නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සිත නිවන සිහින නිවසට යන පාර
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

සිත නිවන සිහින නිවසට යන පාර

Published November 27, 2023

සෑම කෙනෙක්ටම තමන්ගේම නිවෙස්දී ඉතා සුවපහසු බවක් දැනෙන්න ඕනෙ. කාර්යබහුල දවස අවසානයේදී අපට විවේකය ලබා ගන්න ගෙදර ගියාම එතන අපේ හිතට සැනසීමක් ගෙන දෙන තැනක් වීම වැදගත්. ඉතින් ඒ නිසා තමයි අපේ නිවස ලස්සනට තියාගන්න ඕනෙ. ඔබේ නිවස ලස්සනට තබා ගැනිමෙන් නිවසේ ජිවත් වන අයටත් හොඳ හැඟීමක් ඇති කරනවා. සුන්දර නිවසකට ඔබගේ මනෝභාවයන් වැඩි දියුණු කිරීමටද හැකියාව තිබෙනවා. ඔබගේ නිවස අලංකාර කිරීමේදී සෑම විටම මුලින්ම සැලසුම් කරන්න. අවසාන ප්‍රතිඵලය කෙසේ විය යුතු දැයි ඔයාගේ මනසෙහි සැලසුමක් සකස් කර ගන්න…

මේ සරල ටිප්ස්වලින් ඔබගේ නිවසට සිත් ඇදගන්නා සුළු පෙනුමක් ඇති කර ගන්න පුළුවන්.

වර්ණ තෝරා ගැනීම…

බිත්ති සඳහා වර්ණ තෝරා ගැනීම ඔයාගේ නිවස අලංකාර කිරීමේදී ගන්නා වැදගත්ම තීරණවලින් එකක්. ඔබ තෝරා ගන්නා වර්ණය වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර එය ඔයාගේ මනසට සහ හැඟීම්වලට බලපානවා. ඔබගේ නිවසේ බිත්තිය සඳහා වර්ණ තෝරාගැනීමේදී මෙම උපදෙස් මතකයේ තබා ගන්න. කාමරවලට ආලෝකමත් වර්ණයක් භාවිත කරන්න ඕනෙ. පිටත බිත්තිවලට මධ්‍යස්ථ වර්ණයක් භාවිත කරන්න.

සාලය අලංකාර කරගැනීමට…

අමුත්තෙක් නිවසට ඇතුළු වුණාම ඔවුන්ගේ ඇස් ගැටෙන පළමු දර්ශනය විසිත්ත කාමරයයි. විසිත්ත කාමරය නරඹන්නාට සතුටක් ඇති කරන සහ නූතන හැඟීමක් ඇති කරවන්න ඕනේ. ඒ වගේම විසිත්ත කාමරය නිවසේ අයිතිකරුවන්ගේ පෞරුෂත්වය පිළිබිඹු කරන අතර අමුත්තන් ඔබේ විසිත්ත කාමරයෙන් ඔබ ගැන තීරණය කරනව.

රූපවාහිනිය විසිත්ත කාමරයේ තිබෙනවා නම් රූපවාහිනිය වටා හිඳ ගැනීමට ආසන සකසා තිබිය යුතුයි.ඔබගේ සාලයේ සෝෆා එකක් තිබෙනවා නම් ඒ අසල ගෘහ භාණ්ඩ කිහිපයක් තිබීම හොඳ අදහසක්. සෝෆා එකක් තෝරා ගැනීමේදී කාමරයේ ප්‍රමාණය ගැනද සලකා බලන්න.

පවුලේ ඡායාරූප…

ඔබගේ ආදරණීයයන්ගේ ඡායාරූපයක් කාමරයේ තබා ගන්න. ඔබගේ සම්පූර්ණ පවුලේ අයගේ සහ ආච්චිලා සීයලා ඇතුළු ඥාතීන්ගේ පින්තූරයක් රාමු කර එල්ලන්න. ඔයා ළඟින්ම මිතුරන් කණ්ඩායමක් සිටිනවා නම් ඒ සියල්ලන්ම එකට එකතු වෙලා ඉන්න ඡායාරූපයක් ද ළඟ තබා ගන්න පුළුවන්. ඔබ ඔබබේ පවුලේ අය හෝ මිතුරන් සමඟ සංචාරය කර හෝ නිවාඩුවක් ගිහින් ඇත්නම් ඔබට ඒවායේද ගත් ඡායාරූපද එල්ලන්න පුළුවන්. ඔබ මේ පින්තූර දෙස බලන සෑම අවස්ථාවකම ආදරණීය මතකයන් ඔයා වෙත නැවත පැමිණ ඔයාව සතුටු කරයි.

