නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: වචනයෙන් පවා පහර දෙන අසත්පුරුෂයන්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

වචනයෙන් පවා පහර දෙන අසත්පුරුෂයන්

Published December 4, 2023

එදිනෙදා ජීවිතයේදී අපට විවිධ පුද්ගලයන් හමු වෙනවා. මේ පුද්ගලයන් සමග සම්බන්ධතාවයන් පවත්වාගෙන යන විට අපට ඔවුන්ගේ ගති පැවැතුම් ගැනත් යම් අවබෝධයක් ලැබෙනවා. ඇතැම් පුද්ගලයන් සමග වචන දෙක තුනක් කතා කළත් සිත පිරෙනවා. ඒ වගේම තවත් පිරිසක් සිටිනවා, ඔවුන් සමග කතා කිරීම පවා වෙහෙසක්. වචනයෙන් වුණත් අපේ හිත රිදීමට පත් වෙනවා. අසත්පුරුෂයන් සමග ජීවත්වෙන විට අපට හිත රිදෙන වචන අසන්නට ලැබෙනවා. වචනයෙන් පවා අසත්පුරුෂ ගති පැවැතුම් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා වචන කියන්නේ හරිම දරුණු දෙයක්. අසත්පුරුෂයාට වචනයෙන් වුණත් පහර දෙන්න පුළුවන්. ඔවුන් දක්වන ප්‍රතිචාර වලින් තවත් අයෙකුගේ සිත රිදෙන්න පුළුවන්. ඒ නිසා එක් එක් අය නිකරුනේ නගන නින්දා, අවලාද, දෝෂ දර්ශන උපහාසයට පත් කිරීම අපි කාටත් පොදු ධර්මතාවයක්. රහසින්වත් පව් නොකළ බුදුරජාණන්වහන්සේටත් මේ ධර්මතාවය මගහැර යෑමට නොහැකි වුණා නම් අප ගැන තවත් නම් කියනු කුමටද?

ලාභාපේක්ෂාවන් නොලබන පුද්ගලයාට කාලකණ්නියා කියලා දොස් නගනවා. නින්දා උපහාස කරනවා. යම් පුද්ගලයෙක් ලාභාපේක්ෂාවන් ලබනවා නම් ඒ පුද්ගලයාට දුස්ශීලයා එහෙම නැත්නම් කුහකයා කියලා අවලාද නගනවා. අසත්පුරුෂයන් සමග ජීවත්වෙන විට නිතරම හිත රිදවන කතා අහන්න ලැබෙනවා. ඒ වගේම අසත්පුරුෂයාගේ වචන වලින් කවමදාවත් කුසලරතියක් ඇති බව බෝධිචර්යාවතරයේ සඳහන් වෙනවා.

අහංකාරකමට නිහඬව සිටිනවා

දවසක් අතුල උපාසක බණ අහන්න ආරාමයට ගියා. මේ යන ගමනේදී අතුල උපාසකයන්ට මුලින්ම රේවත ස්වාමින්වහන්සේ හමු වුණා. හාමුදුරුවනේ මම ආරාමයට ආවේ බණ ටිකක් අහන්න. අතුල උපාසක කිව්වා. මේ අවස්ථාවේදී සිංහයෙක් වගේ හුදෙකලාවෙහි ඇලුන සිත් ඇති පින්වත් රේවත ස්වාමින්වහන්සේ නිහඬව සිටියා. අතුල උපාසකට කේන්ති ගියා. රේවත ස්වාමින්වහන්සේට දොස් නගමින් එතැනින් පිටත්ව ගියා.මොනවද මේ බණ මට තේරෙන්නේ නැහැ.එතැනින් පිටත්ව ගිය අතුල උපාසක සැරියුත් මහරහතන්වහන්සේ සිටි තැනට පැමිණියා.

මම බණ ටිකක් අහන්න ආරාමයට ආවා. රේවත ස්වාමින්වහන්සේ ඒ වග නොතකා අහංකාරකමට සිටියා. අතුල උපාසක හොඳයි. අතුල උපාසක මම ඔබට ධර්මය දේශනා කරන්නම් සැරියුත් මහ රහතන් වහන්සේ වදාළ සේක. සැරියුත් මහ රහතන් වහන්සේ අභිධර්මයේ කරුණු මුල් කරගෙන ධර්මය දේශනා කරන්න පටන් ගත්තා.

අතුල උපාසක ධර්මය ශ්‍රවණය කරන බවක් පෙන්නන්න නැහැ. සැරියුත් මහරහතන්වහන්සේ ඒ බව තේරුම් ගත්තා. උන්වහන්සේ ධර්මය දේශනා කිරීම නැවැත්තුවා. මොනවද මේ බණ මනුස්සයෙකුට තේරුම් ගන්න පුළුවන්ද? උන්වහන්සේ ප්‍රඥාවන්ත බව ඇත්ත. ඒත් අපට ඔය ගැඹුරු අභිධර්මය මට තේරෙන්නේ නැහැ. අතුල උපාසක එතැනින් නැගිට්ටා. ඒ නැගිට්ටෙත් හිතේ පැහැදීමක් නැතුවයි.

සරල බණටත් පැහැදුනේ නැහැ

මේ විදිහට හිතේ සෑහීමක් නැතුව යන අතුල උපාසකට ආනන්ද හාමුදුරුවෝ මුණගැහුණා. ආනන්ද ස්වාමින්වහන්ස මම අද බණ ටිකක් අහන්න ආරාමයට ආවා. මුලින්ම රේවත ස්වාමින්වහන්සේ වෙතට ගියා. ඒ හාමුදුරුවෝ හරිම ආඩම්බරයි. මා ගැන කිසිම සැලකීමක් කළේ නැහැ.

