නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: භික්ෂූන්ටත් පැනවූ විනය නීති
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

භික්ෂූන්ටත් පැනවූ විනය නීති

Published November 27, 2023

මේ ලෝකයේ ජීවත්වෙන කා අතිනුත් වැරදි සිදු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. රාග, ද්වේශ, මෝභ වැනි අකුසල කර්ම නිසා අපි පංචකාම සැප සම්පත් වෙනුවෙන් ලූහුබඳිනවා. ලෝකයේ වැරදි සිදුවීම් වෙනුවෙන් සීමා මායිම් නැහැ.පෘථග්ජන භික්ෂුන්වහන්සේලාටත් මේ තත්ත්වය පොදුයි. ඒ නිසා සංඝ සමාජය වෙනුවෙන්ද බුදුරජාණන්වහන්සේ විසින් විනය නීති පැනවූවා. බෞද්ධ මූලාශ්‍රයන්ට අනුව බුදුරජාණන්වහන්සේ භික්ෂු ශාසනය වෙනුවෙන් පවා විනය නීති පැනවීමට වසර 20 ක කාලයක් ගතවුණා. එතෙක් විනය නීති නැතිව පැවැති භික්ෂු ශාසනය තුළ කාලයත් සමග ඇති වුණ විවිධ මතවාද නිසා (ආසවට්ඨානීය ධර්ම) විනය නීති පැනවීමට සිදු වුණා.

ආසවට්ඨානීය ධර්ම

රත්තඤ්ඤු මහන්තතා

ශාසනය ආරම්භ වී දිගු කාලයක් ගත වීම.

වේපුල්ල මහන්තතා

අලුත් පිරිස් භික්ෂු ශාසනයට ඇතුළත් වීම

ලාබග්ග මහන්තතා

සිව්පසය ලබා ගැනීමේ අරමුණ මත විවිධ පිරිස් සසුන්ගත වීම.

බාහුසච්ච මහන්තතා

බුදුදහම තුළ මිනිසාට සිතන්න, විමසන්න නිදහස තිබෙනවා. නමුත් දැනුම මත පදනම් තර්ක විතර්ක අනුව සමාජයට අනර්ථකාරී අදහස් ව්‍යාප්ත කිරීම සුදුසු නැහැ.එවැනි පසුබිමකදී භික්ෂු ශාසනයේ අනාගත පැවැත්ම ආරක්ෂා කර ගැනීමට විනය නීති පැනවීමේ අවශ්‍යතාවය ඇති වුණා.

ගිහි සමාජය තුළ විනය ආරක්ෂා කිරීමට

අපේ සමාජය තුළ විනය ආරක්ෂා කිරීම වෙනුවෙන් විවිධ නීති රීති ක්‍රියාත්මක වෙනවා. දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ මර්ධනය වෙනුවෙන් පනවන නීත, දඩ ගැසීම, බරපතළ වැඩ සහිතව බන්ධනාගාර ගත කිරීම, ජීවිතාන්තය තෙක් බන්ධනාගාර ගත කිරීම, දේපළ රාජ සන්තක කිරීම, ප්‍රජා අයිතිය අහෝසි කිරීම, සහ මරණ දණ්ඩනය පැනවීම වැනි දඬුවම් පමුණුවනවා. වැරදිකරුවන් කායික වශයෙන් පීඩාවට පත් කරලා ඔවුන් නැවත නිවැරදිකරුවන් ලෙසින් සමාජගත කිරීම මෙහි අරමුණයි. මේ හැම නීතියකින්ම අපේක්ෂිත පරිදිම වැරදිකරුවන් නිවැරදි කරුවන් බවට පත් වෙනවාද යන්නත් නැගිය යුතු ප්‍රශ්නයක්.

