නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඔයාටත් චිකන් ඇලජික්ද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

ඔයාටත් චිකන් ඇලජික්ද

Published January 15, 2024
ආහාර විෂ වීම් අපට නිරන්තර අසන්නට ලැබෙන සුලබ තත්ත්වයක්. නමුත් නරක් වුණ මස් වර්ග ආහාරයට ගැනීම නිසා ආහාර විෂවීමට වැඩි සම්භාවිතාවයක් ඇති වෙනවා. ඊට හේතුව ඔබ දන්නවාද?මස් වර්ග පහසුවෙන්ම නරක් වෙන්න පුළුවන්. පෝෂණ ඝනත්වයෙන් ඉහළ ක්ෂුද්‍ර ජීවින් ආකර්ශනය වීම හේතුවෙන් මස්, මාළු, කිරි, බිත්තර ආහාර ඉක්මනින් නරක් වන්නේ ඒ නිසයි. ඒ වගේම මේවායේ ආම්ලිකතාවය අඩු නිසා ක්ෂුද්‍ර ජීවින්ට හිතකරයි. අපි රාත්‍රි සාදවලදී ආහාර ගැනීම බොහෝ වේලාවක් ප්‍රමාද වී අනුභවයට ගන්නා විට ඒවායේ තත්ත්වය නොදැනීම නැතිව ගිහින්.මස් වර්ග නරක් වන විට එහි Salmonella  සහ Campylobacter වැනි බැක්ටීරියා වර්ග වර්ධනය වීමේ වේගය වැඩි වෙනවා. ඒ නිසා බොහෝ අවස්ථාවලදී අපට නරක් වුණ කුකුල් මස් ආහාරයට ගැනීම නිසා ආහාර විෂ වීම් ගැන වාර්තා වෙනවා.

ආහාර විෂ වීමක් කියන්නේ?

බැක්ටීරියාවන්හි අන්තර්ගත විෂ ද්‍රව්‍ය වගේම විවිධාකාර වෛරස, රසායනික ද්‍රව්‍ය සහ පැරසයිටාවන් මගින් ආහාර දූෂණය වෙනව. ආහාර විතරක් නෙවෙයි පානීය ජලයත් විවිධ බැක්ටීරියා සමග දූෂණය වීමට පුළුවන්. එවැනි ආහාර හෝ පානීය ජලය පරිභෝජනයට සුදුසු නැහැ. නමුත් අප නොදැනීම මේවා ආහාරයට ගැනීම නිසා විෂ වීම් සිදුවීමේ වැඩි අවදානමක් ඇති වෙනවා. ක්ෂුද්‍ර ජීවින් ආහාර සමග ශරීරගතව මුලින්ම හානි කරනු ලබන්නෙ මහ අන්ත්‍රවලට. මේ නිසා ආහාර ගැනීමෙන් පැය බාගයක සිට පැය තුනක් අතර කාලයේදී උදරයේ දැඩි අපහසුතාවයක් දැනෙනවා.

ආහාර විෂ වීමේ රෝග ලක්ෂණ

පරිභෝජනයට සුදුසු නැති ආහාරයක් ආමාශයට ඇතුළු වීමත් සමග බාහිරව විවිධ රෝග ලක්ෂණ ඇති වෙනවා.

උදරයේ වේදනාවක් ඇති වීම බොහෝ විට මේ වේදනාව උදරයේ මැද සහ උඩ කොටස්වල දැනෙන අතර එය තදබල ලෙසින් දැනෙන්න පුළුවන්.

වමනය සහ ඔක්කාරය

මල බුරුල් වීම සමහර විට රුධිරය සහ සෙම මිශ්‍ර වී තිබෙන්න පුළුවන්. ඒ වගේම බුරුල් ලෙසින් කීප වාරයක් මලපහ පිටවීම.

හිසරදය

ක්ලාන්තය

උණ

සමහර විට ඔබ ආහාර අනුභව කළ වේලාවේ පටන් පැය කීපයක් ගත වන විට මේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට ශරීරගත වුණ බැක්ටීරියාවේ හෝ වෛරසයේ තත්ත්වය අනුව රෝග ලක්ෂණ වෙනස් වීමට පුළුවන්.

