බැහි වීමේ තත්ත්වයට පත් වෙනවා. නිතරම ආසාත්මිකතාවයන්ට ගොදුරු වීමේ අවදානම ඉහළ යනවා.

වකුගඩු රෝගීන්ට වේදනා නාශක ලබා දීමේදී

නිදන්ගත වකුගඩු රෝග තත්ත්වයෙන් පසු වන වකුගඩු රෝගියෙකුට වේදනාව කළමනාකරණය සඳහා සමහර අවස්ථාවන්හි වේදනා නාශක ලබා දීමට සිදු වෙනවා. එවැනි අවස්ථාවන්හිදී NSAID  සුදුසු නැහැ. ඒ නිසා වකුගඩු ආශ්‍රිත රෝග තත්ත්වයන්ගෙන් පසුවන රෝගීන් වේදනා නාශක ලබා ගැනීමේදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්.

කිරීටක ධමනීන් අවහිර රෝගීන්ට

කිරීටක ධමනීන්හි අවහිරතාවයන් ඇති රෝගීන්ටත් වේදනා නාශක ලබා දීමේදී වෛද්‍ය උපදෙස් අත්‍යවශ්‍යයි. ඔවුන්ගේ ධමනීන්හි ඇති අවහිරතාවය නිසා සමහර අවස්ථාවන්හිදී ඖෂධ වෙනුවෙන් වූ හදවත් රෝග තත්ත්වය තීව්‍ර වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා මෙම රෝගීන් වෙනුවෙන් අවම බලපෑමක් ඇති ඖෂධ ලබා දීමට වෛද්‍යවරුන් කටයුතු කරනවා.

ඇදුම රෝගීන්ට

ඇදුම වැනි ශ්වසන ආශ්‍රිත රෝග තත්ත්වයන්ගෙන් පසුවන රෝගීන් ඇතැම් ඖෂධ වෙනුවෙන් ආසාත්මිකතාවයන් දක්වනවා. විශේෂයෙන් ඇස්ප්‍රින් කාණ්ඩයේ ඖෂධ ලබා ගැනීමේදී මේ තත්ත්වයන් ඇති වීමට ඉඩ තිබෙනවා. සමහර විට ඇදුම රෝගියා ලබා ගත් වේදනා නාශක ඖෂධ නිසා ඇදුම උත්සන්න වීමට පුළුවන්.

වේදනානාශක නිසා ඔබ මීට පෙරාතුව කිසියම් හෝ ආසාත්මිකතාවයකට පත්ව ඇත්නම් ඒ බැව් වෛද්‍යවරයාට දන්වා සිටින්න. එපමණක් නොව ඔබ කුමන හෝ රෝග තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍යවරයෙකු වෙත යන්නේ නම් ඔබේ රෝග ඉතිහාසය සහ ඒ වෙනුවෙන් ලබා ගත් ඖෂධ සටහන්ව තිබෙන රෝග නිශ්චය වාර්තාවන්ද රැගෙන යෑම වැදගත්. එය වෛද්‍යවරයාට ඔබේ රෝග තත්ත්වයන් සහ ඖෂධ අතර තුලනය ගොඩනගා ගැනීම සඳහා වැදගත් මූලාශ්‍රයක් වෙනු ඇති.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️



 

TAGGED: blood pressure, Fluid Retention, OPIOD, Painkillers, Paracetamol
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?