නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බැන්දට පස්සෙ ඇඳන් දෙකක් ළං කරලා නිදාගන්න හොඳ නෑ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බැන්දට පස්සෙ ඇඳන් දෙකක් ළං කරලා නිදාගන්න හොඳ නෑ

Published December 4, 2023

අප ජීවත්වන ස්ථානය තුළ සජීවි භාවයත් ප්‍රාණවත් භාවයත් ආරක්ෂා කරගැනීම සහ එම ගුණයන් කළමනාකරණය කරගැනීම පිළිබඳව ඉතාම සාර්ථක සහ ප්‍රතිපලදායක ක්‍රමවේදයන් වාස්තු ශ්‍රාස්ත්‍රය තුළ පවතී.වාස්තු ශාස්ත්‍රනුකුලව නිවසක් ඉදිකරගත් පසුව එම නිවස තුළ ඉතාම සතුටින් අවුල් වියවුල් මගහැර ගෙන ජීවත්වීම සියලු දෙනාගේම මූලික පරමාර්ථය වේ…

මෙහිදී නිවැරදි ආකාරයට දිශාගතව ගෘහ අංග පිහිටුවිය යුතු අතර එයට ප්‍රතිවිරුද්ධ ලෙස කටයුතු කිරීම සොබාදහමට විරුද්ධ වීමක් වේ. මෙම හේතුව නිසා අයහපත් ප්‍රතිපලවලට ගොදුරු වීමට නිවැසියන්ට සිදුවේ.මෙහිදී වාස්තු ශාස්ත්‍රානුකූලව නිවසක නිදන කාමර දිශාගත කිරීමත් එම නිදන කාමර වාස්තු ශාස්ත්‍රානුකූලව කළමනාකරණය කර ගැනීම පිළිබඳවත් සලකා බලමු.

නිවසක ප්‍රධාන නිදන කාමරය සැලසුම් කිරීමේදී එය නිරිත දිශාව හෙවත් සියලු සුබ ශක්තීන් තැන්පත් වන දිශාවේ ඉදිකිරීම ඉතාම සුදුසුය. තරුණ අය සඳහා මෙම නිරිත දිශාවේ ඇති කාමර සුදුසුවන අතර කුඩා ළමුන්ට හෝ වැඩිහිටි අය සඳහා ඊසාන දිශාවේ කාමර සුදුසුය. මීට අමතරව සුදුසු අනෙකුත් දිශාවන්වල නිදන කාමර සැලසුම් කරගැනීමෙන් පසුවද ඒවායේ තබාගත යුතු ගෘහ භාණ්ඩද නිවැරදි ලෙස දිශාගත කරගත යුතුය. ප්‍රධාන වශයෙන්ම නිදන කාමරයක ප්‍රධානම අංගය නිදන ඇඳ වේ.

මෙහිදී නිරිත හෝ වෙනත් දිශාවක ඇති කාමරයක නිදන ඇඳ එම කාමරයේ නිරිත දිශාවට වන්නට තිබීම ඉතාම සුදුසුය. එසේ අපහසු අවස්ථාවකදී එම කාමරයේ වෙනත් දිශාවකට එය තැබීම කළහැකි නමුත් කිසිවිටෙකත් ගිනිකොණ දිශාවට වන්නට නිදන ඇඳ තැබීම නොකළ යුතුය. මෙහිදී ගිනිකාරක ගුණය මඟින් උෂ්ණාධික රෝග හෝ ශරීරයේ සන්ධි ආශ්‍රිත රෝග සෑදීමේ හැකියාව වර්ධනය කරයි.

මීට අමතරව කාමරයේ හරි මැද ඇඳ නොතිබිය යුතු අතර නිදන ඇඳ වෙනස්කම්වලට භාජන නොවූ සාමාන්‍ය දැවයෙන් කරන ලද ඇඳක් වීම ඉතාම සුදුසු වන අතරම යකඩ ඇඳන් භාවිත කිරීම නුසුදුසුය.තවද වාස්තු ශාස්ත්‍රයට අනුව ඇඳ යට සම්පූර්ණයෙන්ම හිස්ව තිබිය යුතු අතර ඇඳ යට බඩුබාහිරාදිය පිරීම ශක්ති ප්‍රවාහයට බාධාවක් වන අතර ඒ මඟින් මානසික ගැටලු ඇතිවිය හැකිය.

පහසුවෙන් ඇඳෙන් බැසයාම සඳහා ඇඳේ දෙපසින් සහ පාද යොමුකරන ප්‍රදේශයෙන් එනම් තුන් පැත්තකින් හිස් අවකාශ තිබීම වඩාත් ප්‍රායෝගික කරුණකි.විවාහක යුවළක් කුඩා ඇඳන් දෙකක් හෝ මෙට්ට දෙකක් එකට ළං කර නිදාගැනීමද ඉතාම නුසුදුසු ක්‍රියාවකි. මෙමඟින් විවාහය දෙකඩ වීමටද හැකිය. මීට අමතරව විවාහක යුවළකගේ හිසේ සිට පාද දක්වා සමාන්තර ලෙස වහලයක බාල්කයක් හෝ මුදුන් යටලී ඇත්නම් එවැනි අවස්ථාවලද විවාහය සම්බන්ධ ගැටලු ඇති වේ. තවද මදුරු දැල් රඳවා තැබීමටත් කුඩා දරුවන්ගේ විසිතුරු භාණ්ඩ එල්ලා තැබීම වැනි ප්‍රායෝගිකත්වය පහසු කරගැනීම සඳහා බල්ක යට නිදන ඇඳ යොමුකර තබා ගැනීම පෙර සඳහන් කළ පරිදිම නුසුදුසු වේ.

