නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සුව නින්දකට මියුරු සංගීතය Deep Sleep Music
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

සුව නින්දකට මියුරු සංගීතය Deep Sleep Music

Published December 11, 2023

සමහරුන්ට තියෙන ගැටලුවක් තමයි සුවදායී නින්දක් එහෙම නැත්නම් Deep Sleep එකක් නොලැබීම. එක එක අයට නින්ද නොයන හේතු එක එක විදියයි. සමහර වෙලාවට එහා පැත්තෙ නිදියන් ඉන්න මනුස්සයගෙ ගෙරවිල්ල, එහෙම නැත්තම් ඔලුව කලබල වීම, ඇඟට මහන්සි දැනීම වගේ ගොඩක් හේතු නිසා මේ නින්ද ඔයාගෙන් ඈතට ගිහිල්ල තියෙන්න පුළුවන්. නින්ද නොයන්න තවත් හේතුවක් තමයි මඟදි නින්ද කැඩිල ඇහැරෙන්න වෙන එක. එහෙම නොවී සුවදායී නින්දක් ලබාගන්න ඔයාට පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් තමයි නිදියන්න කලින් Deep Sleep Musicවලට සවන් දීම.

මොකක්ද මේ Deep Sleep Music කියන්නේ?

Deep Sleep Music  කියන්නෙ සන්සුන් තාල සහ රිද්මයන් එකතුව සිතට සන්සුන් හැඟීමක් ඇති කිරීම සඳහා නිර්මාණය කරන ලද සන්සුන් නාද එකතුවකි. මේ සංගීතය අසන අය ගැඹුරු විවේක තත්ත්වයකට පත් කිරීම සඳහා නිර්මාණය කර තිබෙනවා. මේ සංගීතයේ තියෙන විශේෂත්වය වන්නෙ සාමාන්‍ය නාද රටාවලින් එහාට ගිහින් සිතට සැනසුමක්, සංසුන් බවක් ගෙන එන්න පුළුවන් විදියට සකස් කරලා තිබීම. ඒ වගේම මෙය සන්සුන් නාදවල අහඹු එකතුවක් විතරක් නෙමෙයි මොළය ස්වභාවික නිද්‍රා රටාවන් සමඟ අනුනාද වීමට නිර්මාණය කර ඇති සංගීත කාණ්ඩයකි. මෙම සංගීත රටා සමඟ Deep Sleep Music ඔබව ගැඹුරු නින්දකට අරගෙන යන්නේ ඉතාම සුමටවය.

Deep Sleep Music ගැන පර්යේෂක අදහස්..

මේ Deep Sleep Music ගැන පර්යේෂකයන් විවිධාකාරයේ අදහස් දක්වලා තියෙනවා. බොහෝ අධ්‍යයන මගින් නින්දේ ගුණාත්මකභාවය, ආතතිය සහ කාංසාව කෙරෙහි Deep Sleep Music වල බලපෑම විමර්ශනය කරලා තියෙනවා. බොහෝ දුරට ධනාත්මක වන මේ සොයාගැනීම්වලින් පෙනී යන්නේ Deep Sleep Music සන්සුන් නින්ද ප්‍රවර්ධනය කිරීම සහ සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා ඵලදායී වෙන්න පුළුවන් බවයි. Cochrane Database of Systematic Reviews හි ප්‍රකාශයට පත් කරන ලද 2015 සමාලෝචනයක් නිගමනය කළේ සංගීත ප්‍රතිකාර මගින් නින්දෙ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමට සහ නින්ද නොයාමෙන් පෙළෙන වැඩිහිටියන්ගේ නින්දට බාධා කිරීම් අවම කරන්න පුළුවන් බවයි.

Deep Sleep Music වැඩ කරන්නෙ කොහොමද ?

අපි සංගීතයට සවන් දෙන විට අපගේ මොළයෙ ස්නායු මාර්ග සංකීර්ණ ජාලයක් හරහා ශබ්ද සකසනවා. මෙම මාර්ග විවේකය සහ නින්ද ප්‍රවර්ධනය කළ හැකි මොළයේ තරංග ක්‍රියාකාරකම් Modulate කරනවා. Deep Sleep Music වල අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය සිත් ඇදගන්නා සුළු මෙන්ම සංකීර්ණ වන අතර යාන්ත්‍රණ කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. රිද්මයේ, වේගයේ සහ සංඛ්‍යාතයේ සිදු කරන වෙනස් කම් මඟින් Deep Sleep Music වලට මොළයේ ක්‍රියාකාරිත්වයට බලපෑම් කිරීමට, ලිහිල් කිරීමට පහසුකම් සැලසීමට සහ අවසානයේ නින්දේ ගුණාත්මක භාවය වැඩි කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ ලිහිල් කිරීම නිසා තමයි Deep Sleep Music වලින් ඔබට දිගු, ගැඹුරු නින්දකට පිවිසෙන්න පුළුවන් වෙන්නේ.

නින්ද නොයන අයට Deep Sleep Music උදව් වෙන්නේ කොහොමද?

බෙහෙත් වර්ගවලට යන්නෙ නැතුව Deep Sleep එකක් ලබාගන්න පුළුවන් පහසුම සහ ප්‍රයෝජනවත්ම විදියක් තමයි Deep Sleep Music කියන්නේ. ගොඩක් වෙලාවට අපිට නින්ද නොයන්න අපේ මනසේ තිබෙන අවිවේකි බව, ප්‍රශ්න සහ කාංසියයි. නින්දට පෙර සන්සුන් සංගීතයට සවන් දීමෙන් නින්දේ ගුණාත්මක භාවය වැඩිදියුණු කළ හැකි අතර නින්දට යාමට ගතවන කාලය අඩු කර ගත හැකි බව පර්යේෂණ මඟින් පෙන්නුම් කර දී තිබෙනවා.

හැබැයි Deep Sleep  එකක් නොලැබෙන හැම කෙනාටම මේ Deep Sleep Music කියන ක්‍රමය ගැලපෙන්නෙ නැති වෙන්න පුළුවන්. කොහොම වුණත් මේක ක්‍රමය හරියන්නෙ නෑ කියලා අතෑරල දාන්නෙ නැතුව පොඩි උත්සහයක් කරලා බලන්න හරියනවද නැද්ද කියලා.යූටියුබ් එක හරහා ඔබට පුළුවන් මේ Deep Sleep Music Tracks පහසුවෙන්ම සොයාගන්න.

අර්චිත ඉඳුවර ✍️
 

TAGGED: Cochrane Database of Systematic Reviews, Deep Sleep Music, health
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?