සිවුවනක් පිරිසම වරදින් මුදවා ගැනීම

බුදුරජාණන්වහන්සේ සිවුවනක් පිරිසම වරදින් මුදවා ගැනීම සඳහා විනය නීති පනවා තිබෙනවා. බුද්ධ ශාසනය තුළ සදාකාලික වරදකරුවන් නැහැ. මිනිසුන් 999 ක් මරා දැමූ අංගුලිමාල පවා නිවැරදි මග පෙන්වීමෙන් බුද්ධ ශාසනයේ අග්‍රඵලය ලබා ගැනීමට සමත් වුණා. බුදුරජාණන්වහන්සේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිවුවනක් පිරිසට කායික දඬුවම් ලබා දුන්නේ නැත. හැම දෙනෙක් වෙනුවෙන්ම ස්වයං විනයක් ගොඩනගාගත හැකි පරිසරයක් නිර්මාණය කළ සේක. බුදුරජාණන්වහන්සේ අනුදැන වදාළ දඬුවම් හතක් ගැන විනය පිටකයේ සඳහන් වෙනවා.

තජ්ජනීය කම්ම

බුදුරජාණන්වහන්සේ විසින් පණ්ඩුක ලෝහිතක භික්ෂුන්වහන්සේ මුල් කරගෙන මේ විනය නීතිය පැනවූ සේක. වැරදි කළ අයෙක් වේ නම් ඒ තැනැත්තා වෙන් කරනවා. ඒ අය සමග ආශ්‍රයක් පවත්වන්නේ නැහැ. එකට සිටින අය වෙතින්ම තමා ප්‍රතික්ෂේප වනවිට තමාගේ වරද හඳුනා ගන්නවා.

වැරදි කිරීමට ලැජ්ජාව සහ බිය

අතීත ජන සමාජය වැරදි කිරීමට බිය වුණා. එය ලැජ්ජාවක් විදිහට හිතුවා. පොලිස් වාර්තාවක්වත් ලබා ගැනීමට අදාළ පොලිස් ස්ථානයට යෑම පවා ලැජ්ජාවක් ලෙස සැලකුවා. නමුත් අද වැරදි කරුවන් මාංචු දැමීම පවා අභිමානයක් විදිහට සලකනවා. දෑත් ඔසවා එය ප්‍රදර්ශනය කරනවා. ඇප මත නිදහස් වෙන දිනයත් සමරනවා. නමුත් බුද්ධ ශාසනය තුළ හෘද සාක්ෂියෙන්ම තමන්ගේ වරද තමා විසින්ම අවබෝධ කර ගැනීමට ඉඩ දුන්නා.

නිස්සක කම්ම

බුද්ධ ශාසනය තුළ කළ්‍යාණ මිත්‍ර සේවනයට සුවිශේෂී වටිනාකමක් තිබෙනවා. සෙයියක නම් භික්ෂුන්වහන්සේ වෙනුවෙන් මෙම විනය නීතිය පනවා ඇත. යම් භික්ෂුවක් වරදක් කළ විට උන්වහනසේගේ වරද පහදා දීමට කළ්‍යාණ මිත්‍ර භික්ෂුන් වහන්සේ නමකට භාර කරනවා. එවිට එම කළ්‍යාණ මිත්‍ර භික්ෂුන් වහන්සේ විසින් අවවාද අනුශාසනා ලබා දෙමින් ස්වයං විනිශ්චයක් මගින් තමාගේ වරද තමා විසින්ම පිළිගැනීමට යොමු වෙන මානසිකත්වයක් ගොඩනගනවා.

පබ්බාජනිය කම්ම

බුද්ධකාලීන යුගයේ ඡබ්බග්ගිය භික්ෂුන් අතර කීටාගිරි ආරාමවාසී අස්සජී සහ පුනබ්බසුඛ භික්ෂුන්වහන්සේලා මුල් කරගෙන මේ විනය නීතිය පනවන ලද සේක. කුල දූෂණයේ යෙදෙන අසංවර භික්ෂුන්වහන්සේලා බුදුරජානණ්වහන්සේ ධරමාන කාලයේදීත් වාසය කළා. එවැනි භික්ෂුන්වහන්සේලා මුල් කරගෙන ඡබ්බානිය කම්ම විනය නීතිය පැනවූහ.

