නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දරුවන්ට බොරු කරන්න ලයිසන් දෙන්නෙ ළඟම ඉන්න අය
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

දරුවන්ට බොරු කරන්න ලයිසන් දෙන්නෙ ළඟම ඉන්න අය

Published December 11, 2023

අපි පුරවැසියෙක් නිර්මාණය කරන්න ඕනම තත්ත්වයකට මුහුණ දිය හැකි ශක්තියක් එක්ක. උදාහරණෙකට අපි ගමුකො සුනාමි උවදුර, කොවිඩ් වසංගතය මේ දෙකම අපි පුරවැසියන් විදිහට මීට කලින් අත්විඳපු නැති තත්ත්වයන්. මනුස්සයෙක් තුළ අභ්‍යන්තර ශක්තියක් තිබුණෙ නැත්නම් ඒ දේවල්වලට මුහුණ දෙන්න බෑ. එතකොට මනුස්සයා කරන්නෙ ඒ දේවල්වලින් පැනලා යන එක.

කොවිඩ් වසංගතය එක්ක අපේ පෞද්ගලික ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ගොඩක් අයට රස්සාවල් නැති වුණා. ඒ වගේ දේවල්වලට මුහුණ දෙන්න අභ්‍යන්තර ශක්තියක් පුද්ගලයෙකුට තියෙන්න ඕනෙ. ඒ ශක්තිය තීරණය වෙන්නෙ විශේෂයෙන්ම අධ්‍යාපනය මත.

ලංකාවේ පාසල් පද්ධතිය තුළ වර්තමාන අධ්‍යාපන රටාවෙන් අපි දරුවන්ට ලබාදෙන්නෙ විෂයානුබද්ධ දැනුමම විතරයි. ලෝකෙ ප්‍රකට කියමනක් තියෙනවා “දැනුමෙහි අවසාන ප්‍රතිඵලය වියයුත්තේ දැනුම නොවේ ක්‍රියාවයි.” කියලා. අපි කෙනෙක්ට දැනුම දෙන්නෙ එයාට ඒ දැනුම තියෙනවද කියල ආපහු බලන අපේක්ෂාවෙන් නෙවෙයි. ඒ දැනුම පාවිච්චි කරලා ඔහු හෝ ඇයට යමක් කළ හැකිද කියලයි බලන්න ඕනෙ. ඕක තමයි අධ්‍යාපනයේ මූලිකම හරය විය යුත්තේ. නමුත් අවාසනාවට අපේ රටේ නැත්තෙත් ඕක.

ලංකාවේ පාසල් පද්ධතිය ගැන කතා කරද්දි අපිට නිරීක්ෂණය වෙන තැනක් තමයි දරුවන්ට නිදහසේ වැඩ කරන්න, සැලසුම් කරන්න දෙන ඉඩ හුඟක් අහුරලා තියෙන්නෙ. පාසල්වල විවිධ කලා උත්සව තියෙනවනෙ ඉතින් ගුරුවරු, විදුහල්පතිට ඕනෙ මේ උත්සවේ පර්ෆෙක්ට් වෙන්න. ඒ නිසා බොහෝවෙලාවට ගුරුවරු, දෙමාපියෝ මේකට මැදිහත් වෙනවා.

උත්සවේට වේදිකාවක් සැලසුම් කරනවනම් ඒ වේදිකාව සැලසුම් කිරීමේ වගකීම ගන්නෙ ගුරුවරයෙක්. නැත්නම් දරුවෙක්ගෙ තාත්තෙක්. එහෙමත් නැත්නම් මල් සැරසිලි එහෙම වෙනත් ආයතනවලටම බාරදෙනවා. එතකොට අපිට අමතක වෙනවා පාසලේ විවිධ ප්‍රසංග, ව්‍යාපෘති පාසල තුළ ක්‍රියාත්මක කරන්නෙ ඇයි කියල. මෙවැනි දේවල් පාසලක් තුළ ක්‍රියාත්මක කරන්නෙ දරුවන්ට යම් කුසලතාවයක් ලබාදෙන්න.

යම් අංශයකින් කලා දිනයක් සැලසුම් කරනවනම් ඒ දිනය සම්පූර්ණයෙන්ම සැලසුම් කිරීමේ වගකීම දෙන්න ඕනෙ ඒ අංශයේ දරුවන්ට. වේදිකාව හදන සැලසුම, ඇතුළත් විය යුතු විශේෂාංග, කොටින්ම එදාට ගෙන්නන ආරාධිත අමුත්තො කවුද කියලත් දරුවන්ට තීරණය කරන්න දෙන්න ඕනෙ. ඒකට උදව් කරන්න විතරයි ගුරුවරු ඉන්න ඕනෙ.

එහෙම නැතුව වේදිකාව සම්පූර්ණයෙන්ම පාසලේ චිත්‍ර ගුරුවරයා සැලසුම් කරලා, සංග්‍රහය ගෘහ විද්‍යා ගුරුවරිය සැලසුම් කරලා වැඩක් නෑ. ළමයින්ට තියෙන්නේ ගුරුවරයා කියන කියන වැඩ ටික කරන්න විතරයි. එතකොට අපි දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙන්නෙ නෑග අපිට ඕනෙ තනියම සැලසුම් කරලා ඒ සැලසුම ඔස්සේ වැඩකරන්න පුළුවන් හැකියාවක් තියෙන දරුවෙක් ගොඩනගන්න.