ප්‍රතිකාර ගැනීමට සිදු වන අවස්ථා

ආහාර නිසා ඇති වන විෂ වීම් සමහර විට ඒ ඒ පුද්ගලයාගේ ශරීර ප්‍රතිශක්තිකරණය අනුව වෙනස් වෙනවා. ඒ නිසා සමහර අයට නිවසේදී ලබා ගන්නා සරල ප්‍රතිකාර මගින් සුව වෙනවා. ඒ අතර 10% ක් පමණ දෙනෙකුට මේ තත්ත්වයේදී ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමට සිදු වෙනවා. එකම ආහාරය විෂ වුණත් සමහර අය රෝග ලක්ෂණ කීපයක් පමණක් පෙන්වන අතර තවත් අයට මරණය පවා සිද්ධ විය හැකියි.

ආහාර විෂ වීම නිසා ඇති වෙන රෝග සංකුලතාවයන් දරුණු ලෙසින් පවතිනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්.ඒ වගේම කුඩා දරුවන්ට සහ වයෝවෘද්ධ පුද්ගලයන්ට මේ තත්ත්වය ඇති වුණ විටත් ප්‍රතිකාර ප්‍රමාද කළ යුතු නැහැ. දරුවෙකු නම් මලානික ස්වභාවයකින් සිටිනවා නම් ප්‍රතිකාර වෙත යොමු කිරීමට ප්‍රමාද කරන්න එපා.

නිවසේදී ආහාර විෂ වීමක් සිදු වූ විට

ආහාර විෂ වීමක් සිදු වුණ විට ඇති වෙන විජලන තත්ත්වය වළක්වා ගැනීමට හොඳින් දියර වර්ග පානය කිරීම, ජීවනී මෙන්ම කැඳ, සුප්, පලතුරු යුෂ, තැඹිලි වතුර වැනි දියර වර්ග පානය කිරීමෙන් රෝග තත්ත්වය සමනය කරගත හැක.ඒ වගේම ආහාර විෂ වීමේ රෝග තත්ත්වයක් ඇති විට කිරි සහ කිරි ආශ්‍රිත ආහාර ලබා ගැනීමෙන් වළකින්න.

ආහාර විෂ වීම් වළක්වා ගැනීමට

ආහාර විෂ වීමක් වළක්වා ගැනීමට නම්

මස් වර්ග ශීතකරණයේ ගබඩා කරන විට එහි පතුල හොඳින් වසා ඇති භාජනයක අසුරා ගබඩා කරන්න. අසුරන භාජනයේ පතුල බිඳී තිබුණොත් මස්වල යුෂ අනිකුත් ආහාර වලටත් ගලා යෑමට පුළුවන්.

මස් වර්ග පිසීමට පෙර හොඳින් ගලා යන ජලයේ සෝදා ගැනීම වැදගත්.

ආහාර පිසින විට සෙල්සියස් අංශක 74 ක් වැනි උෂ්ණත්වයේ පිස ගැනීම.

ආහාර පිසීමට පෙරාතුව ඔබේ දෑත් හොඳින් සෝදන්න. ඒ වගේම ඔබේ Cutting Board එක පිරිසිදුව තබා ගැනීම වැදගත්. මස් වර්ග පමණක් නොව ඕනෑම ආහාරයක් කැපීමට පෙරාතුව Cutting Board එක සෝදා පිරිසිදු කර කැපීම වගේම එය අවසානයේදීත් පිරිසිදු කර තබන්න.

පිසින ලද මස් හෝ වෙනත් ආහාරවල ඉතිරි කොටස් ශීතකරණයේ ගබඩා කරනවා නම් ඒවා අනවශ්‍ය පරිදි පිටත තැබීම සුදුසු නැහැ. පැය දෙකකට පෙරාතුව නැවත ශීතකරණයේ ගබඩා කිරීම වැදගත්. ඔබ ශීතකරණයේ ගබඩා කර තිබූ ආහාරයක් අනුභවයට ගැනීමේදී හොඳින් රත් කර ගැනීමත් ඉතාම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️



 

TAGGED: Campylobacter, Disease complications, food poisoning
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?