පටිසාරණීය කම්ම

බුදුරජානණ්වහන්සේ කිසිම දිනක සංඝ සමාජයට පමණක් විශේෂත්වයක් නොදැක්වූ සේක. යම් භික්ෂුන්වහන්සේනමක් ගිහියන්ට ද්වේශයෙන් චෝදනා කරනවා නම් ඒ භික්ෂුන්වහන්සේ ගිහියා වෙත ගොස් සමාව ඉල්ලා ගත යුතුයි. සුධම්ම නැමැති භික්ෂුන්වහන්සේ ගිහියන්ට වෛරී සිතින් චෝදනා කළ අවස්ථාවකදී ගිහියා වෙත ගොස් සමාව ඉල්ලා සිටින්නට සිදු වුණා.

භික්ෂුන්වහන්සේනමකට රාජ්‍යත්වය නිවැරදි මාර්ගයට යොමු කිරීමේ අයිතියක් තිබුණත් වෛරී සිතින් ආක්‍රෝශ පරිභව කිරීමට නම් අවසරයක් නැහැ. නමුත් අද ඝංඝයා වහන්සේලා විසින් දැඩි වෛරයකින් ගිහියන් වෙත ආක්‍රෝශ පරිභව සිදු කරන වාතාවරණයක් තිබෙනවා. මෙය ඝංඝයා වහන්සේනමකට ගැළපෙන හැසිරීමක් නොවේ. නිවැරදි කිරීමට අයිතියක් තිබුණත් ද්වේශයෙන් ගිහි පුද්ගල චරිත ඝාතනයට විනය නීතියෙන් අවසරයක් නැහැ.

ඇවැත් නොදැක්මෙහි උත්ඛේපනීය කම්ම

යම් භික්ෂුන්වහන්සේනමක් විසින් වරදක් සිදු වුණොත් එම වරද නොපිළිගන්නා භික්ෂුන්වහන්සේ සමග පවත්නා සම්බන්ධතාවයන් අත්හැරීම මෙම විනය නීතියෙන් අනුදැන වදාළ සේක.

ඇවතට පිළයම් නොකිරීමෙහි උත්ඛේපනීය කම්ම

බෝසතාණන්වහන්සේ ගිහිගෙය හැර යෑමේදී කැටුව ගිය ඡන්න අමාත්‍යයා පසුකාලයේදී සසුන්ගත වුණා. භික්ෂුන්වහන්සේලාට ගරු සරු නොමැතිව කටයුතු කරන විට බ්‍රහ්ම දණ්ඩනය පැනවූ සේක. මේ අන්දමින් තමන්ගේ ඇසුරු කරන සමාජය තුළ මානසිකව හුදෙකලා වීම දැරීමට අසීරු තත්ත්වයක්. කොවිඩ් කාලයේ රට අගුළු දැමූ විට අප ලද අත්දැකීම් ඔබටත් මතක ඇති.

පවිටු මිසදුටු අත්නොහැරීමෙහි උත්ඛේපනීය කම්ම

ත්‍රිවිධ රත්නය පිළිබඳවත් ශික්ෂාපද පිළිබඳවත් විමුක්ති මාර්ගය සහ නිවන පිළිබඳවත් වැරදි දැකීම් හා අදහස් ඇති කරගත් මිථ්‍යා දෘෂ්ටිය අරිට්ඨ භික්ෂුවට මෙම දඬුවම පනවන ලදී.

කිරිබත්ගොඩ තැඹිලිගස්මුල්ල
ශ්‍රි ධීරානන්ද විද්‍යායතනයේ ආචාර්ය,
කඩවත ”සිතු රුවන ”මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේ අනුශාසක
පූජ්‍යපාද ශාස්ත්‍රපති
කොටියාගල සීවලී
ස්වාමින්වහන්සේ

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️


 

TAGGED: buddha, buddhism, dhamma, kiribathgoda
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?