එතැනින් පසුව මම සැරියුත් හාමුදුරුවෝ වෙතට ගියා. උන්වහන්සේ මහා බරසාර බණක් දේශනා කළා. මට කිසිම දෙයක් තේරුණේ නැහැ. යැයි සඳහන් කළා.හොඳයි අතුල මම ඔබට ධර්මය දේශනා කරන්නම් යැයි ආනන්ද ස්වාමින්වහන්සේ සඳහන් කළා. ආනන්ද හාමුදුරුවන්ගේ ධර්ම දේශනාවටත් අතුල උපාසක පැහැදුනේ නැහැ.

බණ ටිකක් අහන්න පන්සලට ආවා. මේ පන්සලේ බණක් දේශනා කරන්න ස්වාමින්වහන්සේ නමක් නැති හැටි ධර්ම දේශනාව අතරමගදී අතුල උපාසක එතැනින් නැගිට දොස් නගමින් යන්න ගියා. මේ අන්දමින් දොස් නගමින් පන්සලෙන් පිටව යන අතුල උපාසකට අපේ බුදුහාමුදුරුවෝ මුණ ගැසුනා. ඒ අවස්ථාවේදී බුදුරජාණන්වහන්සේ අතුල උපාසක අමතා මෙසේ දේශනා කළ සේක.

පෞරාණමේතං අතුල නේතං අජ්ජතනාමීව
නින්දන්ති තුණ්භිමාසීනං නින්දන්ති බහුභාණීනං
මිතභාණීම්පි නින්දන්ති නත්ථි ලෝකේ අනින්දිතෝ
( ධම්මපදය- කෝධ වග්ගය )


අතුල… මිනිසුන් අවස්ථාවදීව අනුන්ට ගරහනවා. ඒ වගේම තමන්ට වාසි තැනදී ප්‍රශංසා කරනවා. මේ විදිහට ප්‍රතිචාර දැක්වීම අද ඊයේක සිදුවීමක් නොවෙයි. එය අනාදිමත් කාලයක පටන් පැවැතෙන්නක්.ඇතැමෙක් තමන්ගේ ගුණවත්කමට කා සමගවත් කතා බහක නොයෙදී සිටිනවා. එවැනි පුද්ගලයන්ට (තුණ්භීමාවෝ) අහංකාරකම යැයි චෝදනා කරනවා. බොහෝ විට ඒ පුද්ගලයා තුෂ්ණිම්භාවයෙන් සිටින්නේ අනවශ්‍ය අන්දමින් කතාව දිග් ගැසීම නිෂ්ඵල කාර්යක් නිසා මිසක කතා කරන පුද්ගලයා අවතක්සේරුවකින් නොවේ.

ඒත් කතාවට සම්මාදම් පුද්ගලයා සිතන්නේ වෙනස් අයුරකින්. ඔහු මගේ කතාවට දායක නොවන්නේ හිතේ තිබෙන අහංකාර නිසා. මේ අන්දමින් තවත් පුද්ගලයෙකුගේ නිහඬ බව තක්සේරු කරන්න අපේ සමාජය පුරුදු වී සිටිනවා.

මීතභාණී

අපට කතාබහ කරද්දී විවිධ චරිත හමුවෙනවා. තවත් පිරිසක් සිටිනවා ඔවුන් කතා කරන්නේ අවශ්‍ය දේ පමණයි. මුලික කතාවට අතුරු කතා සම්බන්ධ කර ගන්නේ නැහැ. එවැනි චරිත ගැනත් ප්‍රසාදයක් නැහැ. මේ පුද්ගලයන් ගැනත් වැරදි විදිහට තක්සේරු කරනවා. ඇත්තටම ඒ පුද්ගලයා කතාව අනවශ්‍ය අන්දමින් දිග් ගස්සන්නේ නැහැ. අත්‍යවශ්‍ය දේ කතා කළා. එතැනින් නවතිනවා. ඒත් ඔවුන් ආඩම්බර චරිත විදිහට අසත්පුරුෂයා විසින් තක්සේරු කරනවා.

බහුභාණී

මෙවැනි චරිත ඔබටත් හමු වී ඇත. ඔවුන් කතාවට ගියොත් එය නවත්තන්නේම නැහැ. සමහර විට එය සුහදතාවය නිසා වුණත් සවන්දෙන්නා හිතන්නේ මේ තැනැත්තා හරිම වාචාලයි කියලා. කොටින්ම සඳහන් කරනවා නම් මේ ලෝකයේ බැනුම් අහන්නේ නැති කෙනෙක් නැහැ. අසත්පුරුෂයන් සමග ජීවත්වෙන විට එය සාමාන්‍ය සිදුවීමක්. ඒ ගැන ඔබ කිසිම විටක පසුතැවෙන්න එපා. අසත්පුරුෂ ගති ගුණ තේරුම් අරගෙන ජීවත් වෙන්න.

රාජකීය පණ්ඩිත පූජ්‍ය
කන්දේගෙදර සෝභිත ස්වාමින්වහන්සේ
ජයසුමනාරාම පුරාණ විහාරය
රත්මලාන

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️


 

TAGGED: buddha, buddhism, dhammapada
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?