නිදන කාමරයක් සැලසුම් කිරීමේදී දිග සහ පළල සමාන අගයන් නොගෙන සෘජුකෝණාස්‍ර හැඩයක් තිබීම සුදුසුය. මේ පරිදිම නිදන ඇඳ ද හරි හතරැස් නොවිය යුතු අතර සෘජුකෝණාස්‍ර හැඩයක් විය යුතුය.නිදන කාමරයේ කණ්ණාඩි මේසය ස්ථානගත කිරිම පිළිබඳවද විශේෂ අවධානයක් යොමුකළ යුතුය. මෙහිදී තේරුම් ගත යුත්තේ කණ්ණාඩි මේසය හෝ අල්මාරියක ඇති කණ්ණාඩිය එසේත් නොමැති නම් බිත්තියක එල්ලා ඇති කණ්ණාඩියක් නිදන ඇඳට එක එල්ලේ පෙනෙන ලෙස නොතිබිය යුතු බවයි.

කණ්ණාඩිය හෙවත් දර්පණය නිදන කාමරයක් තුළ තිබීමෙන් සිදුවන්නේ අවකාශය තුළ ශක්තිය ගලායාමේදී කණ්ණාඩිය වැඩි කාර්යයක් සිදු කිරීමයි. මෙමඟින් බලශක්ති අසමතුලිතතාවක් ඇතිකරයි. මේ නිසා පුද්ගලයින් නොසන්සුන් බවට පත්වීමත් නින්දට බාධා ඇතිවීමත් සිදුවිය හැකි අතරම අනියම් සම්බන්ධතාවන්ද ඇති වේ. තවද කණ්ණාඩියෙන් සිරුර පරාවර්තනය වීම මඟින් සිරුර දුර්වල වීමේ හැකියාවක් ද පවතී.

මෙම හේතූන් මත නිදන කාමරය තුළ කණ්ණාඩි තැබීමේදී එය නිදන ඇඳ සමඟ සෘජුවම නොගැටෙන ලෙස තැබීම සුදුසුය. එසේ කිරීමට නොහැකි නම් තිර රෙද්දක් යොදා කණ්ණාඩිය වැසෙන ලෙස ආවරණය කරගැනීම සරල මෙන්ම සාර්ථක ක්‍රමවේදයක් වේ.තවද නව නිවසක් සැලසුම් කිරීමේදී කුඩා ප්‍රමාණයට හෝ Dressing Area එකක් සැලසුම් කරගැනීම ඉතාම සුදුසුය.

මෙමඟින් ඉහත සඳහන් කළ ගැටලුවලට මෙන්ම නිදන කාමරයේ ඇතුළත සැලසුම් කිරීමටත් කළමනාකරණය කරගැනීමටත් මහඟු පිටිවහලක් වනු ඇත.බොහෝ නිවාසවල නිදන කාමර තුළ රූපවාහිනි යන්ත්‍ර සවිකර නිදියහනේ සිට ඒවා නරඹන අවස්ථාවන් ඇත. මෙයද කිසි විටෙකත් නොකළ යුතු දෙයකි. මෙහිදීද රූපවාහිනි යන්ත්‍රයේ තිරය මගින් පෙර සඳහන් කළ පරිදිම කණ්ණාඩියක් ලෙසට සිරුරට පරාවර්තනය වේ. නොසිතා සිදුකරන මෙම ක්‍රියාවන් මඟින් පෙර සඳහන් කළ පරිදිම අසුබ ප්‍රතිපල ඇති වේ.

තවද නිදන කාමරය තුළ වායු සමීකරණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍යතාවක් ඇත්නම් එම උපකරණ කාමරයේ ගිනිකොණ හෝ වයඹ දිශාවට වන්නට සැලසුම් කරගැනීම ඉතාම සුදුසුය. නිදන කාමරයේ ඊසාන සහ නිරිත දිශාවට වන්නට වායු සමීකරණ යන්ත්‍ර සවිකිරීමට කිසිම විටෙක සැලසුම් නොකිරීමට වගබලා ගත යුතුය.

නිදන කාමරයක් තුළ ඇති තිරරෙදි ලා පැහැති වර්ණවලින් යොදාගැනීමද ලා පැහැති වර්ණයන්ගෙන් බිත්ති ආලේප කරගැනීමද ඉතාම සුදුසු වන අතර සැහැල්ලු මනසක් ඇතිකරනවන චිත්‍ර හා රූප පමණක් නිදන කාමරය තුළ තබාගන්න. කුඩා ජල වීදුරුවක් හෝ බෝතලයක් පමණක් නිදන කාමරය තුළ තිබීම සුදුසු වන අතර ජලය වැඩි වශයෙන් තිබීමද නුසුදුසුය.මෙකී සුබ කාරණා නිසි ලෙස ඉටුකිරීමෙන් කාහට වුවද සුවබර නින්දක පහස විඳීමට අවස්ථාව හිමිවනු ඇත.

වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැලසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes
මිනුවන්ගොඩ

ධම්මික හේවාවසම් ✍️

TAGGED: aloka homes, arosha jayawardene, Dressing Area, vasthu vidya
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?