අපි දකිනවා පාසල්වල දානමය පිංකම් තියෙනවා. හැබැයි මේ හැමදේකදිම කඩියො වගේ එහෙමෙහෙ දුව දුව වැඩ කරන්නෙ ගුරුවරු. ඉඳලා හිටලා ශිෂ්‍ය නායකයෙක්ට අවස්ථාවක් ලැබෙනවා පොඩි වැඩකට සම්බන්ධ වෙන්න. එතනදිත් අපි අමතක කරනවා ඇයි අපි පාසලක දානයක් සැලසුම් කරන්නෙ කියල. පාසලක දානයක් හෝ පිරිතක් සැලසුම් කරන්නෙ පාසලේ ඉන්න හොල්මන් එලවන්න නෙවෙයි. දරුවන්ට එවැනි අවස්ථාවක සැබෑ අත්දැකීමක් ලබාදෙන්න. ඒ වගේම පාසල්වල නිවාසාන්තර තරග තියෙනවනෙ මෙතනදි ජනප්‍රියම අංගයක් තමයි නිවාස හදන එක. හැබැයි ඇත්තටම මේ නිවාස ළමයි හදන ඒවද එහෙමත් නැත්නම් ළමයින්ගෙ දෙමාපියන් හදන ඒවද? ඉස්සරනම් දරුවො පාසලෙන් පස්සෙ අමතර කාලයක් යොදවලා මහන්සි වෙලා ලස්සනට තමන්ගෙ නිවාස හැදුවා.

ඒත් දැන් ඒ කාලෙ වෙනස්. සමහර කොළඹ පාසල්වල හමුදා සෙබළු තමයි සිවිල් ඇඳුමින් ඇවිත් නිවාස හදන්නෙ. මොකද කාගෙහරි ළමයෙක්ගෙ තාත්තෙක් හමුදාවෙ ලොක්කෙක්. කාවද එතකොට මේ රවට්ටන්නෙ? දරුවව දරුවන්ගෙ මහන්සියෙන් පොල් අතු දෙකක් හෙවිලි කරලා සරලව හදන මඩුව තමයි වටින්නෙ දරුවන්ගෙ අම්මලා තාත්තලා ගුරුවරු හදන නිවාසවලට වඩා.

පාසලේ ප්‍රදර්ශනයක් තිබ්බත් භාණ්ඩ හදන් එන්නෙ දෙමාපියන්ගෙ උදව්වෙන්. මෙහෙම දෙයක් කරද්දි පාසල් මට්ටමින් පැහැදිලි නියාමනයක් තිබිය යුතුයි. ඉතා විශිෂ්ඨ ගණයේ ප්‍රදර්ශන භාණ්ඩ ඉදිරිපත් කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. දරුවෙක් තනියම හදන ඉතා සරල උපකරණයක් තමයි වටින්නෙ.

ඒකෙන් තමයි දරුවා ජීවන අත්දැකීමක් වගේම ප්‍රයෝජනයක් ගන්නෙ. මම දන්න ගුරුවරයෙක් හිටියා. ඔහුගේ පාසලේ තිබුණු ප්‍රදර්ශනයකදි ඔහු දරුවන්ට නියාමනයක් දැම්මා හැම දරුවෙක්ම පන්ති කාමරය ඇතුළෙ තමන්ගෙ ප්‍රදර්ශන භාණ්ඩය හැදිය යුතුයි කියල. ඒ වගේම ප්‍රදර්ශන කුටියට ඇතුළු වෙන තැනත් ළමයින්ම නිර්මාණය කළ යුතුව තිබුණා.

ප්‍රදර්ශනේ ඉවර වුණාට පස්සෙ ගුරුවරයා මට කිව්වා සර් ප්‍රදර්ශනේ කැතම එන්ට්‍රන්ස් එක තිබුණේ මගේ පන්තියේ කියලා. කැතම ප්‍රදර්ශන භාණ්ඩ තිබුණෙත් මගේ පන්තියේ. ඒ වගේම ප්‍රදර්ශනය බලන්න අඩුම පිරිසක් ආවෙත් 100% ක්ම දරුවන්ගේ ප්‍රදර්ශනය තිබුණෙත් මගේ පන්තියේ විතරයි කිව්වා.

ගුරුවරුත් හොඳටම අගයලා වැඩිම ලකුණු දෙන්නෙත් දෙමාපිය සහයෝගයෙන් හදන් ආපු ලස්සනම ප්‍රදර්ශන භාණ්ඩයට. එතකොට කැතට හරි තනියම ප්‍රදර්ශන භාණ්ඩෙ හදපු ළමයට වෙන්නෙ මොනතරම් අසාධාරණයක්ද? ගුරුවරු, දෙමාපියො ඇහැ හුරුකරගන්න ඕනෙ දරුවන්ගෙ නිර්මාණයක් බලන්න. එතනින් තමයි දරුවන්ගේ ජීවන කුසලතාවය ගොඩනැංවෙන්නෙ.

ජේෂ්‍යඨ කථිකාචාර්ය
චින්තක චන්ද්‍රකුමාර
අංශාධිපති
අධ්‍යාපන මනෝ විද්‍යා
අධ්‍යයන අංශය
අධ්‍යාපන පීඨය,
කොළඹ විශ්වවිද්‍යාලය

එරංදි කෞශල්‍යා ✍️

 

TAGGED: childred, chinthaka chandrakumara, lifestyle, Psychology
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?