නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අත්තම්මා සින්දුවෙන් ලැබෙන සල්ලි වැඩිහිටි නිවාසයකට දෙනවා – ජයන්ත වික්‍රමතුංග
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අත්තම්මා සින්දුවෙන් ලැබෙන සල්ලි වැඩිහිටි නිවාසයකට දෙනවා – ජයන්ත වික්‍රමතුංග

Published December 11, 2023

ජයන්ත වික්‍රමතුංග කියන්නෙ ඕස්ට්‍රේලියාවේ ඉඳන් ඇවිත් පහුගිය දවසක ලංකාවෙදි තමන්ගෙ අත්තම්මා ගැන සින්දුවක් රිලීස් කරපු කෙනෙක්. විටින් විට විවිධ කලා කටයුතුවලට තමන්ගෙ දායකත්වය ලබා දෙන ඔහුගේ නවතම ගීතය වන ‘මිත්තණිය’ මේ වෙද්දි ඔබට රසවිඳින්න පුළුවන්. මේ ඔහු ඒ ගැන අප සමඟ කළ කතාබහකි.

සිවිල් ඉංජිනේරුවරයෙක්…

මම ජීවත් වෙන්නෙ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්වල. සිවිල් ඉංජිනේරුවරයෙක් විදිහට සේවය කරනවා.

මේක මගේ අත්තම්මට ලියපු සින්දුවක්…

මම ඉපදුණේ මිරිස්සෙ. මගේ තාත්තා හිටපු විදුහල්පතිවරයෙක්. මව ගුරුවරියක්. ඒ දෙන්නගේ කාර්යබහුල ජීවිතය තුළ මගේ ආත්තම්මා ඒ කියන්නෙ අම්මගෙ අම්මා තමයි මාත් එක්ක නිරන්තරයෙන්ම හිටියෙ. මාව යහමගට ගත්තෙත් ඇය. අත්තම්මා හැමදාම මාව පාන්දර ඇහැරවලා පාඩම් කරවනවා. ඇය මට හැමතිස්සෙම කියපු දෙයක් තමයි අපි වැඩියෙන් දුන්නොත් අපිට වැඩියෙන් ලැබෙනවා කියල. මගේ ජීවිතේට අඩිතාලම දැම්මෙ ආත්තම්මා. ලංකාවේ අම්ම, තාත්ත ගැන සින්දු ලියවිලා තිබුණට අත්තම්මා ගැන සින්දු ලියවෙනවා අඩුයි. ඒ නිසයි මම හිතුවේ මගේ අත්තමට වගේම සියලුම අත්තම්මලාට උපහාරයක් වෙන විදිහට මේ සින්දුව ලියන්න.

සින්දුව හැදුණෙ මෙහෙමයි…

මේ සින්දුව ලිව්වේ මහාචාර්ය මෛත්‍රී පනාගොඩ. ඔහු ප්‍රබුද්ධ ගීත රචකයෙක්. අපි දෙන්නා කතා වුණා මේ සින්දුව හොඳ ගායකයෙක් ලව්වා ගායනා කරවිය යුතුයි කියල. එතනදි අපි දෙන්නම එකගතාවයකට ආවා මේක රෝහණ වීරසිංහ වැනි ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයෙකු හරහා මේ වැඩේ බාර දෙමු කියල. රෝහණ ලස්සන තනුවක් දාලා දුන්න. රෝහණගෙ අදහස වුණේ ගැඹුරු කටහඬකින් මේක කිවිය යුතුයි කියල. අන්තිමේ වැඩිය සින්දු ගායනා නොකළත් රෝහණම මේක ගායනා කරන්න බාරගත්තා.

විෂුවල් එකකුත් කළා..

මේ සින්දුවට විෂුවල් එකකුත් කළා. එතනදි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන දයාරත්න රටගෙදරට කතා කළා. එතුමා තමයි මේකට ලස්සන විෂුවල් එකක් කරලා දුන්නෙ. විෂුවල් එකේ රොෂාන් පිලපිටිය, කුසුම් මල්දෙණිය රංගනයෙන් දායක වුණා.

ලැබෙන ආදායම වැඩිහිටි නිවාසයකට…

අපි මුලදිම කතා වෙලා හිටියා මේ සින්දුවෙන් ලැබෙන ආදායම වැඩිහිටි නිවාසයකට පරිත්‍යාග කරනවා කියල. පසුගිය 30 වැනිදා ‘මිත්තණිය’ ගීතය රිලීස් කළා. මම හිතනවා මේ ගීතය ජනගත වේවි කියල.

ඉඳල හිටලා කලා කටයුතුවල නිරත වෙනවා…

මම වසරකට සැරයක් ලංකාවට ඇවිත් විවිධ කලා කටයුතුවලට සම්බන්ධ වෙනව. රූපවාහිනීයේ විකාශය වෙන පෝය නාට්ටිවල රංගනයෙන් දායක වුණා. කෙටි චිත්‍රපටිවල රංගනයෙන් දායක වෙලා තියෙනවා.

එරංදි කෞශල්‍යා ✍️

TAGGED: jayantha wickramathunga, maithri panagoda, මිත්තණිය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love3
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?