මල් සහ පැළ

මල් සහ පැළවලින් සෑම නිවසකටම දීප්තිමත් හා නැවුම් පෙනුමක් ලබා දෙනවා. කොළ පැහැය ඇස්වලට ප්‍රසන්න වන අතර සන්සුන් මනසක් ලබා දෙයි. නිවස වටා හරිත පැළ කිහිපයක් තබා නිවසට ආලෝකමත් පෙනුමක් ලබා දෙන්න. දැන් ඉන්ඩෝ ප්ලාන්ට්ස් හරිම ජනප්‍රියයි. අඩු නඩත්තුවකින් ඔබේ නිවස අලංකාර කරන්න මේ පැලෑටි භාවිත කරන්න.

කෘත්‍රිම මල්වලින්ද අලංකාරයක් එක් කරගන්න පුළුවන්. ඔබට සැබෑ මල් වගා කිරීමට ඉඩක් නොමැති නම්, නිවස වඩාත් අලංකාර කිරීම සඳහා වර්ණවත් හා කෘත්‍රිම මල් බඳුන් මිලදී ගන්න. ඒ වගේම දිනපතා ඒවා පිරිසිදුව තබා ගන්න.

බිත්ති සඳහා සිත්තම් කළ පින්තූර එල්ලන්න

අලංකාර සිතුවමක් බිත්තියේ එල්ලීම ඔයාගේ නිවස අලංකාරවත් කිරීමට හොඳම ක්‍රමයක්. සොබාදහමේ සුන්දර දර්ශනයක්ද හොඳ අදහසක්. ඒ වගේම විදේශීය රටක දර්ශනයක සිතුවමක් බොහෝ විට ගෙදරට එන අයගේ පැසසුමට ලක් වෙනවා. ඔයා හොඳ කලාකරුවෙක් නම් ඔයා පින්තාරු කළ හොඳම සිතුවම් බිත්තියේ එල්ලන්න.

ඉටිපන්දම් සහ ඔයිල් බර්නර්ස්

නිවස වටා හොඳ සුවඳක් ගෙන දීම සඳහා සුවඳැති ඉටිපන්දම් හෝ Oil Burners ඔයාගේ නිවසේ තබන්න පුළුවන්. මේවා විවිධාකාර සුන්දර වර්ණවලින් සහ හැඩ වලින් පැමිණෙනවා. එසේම ඒවා දැල්වුවාම ඒවායින් ලැබෙන ආලෝකය නිවසට අලංකාරයක් එකතු කරනවා.

තිර රෙදි

තිර රෙදිවලින් මුළු කාමරයකම පෙනුම වෙනස් කර ගන්න පුළුවන්. තිර රෙදි යුගලයක් අනෙකුත් වර්ණ සමඟ හොඳින් මිශ්‍ර කරලා දැමූ විට නිවසට ධනාත්මක පෙනුමක් ගෙන දෙනවා. මේවායින් ඔබේ නිවසට විශාල වෙනසක් ඇති කරන්න පුළුවන්.

පොළවද තීරණය කරන්න

බොහෝ විට ගොඩක් අය සිතන්නේ බිත්ති සහ කාමරය අලංකාර කිරීම ගැන පමණයි. ඒත් නිවසේ බිම අලංකාර කිරීම. ඒ වගේම ඉතාමත් වැදගත්. ඔයාගේ නිවස අලංකාර කිරීමේදී ඔබේ ඇස ප්‍රිය කරන අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන පොළව සකස් කරගන්න. මේ සඳහා ටයිල්, දැව, සිමෙන්ති වගේ විකල්ප ගොඩාක් ඔබට තියෙනවා.

අර්චිත ඉඳුවර ✍️

 

TAGGED: Oil Burners, plant, Sweet home, wall
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

භාග්‍යවතුන්වහන්සේ දුටුවා මෙන් පහන් සිත උපදවාගත හැකි ස්ථාන නමදින්න

May 12, 2025

දැනගත යුතුම නව අරහාදී බුදුගුණ

May 12, 2025

මහා තොරණ්වලට බයක් සැකක් නැතුව ලයිට් දෙන අක්ක නගෝ

May 12, 2025

වෙසක් පෝය ලෝකෙට ගෙනිච්ච කදිරගාමර්

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?